2019 වසරේ ලග්න පලාපල
මේෂ
ලග්නාධිපති කුජ වැය ස්ථානයේ ද, රවි බුධ සමග සෙනසුරු පුණ්‍යස්ථානයේ ද, ගුරු සිකුරු සමග රන්ධ‍්‍රස්ථානයේ ද, සඳු කලත‍්‍ර ස්ථානයේ ද, රාහු බන්ධු ස්ථානය සහ කේතු කර්මස්ථානයේ ද ගෝචර මෙම වසරේ ශුභාශුභ මිශ‍්‍රඵල ගෙන දෙයි.
රැුකියා ස්ථානවල ද, රැුකියාවේ ද වෙනසක් සිදු නොවන අතර, රාජ්‍ය රැුකියාවන්හි නිරත වූවන්ගේ උසස්වීම් සිදු වේ. විදෙස් රැුකියා ලාභ ලබයි. තම තැන්පත් ධනය වර්ධනය වෙයි. තනතුරු ලාභ ලබයි.
ගෘහ ජීවිතය සාමාන්‍යයි. අඹු සැමියන් අතර පැවති වාද භේද ඉවත් වෙයි. නමුත් යනෙන ගමන් නොපෙනෙන සතුරන් ඇති වෙයි. අවුල් වියවුල්වලට මුහුණ පාන්නට සිදු වෙයි. ඉඩකඩම් දේපළ නිසා තරමක් වාදවලට, නීතිමය ගැටලූවලට යොමු වෙයි. නමුත් තමන්ට වාසි සැලසෙන කටයුතු යෙදේ. ගමන් බිමන් අධික වන අතර අවිවාහකයන්ට ශුභඵල මතු කරයි. දරු සම්පත් ලාභ ලබයි.
ඇසුරු කරන්නන් අතර ප‍්‍රධාන වෙයි. සතුරන් දමනය වෙයි. හවුල් ව්‍යාපාර ඇරඹීමට හොඳයි. අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. තරග විභාගාදී කටයුතුවලින් ජයග‍්‍රහණ ලබයි. අන්සතු දේපළ උරුමයක හේතු මතු කරයි. ජනප‍්‍රසාදයට පත්වන කටයුතු කි‍්‍රයාවන්හි යෙදේ. ඇසුරු කරන්නන් අතර ප‍්‍රධාන වෙයි. ඇසුර ප‍්‍රවේශමෙනි.
ආගමික වතාවත් ගරු කරන අතර පුද පූජා ආදී ආගමික උත්සව ආදී කි‍්‍රයාවන්හි මුල්ව කටයුතු කරයි. තම ඇසුරු කරන්නෝ දහමට යොමු කරවන කි‍්‍රයාවන්හි යෙදේ.
ශීර්ෂගත රෝග සාදයි. ඇස්, කන්, නාස රෝගවලින් සුවදායක තත්ත්ව දැකිය හැකි අතර ආහාර විෂවීම් වැනි දේවලට හේතුයි. මෙම වසරේ පවතින බාධා දුරු කර ගැනීම සඳහා ඵල හටගන්නා රුක්ෂ සිටුවීම, ආගමික වතාවත්, දානමානාදී පුණ්‍ය කි‍්‍රයාවන්හි යෙදීම හා කඳ කුමරුට පුද පූජා පැවැත්වීම, වයස්ගත වූවන්ට ගරු සත්කාර කිරීම ආදියෙහි යෙදීම ශුභයි.
ශුභඵල දෙන වර්ණ – රතු, තැඹිලි
ජය අංකය – 05, 09
වෘෂභ
ලග්නාධිපති සතුරු ගුරු සමග කලත‍්‍ර ස්ථානගතව ද රවි බුධ ශනි සමග රන්ධ‍්‍ර ස්ථානයේ ද කේතු පුණ්‍යස්ථානයේ ද, කුජ අයස්ථානයේ ද, රාහු වික‍්‍රමස්ථානයේ ද සඳු සක‍්‍රදස්ථාන ගතව ගෝචර මෙම වසරේ ශුභාශුභ මිශ‍්‍රඵල ගෙන දෙයි.
රැුකියා ලාභ ලැබීම්වලට හේතුයි. උසස්වීම් ඇති වෙයි. රජයේ රැුකියාවලදී තරමක් වෙහෙසකාරී ගති ඉස්මතු කරයි. ව්‍යාපාරවල අඩුපාඩු සාදාගත හැකි අතර තැන්පත් ධනය තරමක් හීන වීමට ඉඩ තිබේ.
ගෘහ ජීවිතය ශුභාශුභ මිශ‍්‍රව ගෙවේ. තරමක් මතවාද ඇති වෙයි. බුද්ධිමත්ව විසඳා ගැනීමේ ශක්තිය ඇති වෙයි. නීතිමය ගැටලූ උදා කරයි. සතුරු බලපෑම් ඇති වෙයි. නව ඉඩකඩම්, නිවාස මිලට ගැනීමට ශුභයි. හදිසි ධන වාසනා මතු කරයි.
තම ඥාතීන් සමග මතවාද ඇති කරයි. පොදු සේවා කටයුතුවල යෙදේ. නව නිවාස ඉදිකිරීම් හෝ නවීකරණය කිරීම්වලට හේතුයි. අධ්‍යාපනික කටයුතුවලින් ජය හිමිකර ගනී. විදෙස් අධ්‍යාපනය සඳහා ශුභයි. අවශ්‍ය මාර්ග සැලසේ. ඇසුරු කරන්නන් නිසා තරමක් පීඩා ගෙන දෙයි. ස්තී‍්‍රන් නිසා පුරුෂයන්ට ද, පුරුෂයන් නිසා ස්තී‍්‍රන්ට ද නමට හානි සිදු වෙයි. ඇසුරු ප‍්‍රවේශමෙනි.
ශුභ මංගල්‍ය කටයුතු යෙදේ. එතෙර ගමන් යෙදේ. ණයතුරුස්වලින් අතමිදේ. නමුත් ගනුදෙනුවලදී ප‍්‍රවේශම මැනවි. කෘෂි කාර්මික කටයුතු, භූමිය පිළිබඳ කටයුතු ආදියෙහි යෙදේ. මහන්සියේ තරමට ප‍්‍රතිඵල ශුභදායක වෙයි. ආගමික උත්සව සංවිධාන කිරීම්, එවැනි දේ සඳහා සහභාගීවීම් ආදියට ශුභයි.
මෞත‍්‍ර ලිංගික පද්ධතියේ රෝග සෑදෙයි. ස්නායුගත රෝග සාදයි. තුන් දොස් කෝප මතු කරයි. ලේ ¥ෂිත රෝග හමේ රෝග සාදයි. වසර පුරා පවතින දෝෂ සමනයට පතා පූජා විධි ශුභයි.
තම ආගමික වතාවත් ගරු කිරීම්, අසරණ වූවන්ට, ශ‍්‍රමණ බමුණන්ට ගරු කිරීම දනාමානාදී කි‍්‍රයාවන්හි යෙදීම යමෙක් දෙවිඳු – ඉන්ද්‍රදෙව් උදෙසා පුද පූජා තමන් අතින් සිදු කිරීම ශුභයි.
ශුභ වර්ණය – සුදු, කහ
ජය අංකය – 01, 07
මිථුන
ලග්නාධිපති බුධ රවි, ශනි සමග සංයෝගව කලත‍්‍රස්ථාන ගතව ද ගුරු සිකුරු සතර ස්ථානයේ ද, සඳු, බුධ ස්ථානයේදී රාහු ධනස්ථාන ගතව ද කේතු රන්ධ‍්‍රස්ථාන ගතව ද කුජ කර්මස්ථාන ගෝචර මෙම වසර ශුභාශුභ මිශ‍්‍රඵල ගෙන දෙයි.
රැුකි රක්ෂා සාමාන්‍ය ලෙසින් පවතී. රැුකියා ලාභ බලාපොරොත්තු වූවන්ට මැයි මස පසුව ලාභ ලබයි. නව ව්‍යාපාර ඇරඹීමට ද ශුභයි.
ගෘහ ජීවිතය ශුභාශුභව පවතී. අඹුසැමි වාද භේද මතු කරයි. පවුලේ දියුණුවට බාධා එල්ල වෙයි. නොපෙනෙන සතුරු බලපෑම් ඉස්මතු වීමෙන් වැයපස අධික වෙයි. අවිවාහක වූවන්ට තරමක් ශුභයි. පේ‍්‍රම සබඳතා ඇති වූවන් ඇසුර ප‍්‍රවේශමෙන් තරමක් රැුවටිලිවලට හසු වෙයි.
අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. තරග, විභාග ජය, නව පාඨමාලා හැදෑරීමේ අවස්ථා ආදියෙහි යෙදේ. එතෙර ගමන්, එතෙර රැුකියා ලාභ ලබයි. පී‍්‍රති උත්සව යෙදෙන අතර නිවාස අලූත්වැඩියාවකට හේතුයි. භූමි ලාභ, භූමි සම්පත්, පතල් කැණීම්, භව භෝග වගාවන් ආදියෙන් ජය ලබයි.
ආගමික වතාවත් ගරු කරන අතර තම ඥාතීන් ද එවැනි කි‍්‍රයා සඳහා යොමු කරවන කි‍්‍රයාවන් සැලසුම් කරයි.
ශීර්ෂගත රෝග සාදයි. ආමාශගත රෝග සාදයි. ප‍්‍රදාහ රෝග සාදයි. සෙම් බහුල රෝග තරමක් සුවයට පත් වෙයි.
මෙම වසරේ මතු කරන මෙම බාධා ජය ගැනීමට ආගමානුකූල චාරිත‍්‍රවල යෙදී පුළුන්නන් උදෙසා ආහාර, වස්ත‍්‍ර දානය දීමෙන් ද ශ‍්‍රමණ බමුණන් ගරුකර පුද පූජා පවත්වා මහා විෂ්ණු දෙව් – බ‍්‍රහ්ම දෙවි ප‍්‍රධානව පින් අනුමෝදන් කර ආශීර්වාද ලැබීම හොඳයි.
ශුභ වර්ණය – කොළ, කහ
ජය අංකය – 03, 07
කටක
ලග්නාධිපති සඳු බන්ධුු ස්ථානගතව ද රාහු ලග්න ගතව ද, කේතු කලත‍්‍රස්ථානගතව ද, කුජ පුණ්‍යස්ථානගතව ද, රවි බුධ ශනි සංයෝගව සතරස්ථාන ගතව ද ගුරු සිකුරු සමඟ බුද්ධිස්ථානව ගෝචර මෙම වසර ශුභඵල දෙයි.
රැකියාවේ උසස්වීම්, තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. රැුකියා බලාපොරොත්තු වූවන්ගේ අරමුණු ජය ගනී. තැන්පත් ධනය වර්ධනය වෙයි.
ගෘහ ජීවිතය ශුභයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. තම ඥාති, මිත‍්‍රාදීන් සමීප වෙයි. පවුලේ දියුණුවකට හේතුයි. නව නිවාස ලාභ ලැබීම්වලට හේතුයි. අන්සතු දේපළ උරුමයක මූලික පදනම ඇති වෙයි.
අධ්‍යාපනයේ යෙදෙන්නන්ගේ අරමුණු ඉටු වන වසරකි. අවිවාහකයන්ට ශුභයි. මංගල සීනු නාද වෙයි. නිතර පී‍්‍රති උත්සව යෙදේ. ගමන් බිමන් බොහෝ කොට යෙදේ. විදෙස්ගතවීම්වලට හේතුයි. පොදු වැඩවලදී කැපී පෙනේ. යාන වාහන විකිණීමට, ගැනීමට හේතුයි. තම ව්‍යාපාරවල දියුණු වීමක් පෙනේ. සේවක සේවිකාවන් තමනට අවනත වෙයි.
ආගමික උත්සව සංවිධාන කිරීම්, එවැනි දේ සඳහා දායක වීම් ආදියට ශුභයි. පුද පූජා කර්මවල යෙදේ. තම ඥාතීන් ද දහමට යොමු කරවයි. ශරීරයේ ආබාධ මතු කරයි. යටිබඩ ආශි‍්‍රත රෝග මෞත‍්‍ර ලිංගික පද්ධතියේ් රෝග සාදයි.
පවතින දෝෂ සමනයට ආගමානුකුල වතාවත්වලට ගරු කිරීම, බෝධි පූජා පැවැත්වීම ආදියෙහි යෙදෙමින් පත්තිනි දෙවඟනට පුද පූජා පැවැත්වීමෙන් ආශීර්වාද ලබාගත හැක.
ශුභ වර්ණය – සුදු, රෝස
ජය අංකය – 02, 06
සිංහ
ලග්නාධිපති රවි බුධ සහ ශනි සමඟ බුද්ධිස්ථාන ගතවද සඳු වික‍්‍රමස්ථානයේද කුජ රහධ‍්‍රස්ථානගතවද ගුරු සිකුරු සංයෝගව බන්‍ධුස්ථානයේද කේතු සක‍්‍රාස්ථාන ගතව රාහු වැය ස්ථානයේ ගෝචර මෙම වසර ශුභයි.
රැුකී රක්‍ෂාවලට තරමක් බාධා සතුරු බලපෑම් එල්ල වෙයි. ව්‍යාපාරවල මන්දගාමී බවක් ඇතිවෙයි. තැන්පත් ධනය හානිවීමට ඉඩ තිබේ.
ගෘහ ජීවිතය සාමාන්‍ය ලෙසින් ගෙවේ. ගමන් බිමන් එතෙර, මෙතෙර ගමන් නිතර යෙදේ. අවිවේකය මතු කරයි. අමතකවීම් ඇතිවෙයි. දුරදිග නොබලා කි‍්‍රයාකිරීමෙන් අලාභ සිදු කර ගනී. මෙම වසරේ නව ව්‍යාපාර ඇරඹීම සුදුසු නොවේ. නමුත් වෙළහෙළඳාම් පතල් කැණීම් වැනි දේවල්වලින් ජය ලබයි. කෘෂිකාර්මික කටයුතුවලින් ජය ලබයි.
ගනුදෙනුවලදී ප‍්‍රවේශම මැනවි. අධ්‍යාපනයේ යෙදෙතත් අලසගති මතුකරයි. එය අවාසි සහගතයි. කි‍්‍රයාශීලිවීමෙන් ජය ලබයි. පේ‍්‍රම සබඳතාවලට බාධා එල්ලවෙයි. විශාල ගෙවල් දොරවල් ලාභ ලැබීම් නව නිවාස සෑදීම්වලට හේතුයි. යානවාහන මිලට ගැනීමට විකිණීමට හේතුයි. සතුරන් දමනය වෙයි. රැුවටිලිවලට හසුවීමට ඉඩ තිබේ. සියලූ කටයුතු දුර දිග බලා සිදු කළ යුතුය. ආගමික වතාවත් දාන මානාදී කි‍්‍රයාවන්හි යෙදේ. තම ඥාතීන් ඒ සඳහා යොමු කරවයි.
සිරසගත රෝග ස්නායුගත රෝග වාතාධික රෝගවලට හේතුයි. කුෂ්ඨ රෝග වැනි හමේ රෝග සෑදෙයි.
මෙම වසරේ බාධා දුරු කර ගැනීමට පහත සඳහන් පූජා විධි අනුගමනයේ හොඳයි. ආගමික චාරිත‍්‍ර ගරු කිරීම, බෝධි වන්දනා කිරීම්, අසරණයන්ට ආහාර වර්ග ද දාන දීමද, ඊශ්වර, ගණපති දේව සමාගමට පුද පූජා කිරීම් ආශිර්වාද ළඟා කර ගැනීමටද ශුභයි.
ශුභ වර්ණය- තැඹිලි පැහැය, දම් පැහැය,
ජය අංකය – 01, 04
කන්‍යා
ලග්නාධිපති බුධ, රවි හා ශනි සමග බන්ධු ස්ථානයේ ද සඳු ධනස්ථානගතව ද ගුරු සහ සිකුරු වික‍්‍රමස්ථානගතව ද කුජ කලත‍්‍රස්ථානගතවද, කේතු බුද්ධි ස්ථානයේ ද, රාහු අයස්ථානයේද ගෝචර මෙම වසර ශුභයි.
රැුකී රක්‍ෂා ලාභ ලැබීම්වලට හේතුයි. පවතින රැුකියාවල උසස්වීම් නිලතල ලාභලැබීම්වලට හේතුයි. තැන්පත් ධනය වර්ධනය වෙයි. ව්‍යාපාරවලින් ජයග‍්‍රහණ ලබයි.
තම බලාපොරොත්තු ජයගන්නා අතර ගෘහ ජීවිතය ශූභයි. අඹුසැමියන් අතර අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. නව ව්‍යාපාර, නිර්මාණ ඇරඹීමට ශුභයි. උගතුන්ගෙන් වියතුන්ගෙන් උපදෙස් ලබයි. නව නිවාස සෑදීමට හේතුයි. පදිංචි ස්ථානවල බාධා ඉවත් වෙයි. ඉඩකඩම්වලින් ආදායම් ලබයි. අවිවාහකයන්ට මංගල සීනු නාදවන වසරකි.
අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. තරග විභාග ජයගනී නව පාඨමාලා හැදෑරීමට ශක්තිය ලබයි. පතල් කැණීම්, මැණික් ව්‍යාපාර වැනි දේවලින් ජයග‍්‍රහණ ලබයි. තම ඥාතීන් වෙනුවෙන් මුදලක් වැය කිරිමට සිදු වෙයි. පී‍්‍රති උත්සව යෙදේ. ආගමික වතාවත් ගරු කරන අතර තම ලබැඳියෝ ඒ සඳහා යොමු කරවයි. අධ්‍යාත්මික ගුණවගාවන් කෙරෙහි යොමු වෙයි. කලක් වදදුන් රෝගාබාධවලින් සුවය ලබයි. මෞත‍්‍ර ලිංගික පද්ධතියේ රෝග, සිරස රෝග සාදයි.
වසර පුරා පවතින බාධා ජය ගැනීමට ආගමික වතාවත් ගරු කිරීමෙන්ද දාන මානාදි කුශල කර්ම සිදු කිරීමෙන් ද සිරගත වූ සතුන් නිදහස් කර හැරීමෙන්ද මහා විෂ්ණු දෙවි ප‍්‍රධානකොට දේව පූජා පවත්වා ආශිර්වාද ලබා ගැනීම ශුභයි.
ශුභ වර්ණය – කොළ, රන්වන්,
ජය අංකය – 02, 07.
තුලා
ලග්නාධිපති ගුරු සමග ධනස්ථානගතවද සඳු ලග්නයේ ද රවි, බුධ, ශනි සමඟ වික‍්‍රමස්ථානයේද කුජ එකස්ථානගතව ද කේතු බන්‍ධුස්ථානගතව හා රාහු කර්මස්ථානයේ ගෝචර මෙම වසර ශුභඵල සහිතයි.
රැකියා බලාපොරොත්තු වූවන්ගේ අරමුණු ජයගනී. පවතින රැුකියාවන්හි උසස්වීම් තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. තම ව්‍යාපාරවල දියුණුව පෙනේ.
ගෘහ ජීවිතය ශුභයි. අඹුසැමි අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. නව නිවාස නව ඉඩකඩම් ලාභලබයි. තම පෞද්ගලික අයිතිවාසිකම් ලබයි. උගතුන් වියතුන් ඇසුරට පත්වෙයි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. එතෙර ගමන් මෙතෙර ගමන් යෙදේ. තම ඥාතීන් අතර ප‍්‍රධාන වෙයි. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. අවිවාහකයන්ට මංගල සීනු නාද වෙයි.
අහිමි වී ගිය තනතුරු ලාභ නැවත ලැබේ. පී‍්‍රති උත්සව, මංගල සාද වැනි දේවල්වලට සහභාගී වීමේ අවස්ථාව යෙදේ. අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. නව පාඨමාලා හැදෑරීමේ අවස්ථා යෙදේ. තරග විභාගාදී කටයුතුවලින් ජයලබයි. ආගමික වතාවත් ගරු කරන වසරකි. දැහැමි සිතුවිලි තුළින් කි‍්‍රයා කරයි. සිරසගත රෝග සාදයි. ලේ ¥ෂිත රෝග සාදයි. ශල්‍යකර්මවලට ද හේතු ගෙනදෙයි. අපත්‍ය විහරණවලින් වැළකී සිටීම මැනවි. මෙම වසරේ පවතින බාධා පීඩා දුරු කර ගැනීමට ආගමානුකූල චාරිත‍්‍ර ගරු කර අසරණයන්ට වස්ත‍්‍ර, ආහාර ආදියෙන් උදව්දීම, දාන ශීලාදී ගුණ ධර්ම මතුකරයි. නිවන් දකින සමන් සුරිඳුට පුද පූජා පවත්වා සෙත් ප‍්‍රාර්ථනාව ශුභයි.
ශුභ වර්ණය – සුදු පැහැය, කී‍්‍රම් පැහැය.
ජය අංකය- 03-06
වෘශ්චික
ලග්නාධිපති කුජ බුද්ධි ස්ථානයේද ගුරු සිකුරු සංයෝගව ලග්නගතවද රවි, බුධ ශනි සංයෝගව ධනස්ථානගතවද සඳු වැය ස්ථානගතව ද, කේතු වික‍්‍රමස්ථානගතව හා රාහු පුණ්‍යස්ථාන ගතවීම ගෝචරයි. තරමක් ශුභ ඵල ගෙනදෙයි.
රැුකී රක්‍ෂාවල වෙනසක් නොවේ. තමන් උසස් වීම්වලදී සතුරු බලපෑම් එල්ල වෙය.ි රැුකියා බලාපොරොත්තු ප‍්‍රමාද කරයි. නමුත් ජය ගෙන දෙයි. තම ව්‍යාපාරවලින් සාමානය දියුණුවක් ඇතිවෙයි.
ගෘහ ජීවිතය ශුභයි. නව ව්‍යාපාර කර්මාන්ත ඇති කිරීමට ශුභ වසරකි. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. සැක සංකා මත ගැටුම් ද ඇති වෙයි. අලංකාර කටයුතු නිවාස ඉදිකිරීම් කටයුතු ආදිය යෙදේ. ඒ සඳහා වැය පස අධික වසරකි. අවිවාහක වූවන්ට විවාහ ආශිර්වාදය ලබයි. පිංවත් දරු සම්පත් ලාභ ලබන වසරකි.
ඇසුරු කිරීමේදී ප‍්‍රවේශම මැනවි. තම නමට හානි දායක තත්ත්ව ඇති කරයි. අධ්‍යාපනයෙන් ඉහළට යයි. බුද්ධි වර්ධනයවෙයි. තම ළඟම ඥාතීන්ගේ විපතක් සිදු වෙයි. තරමක් ආවේගශිලී ගතිද ඉස්මතු කරයි. මෛති‍්‍රයෙන් කටයුතුවල යෙදිය යුතු වසරකි. දානමානාදී පුණ්‍ය කි‍්‍රයාවන්හිඳී ආගමික උත්සව සංවිධාන කිරීම්වලට හේතුයි. පවතින රෝගාබාධවල වර්ධනයක් පෙනේ. මුඛ රෝග, උගුර ආශි‍්‍රතරෝග වර්ධනය වෙයි. ආමාශගත රෝද සාදයි.
එබැවින් පවතින පීඩා ජය ගැනීමට ආගමික වතාවක් ගරු කර අසරණ මාතාවන් උදෙසා ආහාර වස්ත‍්‍ර ලබාදෙමින් කඳ සුරිඳු ගණපති දෙවිඳු ආදීන් උදෙසා පුද පූජා පවත්වා සෙත් ලාභ ලැබීම ශුභයි.
ශුභ වර්ණය – දුඹුරු පැහැය, රතු පැහැය,
ජය අංකය – 02-08
ධනු
ලග්නාධිපති ගුරු, සිකුරු සමග සංයෝගව වැයස්ථානයේද රවි, බුධ, සෙනසුරු සුසංයෝගව ලග්නයේද සඳු අයස්ථාන ගතවද කුජ බන්ධුස්ථානයේද කේතු ධනස්ථානගතවද රාහු රන්ධ‍්‍රස්ථාන ගතව ගෝචර මෙම වසර ශුභාශුභ මිශ‍්‍රඵල උදාකරයි.
රැකියාවේ වෙනසක් සිදු නොවේ. නමුත් තනතුරු ලාභ ලැබීම්වලදී බාධා එල්ල වෙයි. නව රැුකියා ලාභ ලැබීම්වලදී සතුරු බලපෑම් ඇති කරයි. අධිකව ධනය වැයවන කාලයකි.
ගෘහ ජීවිතය සාමාන්‍යයයි. තම ඥාතීන්ගෙන් තරමක් කරදර මතුවෙයි. නව නිවාස ලාභ ලබයි. ඉඩකඩම් පිළිබඳ ගැටලූ මතු කරයි. නීතිමය ප‍්‍රශ්න මතුවීමට ඉඩ තිබේ. අවිවාහකයන්ට ශුභයි. මංගල සීනු නාදවෙයි. නමුත් ඇසුරු කිරීමේදී ප‍්‍රශ්න මතු කරයි. රහස් සබඳතා ඇති වෙයි. තම නමට කැළල් ඇති වීමට ඉඩ ඇති බැවින් ප‍්‍රවේශම මැනවි.
අධ්‍යාපනයේ යෙදෙන්නන්ට සුබ වසරකි. නමුත් උනන්දුව හීනවෙයි. ලිපි ලේඛනවලින් ජය ලබයි. පෙනෙන නොපෙනෙන සතුරු බලපෑම් ඉස්මතු වෙයි. තරමක් අනවශ්‍ය අයුරින් ධනය හානිවීමට ඉඩ තිබේ. රැුවටිලිවලට හසුවෙයි. සොර සතුරු බාධා මතුකරයි. තම ව්‍යාපාරවල තරමක මන්දගාමී බවක් ඇතිවෙයි. ස්වයං රැුකියාවල යෙදෙන්නන්ට ශුභයි. සාමූහිකව ඒකරාශීව කි‍්‍රියා කිරීමේදී බුද්ධිමත්ව කටයුතුවල යෙදීම මැනවි.
ආගමික වතාවත් ගරු කරන අතරම ඇසුරු කරන්නෝද දහමට යොමු කරවන කි‍්‍රියා දියත් කරයි. මුදල් පරිත්‍යාග කර පුණ්‍ය කටයුතු සිදු කරයි. ශරීරයේ දුර්වලතා මතු කරයි. හන්දි රෝග, ප‍්‍රමේහ රෝගවලට වැනි දේවලට හේතුයි.
පවතින අපල සමනයට ශ‍්‍රමණ බමුණන්ට ගරු කිරීම්, පුද පූජා පැවැත්වීම්, දහමට ලැදිව කි‍්‍රයා කිරීම්, වන්දනා මාන කටයුතුවල යෙදීම් හා ඊශ්වර දෙවිඳුට පුද පූජා පවත්වා සෙත් ලබාගැනීම ශුභයි. ශුභ වර්ණය – කහ, රෝස –
ජය අංකය – 01, 06.
මකර
ලග්නාධිපති රවි, බුධ සමග වැයස්ථාන ගතවද ගුරු සිකුරු සංයෝගව අයස්ථානයේද, සඳු කර්මස්ථානගතවද, කුජ වික‍්‍රමස්ථානයේද කේතු ලග්නගතවද රාහු කලස්ථානගතව ගෝචර මෙම වසර මිශ‍්‍රඵල උදාකරයි.
රැකියාවල වෙනසක් සිදු නොවේ. ප‍්‍රමාද වූ තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. අහිමි වී ගිය රැුකියා නැවත ලැබේ. නව ව්‍යාපාර ඇරැඹීමට ශුභ වසරකි.
ගෘහ ජීවිතය ශුභයි. දියුණුව පිණිස කටයුතු සිදුවෙයි. විරුද්ධ ලිංගිකයන් සමග ඇසුර වැඩිවෙයි. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. විවිධ ක‍්‍රමවලින් ධනය ලැබේ. අවිවාහකයන්ට මංගල සීනු නාදවෙයි. දේපළ පිළිබඳ පැවති ගැටලූ නිරාකරණය වෙයි. ඉඩකඩම්වලින් ආදායම් ලබයි. පොදු සේවා කටයුතුවලදී කැපී පනේ.
අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. මහන්සියේ තරමට ප‍්‍රතිඵල ලැබේ. තරග විභාග ජය ලබයි. යටපත් වූ සතුරු බලපෑම් ඉස්මතු වෙයි. නව නිවාස ඉදි කිරීම් හෝ මිලට ගැනීම වැනි දේවලට හේතුයි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම් එල්ල වෙයි. මනස චංචල වෙයි. එතෙර ගමන්, එතෙර රැුකියා ලාභ ලැබීම්වලට හේතුයි. සොර බිය මතුකරයි. දහමට ලැදිව කි‍්‍රයා කරයි. දාන මානාදී කි‍්‍රයාවන්හි යෙදේ. තම ඥාතීන්ද මෙවැනි දේ සඳහා යොමු කරවයි. ආගමික උත්සව සංවිධාන කිරීම්වලට හේතුයි.
ශරීර ශක්තිය හිතකරයි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට රෝග සාදයි. ඇස්වල ආබාධ මතු කරයි. කොන්දේ රෝග ඉස්මතු කරයි.
දැනට ඇති පීඩා සමනයට ශ‍්‍රමණ බමුණන් ගරු කිරීම් බුද්ධ වන්දනාවල යෙදීම් ශුභයි. වැන්දඹු වූවන් සඳහා වස්ත‍්‍ර පිරිකර දීමද ශ‍්‍රී විෂ්ණු දෙවිඳුට පුද පූජා පවත්වා සෙත් ලබා ගැනීම ප‍්‍රබලයි.
ශුභ වර්ණය – නිල්, දුඹුරු –
ජය අංකය – 01, 08.
කුම්භ
ලග්නාධිපති ශනි, රවි සහ බුධ සමග අයස්ථාන ගතවද සඳු අන්‍යස්ථාන ගතවද, ගුරු සිකුරු සමග කර්මස්ථාන ගතවද කුජ ධනස්ථානයේද කේතු වැයස්ථානගතව හා රාහු සත්‍යස්ථානයෙහි ගෝචර මෙම වසර ශුභඵල දෙයි.
රැකියාවල උසස්වීම් තනතුරු ලාභ අහිමි වී ගිය ලැබීම් නැවත ලබයි. රැුකියා ලාභ ලබයි. ව්‍යාපාර දියුණු වෙයි. තැන්පත් ධනය වර්ධනය වෙයි.
ගෘහ ජීවිතය ශුභයි. අඹුසැමි අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. සිතට සැනසුම ලබන වසරකි. උසස් අය ප‍්‍රභූන් වැනි අය සමග සබඳතා වර්ධනය වේ. දේපළ ඉඩකඩම් ලාභ ලබන කාලයකි. නව නිවාස ඉදිකිරීම්වලට හේතුයි. අවිවාහකයන්ට ශුභ ඵල ගෙනෙන වසරකි. මංගල සීනු නාදවෙයි. රහස් සබඳතා ඇතිවෙයි. නොගැළපෙන සබඳතා මත තරමක් නමට හානිවීමට ඉඩ තිබේ.
අධ්‍යාපනයේ යෙදෙන්නන්ට මහඟු ඵල දෙන වසරකි. තරග විභාගවලින් ජය ලබයි. ලිපි ලේඛන කටයුතුවලින් ජය ලබයි. එතෙර ගමන් යෙදේ. එතෙර මෙතෙර ගමන් යෙදේ. භූමි ලාභ ලබන වසරකි. පතල් කැණීම වැනි දේවලින් ජය ලබයි. කාෂිකාර්මික කටයුතුවලින් ජයග‍්‍රහණ ලබයි. තම නිලබල ඉහළ යයි. නම්බු නාම ලබයි. අන්සතු දේපළ උරුමයන්ට හේතුයි. දහමට ලැදිව කි‍්‍රයා කරයි. ආගමික වතාවත් පුද පූජාවල යෙදේ. තම ඥාතීන්ද ඒ සඳහා යොමු කරවයි.
කලක් වදදුන් රෝග තරමක් සමනයට පත්වෙයි. ආහාර විෂවීම් වැනි දේවලට හේතුයි. තම ශරීර ශක්තිය හීනවෙයි.
පවතින දෝෂ සමනයට ආගමික වතාවත් ගරුකර පුද පූජාවල යෙදීම, සංඝරත්නය සඳහා දාන මාන පිදීම, මහා විෂ්ණු දෙවි, බ‍්‍රහ්ම දෙවි උදෙසා පුද පූජා පවත්වා සෙත් ලාභ ගැනීම මැනවි.
ශුභ වර්ණය – දම්, ලා රතු –
ජය අංකය – 05, 09.
මීන
ලග්නාධිපති ගුරු සිකුරු සමග අන්‍යස්ථාන ගතවද රවි, බුධ සමග ශනි කර්මස්ථානගතවද කුජ ලග්නයේද සඳු රන්ධ‍්‍රස්ථානයේද කේතු අයස්ථානයේද රාහු බුද්ධිස්ථානයේ ද ගෝචර මෙම වර්ෂය මිශ‍්‍රඵල උදා කරයි.
රැකීරක්‍ෂා ස්ථානවල බාධා මතු කරයි. කලකිරීම් ඇති කරවන ප‍්‍රශ්න මතු කරයි. තත්ත්වයෙන් පහත වැටීමේ ලක්‍ෂණ මතු කරයි. නමුත් තැන්පත් ධනය වර්ධනය වන කරුණු යෙදේ.
ගෘහ ජීවිතය ශුභපල සහිතයි. සිත් සතුටුවන කරුණු යෙදේ. තම ඥාතීන්ගේ ආධාර උපකාර ලබයි. අඹුසැමියන් අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. සතුරු බලපෑම්, පෙනෙන මෙන් නොපෙනෙන භූත බලපෑම් වැනි දේවලට ලක්වෙයි. සිත් තැවුල් ඇති කරයි.
දුර ගමන් විදෙස් ගමන් ඇතිවෙයි. විදේශ
රැුකියා ලාභ ලැබීම්වලට හේතුයි. නව නිර්මාණ කරණයට නව වැඩ කටයුතු ඇරැුඹීමට ශුභ වසරකි. ජන ප‍්‍රසාදයට පත්වෙයි. පදිංචියේ වෙනසකට හේතුයි. තරමක් ආර්ථික පීඩාද මතු කරයි. තම ඥාතීන් සමග කිට්ටු ආශ‍්‍රය ඇති වෙයි. අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. ලිපි ලේඛනවලින් ජය ලබයි. තරග විභාගාදී කි‍්‍රයාවන්ගෙන් ශුභ ප‍්‍රතිඵල ලබයි. තමන් පසුපස පැමිණි සතුරු බලපෑම් ඉවත් වේ. තම ළඟම ඥාතියකුගේ පීඩාව නිසා මනසට අවිවේකී බව ඇති වෙයි. කලකෝලාහලවලට මුහුණදීම ශූභවාදී නොවේ.
උෂ්ණ රෝග, හමේ රෝග සාදයි. හන්දි ප‍්‍රදාහ රෝග සාදයි. ආහාර විෂවීම් වැනි දේවලට හේතුයි.
මෙම වසරේ දෝෂ සමනයට ශ‍්‍රමණ බමුණන් ගරු කිරීම, දාන මානාදී කි‍්‍රයාවන්හි නියැලීම, ඊශ්වර දෙවිඳු උදෙසා පුද පූජා පැවැත්වීම තුළින් බාධා ඉවත් කරගත හැක.
ශුභ වර්ණය – තද කහ, තැඹිලි – ජය අංකය – 03, 09.
වීරවංශ පතිරණ, යක්කල