[ratings]
මීට වසර දහස් ගණනකට පෙර විසූ පැරැන්නන් විසින් අප සෞර ග්‍රහ මණ්‌ඩලයේ පිහිටි ග්‍රහලෝක පහක් පියෙවි ඇසින් සොයාගෙන තිබිණි. ඒවා නම් බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්‌පති සහ සෙනසුරුයි. මින් බුධ ග්‍රහයා නිරීක්‍ෂණය තරමක් අසීරු කරුණකි. හිරු නැග ඒමට පෙර නැගෙනහිර අහසේත්, හිරු බැස ගිය පසු බස්‌නාහිර අහසේත් බුධ ග්‍රහයා නිරීක්‍ෂණය කළ හැක්‌කේ ක්‍ෂිතිජය මට්‌ටමේ නිරීක්‍ෂකයකුට පමණි.
මේ දිනවල හිරු බැස ගිය පසු බටහිර අහසේ ඉතා දීප්තිමත්ව බැබළෙමින් පවතින වස්‌තුව සිකුරු (ඪෑභඹී) වේ. රාත්‍රි අහසේ සඳ ළඟට දීප්තිමත්ම වස්‌තුව සිකුරුයි. හිරුගේ සිට හිරු වටා දෙවැනියට ගමන් කරන්නේ සිකුරු ග්‍රහයායි. ඊට මඳක් ඉහළින් බස්‌නාහිර අහසේ සිකුරුට මඳක් දීප්තියෙන් අඩුව ඔබට දැකගත හැකිවන්නේ බ්‍රහස්‌පති ග්‍රහයායි. (Jupiter) හිරු වටා පස්‌වැනි ස්‌ථානයේ ගමන් ගන්නා බ්‍රහස්‌පති සෞර ග්‍රහ මණ්‌ඩලයේ විශාලතම ග්‍රහලොවද වෙයි.
රාත්‍රි 7 පමණ සිට නැගෙනහිර අහසේ ගඩොල් පැහැති රතු පැහැයෙන් දීප්තිමත්ව දිස්‌වන්නේ අඟහරුයි (MARS) රතු ග්‍රහයා වශයෙන්ද හඳුන්වන අඟහරු හිරු වටා ගමන් කරන්නේ හතරවැනි ස්‌ථානයේයි. සෞර ග්‍රහ මණ්‌ඩලයේ අලංකාරම ග්‍රහයා වශයෙන් හඳුන්වන වළලු පැළඳි සෙනසුරු ග්‍රහයා රාත්‍රි 10.30 න් පමණ පසුව නැගෙනහිර අහසේ පායා තිබෙනු ඔබට දැකගත හැකි වනු ඇත. සෙනසුරු හිරුගෙන් ඉතා ඈත පිහිටා ඇති බැවින් එයට වැටෙන හිරු එළිය මදිකම නිසා එය දිස්‌වන්නේ අඳුරු කහ පැහැයෙනි. අනෙකුත් තරු අතර ඔබ සෙනසුරු සොයාගත යුත්තේ ප්‍රවේශමෙනි. කන්‍යා රාශිය තුළ ඇති ස්‌පයිකා (SPICA) නමැති නිල් පැහැති තාරකාවට අංශක 5 ක් පමණ නැගෙනහිරට වන්නට සෙනසුරු පිහිටා ඇත. සිකුරු සහ බ්‍රහස්‌පති කලින්ම බැසගියත්, අඟහරු සහ සෙනසුරු අළුයම දක්‌වාම ඔබට දැකිය හැක.
දුර දක්‌නයක් මගින් නැරඹීමේදී සිකුරු ග්‍රහයා (අඩසිකුරු) දෑකැත්තක් මෙන්ද, බ්‍රහස්‌පති ග්‍රහයා පුංචි සඳක් මෙන් සහ එයට අයත් ප්‍රධාන චන්ද්‍රයින් සතර අඟහරු ග්‍රහයා රත් පැහැයෙන් වටකුරුවද, සෙනසුරු ග්‍රහයා එයට අයත් අලංකාර වළලු පද්ධතිය සමගද දැකගත හැක. මේ දිනවල සෙනසුරු වළලු පිහිටා ඇත්තේ වම්පසට බරව ඇලයකිනි.
We found this article from Divaina on 2012/03/09.
Also Sinhala to English Google word to word translation can be found here