Friday, September 12, 2025
Homesiහොදින් ජීවත්වන අතර ඇයි අපට මේ කරදර

හොදින් ජීවත්වන අතර ඇයි අපට මේ කරදර

[ratings]

අද සමාජයේ අපට ඇසෙන්නට ලැබෙන දෙයක්‌ තමයි බලන්න අපි මෙතරම් හොඳින් ඉඳලත් අපටමයි මේ ඔක්‌කොම අපල කරදර. අර මිනිස්‌සු කරන්න තියෙන හැම නරක වැඩක්‌ම කරලත් කිසිම කරදරයක්‌ නෑ. හොඳ වැඩ කරන අය ඉක්‌මනට නැති වෙනවා. වැරදි කරන අය හොඳට ජීවත් වෙනවා යන්න” මෙය සත්‍යයක්‌ද? නැත මෙය නොතේරුම්කම නිසා කියන දේවල්ය.

අපට මේ ආත්මයේදී යම් යම් කරදර උවදුරු පැමිණෙනුයේ මේ ආත්මයේදී කරන දේවල ඵලයක්‌ ලෙස නොවේ. අප විසින් පෙර ආත්මවලදී කරන ලද යම් යම් අකුසල කර්මයන් හේතුකොට ගෙන අපට මෙම ආත්මයේදී යම් යම් කරදර යෙදිය හැකියි. මේ ආත්මයේදී වැරදි වැඩ කරමින් අකුසල් කරමින් ජීවත් වන අය ආර්ථික වශයෙන් දියුණුවට පත් වී සැප සම්පත් විඳිනුයේ ඔවුන් විසින් පෙර ආත්මලදී කරන ලද යම් යම් කුසල් බලයෙන් විය හැකිsයි. නමුත් මේ ආත්මයේදී වැරදි කරමින් අකුසල් කරමින් සැප විඳිමින් ජීවත් වන අයට මේ ජීවිතය අවසන් වීමට පෙර කරමින් පවතින අකුසලකර්මවලින් යම් ප්‍රමාණයක්‌ දිට්‌ඨධම්ම වේදනීය කර්මය ලෙස පළදෙනු ඇත.

අප මේ ආත්මයේදී කරන කුසලකර්ම මේ ජීවිතයෙ අවසන් වීමට පෙර යම් ප්‍රමාණයකට ඵලදෙනු ඇත. අපට යම් යම් අයුරින් අපල උවදුරු නිසා කරදර පැමිණෙනවා නම් ඒවාට සුqදුසු අයුරින් පිළියම් කරනවා විනා අරුත් සුන් කථා කීමෙන් පළක්‌ නොවේ. අකුසල් කිරීමෙන් වළකිනවා කියනුයේ කුසල් රැස්‌ කරනවාට නොවේ. අකුසල් නොකරන අතරතුර අප විසින් කුසලකර්ම කළ යුතුවේ. කුසගින්නෙන් පෙළෙන අයට හැකි අයුරින් තමාගේ ආහාරයෙන් සුළු කොටසක්‌ හෝ දීමෙන් විශාල මුදලක්‌ වියදම් කර දෙන දානයකට සමාන දානමය පුණ්‍ය කර්මයක්‌ කරගත හැකි බව ඔබ දන්නෙහිද? හැකි අයුරින් සිල්වත් අයට සංඝයා වහන්සේලාට දන් දෙන්න. අන් අයගේ සැප සම්පත් ගැන ඊර්ෂ්‍යා නොකරන්න. අනුන්ගේ සැපතේදී සතුටුවන්න. දුකේදී දුක්‌ වන්න. පංච ශීලය ආරක්‍ෂා කරගන්න. බුද්ධ ශාසනය පවත්වාගෙන යැමට හැකි ලෙස කටයුතු කරන්න. මෛත්‍රී භාවනාව වඩන්න. වැරදි නොකර ජීවත් වනවාසේම පින්දහම් කරන්න.

එවිට ඔබට අපල උවදුරුවලින් වන විපත්වලින් යම්තාක්‌ දුරට මිදීමට හැකියාව ලැබෙනු ඇත. ඔබගේ දරුවන් සමාජයට වැඩදායක ගුණදහමින් පිරි අයවලුන් බවට පත් කරන්න. එය මහා පුණ්‍යකර්මයකි. ධනවත් මිනිසෙකුට පෙර යහපත් මිනිසෙක්‌ වීම වැදගත් බව සිතන්න. දෙමවුපියන්ට සැලකීම ඉතා වැදගත්වේ. මුං වැපුරුවහොත් ඵල ලැබෙනුයේ මුං මිස වී නොවේ. කර්මය අනුව ඵලය ලැබේ. කවුරුන් කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුවේ.

වැරදි කරමින් අකුසල් කරමින් සිටින අයට පෙර ආත්මවලදී ශේෂව ඇති කුසල් පල දීමට ඉඩ ඇති අතර වැරදි නොකරමින් අකුසල් නොකරමින් ජීවත් වන අයට පෙර ආත්මවලදී ශේෂව ඇති අකුසලකර්ම ඵල දීමට ද ඉඩ තිබේ. එබැවින් හැකි තරම් කුසලකර්ම කිරීමෙන් අකුසලකර්ම අහෝසි කම්මය බවට පත් වීමටද ඉඩ තිබේ. ඔබට වෛර කරන අයටත් මෛත්‍රී කිරීමට උත්සාහ කරන්න. එවිට ඔබ ගැන වෛරයෙන් සිතන අයද ඔබට මෛත්‍රී කිරීමට පටන් ගැනීමටද ඉඩ ඇත. මිනිසත් බව ලැබ උපත ලද අප මිනිසුන්ට පමණක්‌ කළ හැකි යහපත් දේවල් කිරීමට සිතට ගත යුතුයි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments