Friday, October 31, 2025
Homesiමරණය ගෙනෙන ග්‍රහයෝ

මරණය ගෙනෙන ග්‍රහයෝ

[ratings]

පලාපල කථනයේදී කේන්ද්‍රයක්‌ පරීක්‍ෂා කිරීමේදී පළමුවෙන්ම එම කේන්ද්‍ර හිමියාගේ ජීවිතය ගැන සලකා බැලිය යුතුය. මන්ද සෑම අයකුටම ජීවිතය ප්‍රධාන වන බැවිනි. සමහර අවස්‌ථාවලදී ජ්‍යෙdතිෂවේදියාගේ දක්‍ෂතාව මැනීමට ඇතැම් අය මිය ගිය පුද්ගලයන්ගේ කේන්ද්‍ර පවා රැගෙන එන නිසා කේන්ද්‍රයක ජීවත්වීමේ ශක්‌තිය අවධානය යොමුකිරීම හැම අතකින්ම සුබදායකය.

මරණය ගෙන දෙන ග්‍රහයින් මාරක ග්‍රහයින් ලෙස හඳුන්වනු ලබයි. මෙම මාරක ග්‍රහයින් පළමු, දෙවන හා තෙවන යනුවෙන් කොටස්‌ තුනකට බෙදා වෙන්කරන අතර මෙයින් පළමු මාරක ග්‍රහයින්ගේ බල දුබලකම් අනුව කේන්ද්‍ර හිමියාගේ ජීවිතයට තර්ජනයක්‌ නොවන්නේ නම් දෙවන හා තෙවන මාරක ග්‍රහයින්ගේ බල දුබලකම් ගැන සොයා බැලිය යුතුය.

කේන්ද්‍රයක මාරක ස්‌ථාන ලෙස සලකනු ලබන්නේ දෙවැනි හා සත්වැනි ස්‌ථානයයි. මෙම ස්‌ථාන දෙක අධිපති ග්‍රහයින්ද, මෙම ස්‌ථාන දෙකේ සිටින පාප ග්‍රහයින්ද දෙක හා හත ස්‌ථාන අධිපතියන් සමග සිටින පාප ග්‍රහයින්ද පළමු මාරක ග්‍රහයින් ලෙස සලකනු ලැබේ. මෙම මාරක ග්‍රහයින්ගෙන් වඩාත්ම බලවත් මාරක ගෙන දෙන්නේ දෙක හත අධිපතියන් සමග සිටින පාප ග්‍රහයින්ය.

රවි සහ සඳු දෙදෙනා කේන්ද්‍රයේ පියා හා මව ලෙස සලකන නිසා ඔවුන් දෙදෙනාත් කේන්ද්‍රයක ධර්මභාවය ලෙස සලකන නව වෙනි භාවය අධිපතියාත් මාරක ගෙන නොදෙන බවට මතයක්‌ තිබේ. එම නිසා මාරක ගැන සෙවීමේදී මෙම මතය පිළිබඳවත් සිත්හි තබාගත යුතුය.

දෙක හත අධිපතියන් සමග සිටින ශුභ ග්‍රහයින්ද තුන හා අට අධිපතියන්ද මාරක ගෙන දෙන අතර එම ග්‍රහයින් දෙවන මාරක ග්‍රහයින් ලෙස සලකනු ලබයි.

තෙවන මාරක ග්‍රහයින් ලෙස ඉහත සඳහන් කළ මාරක ග්‍රහයින් සමග සිටින හෝ ඔවුන්ගේ දෘෂ්ඨියට ලක්‌වන සෙනසුරුද, මාරක ග්‍රහයින්ගේ සම්බන්ධයක්‌ නැතත් හය අධිපතිග්‍රහයාද කේන්ද්‍රයේ සිටින ඉතාම දුර්වල ග්‍රහයින්ද ගණන් ගනු ලබයි.

මෙම මාරක ග්‍රහයින්ට අමතරව 22 හි දේර්කාණාධිපති ග්‍රහයා ගැනද සොයා බැලිය යුතුය. මෙම ග්‍රහයින්ගේ මහ දසා අතුරු දසා හා විදසා කාලයන්හිදී ජීවිත හානි සිදුවිය හැකි අතර සෙනසුරු මාරක ග්‍රහයෙක්‌ වුවත් ඔහුගේ දසාවකදී මරණය සිදු කරවනු ලබන්නේ වෙනත් ග්‍රහයෙකු ලවාය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments