Friday, September 12, 2025
Homesiමරු කැඳවන නිවාස නැකැත් චක්‍ර

මරු කැඳවන නිවාස නැකැත් චක්‍ර

[ratings]

වාස්‌තු විද්‍යාවට අයත් ගෙබිම් ශාස්‌ත්‍රයෙහි නිර්මාතෘවරයා වන්නේ මහා බ්‍රහ්මයා ය. ඔහුගෙන් පසු දෙවිවරුන් අතට පත් වූ මෙම ශාස්‌ත්‍රය සෘෂිවරුන් අතට පත්විය. පසු කලෙක දෙවිවරුන්ගෙන් ඉගෙන ගත් විශ්වකර්ම ඉසිවරයා විසින් මිනිස්‌ සංහතියේ යහපත උදෙසා මෙම ශාස්‌ත්‍රය ලොව පතල කළේය. මේ නිසා ජ්‍යෙතිෂ්‍ය හා බැඳි ගෙබිම් ශාස්‌ත්‍රය ලොව උතුම්ම ශාස්‌ත්‍රයකි.

නිවසක්‌ ඉදිකිරීමේදී කාල විධාන පද්ධතියේ දැක්‌වෙන පරිදි ගෙමිබ් බැලීමට, බිම සකස්‌ කිරීමට, නිවාස වැඩ පටන් ගැන්මට, හෝරා හරණයන්, ගෙවල් කප් සිටුවීම, අත්තිවාරම් දැමීම, මුල් ගල් තැබීම ආදියට විවිධ ගණිතමය චක්‍ර රාශියක්‌ ඇත. ඒවා වාස්‌තු චක්‍ර නම් වේ. ගෙවල් චක්‍ර, භූම නාග චක්‍රය, වෘෂභ චක්‍රය, කුම්ම චක්‍රය, මාස පල චක්‍ර, උළුවහු තැබීමේ චක්‍රය, කුම්ම චක්‍රය කලස චක්‍රය ආදී නමින් හැඳින්වේ. “මුහුර්ත චින්තාමණී” ග්‍රන්ථ කතුවරයා මේවා කාව්‍යයෙන් අලංකාරව අපූරුවට රචනා කර පෙන්වා ඇත.

එයින් භූම නාග චක්‍රයෙහි මෙසේ පෙන්වා ඇත

තුනමුව පෙන සතර යකුගෙන් ගේපාථෑ

තුන වාලග මරණ පා සතුරද නඩුථෑ

දන සැප දකුණ සිව්වම සිව් දුප්පත්ථෑ

ගනු පිටිපස සුබයි දැන ගැන ගනු යාථෑ

උළුවහු තැබීමේ චක්‍රය

මුදුන නව නැකත් කිසි වැඩ නැත කියන

යෙදුණ කොන් සතර රජුගෙන් බිය වදින

හරිනු පාත තුන් මරණය නිසා වන

සදනු උළුඅස්‌ස දොර දෙපිට දොළ සින

ගෙට දොර තබන චක්‍රය

කොටස්‌ නවයකට බිතු දිග බෙදාගෙ න

පසක්‌ වමට දකුණට තුන හැරුයෙදු ණ

තැනැක්‌ බලා දොරකඩ තබනට දෙම ණ

නවක්‌ ගහ රවිසිට නව බාග ගැ ණ

හුරු දිග පටන් බිතු බෙදු බාග නවය ද

හිරු සැනි රාහු කුජ, ගුරු කේතු බාග ද

හැර සඳු බුද සිකුරු සිටි තැන සොයා සො ඳ

දොර තබ නැන තියෙනි සුබසිරි දේ නිබ ඳ

මෙවන් උපදෙස්‌ කාව්‍යයන් බොහෝ ඇත.

මෙම මසුරන් වටිනා උපදෙස්‌ අපි අගය කළ යුතුයි. ජ්‍යෙdතිෂ්‍ය සූර්යයා ඇතුළුව බැඳි ග්‍රහයන් මුල්කොට පවතින්නාක්‌ සේ වාස්‌තු චක්‍රය අනුව නැකැත් පිළියෙලල කරන්නේ සූර්යයා එම කාලය තුළ සිටි නැකැත් අනුවය. ඒ අනුව වාස්‌තු පුරුෂයාගේ මුල් නැකැත් තුන හිසෙහිද. ඊළඟ නැකැත් පාදයේ යටි පතුලේද, නැකැත් හතරක්‌ පාද දෙකේ ද තුනක්‌ පිටුපස උර කොටසේ ද තවත් නැකැත් හතරක්‌ දකුණු ඇලයේ ද. නැකැත් තුනක්‌ රහසඟ ප්‍රදේශයේ ද, නැකත් තුනක්‌ වම් ඇලයේ ද අවසන් නැකැත් තුන මුඛයේද වශයෙන් අභිජිත් නැකතත් සමඟ නැකැත් 27 පිහිටුවා ඇත. සූර්ය වර්ෂය තුළ මෙම හිරු ස්‌පර්ෂ වෙමින් ගමන් කරන නිසා ඒ ඒ මාසවලට අදාළ නැකැත් මෙම චක්‍රය අනුව සකසා ගත යුතුය. නිවසේ ආරම්භයෙහි පටන් අවසානය දක්‌වා ශුභ හෝරා නැකැත් අනුගමනය කරන්නේ නම් නිවැසියන්ට ධන උල්පත් පෑදෙන, දීර්ඝායුෂ ලැබෙන, වාසනා දරු සම්පත් ලැබෙන, මිණි මුතු පිරි ධන නිධානයක්‌ වන්නේය. එය පොල් අතු පැලටත් මහා මන්දිරයටත් සම වේ.

මෙම වාස්‌තු චක්‍රය ආරම්භක හිරු සිටි නැකතින් එක සිට තුන දක්‌වා හිසෙහි නැකැත් තුනෙන් නිවසක වැඩ ආරම්භ කළේද, වෙනත් දෙයක්‌ කළේද, හෙණ, අකුණු, ගින්නෙන්, අකුණු සර වැදීමෙන්, වර්තමාන කාලයේ නම් විදුලියෙහි දෝෂයන්ගෙන් විනාශ වේ. පාද කෙළවර නැකැත් හතර වන රවි සිටි නැකැතින් හතර සිට හත දක්‌වා නැකැත් හතරින් ආරම්භ කරන නිවස පාළු වීම, ගෙහිමියා පිටමංවීම, අඹු සැමි භේද, වෙන්වීම් ආදිය සිදු වේ. නිවස අන් අයට කුලියට බද්දට දීම, විකුණා දැමීම, නිවස අතහැර වෙනත් ස්‌ථානයක පදිංචිවීම දොරගුළු ලා වසා දැමීම සිදුවේ. හිරු සිsටි නැකතේ සිට 8 සිට 11 දක්‌වා ඇති නැකැත් වලින් ආරම්භ කළ නිවස ධන ධාන්‍යයෙන් පිරී ඉතිරීම, හිරිහැර දුක්‌ කම්කටොළු තුරන් වී දියුණුව හා සිරියාව කැන්දන නිවසක්‌ වේ.

පිට උරෙහි නැකැත් 3 රවි සිට නැකතින් 12 – 14 නැකැත් වලින් ආරම්භ කළ නිවස ශ්‍රී සෞභාග්‍යයෙන් පිරි යහපත් ගුණවත් දූ දරුවන් බිහිවන ශුභදායක නිවසක්‌ වේ. රවි සිටි නැකතේ සිට 15 සිට 18 දක්‌වා නැකැත්, එනම් දකුණු ඇලයේ නැකැත් 4 න් ආරම්භක නිවස ගව මහීෂාදී සම්පත් වතුපිටි, යාන වාහන, ගේදොර ඉඩකඩම් ආදිය ලැබේ. රහස්‌ පෙදෙසේ නැකැත් 3 න් නැත්නම් රවි සිටි නැකතේ පටන් 19 නැකතේ සිට 21 දක්‌වා නැකැත් අනුව ඇරඹූ ගෙය ගෙහිමියාට වධ හිංසා, රෝග පීඩා, ඔත්පළවීම්, කොරවීම් ආදී ආයුෂ අඩුකිරීම් ගෙන දේ. වම් ඇලයේ ඇති නැකැත් අතරින් රවි සිටි නැකතින් 22 සිට 25 දක්‌වා ඇති නැකැත් වලින් ආරම්භ කළ නිවසෙහි පදිංචි අය දවසින් දවස දිළිඳු වී දුක්‌ඛ භාවයට පත් වේ. වාස්‌තු පුරුෂයාගේ මුඛයෙහි අවසාන නැකැත් වන රවි සිටි නැකතින් 26 සිට විසි අට දක්‌වා ඇති නැකැත් තුනෙන් නිමා කළ නිවසේ වැසියන්ට අඬදබර, අඹුසැමි භේද, රෝග පීඩා ආදී නැති කරදර සිත් තැවුල් දුක ඇති වේ.

මෙහි ඇති චිත්‍ර වලින් දැක්‌වෙන්නේ විශ්වකර්ම නිවාස දෝස නැකැත් චක්‍රය. ගෙවල් ඉදිකිරීමට භූම නාග චක්‍රය, ගෙවල් චක්‍රය, උළුවහු තැබීමට නැකැත් චක්‍රයන් කිහිපයකි. මෙහි ප්‍රධාන වන විශ්වකර්ම නිවාස චක්‍රයෙහි ශුභ අශුභ පල විපාක මෙසේ ය. 1. ගින්නෙන් විනාශය. 2. පාළුවීම හා නිවාස අතහැර යැම, 3. ස්‌ථිරත්ව බව, 4 සැප සම්පත්, සෞභාග්‍යය, ධනලාභ, 5. වස්‌තු නිධන් ධන ලාභ, 6. ගෙහිමියාට අපල, 7. දිළිඳු බව, 8. පීඩා කරදර ආදිය වේ.

මෙම කරුණු අප ගවේෂණය කිරීමේදී ඉපැරැණි වෙහෙර, විහාර දාගැබ්, බණමඩු, දේවාල කුළුණු, ඉදිකිරීමේදී විශ්වකර්මයා විසින් නිර්මාණය කරන ලද ගෙබිම් ශාස්‌ත්‍රය අනුව බව අපට මනාව වැටහේ. අදත් ඒවා නොසැලෙන අයුරින් දිනෙන් දින දියුණුවේ ඉහළම තලයේ වැජඹේ. පවතී. එනිසා නිවසක්‌ ඉදිකිරීමේදී පළමුව විශ්වකර්ම නැකැත් චක්‍රය අනුගමනය කළ යුතුයි. නැතහොත් ශුභ අශුභ හා මරණය ද සිදුවේ. නැකැතියන් සිතට ගනිත්වා.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments