[ratings]
චන්ද්‍රයා දිය ගුලියකි. දිය ගුලිය පිට සූර්ය රශ්මිය වැටුණු කල චන්ද්‍රාලෝකය පැතිරීමෙන් රාත්‍රියේ අඳුර නැසෙයි. කැඩපත උඩට වැටුණු හිරු එළිය හේතුවෙන් ගේ ඇතුළේ තිබෙන අඳුර නැසෙන්නාක් මෙනි. කැඩපතක් ගෙන අව්වට බැස එය ගෙයක් තුළට හැරවූ විට සඳ එළියට බඳු එළියක් එයින් නික්‌මෙයි. එසේම සඳ මඬලට හිරු එළිය වැටුණු කල එළිය වූ පෙදෙසට එළිය වැටී අඳුර නැසෙයි. මේ එළිය හිරු එළියමය. වෙනස නම් සඳ මඬලට වැටී අමුතු ස්‌වභාවයක් වීමයි.
ග්‍රහ නක්‌ෂස්‌ත්‍රාදීන්ට ප්‍රධාන වූ ලෝකයන්ගේ උප්පත්තිය පැවැත්මය යන මීට පොහොසත් වූ යමෙක් වේදයෙහි නොයෙක් ලෙස කියති. නොයෙක් රශ්මීන් සහශ්‍ර ගණනින් තුන් ලොවට එළිය දෙයි. චතුර බුද්ධිමත් බොහෝ දෙනාට හෝරාඵල අවබෝධයට පෙර කරන ලද කර්මයන්ගේ ශුභාශුභ විපාක දැක්‌වීම පිණිස පොත් කර තිබේ.
හෝරා යනු මුල් අග අකුරු ලොප් වීමෙන් “අහෝරාත්‍ර” ශබ්දය සිද්ධ විය. එය දිවා රැය දෙකින් යුත් දවසට නාමයකි. මේෂාදී දොළොස් රාශීහුම දිවා රෑ දෙකින් යුත් දවසෙහි උදාවී බැස යති. ශුභාශුභ ඵල දැනගැනීම මේ ලග්න හෙවත් උපදින කල උදාවෙමින් පැවති රාශි ප්‍රධාන කරගෙන පවතී. එහෙයින් හෝරාව නොහොත් පූර්ව ජන්මයෙහි කළ හොඳ නොහොඳ ප්‍රකාශ කරන විද්‍යාව අහෝ රාත්‍රයයි. අහෝ රාත්‍ර ශබ්දයෙහි මුල වර්ණය වූ අකාරයද අගවර්ණය වූ “ත්‍ර” යන අකුරද මැකී හෝරා ශබ්දය වීය. පෙර කරනලද කර්ම විපාකය නම් හෝරාවයි. පෙර කළ ශුභ අශුභද ශුභා ශුභ දෙකින් මිශ්‍ර වූ දෙයද යන තුන් ආකාරවූ කර්ම විපාකයන් මේ ශාස්‌ත්‍රයෙන් කියෑවේ. මෙය කර්මය ප්‍රකාශ කරන ශාස්‌ත්‍රයකි. ඒ කර්මයද දෘඨකර්මය, අදෘඨකර්මයා යයි දෙවිදියකි. දෘඨ කර්ම විපාකය නම් දශා පිළිවෙලින් ඒ ඒ දශාවල ලැබෙන හොඳ නොහොඳ විපාකයි. අදෘඨ කර්ම විපාකය නම් ග්‍රහයන්ගේ චාර වශයෙන් හෙවත් අෂ්ඨක වර්ගයෙහි කී විදියට ලැබෙන හොඳ නොහොඳ විපාකයි. මෙසේ හොඳ නොහොඳ විපාක දෙන කාල දැනගෙන ශුභඵල ලැබෙන කාලයෙහි හොඳ කටයුතු කරන්නටත් නපුරු ඵල ලැබෙන කාලවල ශාන්තිකර්මාදිය කිරීමෙන් අනිටුඵල අඩුකර ගන්නටත් මේ ශාස්‌ත්‍රය උපදෙස් දෙයි.
මේෂය හා අස්‌විදය යන රාශි දොළස අශ්විදය ආදී නැකැත් පාද නවය නවය ගෝචර කරගෙන චක්‍රාකාරව සිටියෝ හිසය, මුඛය, උරය, ලයය, බඩය, උකුලය, වස්‌තියය, ලිංගය, කලවා දෙකය, දෙදනය, කෙන්ඩ දෙකය, දෙපතුල්ය යන කාල පුරුෂයාගේ අවයවයෝ වෙති. රාශිය ක්‍ෂේත්‍රය, ගෘහය, සෘක්‍ෂය යන මේවා භවන වෙති. මේෂාදී මීනය අවසන් කොට ඇති රාශි දොළසකි. දොළොස් රැස අස්‌විදාදී නැකැත් විසිහතක් එක රාශියක ප්‍රමාණ නොහොත් මහත නැකැත් පාද නවයකි. පාදයක් නම් නැකතකින් සතරින් කොටසකි. අස්‌විද බෙරණ යන නැකැත් දෙක හා කැති නැකතින් පාදයකුත් මේෂ රාශියේ ප්‍රමාණය වේ. අස්‌විද බෙරණ යන දෙනැකතේ පාද අටත් කැති නැකතේ පළමු පාදයත් යන පාද නවය මේෂ රාශිය වේ. වෘෂභාදී ඉතිරි එකොළොස් රාශියටත් මෙසේම නැකැත්පාද නවය නවය ඇතුළත්ය. ඉතිරි දෙවෙනි තැන්වෙනි හතරවෙනි පාද තුනද රෙහෙණ නැකතද මුව සිරසයෙහි පළමුවන දෙවන පාද දෙකද යන නැකැත් පාද නවය වෘෂභ රාශියටය. මුව සිරසයෙහි ඉතිරි තුන්වෙනි හතර වෙනි පාද දෙකද අද නැකතද පුණාවස නැකතේ පළමුවෙනි දෙවෙනි තුන්වෙනි පාද තුනද යන නැකැත් පාද නවය මිථුන රාශියටය. පුණාවස නැකතේ සතරවන පාදයද පුස අස්‌ලිස දෙනැකතද යන නැකැත් පාද නවය කර්කටක රාශියට වේ. මා පුවපල් දෙනැකතද උතුරුපල් නැකතින් පාදයක්‌ද යන නැකැත් පාද නවය සිංහ රාශියටය. උතුරුපල් නැකතින් දෙවන තුන්වන හතරවන පාද තුනද හත නැකතද සිත නැකතේ පළමු දෙවන දෙපාද යද යන නැකැත් පාද නවය කන්‍යා රාශියටය. සිත නැකතේ තුන්වන හතරවන දෙපාදයද සා නැකතද විසා නැකතේ පාද තුනක්‌ද යන නැකැත්පාද නවය තුලා රාශියටය. විසා නැකතේ හතරවන පාදයද අනුර නැකතද දෙට නැකතද යන නැකැත්පාද නවය වෘශ්චික රාශිය වේ. මුල පුවසල දෙ නැකතද යන නැකැත් පාද නවය වෘශ්චික රාශිය වේ.
මුල පුවසල දෙ නැකතද උතුරුසල නැකතේ පළමු පාදයද යන නැකැත් පාද නවය ධනුරාශියට ඇතුළත්ය. උතුරු සල නැකතේ ඉතිරි පාද තුනද සුවන නැකතද දෙනට නැකතේ පළමු දෙවන පාදද යන නැකැත් පාද නවය මකර රාශියට ඇතුළත්ය. දෙනට නැකතේ තුන්වන හතරවන දෙපා යද සියාවස නැකතද පුවපුටුපා නැකතේ තුන් පාදයක්‌ද යන නැකැත් පාද නවය කුම්භ රාශියට අතුළත්ය. පුවපුටුපා නැකතේ හතර වන පාදයද උතුරුපුටුපා රේවතී දෙනැකතද යන නැකැත් පාද නවය මීන රාශියට ය.
අස්‌විද බෙරන දෙනැකතත් කැති නැකතේ පළමු පාදයත් ගතකරන තුරු චන්ද්‍රයා මේෂ රාශියේ සිටී. කැති නැකතේ දෙවන තුන්වන හතරවන තුන් පාදයත් රෙහෙණයත් මුව සිරස නැකතේ පළමු දෙවන දෙපාදයත් ගත කරනතුරු චන්ද්‍රයා වෘෂභ රාශියේය. මිථුනාදී සෙසු රාශිවලට අයිති නැකැත් පාද ඒ ඒ රාශිවල චන්ද්‍රයාගේ සිටීම දත යුතුයි. නැකැත් රාශි එකවිට අවසන්වූ විට සෘක්‍ෂ සන්ධියයි කියති. කටකයත් අස්‌ලිසත් එකවිට අවසන් වේ.
මේෂාදී රාශි චක්‍රය බ්‍රහ්මයාගේ නොහොත් කාලයාගේ හිස ආදී අවයව වශයෙන් සලකති. මේෂ රාශිය බ්‍රහ්මයාගේ හිසය. වෘෂභය – මුහුණය – මිථුනය උරසය කටකය හදවතය – සිංහය – බඩය – කන්‍යාව උකුලය. තුලාව වස්‌තියයි. වෘශ්චිකය ලිංගයයි. ධනුව දෙකලවා මකරය දෙදනය. කුම්භය කෙන්ඩාය මීන දෙපතුළය.
හිස හා මුහුණට රවිද බෙල්ල හා පපුවට චන්ද්‍රයාද, පිට හා බඩට – අඟහරුද අත්පා වලට බුද ග්‍රහයාද ඉඟට උකුලට ගුරුද ලිංගයට සිකුරාද දෙදනට ශනිද අධිපති වේ. උපදින කල මේ ග්‍රහයින් නරකට හිටියොත් ශරීර ප්‍රදේශ දොaෂ හඳුනා ගත හැකිය. රවි නරකට හිටියොත් රවිගේ අවයව වන හිසෙහි හෝ මුහුණෙහි පිත් දොසින් රෝග වෙයි. සෙසු ග්‍රහයොත් යම් කලකදී නරකට හිටියොත් තව අවයව යන්හි දොaෂ කරති.
මීන රාශිය – මසුන් දෙදෙනකු වැනිය.
කුම්භය – කළයක් ගත් පුරුෂයෙකි.
මිථුන රාශිය – වීණාවක් ගත් ස්‌ත්‍රීන් දෙදෙනෙකි.
ධනු රාශිය – ඉනෙන් පහල අශ්වරූපය ගත් දුනුවායෙකි.
මකර රාශිය – මෝරෙකුගේ ලකුණකි.
තුලා රාශිය – තරාදියක් ගත් පුරුෂයෙකි.
කන්‍යා රාශිය – පහනක් ගත් ලලනාවකි.
ඉතිරි නාමද නමට ගැලපෙන රූප ලබා ඇත.
මේෂයට නැගෙනහිරින් වෘෂභ රාශියද, වෘෂභයට නැගෙනහිරින් මිථුන රාශියද යන ක්‍රමයෙන් දොළොස් රාශියම වක්‍රාකාරව අහසේ තිබේ.
මේෂය – එළුවකුගේ සටහනක් වැනිය.
වෘෂභය – ගොනෙකුගේ රුවක් වැනිය.
මිථුනය – ස්‌ත්‍රී සටහනකි.
කටකය – කුකුළු සටහනකි.
සිංහ – සිංහයකුගේ රුව ඇත.
කන්‍යා – ස්‌ත්‍රියකි.
තුලා – තරාදිය ලකුණකි.
වෘශ්චිකය – ගෝනුස්‌සකුගේ රුවකි.
ධනු – දුනු වායෙකි.
මකර – කිඹුල් රුවකි. මෝරකු වැනිය.
කුම්භය – කලයක් ගත් පුරුෂයෙකි.
මීන – මත්ස්‍යයෙකි.
රාශිá රාශි නම් ආකාශයෙහි පිහිටි තාරුකා සමූහයකි. මේෂ රාශිය හඳුන්වනු පිණිස එළුවෙක් මෙනැයි කීය. වෘෂභ රාශිය ගොනෙකුගේ හැඩයෙන් පෙනේ. මේෂ වෘෂභ රාශි දෙක ආරණ්‍යචාරියි. එනම් වනයෙහි හැසිරෙයි. මිථුනය ග්‍රාමචාරියි ගමෙහි හැසිරෙයි. කටක රාශිය දියෙහි හැසිරෙයි. සිංහයද වනයෙහි හැසිරෙයි. කන්‍යා රාශිssය ස්‌ත්‍රී රති ශිල්ප භූමියෙහි හැසිරෙයි. තුලා රාශිය වෙළඳ පාරේ හැසිරෙයි. වෘශ්චිකය බිම්ගෙයි හැසිරෙයි. ධනුව ගමෙහි හැසිරෙයි. මකරය වනයෙහි හැසිරෙයි. මීනය දියෙහි හැසිරෙයි. මෙසේ රාශි හැසිරෙන තැන් දැනගැනීමෙන් සොරුන් ගත් බඩු නැතිවන බඩු තිබෙන තැන් දැනගත හැකියි.
නවාංශකය නම් රාශියේ නවයෙන් කොටසයි. රාශියක් නවයට බෙදුව කල ඒ කොටස් නවය රාශි නවයකට අයිති වේ. ද්වා දශාංශකය නම්( රාශියක් දොළසට බෙදුව කොටසයි. මේෂ රාශිය දොළසට බෙදුව කල අංශක නොහොත් කොටස් දොළසක් වෙයි. ලග්නය ලග්නාධිපතියා විසින් දුටු කල බලවත් වෙයි. යම් රාශියක සඳු සිටි කල. ඒ රාශියට කී ගුණ දෙන්නේ රාශිය අධිපති ග්‍රහයා බලවත් වීමෙනි.
ත්‍රිංශාංශකය නම් රාශියක් තිහට බෙදුව කොටසයි. රාශියක විකල්ප සයකි. එනම් රාශියේ දෙකෙන් කොටස තුනෙන් කොටස නවයෙන් කොටස දොළසින් කොටස තිහෙන් කොටස යන මේ සයයි. මීට ෂඩ් වර්ගය යයි කියති.
හෝරා යනු ලග්නයට නොහොත් හරිජයට පැමිණි රාශියටද රාශියේ දෙකෙන් කොටසටද කියන නාමයකි.
මේෂ, වෘෂභ, කටක, ධනු, මකර යන රාශි නිශාබල නම් වෙයි.
ක්‍රෑර රාශිවල උපන් අය ක්‍රෑර ස්‌වභාව ඇත. සෞම්‍ය රාශිවල උපන් අය සෞම්‍ය ගති ලබයි. චර රාශිවල උපන් අය චංචල ස්‌වභාව ඇත්තෝය. ස්‌ථිර රාශිවල උපන් අය ස්‌ථීර ස්‌වභාව ඇත්තෝය. දිවිසම රාශිවල උපන් අය ද්වි ස්‌වභාව ඇත්තෝය.
පාප ග්‍රහයන් විෂම රාශිවල සූර්ය හෝරාවට පැමිණි කල උපන් තැනැත්තා ප්‍රසිද්ධ වෙයි. උත්සාහ වන්තයි, බලවන්තයි. තේජස් ඇතිවෙයි. ශුභ ග්‍රහයන් යුග්ම රාශිවල චන්ද්‍ර හෝරාවේ සිටි කල්හි උපන් තැනැත්තා මෘදු ස්‌වභාව ශරීර කාන්ති සැප සිත් අලවන ගුණ ප්‍රඥ මධුර වචන යන මෙයින් යුක්‌තයි.
රාශියේ තුනෙන් කොටස දොෂකාණ නම් යම් රාශියක් තුනට බෙදුව කල එහි දොaෂ්කාණ තුනක් වේ.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here
