සාධු! සාධු!! දොහොත් මුදුනේ තබා වැඳ නමස්කාර කොට කියනුයේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේ වෛකුණ්ඨ පර්වතයෙහි ගුරුළු වාහනාරූඪව යහතින්ම ශ්‍රී ලංකාද්විපයත්, සම්බුධ ශාසනයත්, මුළු මහත් දඹදිවත්, ද්වීපසතරත්, දහඅට දේශයත්, සතරදේවාලයත්, දිවැස් බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දේව දිව්‍යරාජෝත්තමයාණන් වහන්ස· අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ශ්‍රී ලබා ලෝක සත්වයාට සෙතත් ශාන්තියත් ලබාදී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ ශ්‍රී විෂ්ණු දෙවි මහා රාජෝත්තමයාණන් වහන්ස (මා හට) මොහුට වැළඳී ඇත්තා වූ දේව දෝෂ, ඇස්වහ කටවහ, හදි හූනියමකින් ඇතිවූ සියලු දෝසාන්ධකාර දුරුකර දෙවා වදාරා මේ අසරණයාගේ පිනට පිහිට වී පින් ගන්න සේක්වායි· ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව්‍ය කර්ණයට වැටී දිව නෙතට පෙනී මොහුගේ සියලු අභිමතාර්ථයන් ඉෂ්ට කර දෙන සේක්වායි, ඔබ කීර්ති පස්වාන් දහසකට ආයු බොහෝ වේවා·.
පහන් තැබීම – පූජා පැවැත්වීම – 12.00 සිට 12.35 දක්වා නොයිඳුල් පොල්තෙල්, අලුත් මැටිපහන් නිල්මල් පලතුරු වර්ග පහක් කැවිලි පස් වර්ගයයි. කපුරු කට්ට කුමන්ජල්, පිණිදිය, කසපැන්

ශ්‍රී විෂ්ණු දේව ස්තොත්‍ර
- හෙරාමා පුරුෂොත්තමා හරහරි නාරායනා කෙශවාං
ගොවින්දා ගරුඬඬාජා ගුණනධිභූමොදරා මෘද වඃ හෙ ක්‍රිෂ්ණා කමලාපති සිවපති ශ්රීමාපති ශ්‍රී පති
ශ්‍රී වෛකුණ්ඨපති චරාමරපති ලක්ෂ්මීපති පාහි මං
ශ්‍රී ගොවින්ද පදාමෙහාජ- මධුනො මහදද්භූතම්
යත් පායිනො නමුඤ්චනති මුඤවාන්තියද පායිනං
ආනන්ද ගොවින්ද මුකුන්දරාම – නාරායනා නතන නිරාමයෙති
චක්තුංස මර්ථොපි නවක්ති කශ්වි -දභෝජනානං ව්යානානි මොක්ෂෙ
ක්‍රමය-
විෂ්ණු දෙවියන්ට පහන් තබා පූජා කොට ඉහත සඳහන් සතොත්ර කියා දෙවනු අදහස කියා දෙවියන්ට කන්නලව් කිරීම සුදුසුයි. මේ සියල්ලක්ම පිරිසිදුව කළ යුතුයි.
We found this article from Divaina on 2013/10/13.