[ratings]
මිනිසාගේ දෛවය වෙනස් කරවීමට හේතු කාරනා බොහොමයක් අතරින් වර්ණයන්ටද ලැබෙන්නේ ප්‍රමුඛස්‌ථානයකි. ඓතිහාසික තොරතුරු අනුව අතීතයේ මේ පිළිබඳව මිනිසාට මනා අවබෝධයක් තිබුණ බව පෙනීයයි. එදා ඉසිවරු ග්‍රහ පුද පූජා බලි තොවිල්වලදී භාවිත කළ යුතු වර්ණයන් නියම කර ඇත. ඒ ඒ වර්ණයන් ප්‍රිය කරන අයගේ චරිත ස්‌වභාවයන් දැක්‌වීමද වර්ණයක් තුළින් විග්‍රහ කෙරේ.
වර්ණ භාවිතය අවබෝධයෙන් යුතුව අර්ථවත් ලෙසට සිදු කරනවා නම් ඉන් යහපතක්‌ම මිස අයහපතක් සිදු නොවේ. වර්ණ සකසා ගැනීමේ ක්‍රම – වර්ණ වසර දහස් ගණනක් පවත්වාගත හැකි රහස් ක්‍රම ඇත. මේවා සමාජයට දීමෙන් යහපතක්‌ම මිස අයහපතක් සිදු නොවේ. සීගිරිය – අජන්තා ආදි වසර දහස් ගණනක් පවතින සිතුවම් වල වර්ණ නොනැසී පවතින්නේ එම වර්ණ සකසා ගත් විද්‍යාත්මක පදනම් මතය. නූතන ශිල්පීන්ගේ කලා කරුවන්ගේ පොදු ජනතාවගේ දැනුම උදෙසා වර්ණයන් පිළිබඳව සංක්‍ෂිප්තව අදහස් ටිකක් දක්‌වමි.
(1))ක්‍රමය – නොපැසුනු තිඹිරිඵල – නොපැසුනු ගිවුලුඵල – ඉඹුල් ගසේ මල් – කුකුරු මුවන් ඇට – දමනි සුඹුලු – මෙම චූර්ණයට වතුර නැලි 16 යොදා 1/8 කට සිඳවා එයට හල්දුම්මල – බෝල නම්ගන්ද – ගුගුල් – බදුල්ල – දේවදාරු – හොර – අනිසි – බෙලි යන මේවාගෙ මැලියම් සමව ගෙන කල්ක කර ඉහත කී කසායට යොදා ආලේපනය කිරීමෙන්
ප්‍රතිමා – දේවරූප – නානගෙය – ආලේපනයෙන් වර්ෂ කෝටියක් කල් චිත්‍රාදිය නිරුපද්‍රිතව පවතී.
(2) ක්‍රමය
ලාකඩ – දේවදාරු මැලියම් – ගුගුලු – වියන් දුඹුලු – ගිවුලු මද – බෙලි මද – නා ඇට – කොහොඹ ඇට තිඹිරි ඵල කුකුරු මුවන් ඇට – මී ඇට – මදටිය ඇට හොර මැලියම් – ගන්ද රස – නෙල්ලිගෙඩි මේවා සමව ගෙන කල්ක කර ජල දෝණි එක 1 /8 කට සිඳුවා උණු උණුවේ ගෑමෙන් සිතුවම් වර්ණ වර්ෂ කෝටියක් කල් පවතී.
(3) ක්‍රමය – එළ හරක් – මී හරක් – එළු – යන මොවුන්ගේ අං – කොටළු – ලොම් – මී හරක් සම – ගිතෙල් – කොහොඹ – ගිවුලු ඵල – ගන්ද රස මෙකී කල්කය ජල දෝණියක් 1/8 කට සිඳුවා උනුඋනුවේ ගෑමෙන් වසර කෝටියක් කළ වර්ණ චිත්‍ර නොවෙනස්‌ව පවතී වජ්‍රාලේපයයි.
වර්ණයන්ගේ ගුණාගුණ
නිල් පාට
නීල වර්ණය විෂ්ණු දෙවියන්ට අයත් වර්ණය ලෙස සැලකේ – චිත්ත පාරිසුද්ධිය ඇත්තෝ ලා නිල ප්‍රියකරන බවත් මනස සන්සුන් කරවීම – චිත්ත පාරිසුද්ධිය ඇති කිරීම මානසික විඩාව සන්හිඳවීම – සීතල ගතියෙන් යුක්‌ත වීම නිල් පාටෙහි ගුණා ගුණවේ.
කහපාට
ඌෂ්ණාධික ගතියෙන් යුක්‌තය – විෂබීජ නාසකයි – ධර්මිෂ්ට කමේ සංකේතය කහවර්ණය ලෙසට ගැනේ – උදර රෝග උණ රෝග – සුව කිරීමේ රසායනික බලයක් කහවර්ණයේ පවතී – කහ වර්ණය ප්‍රිය කරන කාන්තාවෝ – අවංකකම – හික්‌මීම – අරපරෙස්‌සම – දියුණුවට කැමැති වීම – දූ දරුවන්ගේ සැමියාගේ දුක සැප බලන්නේය.
රතුපාට
රතුපාට ප්‍රිය කරන ස්‌ත්‍රී /පුරුෂ දෙපක්‍ෂයම රාගාධිකය – සමාජ දෝෂ දර්ශනයට ලක්‌වේ – සිතුවිලි වේගවත් කිරීම – රුධිර පීඩනය – ඇති කෙරේ – අලස මානසිකත්වයෙන් යුක්‌ත වුවන්ට යෝග්‍ය වු වර්ණයකි – අලස ගති පහවේ.
සුදු පාට
සුදුපාට රුචිකරන කාන්තාව – විනීතය – ශාන්තය – පතිවත රකී – දැහැමි දිවියක් ගත කරයි- දරුවන්ට සැමියාට ප්‍රියවේ. පිරිසිදු බවේ සංකේතය ලෙසට සුදුවර්ණය ගැනේ. සුදු පැහැයෙන් පරිසරය නිසංසල බවට පත් කෙරේ.
කොල පාට
අක්‍ෂි රෝගීනට හිතකර වර්ණයකි – ලා කොල පැහැය නිවස අලංකාරව තබා ගැනීමට පොළඹවයි – ලා කොල ප්‍රිය කරන කාන්තාවෝ කලා කාමී සිතුවිලි වලින් යුක්‌තය.
තැඹිලි පැහැය
මනස ශාන්ත බවට පත් කරයි. ආහාර දිරවීමේ පහසුව ඇති කරයි.
රෝස පාට
සිත ප්‍රබෝධමත් කරයි.
දම් පැහැය
උමතු රෝග සුවකරයි.
දුඹුරු පැහැය
රුධිර පීඩනය අඩු කරයි. ප්‍රාශ්වාස හා හෘදයේ ක්‍රියා කාරීත්වය අඩු කරයි.
කළු පැහැය
දුක් කම් කටොලු වැඩිකරයි – දිවිය අවුල්කරයි. සිත ව්‍යාකූල කරයි – ඊෂර්යාව කුහක ගති වර්ධනය කරයි.
අළු පැහැය
බලාපොරොත්තු සුන්වීම – පරාජිත චරිතයක් ඇති වීම මනුෂ්‍යා හකුලුවා තැබීම අළු පැහැයෙන් සිදුවේ.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here