[ratings]
අප කිසියම් සුබ කටයුත්තක් ආරම්භ කිරීමට සකස් කරගන්නා නැකත නොහොත් සුබ මුහුර්තියේ හොඳ නරක තවදුරටත් සුබදායී අංක විද්‍යාවෙන් ද බැලිය හැක.
ජ්‍යෙdතිෂය මෙන්ම අංක විද්‍යාවද පලාපල කීමේ ප්‍රබල ශාස්‌ත්‍රයක් වන අතර මෙහිදී රාහු හා කේතු අතහැර අනෙක් ග්‍රහයන් හත් දෙනාට එකේ සිට නවය දක්‌වා වූ අංක ලබාදී ඇත. මෙහිදී රවි හා සඳු ග්‍රහයන්ට අංක දෙක බැගින්ද අනික් ග්‍රහයන්ට අංක එක බැගින්ද හිමි වෙයි.
රවිට හා සඳුට යෙදෙන අංක දෙකෙන් එකක් සෘණ අගයෙන් යුක්‌ත වන අතර එය අසුබ අංකයක් සේ සලකයි.
ග්‍රහයන්ට හිමි අංක
රවි – 1 හා 4 (සෘණ)
සඳු – 7 හා 2 (සෘණ)
කුජ – 9
බුධ – 5
ගුරු -3
ශුක්‍ර – 6
ශනි – 8
මුහුර්තයක හොඳ නරක සෙවීමේදී ග්‍රහයන්ට හිමි අංක මෙන්ම ඒ ඒ දිනවලට අධිපති ග්‍රහයන් ගැනද දැන සිටිය යුතුය. මේ ග්‍රහයන් දිනාධිපතියන් ලෙස හඳුන්වයි.
දිනාධිපතියන්
ඉරිදා – රවි
සඳුදා – චන්ද්‍ර (සඳු)
අඟහරුවාදා – කුජ
බදාදා – බුධ
බ්‍රහස්‌පතින්දා – ගුරු
සිකුරාදා – ශුක්‍ර
සෙනසුරාදා – ශනි
කිසියම් මුහුර්තයක හොඳ නරක සෙවීමේදී දිනාධිපති, හෝරාධිපති, මුහුර්තාධිපති ග්‍රහයන්ට හිමි අංක සොයා ගැනීමත් එදින සූර්ය උදාවේ සිට නැකැත් වේලාව දක්‌වා ගත කාලයත් සොයාගත යුතුය. හෝරාධිපතියන් සෙවීමට කාල හෝරා සටහනත්, මුහුර්තාධිපතියන් සෙවීමට මේ සමඟ දී ඇති මුහුර්තාධිපති සටහනත් උපයෝගි කරගත යුතුය.
දැන් අපි බ්‍රහස්‌පතින්දා දිනයක උදේ 8.50 ට දී ඇති නැකතක හොඳ නරක බලමු. මෙදින හිරු උදාව උදේ 6.00 ලෙස සලකමු.
මෙදින දිනාධිපතියා ගුරුයි. ගුරුට හිමි අංකය 3 යි. නැකත යෙදී ඇත්තේ 8.50 ට නිසා එදින කාලහෝරා සටහනකින් උදේ 8-9 දක්‌වා හෝරාධිපතියා කවුදැයි සෙවිය යුතුය. කාලහෝරා සටහන දෙස බලන විට එම හෝරාව අයිති රවිටයි. ඒ අනුව රවිට හිමි අංක දෙකෙන් සුබ අංකය වන 1 ගත යුතු=යි. දැන් ගුරුට හිමි අංක 3 හා රවිට හිමි අංක 1 එකතු කළ විට අංක 4 ලැබෙයි.
ඊළඟට මුහුර්තාධිපතියාට අයත් අංකය සොයාගත යුතුයි. වේලාව 8.50 නිසා විනාඩි 50 බ්‍රහස්‌පතින්දා දිනයේ මොන ග්‍රහයාට අයත්දැයිs බැලිය යුතුයි. මුහුර්ත සටහන බලන විට එම විනාඩි 50 අයත් වනුයේ සඳුටයි. ඒ අනුව සඳුට හිමි අංක දෙකෙන් සුබ අංකය වන අංක 7 ලබාගත යුතුය. ඊළඟට මුලින් එකතු කර ලබාගත් අංක 4 හා අංක 7 එකතු කළ යුතුයි. එවිට ලැබෙන අංකය 11 යි. එය තනි අංකයකට ගත්විට (1+1) අංකය දෙකයි. අංක 2 සඳුට හිමි සෘණ අංකය නිසා අපහට දී ඇති බ්‍රහස්‌පතින්දා උදේ 8.50 සුභ මුහුර්තය අසුබ එකක් වෙයි.
මේ විදියට නැකත් වල සුබ අසුබ අංක විද්‍යාවෙන් සොයා ගැනීමට හැකි අතර චූල නැකත් ක්‍රමයේදී මෙම ක්‍රමය වඩාත් ඵලදායී වෙයි. මුහුර්තයක කාලය විනාඩි 4 ක් නිසා අසුබ මුහුර්තයකට වැටෙන වේලාවක් විනාඩි 4 ක කාලයක් ඉදිරියට හෝ පසුපසට ගෙන ඒමෙන් සුභ එකක් බවට පත්කර ගැනීමේ හැකියාවද පවතියි.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here