Friday, September 12, 2025
Homesiමාතෘත්වයේ කළ එළි මංගල්‍යය මල්වර සිරිත

මාතෘත්වයේ කළ එළි මංගල්‍යය මල්වර සිරිත

[ratings]

වෛදික සාහිත්‍යයට අනුව ශ්‍රී විෂ්ණු දෙවිඳුගේ නාභියෙන් පැන නැගී නෙලුම් මලකින් පහළවූ මහා බ්‍රහ්මයා විසින් මවන ලද ප්‍රථම කාන්තාව වූ ශතරූපාගේ රූ සිරිය දැකීමෙන් මහබඹු පවා වික්‍ෂිප්ත භාවයට පත්වූ බව ප්‍රකාශ කිරීමෙන් පෙනී යන්නේ සුන්දර ලලනාවකට ලොව කෙරෙහි අප්‍රමාණ වූ බලපෑමක්‌ ඇති කළ හැකි බවයි. ලෝකයේ පැවැත්ම ර¹ පවතින්නේ කාන්තාව මතය. ඒ නිසා ඇය මැවුම්කරුගේ විශිෂ්ට නිර්මාණයකි.

පුරාණාචාර්යවරු කාන්තාව පංචඡන්මි යන නමින් හැඳින්වූහ. මින් කියෑවෙන්නේ උපත් පහක්‌ ඇත්තී යන්නයි. චරක හා පරාශර සෘෂිවරුන් දෙදෙනාම ජ්‍යෙdතිෂයේ හා ආයුර්වේදයේ කාන්තාව ගැන සඳහන් කර තිබේ. මව්කුස පිළිසිඳ ගැනීම, ප්‍රසූතිය, මල්වරවීම, විවාහය හා මාතෘත්වය ලැබීම යන අවස්‌ථා පහ පංච ජන්ම ලෙස හඳුන්වා ඇත. මෙයින් මල්වරවීම හා මාතෘත්වය ලැබීම කාන්තාවකට පමණක්‌ම උරුම වූ සුවිශේෂී අවස්‌ථා දෙකකි.

මල්වර යන නාමය ස්‌ත්‍රීන්ගේ ප්‍රථමාත්වයට කියනු ලැබේ. හෙළ බසින් ඔසප්, උතුනී, වැඩිවිය පැමිණීම, කිලිවීම යන නමින්ද සකු බසින් මලිනී, පුෂ්පවතී, සෘතමතී යනාදී නම් වලින්ද මෙය හැඳින්වේ. ගසක මල්පිපීම ඵල හට ගැන්මේ පෙර නිමිත්තක්‌ වන්නා සේම ලියකගේ මල්වරවීම දරුවන් ලැබීමේ පෙර නිමිත්ත වේ. ඒ නිසා එම දිනය යහපත් පෙර විවාහයක්‌ හා දරුවන් ලබාගැනීම පිළිබඳ ශුභ අශුභ ජනනය කළ හැකි විශේෂ අවස්‌ථාවක්‌ වෙයි.

එම නිසා දැරියක්‌ මල්වර වූ කල ජ්‍යෙdතිෂවේදියකු කරා පැමිණ එහි ඵල විපාක දැන ගැනීම හා ස්‌නානය සඳහා සුදුසු නැකතක්‌ පිළියෙල කරවා ගැනීම පෙර සිට අපරට පැවති සිරිතකි. මෙහි පලාඵල කථනය පිණිස අපරට දෛවඥයන් අතර පරපුරෙන් පරපුරට පැවත එන විශේෂ රහස්‌ ගුරුපදේශ රැසක්‌ පවතී.

මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්‌තර ඇතුළත් කිසිම ග්‍රන්ථයක්‌ පැරණි භාරතීය ජ්‍යෙdතිෂ ග්‍රන්ථ අතර නැත. අප රටෙහිද එවැනි කෘතියක්‌ නොමැති අතර දෛවඥ කාමෙනුව, හෝරාභරණය නවපටල සංග්‍රහය වැනි ග්‍රන්ථ කිහිපයක මේ පිළිබඳ ලුහුඬු විස්‌තර ඇතුළත් වේ. එයට වඩා සාරවත් තොරතුරු ග්‍රන්ථාගත නොවූවත් පාරම්පරික ගුරුකුල සතුව පවතී. වෂිෂඨ නාරද ගග_, පරාශර වැනි සෘෂි භාෂිතවලද මේ පිළිබඳ මතබේද පවතින නිසා අපරට ජ්‍යෙdතිෂවේදීන් පුරාණයේ ඒවා ගැලපෙන පරිදි සකස්‌ කර භාවිතා කළ බව පෙනේ.

මල්වර පලාඵල කථනය සඳහා අපරට ජ්‍යෙdතිෂවේදීන් භාවිත කරන ක්‍රමවේදයන් බොහෝවිට සකස්‌ කරගෙන තිබෙන්නේ හෝරාභරණය, මුහුර්තමාර්තණඩය, ජ්‍යෙdaතිර්නිබන්ධය, ජ්‍යෙdතිෂශාරය, ගග_ සංහිතා, විද්‍යාමාධවිය, ජ්‍යෙdතිෂතත්වසුධාර්ණවය, දෛවඥකාමෙනුව නාරද සංහිතාව, මුහුර්ත චින්තාමණිය වැනි ග්‍රන්ථ හා පාරම්පරික ගුරුපදේශ පදනම් කරගෙනය. මේ අනුව දැරියකගේ මල්වරවීම පිළිබඳ පලාඵල ප්‍රකාශ කිරීම සඳහා එය සිදුවූ කාලය හා වෙලාවට අදාළ තත්කාල කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් එය සිදුවූ ස්‌ථානය, දිනය, පැවති ඉරියව්ව, රුධිරයේ ස්‌වභාවය, නැකත හෝරාව, තිථිය, මාසය, ලග්නය, යෝගය කරණය, ආදී කරුණු පදනම් කරගෙන වෙන් වෙන් වශයෙන් ශුභාශුබ මෙම ග්‍රන්ථවල දක්‌වා තිබේ. එහෙත් මේවා එක්‌තැන්වූ පසුව එකිනෙකාට විරුද්ධවූ ප්‍රතිඵල ප්‍රකාශවන බැවින් ආධුනික ජ්‍යෙdතිෂවේදියකුට මල්වර ඵල ප්‍රකාශ කිරීම ගැටලුවක්‌ වේ. ඒ නිසා පළපුරුදු ජ්‍යෙdතිෂවේදියකුගේ උපදෙස්‌ අනුව කටයුතු කිරීමට මෙහිදී සිදුවේ.

මල්වර වන කාලය ලෙසට ජ්‍යෙdතිෂය නිර්දේශකර තිබෙන්නේ දොළොස්‌ අවුරුදු වයසයි. ඒ බව මේ ශ්ලෝකයේ දැක්‌වේ.

ප්‍රාපෙත්ච දවාද්ශේ වෂෙ_ – යාතා කන්‍යා රජසමලා

වාෂ_dච් දවාදශකා දුර්ධවං – යදී පුෂ්පං බහින_හි

අථඃ පුෂපං භවෙත්‍යව – පනසොදුම්බරාදිමන්

මේ අනුව දොළොස්‌ අවුරුදුද්දකින් මතු ඇය මල්වර නොවීනම් එය සිදු නොවන බව පවසා ඇත. සාමාන්‍ය ලෙස වයස අවුරුදු 8 – 14 අතර කාලවල මේ අවධියේ මල්වර වන අවස්‌ථා අපට දැකිය හැකිවේ. එයට වෙනස්‌වන අවස්‌ථා ඉතා විරලවන අතර එබඳු විටදී ජ්‍යෙdතිෂවේදීන්ට විශේෂ අවධානය යොදා කටයුතු කිරීමට සිදුවේ.

ආදාතෙ_ෘ පෞෂශුත්‍රාප_මධුශුචිත භාස්‍යාඃකුයුක්‌පාපචාරා රික්‌තාමාක_ංෂටෂෂඨ්‍යඃපරගෘහකුපදෙ රාත්‍රි සනධ්‍යාපරාහ්ණඃ

යන මේ ශ්ලෝකයෙන් කියෑවෙන පරිදි මල්වරවීමක්‌ ශුභ ලෙස ගත හැක්‌කේ ශුභ දිනක ශුභ ස්‌ථානයක ශුභ ආකාරයට සිදු වුවහොත් පමණි. අශුභ ස්‌ථාන වල අශුභ කාලයෙහි අශුභ ලක්‍ෂණ සහිතව සිදුවන මල්වරවීම අශුභ වෙයි. මේ සම්බන්ධයෙන් ජ්‍යෙdතිෂයේ දැක්‌වෙන සියලු කරුණු පරික්‍ෂාකර බලනවිට පෙනී යන්නේ මල්වරවීමෙන් ඇතිවන ශුභාශුභ ප්‍රතිඵල යම් ස්‌ත්‍රියකගේ අනාගත ජීවිතයේ සැපදුක්‌ ලැබීම යහපත් වාසනාවන්ත විවාහයක්‌ සිදුවීම හා දරුඵල ලැබීම සදාචාරශීSලී හෝ අනාචාරශීලී වීම යන කරුණු කෙරෙහි සෘජුව බලපාන බවයි. මේවා තමාගේ මෙන්ම තම පවුලේ ද විනාශය හෝ අභිවෘද්ධිය කෙරෙහි බලපාන බව පෙනේ. ඒ නිසා නිසි පරිදි සකස්‌ කළ මල්වර කේන්ද්‍රයක්‌ තුළින් මල්වර පලාඵල දැනගැනීම අවශ්‍ය කරුණක්‌ බව කිව යුතුය.

මෙහිදී අපරට ජ්‍යෙdතිෂවේදීන් ක්‍රම දෙකක්‌ අනුගමනය කරති. පළමු ක්‍රමය යමකු මල්වර පලාඵල දැනගැනීමට බුලත් අත පිළිගන්වන වෙලාව, දූත ලක්‍ෂණ, දූතයා සිටි දිශාව ආදී කරුණු පදනම් කරගෙන තත්කාල නිමිත්තක්‌ ආශ්‍රයෙන් කරන පලාඵල කථනයයි. දෙවන ක්‍රමය මල්වර වූ වෙලාවට අනුව සකස්‌ වූ තත්කාල කේන්ද්‍රයකින් පලාඵල කීමයි. මල්වර වූ වෙලාව හා ජන්ම කේන්ද්‍රය ආශ්‍රයෙන් කරන පලාඵල කථනය වඩාත් නිවැරදි ක්‍රමය ලෙස ගත හැකිය.

මල්වරවීමේදී ඇතිවන අශුභ දොaෂ මගහරවා ගැනීමේ ප්‍රතිකර්ම ජ්‍යෙdතිෂයේ දක්‌වා තිබේ. ඔසු මිශ්‍ර ජලයෙන් ස්‌නානය කිරීමට අමතරව මේ සඳහා විවිධ ශාන්තිකර්ම විධිද දක්‌වා ඇත. එවැනි අවස්‌ථාවලදී ඒ උපදෙස්‌ පිළිපැදීමද මල්වර වන දැරියගේ අනාගත යහපතට හේතුවේ.

එසේම මල්වරවීමෙන් පසුව හා ස්‌නානය කරවීමේදී පිළිපැදිය යුතු චාරිත්‍ර ඉටුකිරීම ඉතා වැදගත්ය. ඒවා නිසි පරිදි පිළිනොපැදීම නිසා මල්වර වූ දැරිය විවිධ කාන්තා රෝග වලට ගොදුරු විය හැක. දරුවන් නොලැබීමේ අවදානමට ලක්‌විය හැක. මල්වර වූ දැරියක්‌ සතියක්‌ ගතවීමට පෙර ස්‌නානය කරවිය යුතු බව ජ්‍යෙdතිෂයේ දැක්‌වේ. අතීතයේ මේ උපදෙස්‌ පිළිපැදි නිසා නිරෝගී කාන්තා පරපුරක්‌ හා දරු පරපුරක්‌ අපට උරුම විය. වර්¨තමානයේ මෙන් වෛද්‍ය පහසුකම් නොතිබුණ පැරැණි ලංකාවේ අද කාන්තාවන් දරු ප්‍රසූතියේදී මුහුණදෙන ගැටලු පැවතියානම් කාන්තාවන්ට බරපතල විපතකට මුහුණ දීමට සිදුවේ. එහෙත් එවැනි දේ ඇති නොවුනේ සම්ප්‍රදායික ගති සිරිත් හා විවිධ ගුප්ත ශාස්‌ත්‍රවල පිහිට ඔවුන් ලබාගත් නිසා බව කිවහැකිය. ඒ නිසා මල්වරවීමේදී අපගේ චිරාගත සිරිත් අනුගමනය කර යහපත් විවාහ ජීවිත හා දරු උපත් ඇතිකර ගැනීම කෙරෙහි අපගේ අවධානය යොමුකළ යුතුය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments