[ratings]
මේෂ
රවි හෝරාවෙන් උපන්නා නුවණැති ඥනවන්තයෙකි. සොර සිතකි. රෝගී වෙයි. සඳු හෝරාවෙන් උපන්නාගේ අදහස් ගැඹුරුය. දිළිඳු වෙයි. කුජ හෝරාවෙන් උපන්නා වෙර වීරිය ඇත්තෙකි. රජුගේ ආරක්ෂක සේවයට සුදුසු වෙයි. බුධ හෝරාවෙන් උපන්නා ගැහැනුන්ගේ සිත් හඳුනන්නෙකි. රාජ්‍ය සේවය උරුම කරවයි. ගුරු හෝරාවෙන් උපන්නා රූමත් වෙයි. නැණවතකු ලෙස ප්‍රසිද්ධියට පත්වෙයි. සිකුරු හෝරාවෙන් උපන්නා පණ්ඩිත කතා ඇත්තෙකි. බොහෝ දෙනා අතර ජනප්‍රිය වෙයි. ධනවත් වෙයි. ශනි හෝරාවෙන් උපන්නා නපුරු ගති ගුණ ඇත්තෙකි. ලක්ෂණ මඳ වෙයි. අලස වෙයි. දණ හිසෙන් පහළ පාදවල ආබාධ ඇතිවෙයි.
වෘෂභ
රවි හෝරාවෙන් උපන්නා පුණ්‍යවන්තයෙකි. එහෙත් දිළිඳු වෙයි. සඳු හෝරාවෙන් උපන්නා වාසනාවන්තයෙකි. යහපත් වේ. මැතිඇමැති ධුර හොබවනු ඇත. කුජ හෝරාවෙන් උපන්නා පණ්ඩිත වේ. ධෛර්ය ඇත්තෙකු වෙයි. බාධක බිඳගෙන ඉදිරියටම යන්නෙකි. බුධ හෝරාවෙන් උපන්නා යුක්තිගරුක, අසාධාරණය නොඉවසන්නෙකි. ධනවත් වෙයි. ගුරු හෝරාවෙන් උපන්නා පණ්ඩිත අදහස් ඇත්තෙකි. නිතරම අනුන්ට උපදෙස් දෙන්නකු වෙයි. සිකුරු හෝරාවෙන් උපන්නා රූප සම්පත්තියෙන් අනූන වෙයි. ප්‍රසන්න සිනහවකින් මුහුණ අලංකෘත වෙයි. ධනවත් වන අතර යානවාහන හිමිකම් උරුමය. ශනි හෝරාවෙන් උපන්නා නුවණ අඩු අඥනයකු වෙයි. නපුරු ගති ගුණවලින් පොහොසත්ය. ඇස් අන්ධ වීමට බොහෝදුරට ඉඩ ඇත.
මිථුන
රවිගේ හෝරාවෙන් උපන්නා තුළ යකුන්ට හා දෙවියන්ට භක්තියක් ඇත. සඳු හෝරාවෙන් උපත ලැබුවේ නම් යහපත් ගුණධර්ම ඇතිවන අතර වාසනාවන්ත වෙයි. කුජ හෝරාවෙන් නම් දැනුම් තේරුම් ඇතිව වැඩ කටයුතුවල යෙදෙයි. පසු නොබසී. බුධ හෝරාවෙන් උපත සිදුවූයේ නම් රජුන්ගෙන් ආදර ගෞරව ලබන්නෙකි. රාජ පූජිත වෙයි. ගුරු හෝරාවෙන් නම් ආබාධ ඇතිවෙයි. හොර වීමට වුවද ඉඩකඩ ඇත. සිකුරු හෝරාවෙන් උපන්නා තුළ කන්වල ආබාධ ඇති වන අතර සමහර විට බිහිරි වීමට ද ඉඩ තිබේ. ශනි හෝරාවෙන් උපන්නාගේ ඇස්වල දෝෂ හට ගන්නා අතර ඇස් අන්ධ වීමට වුවද පුළුවන. එහෙත් වෘෂභ රාශි හෝරාවේ නම් අයහපත් නැත.
කටක
රවි හෝරාවෙන් උපන්නා දිළිඳු වෙයි. සඳු හෝරාවෙන් උපන්නා විද්‍යාවෙහි හපන්කම් පෙන්වයි. කෘෂිකාර්මික කටයුතුවලින් දියුණුව ලබයි. කුජ හෝරාවෙන් උපන්නා මනා සිහිනුවණ ඇත්තෙකි. බුධ හෝරාවෙන් උපන්නාගේ කීර්තිය දසත පතළවෙයි. පණ්ඩිතයකු වන අතර මනා වාග් චාතුර්යයක් ඇතිවෙයි. ක්‍රමයෙන් ධනය වැඩි වෙයි. දියුණුවට පත්වෙයි. ගුරු හෝරාවෙන් උපන් තැනැත්තා කතාවෙයි දක්ෂ වන අතර පොහොසතකු වෙයි. සිකුරු හෝරාවෙන් උපන්නා රජුන්ගෙන් තෑගි භෝග ලබන අතර රාජ වල්ලභවේ. ශනි හෝරාවෙන් උපන්නේ නම් ගීත ගායනයට, නැටුමට දක්ෂතා පෙන්වනු ඇත. ඒවා ඉගෙනගනී. ලඡ්ජාව හා මාන්නය නොමැත.
සිංහ
රවි හෝරාවෙන් උපන්නාට රාජ කරුණාව ලැබෙන අතර රජුන් ඇසුරේ හෝ රාජ මාළිගයක සේවයට සුදුසුකම් ලබනු ඇත. සඳු හෝරාවෙන් උපන්නේ නම් අනිවාර්යයෙන්ම විසල් ධනවතකු වෙයි. පරිත්යාගශීලීවෙයි. කුජ හෝරාවෙන් උපන්නා බොහෝ විට දුප්පතෙකු ලෙස දිවි ගෙවනු ඇත. බුධ හෝරාවෙන් උපන්නේ නම් පණ්ඩිතයෙකු වන අතර උසස් අය, උගත් අය ඇසුරු කරනු ඇත. බොහෝවිට පූජක පක්ෂයේ අය සමග ළඟින්ම සිටී. ගුරු හෝරාවෙන් උපන්නා බොහෝ මායම් දන්නෙකි. සිකුරු හෝරාවෙන් උපන්නේ නම් ජනප්‍රියත්වයට පත්වන අතර බොහෝ ප්‍රසිද්ධ අයෙකු වෙයි. ශනි හෝරාවෙන් උපන්නාගේ ඇස්වල ආබාධ ඇති වීමට බොහෝ ඉඩ ඇති අතර කාර්යයෙහි දක්ෂතා පෙන්වන්නෙකි.
කන්‍යා
රවි හෝරාවෙන් උපන්නා ඉතා ගුණ යහපත් අයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වෙයි. රජුන්ට පක්ෂපාතී වන අතර රාජ්‍ය සේවයට සුදුසුකම් ලබනු ඇත. සඳු හෝරාවෙන් උපන්නේ නම් සෑම දෙයකින්ම ලාභ හිමිවන අතර සතුටින් කල දවස ගෙවෙයි. කුජ හෝරාවෙන් උපන්නා තුළ දුෂ්ඨ අදහස් ඇතිවේ. නපුරුය. දිළිඳු භාවයට පත්වේ. බුධ හෝරාවෙන් උපන්නා පණ්ඩිත ගති ලක්ෂණවලින් ගහනය. කතා කිරීමේදී වක්කඩ කැඩුනාක් මෙන් වචන නොනවත්වා ගලා එයි. ශරීර ශක්තිය දුර්වල වන අතර නිරතුරු ලෙඩ රෝග වලින් පෙළෙයි. ගුරු හෝරාව තුළ උපන් අයට ධනය ගලා ඒමේ වාසනාව පවතී. සමෘද්ධිමත් ජීවිතයකි. සිකුරු හෝරාවෙන් උපන් අයට සම ඵල වෙයි. ශනි හෝරාවෙන් උපන් අයට අක්ෂි ආබාධ ඇති වන අතර අන්ධ භාවයට ද පැමිණීමේ ප්‍රවණතාවක් ඇත.
තුලා
රවි හෝරාවෙන් උපන්නාට අත්පා වල ආබාධ ඇති වෙයි. කොරවීමට ඉඩ ඇත. සඳු හෝරාවෙන් උපන්නා ශිල්ප ශාස්ත්රයේ දක්ෂයකු වෙයි. ශාස්ත්‍ර වන්තයෙකි. කුජ හෝරාවෙන් උපන් අය කවි කීමෙහි නිපුණතා පෙන්වයි. ප්‍රසිද්ධියට පත්වෙයි. බුධ හෝරාවෙන් උපන්නා රජෙකු හා සමාන වෙයි. ලෝක පූජිත වෙයි. ගුරු හෝරාවෙන් උපත ලද අය ධනවත් වෙයි. වස්තුව දේපළ ඇත. සිකුරු හෝරාවෙන් උපන්නා ද ධනපතියකු වෙයි. කාන්තා උපකරණ අලෙවියෙන් ප්‍රසිද්ධියට පත්වේ. ශනි හෝරාවෙන් උපන්නාට පහසුවෙන් ඇස්වල රෝග සෑදේ. කකුල්වල ආබාධ ඇති වීමට ඉඩ තිබේ.
වෘශ්චික
රවි හෝරාවෙන් උපත ලද්දා වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට දක්ෂතා පෙන්වයි. සඳු හෝරාවෙන් උපන්නා ධනවතකු වෙයි. සමෘද්ධිමත් කෙනෙකි. කුජ හෝරාවෙන් උපත ලද අය හසළ දැනුමෙන් යුත් පණ්ඩිතයකු හා සමාන අයෙකු වේ. බුධ හෝරාවෙන් උපන්නා බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියට පත්වෙයි. බොරු අහංකාර කමක් තිබේ. ගුරු හෝරාවෙන් උපන් අය සමාජයේ පිළිගත් පොහොසතකු සේ වැජඹෙයි. සිකුරු හෝරාවෙන් උපන්නා දක්ෂ විද්‍යාවේදියකු වෙයි. ශිල්ප ශාස්ත්‍ර හැදැරීමේ දක්ෂවේ. ශනි හෝරාවෙන් උපන්නා වෙළෙ¹මට දක්ෂයකු වෙයි. ධාර්මික ගති ගුණයෙන් පිරිපුන් අයෙකි.
ධනු
රවි හෝරාවෙන් උපන්නා තුළ නපුරු ගති ගුණ පිහිටනු ඇත. සඳු හෝරාවෙන් උපන්නා රජුට සේවය කරන රාජ පුරුෂයකු වෙයි. කුජ හෝරාවෙන් උපන් අය ගොවිතැනට සූරවෙයි. වගා කටයුතුවලින් ඵල ලබයි. රෝගී වෙයි. බුධ හෝරාවෙන් උපන්නා හට ධනයෙන් අඩුවක් නොවනු ඇත. ගුරු හෝරාවෙන් උපත ලද අය භවභෝගාදියෙන් කිසිදා අඩුවක් නොවන්නෙකි. සිකුරු හෝරාවෙන් උපන්නා වාසනාවන්තයෙකි. ශ්‍රියාවෙන් අඩු නොවේ. දැකීමට ප්‍රිය උපදවන අයෙකි. සෙනසුරු හෝරාව තුළ උපන් අය මහත් වූ නුවණින් යුක්ත වූවෙකි. ඥනවන්තය. මුහුණේ ලප කැලල් ඇති වේ.
මකර
රවි හෝරාවෙන් උපන්නා දිළිඳු භාවයට පැමිණෙයි. සඳු හෝරාව තුළ උපන්නා රජුන්ට සේවය කරන්නා රාජ පුරුෂයෙකු වෙයි. නුවුණ මඳ වේ. කුජ හෝරාවෙන් උපන්නා පණ්ඩිතයකු වෙයි. අනුනට උපදෙස් දීමට දක්ෂයෙකි. ගුරු හෝරාවෙන් උපන්නා තුළ නපුරු ගති ලක්ෂණ පිහිටයි. කෝප ගති පෙන්නුම් කරයි. සිකුරු හෝරාව තුළ උපන් අය ගී, කව්, නැටුම් වැනි කලා කටයුතුවලට දක්ෂවෙයි. ශනි හෝරාවෙන් උපන්නා වෙළෙ¹මෙහි දක්ෂයෙකු වෙයි. ලෙඩ දුක් වැළඳීමේ ප්‍රවණතාවකින් යුක්තය.
කුම්භ
රවි හෝරාවෙන් උපන්නා තුළ ශ්‍රියාව ඇතිවෙයි. සඳු හෝරාවෙන් උපත ලද අය එඩිතර ගති ලක්ෂණවලින් පූර්ණවෙයි. කුජ හෝරාවෙන් උපන්නා හොර සිත් ඇත්තෙකි. හොරෙකු වෙයි. දිළින්ඳකු වෙයි. බුධ හෝරාවෙන් උපත ලද අය පණ්ඩිත ගති ගුණයෙන් යුක්ත වූවෙකි. ගුරු හෝරාවෙන් උපන් අය තුළ යහපත් ගති ගුණ උපතින්ම පිහිටනු ඇත. සිකුරු හෝරාවෙන් උපන්නා ගොවිකමෙහි දක්ෂ වෙයි. ත්‍යාගශීලී වෙයි. ශනි හෝරාවෙන් උපන් අයගේ මුහුණෙහි ලප ඇති වේ.
මීන
රවි හෝරාවෙන් උපන්නා ලෙඩ රෝගවලට පහසුවෙන් ගොදුරුවේ. සඳු හෝරාවෙන් උපන් අය රාජ පූජිත වෙයි. කුජ හෝරාවෙන් උපන් අය දිළිඳු වෙයි. මුහුණ තරමක් ලොකු වෙයි. බුධ හෝරාවෙන් උපන්නා තුළ නුවණ මඳ වේ. ගුරු හෝරාවෙන් උපත ලද අය ශිල්ප ශාස්ත්‍රයෙහි පරතෙරට යන්නෙකි. විද්‍යාධරයෙකි. සිකුරු හෝරාවෙන් උපන්නා රූප සම්පත්තියෙන් අනූන වෙයි. ශනි හෝරාවෙන් උපත ලද අයගේ ශරීරය ස්ථුල වෙයි. දෙපාවල රෝගාබාධ ඇතිවේ.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here