[ratings]
(දෙවැනි කොටස)
ප්‍රභව යනාදී සංවත්සර 60 ක් පිළිබඳව ජ්‍යෙdතිෂයේ සඳහන් ය. ප්‍රභව සංවත්සරයේ පටන් විකෘති සංවත්සරය දක්‌වා සංවත්සර 24 ක උපත ලද අයගේ පලාපල පිළිබඳව ගිය සතියේ ලියූ අතර මේ ලිපියට ඇතුළත්ව ඇත්තේ ද තවත් එවැනි සංවත්සර රැසක් පිළිබඳ පලාපල ය.
* ඛර සංවත්සරය- අන්සතු වස්‌තුවට ආශා කරන, ධනය සැපයීමෙහි උත්සාහයක් ද සහිත, මෛත්‍රීසම්පන්න කෙනකු විය හැකිය.
* නන්දන සංවත්සරය- රජයෙන් ගරු සම්මාන ලබන, නිරතුරුවම වාගේ සතුටකින් සිටින කල්‍යාණ මිත්‍ර ගති සහිත කෙනකු වන්නට පුළුවන.
* විජය සංවත්සරය- යහපත් සිරුරකින් හා සෞඛ්‍යයකින් ද යුතුව, කීර්තිය අත්කර ගනිමින්, සතුරන්ගෙන් ජය ලබන, කරන හැම කාර්යයකදීම වාගේ හොඳ ප්‍රතිඵල ලබන කෙනකු වන සෙයකි.
* ජය සංවත්සරය- මිතුරු සතුරු දෙපාර්ශ්වයෙන්ම ප්‍රයෝජන අත්කර ගන්නා, සටනකට ගියොත් ජය අත්කර ගන්නා, ව්‍යාපාරික කටයුතුවල නිරත විය හැකි, ගුණ යහපත් බිරිඳක් සිටිය හැකි කෙනකු විය හැකිය.
* මන්මථ සංවත්සරය- බෙහෙවින් බුද්ධිමත්, ධනධාන්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් සහිත, ඉතාමත් කාමුක, තණ්‌හාධික, බලසම්පන්න රළු ස්‌වභාවයේ කෙනකු වන සෙයකි.
* දුර්මුඛ සංවත්සරය- හැම තැනකදීම වාගේ ගරු සැලකිලි ලබන, ශාන්ත, අනුන්ට උපකාර කිරීමට කැමැති, පවිත්‍ර ස්‌වභාවයක් සහිත, කාර්යක්‍ෂම, සමහර විට, රළු වචන පාවිච්චි කළ හැකි කෙනකු වන්නට පුළුවන.
* හෙමලම්බ සංවත්සරය- මුතු මැණික් ආදිය සහිත වුවද, අනුන්ට යමක් දීමට තරම් කැමැත්තක් නොමැති, අනුන්ගෙන් පුද ලබන කෙනකු විය හැකිය.
* විලම්බ සංවත්සරය- ධනවතකු වන්නට හෝ පිරිවර සහිත පුද්ගලයකු වන්නට හෝ පුළුවන. රෝ දුකින් පෙළෙන, අලස කෙනකු වන්නටත් බැරිකමක් නැත.
* විකාරී සංවත්සරය- රත් පැහැති ඇස් සහිත, පිත බහුල, එතරම් ධනයක් නොමැති, රුධිරයට අදාළ යම් යම් රෝග තිබිය හැක. ධනයට ඇල්මක් දක්‌වන කෙනකු විය හැකිය.
* ශාර්වරී සංවත්සරය – දෙවි දේවතාවුන්, බමුණන් කෙරෙහි භක්‌තියක් සහිත, ශාස්‌ත්‍ර හැදැරීමට ඇල්මක් ද දක්‌වන කෙනකු වන සෙයකි.
* ප්ලව සංවත්සරය – සියලු දෙනාගේම වාගේ ගෞරවාදරයට පාත්‍ර විය හැකි, යශෝ කීර්තිය ද සහිත, නිදා ගැනීමට කැමැත්තක් දක්‌වන, ආහාර වැඩිපුර ගැනීමේ ආශාවක් සහිත කෙනකු වන්නට පුළුවන.
* ශුභ සංවත්සරය – ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමට කැමැති, ශීලවන්ත, තවුස් දම් රැකීමට පවා කැමැත්තක් දක්‌වන, කීර්තිමත් ප්‍රජා පාලනයට ද හැකියාවක් ඇති, කරන කටයුතුවල සමත්කමක් සහිත කෙනකු විය හැකිය.
* ශෝභන සංවත්සරය – ශාන්ත ගතිගුණැති, යහපත් සිතකින් යුතු, අනුන්ට හැකි තරම් දීමට කැමැති, හොඳට නොවැඩුණු සිරුරක් සහිත ශූර කෙනකු වන්නට පුළුවන.
* ක්‍රෝධි සංවත්සරය – ඥානවන්ත, ශූර භාවයක් සහිත, ඖෂධ සංයෝගයෙහි සමර්ථකමක් තිබිය හැකි, අනුන්ගේ අපවාදවලට ගොදුරු වීමේ ඉඩකඩ සහිත, ක්‍රෝධ ස්‌වභාවයකින් ද යුතු කෙනකු විය හැකිය.
* විශ්වාවසු සංවත්සරය – සේසත්, සෙමෙර, පතාක යනාදියෙන් විභූෂිත වූ ප්‍රධාන පෙළේ කෙනකු වන ස්‌වභාවයකි.
* පරාභව සංවත්සරය – අධර්මය කෙරෙහි ඇල්මක් දැක්‌විය හැකි, බියගුලු ස්‌වභාවයක් ද තිබිය හැකි අනුන් නැසීමේ අදහස් ද තිබිය හැකි, බැගෑපත් ස්‌වභාවයක් ද සහිත කෙනකු වන්නට පුළුවන.
* ප්ලවංග සංවත්සරය – යෝග ව්‍යායාම්වලට කැමැත්තක් දැක්‌විය හැකි, ජන නායකයකුගේ තත්ත්වයට පත්විය හැකි, සමහර විට බිය උපදවන සොරකම් පවා කිරීමට ඉඩ ඇති කෙනකු විය හැකිය.
* කීලක සංවත්සරය – දෙමාපියන්ට ආදරය දක්‌වන, යහපත් ශරීර සනීපයකින් යුතු, උඩඟු ස්‌වභාවයක් සහිත, චිත්‍ර ශිල්පයට ඇල්මක් දක්‌වන කෙනකු වන සෙයකි.
* සෞම්‍ය සංවත්සරය – දිනන ලද ඉඳුරන් සහිත, ශීලවන්ත ස්‌වභාවයක් සහිත, පිරිසිදු ගතියකින් යුතු, ප්‍රතාපවත් ස්‌වභාවයක් ද සහිත, සියල්ලන්ටම සමව සැලකීමට උත්සාහ ගන්නා, යම් හෙයකින් සේවකයන් සිටියහොත්, ඔවුන් ව්‍යාකුල තත්ත්වයක සිටියහැකි අන්දමේ කෙනකු විය හැකිය.
අවසන් කොටස ලබන සතියේ.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here