[ratings]
ජ්‍යෙතිෂ්‍ය විද්‍යාවේ සුවිශේෂ අංගයක් වන වාස්තු විද්‍යාවෙහි දක්වා ඇති උපදෙස් අද නවීන විද්‍යාව අනුව කොන්වී අතුගෑ යැමෙන් මිනිසා දිනෙන් දිනම පරිහානියට පත්වී හමාරයි. නිවසක චින්ත මානික්‍ය වන්නේ නිවසේ මංගල උළුවස්සයි. එය සිතූ පැතූ ධන සම්පත් භව භෝග ගලාඑන, පිටව යනවිට යන දෙයින් ශුභ ඵල උදාකර ගැනීමට හා ආරක්ෂාව සලසා දෙන හදවතයි. එමෙන්ම හොඳට නරකට දෙකටම උළුවස්ස ප්‍රමුඛයා ලෙස සිටී. නරක නම් මරණය ද සිදුවේ.
උළුවස්සක් තබන්නේ නක්ෂත්රාධාරියා දෙන ශුභ නැකතටයි. නැකත ශුභ වුණත් කාලීන යුගයේ ඉපැරැණි වාස්තු විද්‍යා නීති පද්ධතියක් අනුව දොර උළුවස්සක් තැබීමට ශුභ නැකතක් හැදීමට නොහැක. ඊට හේතුව ඉපැරැණි වාස්තු විද්‍යාවේ දැක්වෙන ද්වාරචත්රයට අනුකූලව නොවන උළුවස්සක් නිසාය.
උළුවහු තැබීමේ චක්‍රයේ එය මෙසේ සඳහන් වේ.
මුදුන නව නැකැත් කිසි වැඩ නැත කියන
යෙදුන කොන් සතර රජුගෙන් බිය වදන
හරිනු පාත තුන් මරණය නිසා වන
සදනු උළුවස්ස දොර දෙපිට දොල සින
පූර්ණ නීතිරීති අනුව සදන දොර උළුවස්සක් මෙසේ සකස්විය යුතුයි.
උළුවස්සකට පාද හතරක් තිබිය යුතුයි. එළිපත්ත නොහොත් පඩි කඳ උළුවස්සකට තිබිය යුතුයි. එමෙන්ම උඩ කොටසේ පිටට ගිය කෙරවල් හතරක්ද, පහළ කොටසේද පිටතට ගිය කෙලවරවල් හතරක්ද දැක්වේ. ක්‍රමයට නිෂ්පාදිත උළුවස්ස ද්වාර චක්‍රයට අයත් නීතිමය වාස්තු ශාස්ත්‍රීය උළුවස්සයි. එවැනි උළුවස්සක් තබනවිට නැකතට මුදුනෙහි තැන් හතරක්ද, කෙලවර හතරෙහි නැකත් අටක්ද, දෙපසෙහි හතර හතර නැකත් අටක්ද එළිපැත්තෙහි නැකැත් තුනක්ද, මධ්‍යයෙහි නැකැත් තහරක්ද වශයෙන් නැකැත් විසිහත පිහිටුවා ගත යුතුය.
එවැනි නැකැත් වලින් ඇති උළුවස්සේ ශුභ හා අශුභපල මෙසේය. මුදුනෙහි නැකැත් හතරින් රාජ්‍ය ලාභද, ජනාධිපති, මහ ඇමැති, ඇමැති, මංත්‍රී, සභාපති, ලේකම් ආදී රටේ උසස් ප්‍රසිද්ධ පදවි හා පිළිගැනීම් හිමිවේ. කොන් සතරෙහි නැකත් අට නිවාස හැර යැමද, විකුණා දැමීමද, උකසට තැබීම් ආදී අහිමි ඵලද, දෙපස කණු දෙකෙහි නැකැත් අට කරණ කොටගෙන සිරියාව, ශ්‍රියා කාන්තා බැල්ම, දෙවි දේවතා බැල්ම ලැබී සැප සම්පත් සෞභාග්‍ය ගෙන දී යස ඉසුරෙන් පිරි නිරෝගීකම හා දීර්ඝායුෂ හිමිවේ. එළිපත්තේ පහළ කොටසෙහි නැකැත් තුන කරණකොට ගෙන, හදිසි අනතුරු, කොරවීම්, අංශභාග රෝගවලට ඔත්පලවීම් හා මරණයද සිදුවේ. මධ්‍යයෙහි නැකැත් සැප සම්පත්, ධනය ලැබීම හා සතුට සැප ආයුෂ ලැබේ. එනිසා තමාගේ හෝ නිවැසියන්ගේ අනාගත යහපත දිනෙන් දින වර්ධනය වීමට උළුවස්සක් තබන විට තබන නැකත මුදුනෙහි නැකැත් හතරට හෝ දෙපස කණු දෙකෙහි නැකත් අටට හෝ මධ්‍යයෙහි නැකත් හතරට හෝ අයත් විය යුතුය.
වර්තමාන අද උළුවස්සට එළිපත්ත නැත. කොන් හතරේ පිටට විහිදී ගිය කෙරවල්අට නැත. එනිසා එවැනි උළුවහු ඉපැරණි වාස්තු විද්‍යා නීති රීතිවලට පටහැනියි. විරුද්ධයි. ශාස්ත්‍රීය ක්‍රමයට අනුකූල උළුවස්සක්ද නොවේ. එවැනි උළුවස්සක් පැනීමේදී කොයිකාට වුවද පනින අයට වස් දොස් නොවදී. එය සිරිතක් වශයෙන් කරන ක්‍රියාවක් වේ. හේතුව එළිපත්තෙහි පඩි කඳක් නැතිව කුමක් උඩින්ද පනින්නේ. යන්නත් පැනීම වෙනුවට නිවසෙහි ඇතුළත සිට පිටට ගමන් කිරීමක්ද යන්න බුද්ධිමත්ව කල්පනා කළ යුතුයි. සිතිය යුතුයි. සිතා බලා කරන කටයුතු සර්වප්රකාරයි.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here