Friday, September 12, 2025
HomesiMarriageසුබ දිනය හඳුනගෙන සුබ වෙලාවක යුග දිවිය අරඹන්න

සුබ දිනය හඳුනගෙන සුබ වෙලාවක යුග දිවිය අරඹන්න

[ratings]

විවාහ දිවියට ඇතුළත් වීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙක්‌ එය ඉතා සුබ දිනයක සිදු කිරීමට කැමතිය. ප්‍රේම සම්බන්ධයකින් හෝ යෝජිතව සිදු කෙරෙන විවාහයකදී දෙපාර්ශ්වයේ වැඩිහිටියන් එකතු වී කුමන අවුරුද්දේ කුමන මාසයේ විවාහ කටයුතු සිදු කරනවාද යන්න තීරණය කළත් ඒ සඳහා නිශ්චිත දිනය හා අදාළ දිනයේ විවාහයට ශුභ වේලාව තෝරා ගැනීමට දෛවඥයකුගේ සේවය ලබා ගැනීම සිරිතයි.

විවාහය යනු ස්‌ත්‍රී පුරුෂ දෙදෙනකු එකට එකතුවීමය. ඔවුන්ගේ අනාගතය ඇරඹෙන්නේ එතැන් පටන්ය. එබැවින් ඒ සඳහා සුදුසු දිනයක්‌ හා සුබ වේලාවක්‌ තෝරා ගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතා වැදගත්ය.

විවාහය සඳහා පොදුවේ සුබදවස්‌ ලිත්වල සඳහන් වුවද එම දිනයන් සෑම කෙනෙකුගේම විවාහ කටයුතු සඳහා සුබ නොවන බව වටහාගත යුතුය. විවාහය සිදු කරන අවස්‌ථාවේ දෙදෙනාගේ කේන්ද්‍රවල සහකරුට හෝ සහකාරියට බලපාන රාශි පාලනය කරන අශුභ ග්‍රහයින් දෙදෙනාගේ ඡන්ම කේන්ද්‍රයෙන් එම රාශි පීඩනයට පත් කර ඇත්නම් එම අවස්‌ථාවේ සිදු කෙරෙන විවාහය අවාසනාවන්ත නීරස එකක්‌ වන අතර එයින් සහකරු හෝ සහකාරිය වියෝවීමටද ඉඩ ඇත.

විවාහය සඳහා දිනය සහ වේලාව තෝරාගැනීමේදී අනුගමනය කළ යුතු කරුණු

සංක්‍රමණික සෙනසුරු හෝ රාහු පුරුෂ කේන්ද්‍රය සිකුරු සහ ස්‌ත්‍රී කේන්ද්‍රයේ අඟහරු පීඩනයට පත් නොකළ යුතු අතර සංක්‍රමණික සෙනසුරු හෝ රාහු දෙදෙනාගෙන් එක්‌ අයෙකුගේ හෝ කේන්ද්‍රයෙහි සත්වැන්න තුළින් ගමන් නොකළ යුතුය. නොඑසේ නම් සත්වැන්නට දෘෂ්ටිය නොහෙළිය යුතුමය. එසේම ඔවුන් එම සත්වැන්නාධිපතිට ඉහළින් ගමන් නොකළ යුතු අතර ඔහුට දෘෂ්ටිය නොහෙළිය යුතුය. එසේම එම සත්වැන්න පාපීග්‍රහයන් එනම් රවි, කුජ, බුධ, සහ සංක්‍රමණය වන අවපක්‍ෂයේ සඳු යන ග්‍රහයන් විසින් පීඩනයට පත් කිරීම හැකිතාක්‌ දුරට මගහැරිය යුතුය.

පුරුෂයාගේ සහ ස්‌ත්‍රියගේ ඡන්ම කේන්ද්‍රයේ සඳු සංක්‍රමණික සෙනසුරු හෝ රාහු විසින් සංයෝගයෙන් හෝ දෘෂ්ටියෙන් පීඩාවට පත් නොකළ යුතුය.

දෙදෙනාගේම සත්වැන්නාධිපති ඔහුගේ හෝ ඇයගේ ලග්නයෙන් දුෂ්ඨානය තුළින් සංක්‍රමණය නොවිය යුතුය. විශේෂයෙන්ම සෙනසුරු – රාහු හෝ කේතු වැනි පාපී ග්‍රහයකු සංයෝගයෙන් හෝ දෘෂ්ටියෙන් පීඩාවට පත් කරනු ලැබූ රාශියක්‌ තුළින්ද සත්වැන්නාධිපති ගමන් නොකළ යුතුය.

දෙදෙනාගෙන් කවරකුගේවත් ලග්නයෙහි පළමුවැන්න, සතර වැන්න, හත්වැන්න, අටවැන්න හෝ දොළොස්‌වැන්න තුළින් අඟහරු සංක්‍රමණය නොවිය යුතුය.

දෙදෙනාගේ එක්‌ අයකුගේවත් ලග්නයෙහි හෝ සත්වැන්නෙහි පාපියකු නොසිටිය යුතුය.

සංක්‍රමණයේදී සෙනසුරු හෝ රාහුගේ මනාලියගේ හෝ මනාලයාගේ ලග්නයෙන් දෙවැන්නෙහි සතරවැන්නෙහි සත්වැන්නෙහි අටවැන්නෙහි හෝ දොළොස්‌ වැන්නෙහි නොසිටිය යුතුය. පුරුෂ කේන්ද්‍රයෙහි සිකුරුද ස්‌ත්‍රී කේන්ද්‍රයෙහි අඟහරුද ඒ ඒ ලග්නවලින් පාපී රාශිතුළින් සංක්‍රමණය නොවිය යුතුය.

සංක්‍රමණික සඳු දෙදෙනාගේම ලග්නවලින් යහපත් රාශියක සිටිය යුතුමය.

මෙම කාරණාවලට අමතරව පුරුෂයකු විවාහ විය යුත්තේ ඔහු උපන් වර්ෂයේ සිට ගණින විට ඔත්තේ ගණයට වැටෙන වර්ෂයකය. ස්‌ත්‍රියක නම් ඉරත්තේ වර්ෂයක වේ.

සඳු පහත සඳහන් නැකැත් තුළින්

සංක්‍රමණය වීමද විවාහය සඳහා

උචිත කාලයකි

රෙහෙණ, මුවසිර්ස, මා, උත්‍රපල්, හත, සා, අනුර, මුල, උත්‍රසල, උත්‍රපුටුප, රේවතී.

පහත සඳහන් නැකත් තුළින් සඳු සංක්‍රමණය වන අවස්‌ථාවන්හි විවාහය සිදු නොකළ යුතුය.

පුවපල්, සුවසල, පුවපුටුප, පුනාවස, පුෂ, අස්‌ලිය, විසා, අද මා නැකතේ හා මුල නැකතේ ප්‍රථම පාදයද රේවතී නැකතේ. සතරවැනි පාදයද මහ හැරිය යුතුය.

සඳුදා, බදාදා, බ්‍රහස්‌පතින්දා, හා සිකුරාදා යන දවස්‌ විවාහය සඳහා යහපත් වන අතර අඟහරුවාදා ඉරිදා දවස්‌ සුබ නොවේ.

පහත සඳහන් චන්ද්‍ර දවස්‌

හෙවත් තිථි සුභය

දෙවැනි, තුන්වැනි, හයවැනි, හත්වැනි, දහවැනි, එකොළොස්‌වැනි දොළොස්‌වැනි, දහතුන් වැනි දිනයන්.

පහත සඳහන් සූර්ය මාස විවාහය සඳහා නැකැත් සකස්‌ කර ගැනීමට යොදා ගත හැක

මේෂ, වෘෂභ, මිථුන, වෘශ්චිත, මකර, කුම්භ මිථුනයෙහි රවි සිටි කල ඇසළ මස කෘතිය භාගයෙහි හෙවත් ඇසල පුර පෑලවිය සිට දසවන කෙළවරට සුදුසුය.

පහත දැක්‌වෙන දින හා ග්‍රහ දෘෂ්ටි

විවාහ කටයුතු වලදී අත්හල යුතුය

අන්තිම සූර්ය දිනය, මහාපාත යෙදෙන දිනය, චන්ද්‍ර ග්‍රහණ හා සූර්ය ග්‍රහණ යෙදෙන දින, චන්ද්‍රයා පාප ග්‍රහයන්ට සංයෝග වූ හෝ පාපග්‍රහයන් දෙදෙනකු අතරට ගිය හෝ පුෂ ග්‍රහයන් සමසප්තම දෘෂ්ටියට සම්බන්ධ වන දිනයන්, අඟහරු හෝ සිකුරු ග්‍රහ යුද්ධයකින් පැරදුන දිනය හා මේ ග්‍රහයින් දෙදෙනා සම සප්තම දෘෂ්ටියට සම්බන්ධවන දිනයන්.

විවාහයට අශුභ යෝග
වෛධෘති, ව්‍යාතිපාත, වප්‍ර, විෂ්කම්භ පරිස ශුල, ව්‍යාගාත, ගණ්‌ඩ, අතිගණ්‌ඩ.

ඉහත දැක්‌ වූ දෝෂයන්ගෙන් තොර දිනයක්‌ සහ වේලාවක්‌ විවාහය සඳහා තෝරා ගැනීම දුෂ්කර කාර්යයක්‌ වන්නට හැකි වුවද ප්‍රායෝගික වශයෙන් හැකිතාක්‌ දුරට මෙකී දෝෂයන් මග හරවා ශුභ නැකැත් ලබා විවාහ කටයුතු සිදු කර ගැනීමෙන් ඔබට වාසනාවන්ත යුග දිවියක හිමිකරුවකු වීමට හැකිය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments