Friday, September 12, 2025
Homesiඅම්මා ගැන කියවෙන හතරවැනි භාවයේ ග්‍රහයෝ

අම්මා ගැන කියවෙන හතරවැනි භාවයේ ග්‍රහයෝ

[ratinbgs]

ජන්ම පත්‍රයක 4 වෙනි භාවය සහ 4 අධිපති ග්‍රහයාද 4 වැන්නේ සිටින ග්‍රහයින්ද 4 වැන්නට දෘෂ්ටි හෙළන ග්‍රහයින්ද සලකා බලා අදාළ ජන්මියාගේ මව ගැනත් මවුපස ඥාතීන් පිළිබඳවත් දීර්ඝ වශයෙන් තොරතුරු අනාවරණය කරගත හැකි බැවින් “මාතෘ ස්‌ථානය” ලෙසත් කෙනෙකුගේ සිත තුළ පවතින අදහස්‌ හා ඔහු හෝ ඇය සතු ගතිගුණ පිළිබඳ තොරතුරු ප්‍රකාශ කළහැකි බැවින් “හෘද ස්‌ථානය” ලෙසත් 4 වැනි භාවය හැඳින්වේ.

මීට අමතරව කෙනෙකු සතුවන්නා වූ හිමිකම් ගේ දොර, යාන වාහන, වතුපිටි වැනි දේපොළ පිළිබඳවද ගතකරන්නට ලැබෙනා, ලැබුණු ගෘහ ජීවිතය පිළිබඳවද සියලු තොරතුරු 4 වෙනි භාවය හෙවත් මාතෘ හා හෘද යන ස්‌ථානයෙන් අනාවරණය කරගත හැකි අතර එකී භාවයේ ග්‍රහයන් තැන්පත්ව සිටින ආකාරය දෙස බලා අදාළ ජන්මියාගේ ගති ලක්‌ෂණ මෙසේ දැක්‌විය හැක.

රවි ග්‍රහයා 4 වැනි භාවයේ සිටින විට

නොනැමෙන සිතක්‌ ඇතිවේ. පියාට සුභ නැත. පපුව ආශ්‍රිත රෝග සාදයි. ගේ දොර ඉඩකඩම් සම්බන්ධව ප්‍රශ්න ඇතිවේ.

සඳු ග්‍රහයා 4 වෙනි භාවයේ සිටිනවිට

මහල් නිවාසවල වාසය කිරීමට ඉඩ ලැබේ. තම මවුට ආදරය දක්‌වයි. මවගෙන් වැඩි දේපලක්‌ උරුම වෙයි. සෙම් රෝග බහුල වෙයි.

කුජ ග්‍රහයා 4 වෙනි භාවයේ සිටින විට

තදින් කේන්තිය ඇවිස්‌සේ. බිය සැක නොහඳුනයි. යන්ත්‍ර සූත්‍ර ආදී කාර්මික දැනුම හිමිවේ. ආරක්‌ෂක අංශයේ රැකියා සඳහා සුබයි. නිවාස ප්‍රශ්න යෙදේ.

සිකුරු ග්‍රහයා 4 වෙනි භාවයේ සිටින විට

විශාල නිවාසවල වාසය කිරීමට ඉඩ සැලසේ. ඉතා ප්‍රීතිමත් ලෙස ජීවිතය ගෙන යා හැක. යාන වාහන ලාබ ලැබේ. සැහැල්ලු සිතකින් යුක්‌තවේ.

ගුරු ග්‍රහයා 4 වෙනි භාවයේ සිටින විට

විශාල ඉඩකඩම් හෝ ගේ දොර හිමිවේ. ධාර්මික සිත් වේ. උසස්‌ රැකියාවක්‌ ලබයි. නිරෝගී සුවය විඳී. පියාට ඉතා සුබයි. යාන වාහන හිමිවේ. අධ්‍යාපනය සාර්ථක වේ. විවාහය සුබ වේ.

බුධ ග්‍රහයා 4 වෙනි භාවයේ සිටින විට

කුඩා නිවාස වල වාසය සලසයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. රැකී රක්‌ෂා සඳහා පිට පළාත්වල යැමට සිදුවේ. තැපැල් ජනමාධ්‍ය ආයතන තුළ රැකියා සුබයි.

ශනි ග්‍රහයා 4 වෙනි භාවයේ සිටින විට

කුඩා කල මවට කරදර දෙයි. පැරණි නිවාස තුළ වාසය කිරීමට ඉඩ සැලසේ. මනසේ චංචල ගති ඇතිවේ. ස්‌ථාන මාරු වීම් ඇතිවේ.

රාහු ග්‍රහයා 4 වෙනි භාවයේ සිටින විට

උපන් නිවස මාරු කරයි. මවට සුබ නැත. ඇවිදීමට සිත්වේ. සිතුවිලි ස්‌ථිර නැත. ස්‌ථිර නිවසක්‌ සාදා ගැනීමට අසීරුවේ.

කේතු ග්‍රහයා 4 වෙනි භාවයේ සිටින විට

පපුව ආශ්‍රිත රෝග සාදයි. විවාහයේ ගැටලු ඇතිවේ. අධ්‍යාපන කටයුතුවලට සුබයි. භූත දෝෂවලට මුහුණපෑමට සිදුවේ.

We found this article from Divaina on 2012/02/17.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments