Friday, September 12, 2025
Homesiඋපන් ලග්නයට අනුව පලාඵල මෙන්න

උපන් ලග්නයට අනුව පලාඵල මෙන්න

[ratings]

රාශි චත්‍රයේ 09 වැනි රාශිය ලෙස සැලකෙන ධනු ලග්නයට ලග්නාධිපති ග්‍රහයා වන්නේ ගුරු නොහොත් බ්‍රහස්‌පතීය. රවි සහ බුධ ග්‍රහයින් දෙදෙනා යෝගවීම රාජයෝගයකි. ධනු ලග්න හිමියන්ට 02 වැන්න සහ 03 වැන්න අයත්වන්නේ මකර, කුම්භ රාශි දෙකට අධිපති ශනිටය. සිකුරු පාප ග්‍රහයෙකි. සඳුට 08 වැන්න අයිති නිසා (කටක) නරක නැත.

ධනු ලග්න හිමියන්ගේ ලග්නය (01) හෝ සිව්වැන්නේ (04) හෝ ගුරු සිටීම ස්‌වක්‌ෂත්‍ර බලයකි. ලග්නගතව ගුරු සිටීමෙන් රණහංස යෝගයක්‌ 04 වැන්නේ ගුරු සිටීම නිසා භූමිපාල යෝගයද, යෙදේ. ලග්නාධිපතියා (ගුරු) 01 සිටීමෙන් දැන උගත් අයකු වෙයි. ගුරු ලග්නයට බලවත් හෙයින් අනෙක්‌ ග්‍රහයින්ගෙන් යෙදෙන අරිෂ්ට යෝග නැතිකරයි. මෙවන් අයගේ ශරීරය හැඩහුරුකම් අතින් ප්‍රසන්නය. ලෙඩ රෝග අඩු කරයි. ආගම දහමට ලැදි වේ. විවාහයෙන් දායාද ලබයි. ඥන ශක්‌තිය හා ධාරණ ශක්‌තිය නිසා පණ්‌ඩිතයෙකු වේ. අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ උසස්‌ තනතුරක්‌ ලබයි. මව්ට ඉතා හොඳ පිහිටීමකි.

ගුරු 02 වැන්නේ ශනිගේ රාශියක (මකර) සිටි විට නීච වුවත් අයහපතක්‌ උදා නොකරයි. ධනය ලැබීම් අතින් හොඳයි. සමාජයේ උගත් ඇසුපිරූ අය ආශ්‍රය කරයි. ගුරු 03 සිටීමෙන් මිශ්‍ර පල උදාකරයි. සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවේ. විශේෂයෙන් ළමා වියේදීය. කීර්තියට හානි ගෙන දෙයි. ඉගනීම් කටයුතුවලට යහපත්ය. බ්‍රහස්‌පතීටම, අයත් රාශියක්‌ වන සිව් වැන්නේම සිටීමෙන් වාසනාව උදාකරයි. ඥතීන්ට පවුලේ අයට ඉතා හිතවත් වේ. ගුණගරුක නිරහංකාර කරුණාවන්ත අයකු ලෙස සමාජයේ කැපී පෙනේ. ගේ දොර ඉඩකඩම්, සැප සම්පත් යාන වාහන ලැබීමේ භාග්‍ය උදාකරයි. විවාහ දිවියද සාර්ථකයි. ගුරු 05 සිටීමද ධනු ලග්න හිමියන්ට යහපත උදාකරයි. ත්‍රිකෝණ රාශියක්‌ නිසා අධ්‍යාපන කටයුතුවලින් උසස්‌ ප්‍රතිඵල ලබයි. දැනුමෙන් බුද්ධියෙන් මෙහෙයවන කටයුතුවලින් සාර්ථකත්වයට පැමිණේ. ධනු ලග්න හිමියන්ගේ ගුරු 05 සිටීමෙන් (මේෂ) දරුවන්ගෙන් ප්‍රයෝජන අඩුවේ. ලෙඩ රෝග කරදර විපත් ඇති වන්නේ ගුරු 06 වැන්නේ සිටීමෙනි. විශේෂයෙන් සෙංගමාල අපස්‌මාර රෝග ඇති කරයි. විවාහ ජීවිතයද ගැටලු සහගතයි. දරුවන්ට අසනීප ඇතිවේ.

ගුරු 07 වැන්නේ මිථුන රාශි ගතවීමෙන් බොහෝ දුරට ඥති විවාහයක්‌ විය හැකිය. ගුරු 07 සහ බුධ 01 වී නම් විවාහ දිවිය සාර්ථකයි. ව්‍යාපාර කටයුතුවලින් ධනය උපයයි. රාජ්‍ය අංශයේ රැකියා ලැබීමේ භාග්‍යද උදාකරයි.

ගුරු 08 ට (කටක) උච්ච වුවත් සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවේ. එහෙත් අන් අය සමඟ සමගියෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට තම ගති පැවතුම් සකස්‌ කරගනී. මරණය සිදුවන්නේ දුක්‌ විඳීමක්‌ නැතුවයි. මා පිය දේපළ වස්‌තුව ගැන බලාපොරොත්තු කඩවේ. ගුරු 09 වැන්නේ ත්‍රිකෝණ බලයෙන් සිටීම නිසා නැණවත් ගුණවත් අයකු කරයි. තැන්පත් ගති ඉරියව් ප්‍රකාශිත වේ. ආගමික කටයුතුවලට නැඹුරුවේ. තමා ජීවත්වන ප්‍රදේශයේ වැදගතෙකු ලෙස පිළිගැනීමක්‌ ඇතිවේ. පියාගේ දේපළ ලැබීමේ වාසනාව ඇත. තමාගේ උපතින් පියාට දියුණුව සැලසේ. සතුරු කරදර ඇති නොවේ.

ගුරු 10 වැන්නේ (කන්‍යා) ධනවත් වේ. තමාට ආශ්‍රයට ලැබෙන අයද යහපත් උසස්‌ අය වෙති. මවට ඉතා හිතවත්ය. ඇගෙන් දේපළ ලබයි. ලැබෙන සහකරු හෝ සහකාරිය ආර්ථික අංශයෙන් පොහොසත්ය. දරුවන්ගේ දියුණුව සැලසේ. මද දරුවන් ඇතිවේ. පොත්පත් කියවීමට ලිවීමට ආශා කරයි. අසාධාරණ ක්‍රියාවලට යොමු නොවේ.

ගුරු තුලා රාශි (11) ගතවීමෙන් ධනවත් බලත් අයකු වන්නේය. ආශ්‍රිය කරන අයද බලත් උදවියයි. මව්ට ඉතා ආදර ගෞරව දක්‌වයි. ඇගෙන් දේපල උරුමකම් ලබයි. ලැබෙන සහකරු හෝ සහකාරියද ආර්ථික අංශයෙන් පොහොසත්ය. දරුවන්ගේ දියණුව සැලසේ. ගුරු 12 වැන්නේ සිටීමෙන් ශරීර සෞඛ්‍ය තත්ත්වය පිරිහේ. ගම් ප්‍රදේශයෙන් බැහැර වේ. සතුරු කරදර ඇති කරයි. සූදු – රේස්‌ වැනි අපචාර ක්‍රියා නිසා ධනයෙන් පිරිහේ. තැන්පත් ධනය නාස්‌ති වේ. නඩු හබවලට පැටලේ. 2011.05.08 දක්‌වා ගුරු මීනසේ (04) ස්‌වක්‌ෂේත්‍ර බලයෙන් ගමන් ගන්නා නිසා ධනුලග්න හිමියන්ට ශුභදායක කාලයකි. දැනට ගුරු 03 වක්‍රව ගමන් ගැනීම (2010.11.18 දක්‌වා) එතරම් යහපත් නැත.

මකර ලග්නය

මකර ලග්නයට ලග්නාධිපති වන්නේ සෙනසුරු ග්‍රහයාය. සෙනසුරු ග්‍රහයා කෙරෙහි බොහෝ අය තුළ අස්‌ථාන බියක්‌ පවතී. රාශි චක්‍රයේ 10 වැන්න මකර රාශියයි. මකර ලග්නයෙන් ජනිත වූ අයට බුධ – සහ සිකුරු ග්‍රහයින් ශුභඵල උදාකර දෙයි. කුජ ගුරු සහ සඳුගෙන් එතරම් ශුභඵල අපේක්‌ෂා කළ නොහැකිය. ලග්නාධිපති ශනි 02 වැන්න වූ ධනස්‌ථානයටද අධිපති නිසා සිකුරු සමඟ සිටියේ නම් උසස්‌ තත්ත්වයක්‌ හිමිකර දෙයි. එසේ වුවත් මාරක අශුභ තත්ත්වයන්ද උදා කරයි.

ශනිs ග්‍රහයා ලග්නගතව (01) සිටීම ඒරාෂ්ඨකයි. ඒරාෂ්ඨකය පවතින කාලයේ ජීවිතයේ මුල් අවධියේ නානා බාධක අභියෝග අසීරුතා, මධ්‍යයේ තම කටයුතු කරගෙන යාමට සිදුවේ. පියා, දේපළ අතින් පෝසත් අයකු විය හැකිය. උත්සාහවන්ත ගතිය නිසා තරුණ වියේ සිට දියුණුව ළඟා කරගනී. විවාහය ප්‍රමාද වුවත් විවාහයෙන් පසු ජීවන ගමන වඩාත් සාර්ථක වේ. ශනි 01 ත් කුජ 10 ත් සිටින මකර ලග්න හිමියන්ගේ පියවරුන්ට අශුභ තත්ත්වයක්‌ උදා කෙරේ. එසේම රවි සමඟ ශනි සිටීමද යහපත උදා නොකරයි. වැඩිකල් ජීව්වත්වීමට හැකියාවක්‌ නැත. ශනි ලග්නගතව සහ සිකුරු 07 සිටීමෙන් මාධ්‍ය, ලේඛන ග්‍රන්ථකරණ කටයුතුවලට දක්‌ෂවේ. ශනි බුධ (01) ලග්නගතව සිටීමද යහපත්ය. චින්තන ශක්‌තිය වැඩිවේ. ශනි කුජ 01 සිටීමෙන්ද ප්‍රතාපවත් නිර්භීත අයකු කරයි.

ශනි 02 සිටීම ඒරාෂ්ඨක කාලයේ අවසානයයි. දක්‌ෂ කථිකයෙකු වේ. සමාජයට හිතවත්ය. විවාහයද යහපත් එකකි. ශනි රවි 02 වීමෙන් පියාට අපල ඇති කරයි. විවාහයටද ශුභ නැත. එහෙත් ශනි බුධ සමග 02 වැන්නේ යෙදුන විට ශුභ පල උදාකරයි. ජනප්‍රියත්වය ලබයි. ශනි 03 සිටින මකර ලග්න හිමියෝ ඉවසීම ප්‍රගුණ කරති. ශරීරය තරමක්‌ මහත් වේ. විවාහ දිවියද අසතුටුදායකයි. ශනි 03 වැන්නේ රවි හෝ බුධ සමග හිඳීමෙන් ස්‌නායු දුර්වලතා ඇතිවී මානසික වශයෙන් ඔත්පල වේ.

ශනි 04 වැන්නට නීච වේ. මේෂ රාශිගත වූ ශනි බාධක අභියෝග ගැන පසුබට නොවී තම සිතැගියාවන් මුදුන් පත් කර ගැනීමට වෙර දරයි. ගේ දොර ඉඩකඩම් ගැන නිතර අවධානය යොමු කරවයි. දුක්‌ මහන්සියෙන් හරි හම්බ කරගනී. ශනි 04 වැන්නේ රවි සමඟ යෙදීම නිසා ඥතීන් සමග ආරවුල් ඇති වේ.

ශනි 05 වැන්නේ වෘෂභ රාශි ගතවීමෙන් මුරණ්‌ඩු හා හිතුවක්‌කාර වීම නිසා පවුලේ අය සමඟ මෙන්ම අන් අය සමගද අමනාපකම් ඇතිකර ගනී. විවාහයේදී මව්පස නෑදැ සම්බන්ධතා අඩුවේ. රවි සමඟ ශනි සිටීමෙන් පියාට ගුණදායක නැත. ශනි බුධ සමඟ 05 සිටින විට අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක්‌ ඇති වේ. එහෙත් කුජ සමඟ නම් ඒවාට බාධක යෙදේ. ශනි 06 වැන්නේ මිථුනයේ සිටීමෙන් සැලසුම් සහගතව කටයුතු කරයි. විවාහය සිදුවන්නේ දුර බැහැර ප්‍රදේශයකිනි. දරුවන් නිසා දුක්‌ ඇතිවේ. ශනි රවි සමඟ 06 වැන්නේ යෙදීමෙන් තම වැඩ කටයුතුවල ක්‍රමානුකූල බවක්‌ ඇති නොවේ. ශනි සඳු සමඟ 06 වීමෙන් විවාහය එතරම් සාර්ථක නැත. කුජ සමඟ යෙදීමෙන් ආමාශගත ආබාධ ඇති කරයි.

ශනි 07 ට කටකයට සතුරුයි. විවාහය ප්‍රමාද කරයි. ස්‌ත්‍රියකගේ නම් දරු ගැබට අවහිරතා යෙදේ. දරුවන්ගෙන් කරදර ඇතිවේ. රවි – ශනි 07 වූ විට හදිසි අනතුරු ඇති කරයි. සතුරු කරදරද වේ. ශනි 08 ට ද එතරම් යහපත් නැත. ශරීර සෞඛ්‍ය පිරිහේ. හෘද රෝග සාදයි. ශනි 09 ට ශුභදායකයි. ජීවිතයේ මුල් යුගයේ සිටි තත්ත්වයට වඩා උසස්‌ දියුණුවක්‌ ලබයි. විද්‍යාත්මක වෛද්‍ය දාර්ශනික දේ ගැන සිත් යොමුවේ. ආගම දහමට ලැදිවේ. ආදර්ශවත් ජීවිතයක්‌ ගත කරයි.

ශනිට 10 වැන්න ශුභ දායකයි (තුලා) ශනි උච්චවීම නිසා උසස්‌ බලයක්‌ ලබයි. උගත්කමට වඩා පළපුරුද්දක්‌ දැනුමක්‌ ලබයි. විවාහයද යහපත් එකකි. ශනි රවි සමඟ 10 සිටීම පියාට ගුණ නැත.

ශනි 11 සිටින මකර ලග්න හිමියෝ ජීවිතයේ මුල් කාලයේ දුක්‌විඳ පසුව සැප විඳිති. සමාජයේ ඉහළ තැනක්‌ හිමිකර ගනිති. ව්‍යාපාර මෙන්ම දේශපාලන කටයුතුවලටද හොඳයි. හදිසි ධන ලාභද ලබයි.

ශනි දැනට කන්‍යාවේ ගමන්ගනී. ආමාශගත ආබාධයක්‌ හෝ කකුලක ආබාධයක්‌ ඇතිවිය හැකිය. පිං දම් කරයි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments