Friday, September 12, 2025
Homesiශ්‍රේෂ්ඨ මිනිසුන් බිහිවන ග්‍රහ යෝග

ශ්‍රේෂ්ඨ මිනිසුන් බිහිවන ග්‍රහ යෝග

[ratings]

වර්තමානයේ අප ජීවත්වන ජන සමාජය තුළ විවිධාකාර මිනිස්සු සිටිති. ජ්‍යෙතිෂයේදී හඳුන්වන ග්‍රහයන් මෙන් ඔවුන්ව ද ප්‍රධාන කොටස්‌ දෙකකට බෙදා වෙන් කළ හැකිය. එනම් නීචයෝ හා ශ්‍රේෂ්ඨයෝ වශයෙනි.

නීච ග්‍රහයකු ලෙස හඳුන්වන්නේ අඩු බලයකින් යුත් දුර්වල ග්‍රහයෙකි. එලෙසම නීච මිනිසුන් වශයෙන් සමාජයේ සලකනුයේ දුර්වල, පහත් ගති ඇති අඩු බලයකින් යුත් මිනිස්‌ කාණ්‌ඩයයි.

“කළු වලාකුළේ රිදී රේඛා ඇත” යන පිරුළ සනාථ කරමින් නරක, පහත්, නීච මිනිසුන් තුළද හොඳ ගුණ ධර්ම කුඟවී ඇත. එලෙසින්ම ජ්‍යෙතිෂයේදී නීච ග්‍රහයා තුළින්ද රාජ යෝග උදාවන අයුරු අප අත් දැක තිබේ.

ශ්‍රේෂ්ඨ යෑයි අප සිතන සමහරු තුළද නීච ගති ලක්‍ෂණ බොහෝ අවස්‌ථාවලදී දැක ගන්නට ලැබී ඇත. “මිනිසා වසලයකු (නීචයකු) හෝ බ්‍රාහ්මණයකු (ශ්‍රේෂ්ඨයකු) වන්නේ උපතින් නොව ක්‍රියාවෙනි” තිලෝගුරු බුදු හිමියන්ගේ රුවන් වදන් එදාට මෙන්ම අදටත් මනාව ගැළපෙනු නොඅනුමානය.

කෙසේ වෙතත් ජ්‍යෙතිෂය නමැති මෙම මහානර්ඝ ශාස්‌ත්‍රයට අනුව නියම ගුණ දහමින් සපිරුණ උතුමන් හෙවත් ශේ්‍රෂ්ඨ මනුෂ්‍යයන් බිහිවන යෝග රාශියක්‌ ඇත. මෙම යෝග වලින් බිහි වූ පුද්ගලයන් සමාජයට වැඩ සලසන, අවංක, පරිත්‍යාගශීලී, පරහිතකාමීන් බව පුරාණ සෘෂිවරු පෙන්වා දී ඇත.

ඔබෙත්, ඔබ ඇසුරු කරන අයගේත් ජන්ම පත්‍රයන්හි මෙම යෝග ඇත්දැයි පරීක්‍ෂා කිරීම තුළින් ඔබට නියම ශේ්‍රෂ්ඨයා කවුදැයි කල් තියා හඳුනාගත හැකි වනු ඇත.

* ලග්නය මීනය වී එහි ගුරු, සිකුරු දෙදෙනා ද දෙවැන්න වූ මේෂයේ රවිද, එකොළොස්‌වැන්න වූ මකරයේ කුජ ද පිහිටා උපත ලද තැනැත්තා ඒකාන්තයෙන්ම රජකු හා සමාන මහා ශේ්‍රෂ්ඨ පුරුෂයකු වන්නේය. (මීනයේ ගුරු ස්‌වක්‌ක්‍ෂෙත්‍රය. සිකුරු උච්චය. මේෂයේ රවි උච්චය. මකරයේ කුජ උච්චය.)

* දහවැන්නේ රවි හා බුධත් හයේ කුජ හා රාහුත් සිටියදී උපන් තැනැත්තේ ඉතා ප්‍රබල ශ්‍රේෂ්ඨ පුරුෂයකු වේ. (රවි හා බුධ කිනම් භාවයක යෝග වුවත් එය “බුධ ආදිත්‍ය” නොහොත් “නිපුණතා” යෝගයයි. මෙය යෙදෙන ස්‌ථානය හා භාවය අනුව ඉතා බලවත් අධ්‍යාපන යෝගයක්‌ බවට පරිවර්තනය වෙයි”

* ගුරු තුන්වැන්නේද, සිකුරු අටේද, අනිත් සියලු ග්‍රහයන් දහයේද සිටියදී උපන් තැනැත්තේ සියලු සැප හා ඓශ්චර්යයෙන් යුක්‌ත වූ ශේ්‍රෂ්ඨ පුරුෂයකු වන්නේමය.

* මේෂ ලග්නයේ රවි ද, දොළහේ බුධ, සිකුරු දෙදෙනාද දෙකේ රාහු ද, තුනේ අඟහරු (කුජ) ද සිටිත් නම් මහා බලවත් ශේ්‍රෂ්ඨ පුරුෂයකු එයින් බිහිවනු ඇත.

* පහේ ගුරුත්, දහයේ සඳුත් සිටියදී උපන් ජන්මියා ඉන්ද්‍රීයයන් දමනය කරන ලද උගත් ශේ්‍රෂ්ඨයකු වන්නේය.

* මේෂ, වෘෂභ, මිථුන, ධනු, මකර සහ මීන යන රාශි හයේ සියලුම ග්‍රහයන් සිටියදී උපන්නා ලෝක ප්‍රසිද්ධ ශේ්‍රෂ්ඨ මනුෂ්‍යයකු වනු ඇත.

* ලග්නයේ ශනි, චන්ද්‍ර (සඳු) ද පස්‌වැන්නේ හෝ නවයේ ගුරු ද, රවි, කුජ දහයේ ද සිටියදී උපන් අය ඉතා බලවත්, ධෛර්යය සම්පන්න අයකු වේ යෑයි කියා තිබේ.

* මේෂ, කටක, තුලා, මකර යන රාශි හතරේ රවි, ගුරු, ශනි හා කුජ ග්‍රහයන් හතර දෙනා උච්චව සිටියදී උපන්නේ ඒකාන්තයෙන්ම රජකු වන්නේ යෑයි කියා තිබේ. තිදෙනකු උච්ච වී එකකු ලග්නගත වී නම් ප්‍රදේශයකට අධිපතියකු වනු ඇත.

* දෙදෙනකු උච්ච වී, එකකු ලග්න ගත වී පළාතකට අධිපතියකු වන අතර එක්‌ අයකු එලෙස වී ලග්න ගත වී නම් ප්‍රදේශයේ ධනවත් හා බලවත් පුද්ගලයා වී ප්‍රසිද්ධියට පත් වනු නොඅනුමානය. ගුරු ග්‍රහයා එසේ වූයේ නම් එය නොවැරැදීම සිදුවන්නකි. (මෙය අත් දුටු සත්‍යයකි.)

* ලග්නය හෝ චන්ද්‍රයා වර්ගෝත්තම වූ කල්හි එම වර්ගෝත්තම වූ ලග්නය හෝ වර්ගෝත්තම වූ චන්ද්‍රයා අන්‍ය ග්‍රහයන් සතර දෙදෙනකුට හෝ ඉන් වැඩි ගණනකට පෙනේ නම් එකල උපන් තැනැත්තේ ඉතා ප්‍රබල, ධනවත්, උගත්, තේජවන්ත, බලවතකු වේ යෑයි කියා තිබේ.

* සියලුම ග්‍රහයන් මේෂ, කටක, තුලා, මකර යන රාශි හතරේ සිටි කල්හි එකල උපන්නා පෙර පින් කරන ලද ඉතා උසස්‌, උගත්, බොහෝ විද්‍යාවන් දත් බලවතකු වනු නොඅනුමානය. ධනයෙන්ද නොඅඩුය.

* ධනුවෙහි ශනි, චන්ද්‍ර දෙදෙනා ද, මේෂයෙහි ගුරු ද දහයේ රාහු හා සිකුරු (ශුක්‍ර) සිටියදී උපන් තැනැත්තා මහා බලවන්තයකු වන්නේය. (ඒරාශ්ටකයෙන් උපන් මොහු බාල කල නොමළහොත් මහා බලගතු වීර්යවන්තයකු වෙයි.)

* කුජ මකරයේ උච්චවී සිටියදී අස්‌ත නොවූ ගුරු, බුධ, සිකුරු යන ග්‍රහයන් පස්‌වැන්නේත්, ශනි හෙවත් සෙනසුරු නවවැන්නේත් සිටියදී එකල උපන් අය ඉතා උසස්‌, උගත් බලවත් ධනවතකු වෙයි.

* මකර ලග්නයෙහි කුජ උච්චව සිටියදී රවි ග්‍රහයා දොළොස්‌වැන්න වූ ධනුවේ නම් ඔහු ඉතා තේජවන්ත බලවත් අයෙකි.

* හතරවැන්න මේෂ, වෘශ්චික දෙකෙන් එකක්‌ව කුජ එහි සිටියදී ගුරු සිංහයේද, සිකුරු කන්‍යාවේද, ශනි මිථුනයේ ද සිටිත් නම් එකල උපන් මනුෂ්‍යයා ජන නායකයකු වන්නේය.

* වෘෂභය ලග්නය වී එහි චන්ද්‍රයා ද හතරේ රවි ද, හත්වැන්නේ ගුරු ද, දහයේ ශනි ද සිටියදී උපන් තැනැත්තේ ඉතා ධනවත්, බලවත්, තේජවන්තයකු වේ.

* ලග්නය වූ කටකයේ ගුරු ද මේෂය වූ දහයේ රවි ද, සඳු, බුධ, සිකුරු එකොළහේ ද සිටියදී උපන් තැනැත්තේ ඉතා තේජස්‌ ඇති, ධර්මිෂ්ඨ, බලසම්පන්න පුරුෂයකු වෙයි.

* කටකයේ ගුරු කේන්ද්‍රගත වී නම්, සිකුරුත් දසවැන්නේ නම් ස්‌වකීය උත්පත්ති තත්ත්වයට වඩා කෙසේ හෝ උසස්‌ වන්නාවූ ආණ්‌ඩුවේ උසස්‌ තනතුරක්‌ දරන්නා වූ බලවත්, නිර්භීත, ශේ්‍රෂ්ඨ අයකු වෙයි.

ධනුයෙහි ශනි, චන්ද්‍ර දෙදෙනා ද, මේෂයෙහි ගුරු ද, දහයේ රාහු, සිකුරු දෙදෙනා සිටියදී උපන්නා රජකම වැනි උසස්‌ තත්ත්වයක්‌ අත්කර ගනී. (ම’ පියාණන්ගේ ජ්‍යෙතිෂ අත් පොතක්‌ ඇසුරෙනි.)

We found this article from Divaina on 2011/10/07.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments