ඉඩමක් මිල දී ගැනීමේ දී සැලසුමක් ඇඳීමේ දී ද ඔබ අවධානය යොමු කළ යුතු කරුණු ගැන මීට පෙර අප සාකච්ඡා කර ඇත. වාස්‌තු දෝෂ ඔබේ සැලසුමට බලපාන්නේ කෙසේ ද යන්න සොයා බැලීමේ දී දෝෂ යන වචනය සංස්‌කෘතික වචනයක් වන අතර දෝස සිංහල භාෂාවට අයත් වචනයක් වේ. දෝෂ ඇති වන්නේ වැරදි නිසා. මෙම වැරදි ඇතිවන ස්‌ථාන කෙරෙහි ඔබ අවධානය යොමු කළ යුතුය. එහිදී ප්‍රථමයෙන්ම ඉඩමක් හෝ නිවසක් මැනීමේ දී ඇඳීමේ දී හෙවත් සැලසුම් කිරීමේ දී හෝ ඉදිකිරීමේ දී ඇති විය හැක. යම් යම් ලක්‍ෂණ නිසාද නිවාස වලට විවිධ ගැටලු ඇති කරන බව අප සොයාගෙන ඇති අතර ඒවා වාස්‌තු සංඝටක ලෙස හැඳීන්වේ.
නිවසක් අකර්මන්‍ය කිරීමට තරම් වන වාස්‌තු සංඝටක පසුව අප හඳුනා ගනිමු. යම් යම් වැරදි නිසා නිවාස වල දෝෂ ඇති වුවද යම් යම් දෝෂ සදාකල් වන්නේ නැත. සමහර එවැනි දෝෂයන් එම අවස්‌ථාවේ දී ම හීන වන අතර එහි ලක්‍ෂණයන් පැවැත්වීම සංඝටකයට හේතුවක් විය හැකිය. මේ නිසා ඔබ ඔබගේ නිවසේ දෝෂ හා දෝෂ ලක්‍ෂණ යන කරුණු කෙරෙහි නිවැරදි අවබෝධයක් ලබා ගත යුතුය. දිග ඔත්තේ සංඛ්‍යාවක් විය යුතුය. පළල ඔත්තේ සංඛ්‍යාවක් විය යුතුය. උළුවහු ජනෙල් ඔත්තේ විය යුතුය යන සාධක සැලසුම් කිරීමේ දී ම නිවැරදි කර ගත යුතුය. ඉදිකිරීමේ දී මැනීමට යොදා ගන්නා ටේප් පටිවල තිබෙන වැරදි, පරණ ටේප් භාවිත කිරීමේ දී වන වැරදි පිළිබඳව අවබෝධයක් ඔබ ලබාගත යුතුය. ඉදිකිරීමේ දී සිදු වන වැරදි ඉදිකිරීම් කරන පුද්ගලයා හරහා සිදු වන නිසා මෙම වැරදි මේසන් බාස් අතින්, වඩු බාස්‌ගේ කටයුතු වලින්, ජලනල එලන පුද්ගලයාගේ කටයුතු වලින්, පින්තාරු කරන පුද්ගලයාගේ කටයුතු වලින්, වයරින් කරන පුද්ගලයාගේ කටයුතු වලින්, මියුරල් හදන පුද්ගලයාගේ කටයුතුවලින්, ටයිල් අල්ලනු ලබන පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වයෙන් හා ගෙවතු අලංකරණය කරන පුද්ගලයා අතින් ද, පැන්ටි්‍ර කබඩ් නිමකර පුද්ගලයා අතින් ද සිදුවන බව පෙනේ.
මේසන් බාස්‌ගේ අතින් සිදු වන වැරදි වලින් ප්‍රධාන වශයෙන් දක්‌නට ලැබෙන්නේ සැලසුමේ ඇති දිග පළල එලෙස යොදා නොගැනීමේ වරද නිසා නිවසේ ගෘහ පිණ්‌ඩය වෙනස් වීම කනගාටුදායක කරුණක් වී ඇත. මේ අනුව මෙය නැවත යථා තත්ත්වයට පත් කිරීමට අනිවාර්යයෙන්ම එම කොටස කඩා ඉවත් කිරීමට හෝ වෙනත් කොටසක් එකතු කිරීමට හෝ සිදු වන නිසා ඒ කෙරෙහි ඔබ දැඩි සැලකිල්ලක් දැක්‌විය යුතුය. මුල් ගල තැබීමේ දී නිසි ස්‌ථාන ගත නොකිරීම නිසා ඇතිවන වැරදි මේසන් හෙවත් පෙදරේරුකරුගෙන් වන වැරදි ලෙස දැකිය හැකිය. සමහර විට මුල්ගල පරහා ඇරීමේ දී මුල්ගල නිවසින් පිටතට යන අවස්‌ථා දක්‌නට හැකිය. ද්වාර සටහන පිළිබඳ සැලකිල්ලක් නොතකා දොරවල් තැබීමේ වරද ඔහු අතින් සිදුවන බව පෙනේ. පාද සටහනට බැමි වෙනස් කිරීම නිසා පාද සටහන වෙනස් වීම ද ඔහුගේ අතින් සිදු වන වැරැද්දක් වන්නේය. වැඩපල අපිරිසිදුව තබා ගැනීම තමන්ට පහසු පරිදි මඩුව ඊසාන හෝ නිරිත දිශාවන්හි ඉදිකිරීම, තාවකාලික වැසිකිළි ඊසාන දිශාවන්හි ඉදිකිරීමට ඔහුගෙන් වන වැරැද්දක් ලෙස නම් කළ හැකිය.
We found this article from Divaina on 2012/10/19.
Also Sinhala to English Google word to word translation can be found here