[ratings]
උත්පත්ති කේන්දරයක ලග්නාධිපති ග්‍රහයාට හිමි වන්නේ අන් ග්‍රහයන්ට නොදෙවෙනි අද්වීතීය ස්‌ථානයකි. පවුලක ගෘහමූලිකයාට හිමි තැන හා සමාන ස්‌ථානයකැයි කිවහොත් බොහෝ දුරට මා නිවැරැදි වනු ඇත.
පවුලක ගෘහමූලිකයා වටා ඒකරාශි වන පවුලේ බිරිඳ, දූ දරුවන් මෙන්, කේන්දරයේ ග්‍රහයන් නව දෙනා ද ග්‍රහ පවුලකි. ගෘහ මූලිකයා වන “ලග්නාධිපති” ග්‍රහයා වටා මොවුන් ස්‌ථානගත වීම තුළින් පවුලක ස්‌වභාවය පැහැදිලිවම කේන්දරයකදී දැකගත හැකිවේ.
ගෘහමූලිකායට තම පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඉටු කළ යුතු මහත් වු යුතුකම් කොටසක් ඇත්තා සේ, කේන්දරයක ලග්නාධිපතියාට ද කේන්දර හිමියා උදෙසා කළ යුතු මහත් මෙහෙවරක් ඇත්තේය.
එක් එක් ගෘහමූලිකයා සතුව එකිනෙකාට පටහැනි ගති ගුණ හා ගති ලක්‍ෂණ ඇති සේ, එක් එක් ලග්නාධිපති ග්‍රහයන් තුළින් ද විවිධ අන්දමේ ස්‌වභාවයන් ප්‍රකට කෙරෙන බව ජ්‍යෙdතිෂයේ දී පැහැදිලිව දැකගත හැකිය. ඒ පිළිබඳව ඔබට අවබෝධයක් ලබාගත හැකි ආකාරයේ සටහනක් පහතින් දක්‌වනු ලැබේ.
කේන්දරයක පළමු භාවය හෙවත් ලග්නය සඳහන් ස්‌ථානයට ඉහළින් ඇති කොටුව ලග්න භාවයයි. මෙම ස්‌ථානයෙන් ඡන්මියාගේ ආයුෂ, රූප ශෝභාව, පෞරුෂය, චරිතය, ශරිරයේ ස්‌වභාවය, උස්, මිටි බව, අඟ පසඟ, වාසනාව හා අවාසනාව, දියුණුව හා පිරිහීම, පවුලේ තත්ත්වය වැනි මනුෂ්‍යාගේ ජීවිත පැවැත්මට සම්බන්ධ බොහෝ වැදගත් කරුණු රැසක් හෙළිකර ගත හැකි වන අතර විශේෂයෙන් ඡන්මියාගේ සිරස පිළිබඳව ද කියවෙනුයේ මෙම ලග්න ස්‌ථානයෙනි.
එම නිසා කේන්දරයක ලග්න භාවය හා එහි අධිපති ග්‍රහයාගේ තත්ත්වය අන් හැම ග්‍රහයෙකුටමත්, අන් භාවයකටමත් වඩා පරීක්‍ෂා කිරීම කේන්ද්‍ර පිරික්‌සීමේදී අත්‍යාවශ්‍යයෙන්ම සිදු කළ යුත්තකි. පලාඵල කථනයේ දී ලග්නාධිපතියාගේ භූමිකාව ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන බව සෘෂී හු පවසා ඇත්තේ ද එ බැවිණි.
ඕනෑම කේන්දරයක් බලවත් වන අවස්‌ථා තුනක් ඇත. ලග්නාධිපති, නවාංශකාධිපති හා නක්‍ෂත්‍රාධිපති යන තුන් දෙනාගේ බලවත් වීම එම තුන් අවස්‌ථාවයි. ඒ තුන අතුරෙන් ඕනෑම කේන්දරයක ලග්නාධිපති බලවත් නම් එම ජන්මියා ද නිරායාශයෙන් ම බලවත් වීම සෘෂිවර නියමයයි. එම නියමයන්ට අනුව ලග්නාධිපති බලවත් වන අවස්‌ථා කිහිපයක් පහතින් දක්‌වා ඇත.
ලග්නාධිපති ලග්න රාශි ගතවීම.
ලග්නාධිපති ශුභ රාශි ගතවීම
ලග්නාධිපති ශුභ රාශි ගතව සිට ලග්නය දැකීම
ලග්නාධිපතිට ශුභ දෘෂ්ටි පතිත වීම
ලග්නාධිපති ශුභ කර්තරීව සිටීම
ලග්නාධිපති ශුභ නැකතක සිටීම
 
 
ඉහතින් දක්‌වා ඇති පරිදි ලග්නාධිපතියා සිටීමෙන්, ඡන්මියා බලවත් වෙයි. මෙම තත්ත්වය තව දුරටත් සඵල කරගත හැකි වන්නේ, ලග්නාධිපති බලවත්ව සිටියදී එයට සමගාමීව ජීවිතයට අතවශ්‍ය කාරක ග්‍රහයන් ද බලවත් වීම තුළිණි. උදාහරණයක් වශයෙන් ගතහොත් ලග්නාධිපති ග්‍රහයා බලවත්ව සිටින කේන්දරයක, බුධ හෝ ගුරු ද බලවත් නම් ඡන්මියා අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක ඵල නෙළා ගන්නා බව එකහෙළා පැවසිය හැක. එසේම කේන්දරයක 2 හෝ 11 අධිපතියා බලවත් නම් ධනය අතින් එම ඡන්මියා බලවත් වෙයි. තවත් සමහරෙකු ඉහත කී අංශ දෙක තුනෙන්ම බලවත්ව සිටිය හැක. එවැනි අවස්‌ථා වලදී ඡන්මියා පැතිර ගිය ශක්‌තියෙන් යුතු ඉතා බලගතු පුද්ගලයකු වේ.
එමෙන්ම යම් කිසි අයුරකින් ලග්නාධිපතියා දුර්වලව කිසියම් කේන්දරයක පිහිටීම හේතුවෙන්, ඡන්මියා පෞරුෂයෙන් හීන දුබල මානසිකත්වයක් ඇති අයෙකු වේ. එය කිsහිප ආකාරයකින් සිදුවිය හැක. එය මෙසේය.
ලග්නාධිපතියා නීච වීම
ලග්නාධිපතියා දුෂ්ට රාශි ගත වීම
ලග්නාධිපතියා පාප කර්තරීව සිටීම
ලග්නාධිපතියා පාප දෘෂ්ටි සහිතවීම
ලග්නාධිපතියා පාප සංයෝගව සිටීම
ඉහතින් දක්‌වන ලද සියලුම අවස්‌ථාවන් හී දී ලග්නාධිපතියා දුබල බවට පැමිණීමෙන්, ඡන්මියා නොසිතූ අන්දමේ නොයෙක් කරදර බාධක, විපත්වලට භාජනය කරවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කෙරේ.
කේන්දරයක මූලික වශයෙන් ශුභඵල දෙන භාවයන් ලෙස කේන්ද්‍ර ස්‌ථාන හතර වු 1-4-7-10 යන භාවයන් ද දෙවනුව ත්‍රීකෝණ ස්‌ථානයන් වූ 5 සහ 9 යන භාව දෙක ද ජ්‍යෙdතිෂයේ පෙන්වා දී ඇත. නමුත් මෙම භාව දෙක ත්‍රීකෝණයක් බවට පත්වීමට නම් තවත් භාව ස්‌ථානයක් ඒ සඳහා අවශ්‍ය වෙයි. එය ලග්න භාව ස්‌ථානයයි. එවිට 1-5-9 යන ත්‍රීකෝණය පූර්ණ වනු ඇත.
මෙහිදී ලග්නය, ත්‍රිකෝණ ස්‌ථානය ලෙස ගණන් ගැනීමේදී පළමු ත්‍රිකෝණස්‌ථානය ලෙසද, කේන්ද්‍රස්‌ථාන හතර ගෙන බැලීමේදී පළමු කේන්ද්‍රස්‌ථානය ලෙසින් ද ලග්නභාවය වැදගත් භාවයක් උසුලයි. ඉන් හැඟê යනුවේ ලග්නභාවය අන් හැම භාවයකටම වඩා වටිනාකමින් වැඩි බවය. එමෙන්ම ලග්නාධිපති ග්‍රහයාද අන් හැම ග්‍රහයෙකුටම වඩා බලවත් බවය. එමෙන්ම ත්‍රිකෝණ ස්‌ථානයක් හා කේන්ද්‍රස්‌ථානයක් හිමිවන ග්‍රහයා සමස්‌ත කේන්දරයේම බලවත් ග්‍රහයා වෙයි. එම ග්‍රහයා හඳුන්වනුයේ යෝගකාරක ග්‍රහයා ලෙසිනි. යෝගකාරකයා හැම විටම කටයුතු කරනුයේ එම ලග්නයට ශූභයෙකු මෙනි.
නම කියෑවෙන විට දී පවා මිනිසා බියට පත් කරවන සෙනසුරු ග්‍රහයා, ග්‍රහ මඬුල්ලේ කෲර තම ග්‍රහයා ලෙසින් හංවඩු ගසා තිබේ. නමුත් සැමට අපල උදා කරතත්, සෙනසුරු තුලා ලග්න කරුවන්ට හා වෘෂභයෙන් උපත ලද්දවුනට එකම ශුභයා ලෙසින් කටයුතු කිරීමට බැඳී සිටී. ඊට හේතුව වන්නේ තුලා ලග්නයෙන් උපත ලද ජන්මීන්ගේ කේන්දර වල හතරවැන්න වූ කේන්ද්‍රස්‌තානයත්, පස්‌වැන්න වූ ත්‍රිකෝණ ස්‌ථානයත් (මකර, කුම්භ) සෙනසුරුට අයත් වීම නිසාය. එමෙන්ම වෘෂභ ලග්නයේදී නවවැනි ත්‍රීකෝණස්‌ථානය හා දසවැන්න වූ කේන්ද්‍රස්‌ථානයත් (මකර හා කුම්භ) ඔහුට ම හිමි වීමෙන් එහි දී ද සෙනසුරු යෝග කාරකයා විය.
පරාශර පඬිතුමන් විසින් ලොවට දායාදා කරන ලද මෙම ජ්‍යෙdතිෂ සිද්ධාන්තයට අනුව එදා මෙන්ම අද ද ජ්‍යෙdතිෂඥයන් කටයුතු කරන බව පෙනේ. අපගේ අත්දැකීම් අනුවත් එය සත්‍ය ක්‍රමවේදයක් බව පෙනී ගොස් ඇත.
ලග්නාධිපතියා හා ලග්නය බලවත්ව පිහිටන ලද ජන්මියා හට දීර්ඝායු සම්පත් හිමි වෙයි. එමෙන්ම මනා රූ සපුවක්‌ද දායාද කෙරෙන අතර තීක්‍ෂණ නුවණක් හා මනා ශීක්‍ෂණයක් ද ඇති කෙරෙයි. තවද යහපත් ගති ගුණ වලින් ඡන්මියාගේ ආත්මය පුරවාලන අතර සමාජයේ කැපී පෙනෙන බලගතු පුද්ගලයකු බවටද අනිවාර්යයෙන් පත් කරවයි.
ලග්නය හා ලග්නාධිපතියා බලවත්ව පිහිටන ලද ඡන්මීන්ගේ ඡන්ම පත් හී, අනෙකුත් ග්‍රහයන් කුමණ ආකාරයෙන් පිහිටියද ඉන් ඡන්මියාට එතරම් හානියක් සිදු නොකරන බව අපගේ පර්යේෂණ වලින් හෙළි වී තිබේ. එසේම ලග්නාධිපති ග්‍රහයා 6-8-12 යන භාවාධිපතීන්ට යෝග වී හෝ චතුරශ්‍රාදී දෘෂ්ටිවලින් පීඩාවට පත් වුවහොත්, කුමණ අන්දමේ බලවත් යෝග තිබුණද, ඒවාහි බලය බිඳ වැටෙනු නොඅනුමානය. එයින් ගම්‍ය වන්නේ අන් හැම ග්‍රහයෙකුටම වඩා ලග්නයේ අධිපති ග්‍රහයා බලවත්ව, පවිත්‍රව හා නොකිළිටිව සිටිය යුතු බවය.
ලග්නාධිපතියා ලග්න ගත වීම බොහෝ බලවත් පිහිටීමක් බව සෘෂිවරු එක හෙලා පවසා තිබේ. එහෙත් මෙහි දී අප සුපරීක්‍ෂාකාරි විය යුතු කරුණක් ද ඇත. එනම් ලග්නාධිපතියා ලග්න ගත වීමෙන් පමණක්‌ම ජන්මියාට ශුභ ප්‍රතිඵල ලැබේ ද යන්නයි. මා ලද අත්දැකීම්වලට හා මා සතු දැනුමට අනුවත්, ලග්නාධිපතියාගේ පමණක් නොව, ඕනෑම ග්‍රහයකුගේ ශුභාශුභ මැනීමට පෙර (කලින් කියා ඇති පරිදි) එම ග්‍රහයන් වෙත පතිත වන ශුභ අශුභ දෘෂ්ටි පිළිබඳව මනා විමර්ශනයක යෙදීම පලාපල කථනයේදී ඉතා වැදගත් වනු ඇත. එමෙන්ම ලග්නාධිපති ග්‍රහයා බාධක රාශි ගත වීමෙන්ද ඡන්මියාගේ ඉදිරි ගමනට බාධා පැමිණෙන බව අත්දැකීම් ඇසුරෙන් පැවසිය හැක.
කිසියම් පවුලක ගෘහමූලිකයා හෝ පියා, යහපත් සමාජ තත්ත්වයක හා සතුටු විය හැකි ආර්ථික මට්‌ටමක ජීවත් වන්නේ නම් ඔහුගේ පවුලේ අයට සමෘද්ධිමත් දිවියක් ගත කිරීමේ භාග්‍ය නිතැතින්ම ලැබෙනු ඇත. එසේම පියා බලවතකු වේ නම් ඔහුගේ සමාජ ඇසුරද බලවත්, ධනවත් අය හා සම්බන්ධ වෙයි. එවිට ඔහු හා සම්බන්ධ බිරිඳ හා දූ දරුවන්ට ද සමාජයෙන් ගරු සැලකුම්, පුද සත්කාර හා පිළිගැනීම් අනිවාර්යයෙන් හිමිවන්නකි.
ඒ හා සමානව අපගේ කථා නායකයා වන ලග්නාධිපතියා ද බලවත්ව හා පවිත්‍රව, පාප දෘෂ්ටිවලින් තොරව සිටීමෙන් තම ඡන්මියා හට යහපත් බලයක් සමග සුවිසල් පිළිගැනීමක් ඇති කරවනු ඇත. වාසනාවන්ත, සුත මුදිත ජීවිතයක් ගත කිරීමේ භාග්‍යයද ඔහුටත් ඔහු හා සම්බන්ධ සියලු දෙනාටත් හිමි වන බව අවිවාදයෙන් පැවසිය හැක.
ඉහතින් දක්‌වන ලද කරුණු කාරණාවලට අනුව බලන විට වේලාපත්කඩක බලවත් ලග්නය හා බලවත් ලග්නාධිපතියා ජන්මියාට ඉටු කරනුයේ සුවිශාල මෙහෙයක් බව ඉඳුරා පැවසිය හැක.
We found this article from Divaina on 2012/06/08.
Also Sinhala to English Google word to word translation can be found here	

