Thursday, September 11, 2025
HomesiHoroscopeපුරුෂ ශක්‌තිය බලය වර්ධනය කරන කාන්තා ඖෂධය

පුරුෂ ශක්‌තිය බලය වර්ධනය කරන කාන්තා ඖෂධය

ජ්‍යොතිෂයට අනුව සුබ ග්‍රහබලයෙන් යුතු ගුණවත් රූමත් බඳු යෞවන කාන්තාවක්‌ විවාහ කර ගැනීමත් පුරුෂ යකුට පවත්නාවූ ලෙඩ රෝග මාරක අපල ඇතුළු සියලු අරිෂ්ඨ දොෂ භංග වී දීර්ඝායුෂ ලැබී සැපයෙන් බලයෙන් ආඪ්‍ය වන බව පෙර සෘෂි මතයයි.

ස්‌ත්‍රීනං භූෂනං පතිඃ – පුරුෂානං භූෂනං නාමිඃ

ස්‌ත්‍රියගේ රාජ්‍යත්වය පුරුෂ යන්නෙන්ද පුරුෂයාගේ රාජ්‍යත්වය ස්‌ත්‍රිය යන්නේද හැඳින්වීමෙන් පෙනී යන්නේ ඔවුනොවුන්ගේ බැබලීම සිදුවන්නේ ඔවුනොවුන් නිසා බවයි.

ස්ත්‍රී පුරුෂ කේන්දර

මෙසේ එක්‌වෙන පුරුෂ හා ස්‌ත්‍රිය බැබලීමට නම් ඔවුන්ගේ ග්‍රහ තත්ත්වයන්ද බැබලිය යුතුය. ඒ අනුව ස්‌ත්‍රී කේන්ද්‍රයේ කුජ සිකුරු චන්ද්‍ර ගුරු යන ග්‍රහයන් බලවත් වීම ඉතාමත් සුභදායක වේ. ඒ අනුව ඇගේ කේන්ද්‍රයේ 5, 9, 3, 11, සහ 2 යන ස්‌ථාන සුබ ග්‍රහයන්ගෙන් බලවත් නම් ලග්නස්‌ථානය බලවත් නම් ඇය වාසනාවන්ත කාන්තාවකි. යම් කාන්තාවකගේ ලග්නස්‌ථානයේ චන්ද්‍රයා බලවත්ව සිටීම ඉතාමත් ශුභයි.

එසේම ධනභාවයේ ගුරු සිකුරු චන්ද්‍ර වැනි ග්‍රහයන් බලයෙන් යුතුව සිටීම හෝ බලවත්ව සිට එම ධනභාවය දෘෂ්ඨිගත වීමද විවාහ කාන්තාව වාසනාවන්ත වේ. මේ සුබ යෑයි කී ස්‌ථාන වල ශනි, කුජ, රාහු, කේතු යෙදී සිටීම සහ එම ස්‌ථානවලට දෘෂ්ඨි හෙලීම නිසා අසුබපල ගෙන දෙයි. ඒ අනුව ණයතුරුස්‌ වීම විවාහ කඩාකප්පල් වීම ලෙඩ රෝගවලට ගොදුරු වීම දිළිඳුභාවයට පත් වීම ආදී සිදුවේ. 3, 7, 11 යන ත්‍රිකෝණයේ තුන්වැන්නේ ශුභ ග්‍රහයකු බලයෙන් යුතුව සිට 7 වැන්න දැකීම තුළින් සිය ස්‌වාමියා දීර්ඝායුෂ වින්දනය කරයි. එම ස්‌ථානයේ පාප පීඩිත ග්‍රහයෙක්‌ සිට එම ස්‌ථානය දුටුවේ නම් ඇය වැන්දඹුවක්‌ වන්නේය.

පුරුෂ

එසේම අයස්‌ථානයේ පාපයකු සිටීමද විවාහකස්‌ථානයේ පාපයකු සිටීමද පාප ග්‍රහ දෘෂ්ඨීන්ගෙන් පීඩාවට ලක්‌වීමද 7 වැන්න අධිපතියා පාප පීඩාවට ලක්‌වීම ද ස්‌වාමියාට අපල ගෙන දෙයි.

7 වැන්නේ ශනි කුජ වැනි ග්‍රහයන් විවාහයට අසුබ වුවත් බලයෙන් යුතුව සිට ගුරු සිකුරු වැනි ග්‍රහයන්ගේ දෘෂ්ඨියට ලක්‌වුවහොත් ඉක්‌මන් විවාහ බලවත් විවාහ සිදුවෙයි.

විවාහ දෙදරා යාම

ශනි කුජ 7 වැන්නේ සිටින කාන්තාවන් විවාහයේදී නිවරැදිව පොරොන්දම් පරීක්‍ෂාව සිදුකළ යුතුයි. එසේ නොවුව හොත් ග්‍රහයන්ගේ තත්ත්වය අනුව විවාහ දෙදරා යැම කඩාකප්පල් වීම සිදුවේ.

ධනස්‌ථානය අධිපති ග්‍රහයා යම් කාන්තාවකගේ අටවැන්න වූ මාරකස්‌ථානයේ බලයෙන් යුතු සිටීනම් එම කාන්තාව සිය ස්‌වාමියාගේ ධනයට හිමිකාරියක්‌ වන්නේය. මෙය ස්‌වාමි, භාර්යා යන දෙපාර්ශවයේ ධන වර්ධනයට හේතු වන්නකි. විවාහක කාන්තාවන්ට වටිනාම සම්පත්තිය වන්නේ දරු සම්පත්තියයි. දරු සම්පත් වාසනාවන්තව ලැබීමට නම් එම කාන්තාවගේ පුත්‍රස්‌ථානය සුබ ග්‍රහබලයෙන් යුක්‌ත විය යුතුයි. එසේ සුබ ග්‍රහයන්ගෙන් යුතුව සුබ ග්‍රහ දෘෂ්ඨිවලින් යුතුව පස්‌වැන්න පිරිසිදු වුවහොත් වාසනාවන්ත දරු සම්පත් හිමි වේ.

එසේ නොවුව හොත් අසුබ ග්‍රහයන්ගෙන් යුක්‌ත වී අසුබ ග්‍රහ දෘි වලට ලක්‌ වුහොත් දරුවන් අහිමි වීම දරුගැබ් විනාශ වීම මළ දරු උපත් සිදුවීම අංගවිකල ආබාධිත දරුවන් බිහිවීම ආදී අපල උපද්‍රවයන්ගෙන් යුක්‌ත දරුවන් ලැබිය හැකි අතර උපන් දරුවන්ට ද මාරක විපත් ඇතිවේ. මේ නිසා ෂිවරුන්ගේ මතයට අනුව බැබලෙන ග්‍රහයන්ගෙන් යුත්ත ස්‌වාමි භාර්යාවන් එක්‌වීමත් බැබලෙන ග්‍රහයන්ගෙන් යුක්‌ත වාසනාවන්ත දූ දරුවන් බිහි කිරීමෙන් වාසනාවන්ත සමාජයක්‌ ගොඩනැංවිය හැකි වේ.

We found this article from Divaina on 2014/03/30.

RELATED ARTICLES

Most Popular

Recent Comments