Friday, September 12, 2025
Homesiග්‍රහයින් නීචවීම

ග්‍රහයින් නීචවීම

[ratings]

ග්‍රහයින් ගේ ස්‌වාභාවිකත්වය ගැන සැලකිලිමත් වීමේදී ඔවුන්ගේ ස්‌ථාන අධිපතිකම් අනුව විවිධ වෙයි. ස්‌ථාන අධිපතිත්වය අනුව උච්ච ග්‍රහයා සුබ පල ගෙන දෙන අතර නීච ග්‍රහයා අසුබ පල ලබාදෙයි.

ග්‍රහ මණ්‌ඩලයේ ප්‍රධානියා ලෙස සැලකෙන රවි, තුලා රාශියට නීච වන්නේය. සාමාන්‍යයෙන් වර්ෂයේ ඔක්‌තෝබර් මාසයේ මැද සිට නොවැම්බර් මාසයේ මැද ඇතුළත උපන් අයට රවි නීච වේ. රවී තුලාවේ ගමන් කරන විට පොළොවට බොහෝදුරින් ගමන් කරයි. දුර නිසා හිරුගේ ආකර්ෂණ ශක්‌තිය අඩුවේ. රවි නීච වූ විට එකී අය නිරහංකාර වේ. තම වැඩකටයුතුවලට අන් අයගේ සහයෝගය ලබයි. මහජන ප්‍රසාදය හිමිවේ. චිත්‍ර කර්ම, සංගීත ආදී කලා කටයුතුවලට දක්‍ෂවේ. සහෝදරාදීන් සමග හිතවත්කම් තහවුරු වේ. නීතියට සාමයට ගරු කරයි. රෝගවලට ඔරොත්තු දීමේ ප්‍රතිශක්‌තිය අඩුවෙයි. ලේ ගමන්වල දෝෂ ඇතිවිය හැකිය. රවිට සප්තමව සෙනසුරු සිටියේ නම් හෝ කුජ සිටීනම් නීච තත්ත්වයෙන් මිදේ.

සඳු ග්‍රහයා නීච වන්නේ වෘශ්චික රාශියටය. රාශි චක්‍රයේ 8 වැන්නට සඳු පිවිසීම නිසා ගති පැවැතුම් වෙනස්‌ තත්ත්වයක්‌ ගනී. තම වැඩකටයුතු තනිවම කර ගනී. ඉක්‌මන් කෝපය ඇතිවේ. පළිගැනීමට සිතයි. යටි බඩේ ආබාධ ඇතිවේ. අරගලවලට මැදිහත් වෙයි. මත්පැන් වලටද ගිජුවේ. විවාහ ජීවිතයද සතුටින් ගත කළ නොහැකිය. අව සඳු නම් ඉතාමත් නරකයි. පුරසඳු වී උපත සිදුවී නම් තරමක්‌ ශුභයි. කරුණාවත් අනුකම්පාවත් සිත තුළ ඇති නොවේ. කොතරම් බරපතල වැඩක්‌ වුවත් කිරීමට භාරගනී. මෙවන් අයගේ උපත මවට අපලයි. සෙම් රෝග සහ ජලයෙන්ද විපත් ඇති කරවයි.

කුජ ග්‍රහයා නීච වන්නේ කටක රාශියටයි. කටකයේ අංශකය අතී නීච ලෙස සැලකේ. සඳුට අයත් කටකයේ කුජ නීච වීමෙන් කුජගේ බලපරාක්‍රමය වේගවත් බව අඩුකරයි. හිතුවක්‌කාරී, දරදඬු ගතියක්‌ ඇති නොවේ. ඉතාමත් ශාන්ත සංවර අයකු ලෙස කටයුතු කරයි. විරුද්ධවාදී සතුරන් සමග වුවත් සාමදානයෙන් සිටීමට කපටිකම් දනී. රෝග පහසුවෙන් ඇති නොවේ. විවාහ ජීවිතය එතරම් සතුටින් ගෙවිය නොහැකිය. නාවික මුහුදු ගමන් බිමන් වල යෙදීමට පුළුවන.

බුධ නීච වන්නේ මීන රාශියේදීය. හිරුට ඉතා සමීපව බුධ ගමන් කරන නිසා රවිගේ තත්ත්වය අනුව බුධ ගැන බැලීම කළ යුතුවේ. මීන රාශිය ජල රාශියක්‌ නිසා හිරුගේ බලයද අඩුවෙයි. හිතේ උසස්‌ බව අඩුවේ. අධ්‍යාපන කටයුතු දුර්වල වේ. කතා කිරීමේ අපැහැදිලි ස්‌වභාවයක්‌ ගනී. යමක්‌ ඇසූ පමණින්, දුටු පමණින්, එලෙසම විශ්වාස කරයි. කලබල නැත. අවස්‌ථානුකූලව සිත් යොමා කටයුතු කිරීමට දනී.

ගුරු ග්‍රහයා නීච වන්නේ මකර රාශියටය. මකර රාශියේ 5 වැනි අංශකය අති නීච වෙයි. ගුරු නීච වීම නිසා ගුණ යහපත් කම් අඩු කරයි. බාහිර අලංකාරයට කැමැතියි. කුමක්‌ හෝ පහත් පැවැත්මක්‌ නිසා අපකීර්තියට පත්වේ. ලෞකික ආශාවන් වැඩී උත්සාහයෙන්ම හම්බ කරගනී. විවාහය සිදුකර ගන්නේ දෙමාපිය කැමැත්තට එරෙහිවය. ලෞකික සැප ලබයි. පිටස්‌තර අයට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වන්නේ නැත. සෙම් රෝග ඇතිවේ. පහත් අය ආශ්‍රයට ලැබේ.

සිකුරු ග්‍රහයාගේ නීච වීම වන්නේ කන්‍යා රාශියේය. කන්‍යා නවාංශකව අති නීච වෙයි. කන්‍යාව ඥනයට අධිපති රාශියක්‌ නිසා සිකුරුට මේ ස්‌ථානය සුදුසු තැනක්‌ නොවේ. සිකුරු නීච වූ විට තම සිතැඟියාවන් මුදුන්පත් කර ගැනීමට බැරිවේ. එවන් අවස්‌ථාවල අයථා කටයුතු මාර්ගයෙන් ඒවා ඉටුකර ගැනීමට සිතයි. ආලය, ප්‍රේමය වැනි දේවල් ඉතා රහසේ කරයි. ඒවායින් නිසි ඵලද නොලැබේ. විවාහ ජීවිතය සරු නොවේ. විවාහ වන්නේද ප්‍රේමයෙන් පරාජිත වැන්දඹු හෝ දික්‌කසාද වූ අයකු සමගයි. ශරීර සෞඛ්‍යයට හිතකර නැත. සෙම් රෝග ඇතිවේ.

ශනි නීච වන්නේ මේෂ රාශියටයි. එහි 20 වැනි අංශකය අතිනීචවේ. පොළොවට ඉතා ආසන්නව ශනි ගමන් කරයි. මේ නිසා සැප පහසුකම් අඩුයි. එහෙත් වැඩ කටයුතු අධිකයි. වෙහෙස මහන්සිවී වැඩ කිරීමට සිදුවේ. පසුතැවිලි වේ. අසහනයට පත්වෙයි. එසේ වුවත් ජන්මියාට පාරම්පරික දේවල් ලැබේ. දියුණුව ඇති වන්නේ හෙමිහිටයි. නිතර අසනීප තත්ත්වයක්‌ ඇති කරයි.

රාහු, වෘශ්චික, ධනු රාශි දෙකට නීච වෙයි. මේ නිසා හික්‌මීමක්‌ නැත. සංවරය අඩුයි. ශාරීරික ආබාධයන්ද ඇති කරයි. රහස්‌ ප්‍රයෝග වැඩවලට යෙදේ. ධනු රාශි ගතවූ විට (රාහු) කොතරම් උත්සාහයෙන් වැඩ කළත් ඵල ප්‍රයෝජන අඩුයි.

කේතු වෘෂභ, මිථුන රාශි, දෙකට නීචවේ. වෘෂභ රාශි ගතවූ විට සමාජය ප්‍රිය නොකරයි. ශුභ ඵල ලැබීම අඩුයි. මිථුන රාශි ගතවූ විට නැටුම්, ගැයුම්, වැයුම් වැනි කලා කටයුතුවලට දක්‍ෂ වේ. තම අදහස්‌ මුදුන්පත් කිරීමට බාධක යෙදේ.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments