[ratings]
අං දෙකක් සහිත එළුවකුගේ රුව මේෂ රාශියේ ස්‌වරූපය වන අතර පාලක ග්‍රහයා කුජ ග්‍රහයාය.
මාර්තු 21 වැනිදාත්, පෙබරවාරි 19 වැනිදාත් අතර කාලයේ එනම්, මේෂ රාශිය පිළිබඳ මාසයේ උපත ලද අයගේ ස්‌වභාවික ගති පැවතුම් කාර්යක්‌ෂමතාවය ඔවුන්ගේ කැපී පෙනෙන ගුණාංගයකි. ශරීරයෙන් මෙන්ම සිතින්ද ශක්‌තිමත් ඔවුන්ට, සියතින්ම යමක් කරන තුරු ඉවසීමක් නැති තරම්ය. ඔවුන් තුළ පවතින සීමා රහිත ධෛර්යය හා ගතිගුණද නිසා විටින් විට වෙනස් විය හැකි අන්දමේ ජීවිතයක් ගත කිරීමට ඉඩ කඩ ඇත.
කරන්නාවූ රැකී රක්‌ෂාදිය වුවද වෙනස් කරන්නට බොහෝ විට ඉඩ කඩ පවතින්නේ, එක දෙයකම එල්ලී සිටීමට කැමැත්තක් නොමැති නිසාය. ඉතා සැලකිළිමත්ව, කරන කියන හැමෙකක්‌ම කරන්න කියන්න පෙළඹීම ඔවුන්ගේ ස්‌වභාවයකි. වඩා හොඳ පැත්ත බලා ස්‌වකීය මිතුරු මිතුරියන්ද, වැඩ රාජකාරිද, සිරිත් විරිත්ද ඇවැතුම් පැවතුම්ද බොහෝ අවස්‌ථාවල දී වෙනස් කළ හැකිය. මුහුණ පෑමට සිදුවිය හැකි ආදීනව ගැන කල්පනා නොකොට එවැනි හදිසි වෙනස් කිරීම්වලට පෙළඹීමෙන් කරදර කනස්‌සලුතාවන් අලාභ හානිවලට ගොදුරු විය හැකිය. ඔවුන් ඉතාමත් ධෛර්ය සම්පන්න සහජ සටන්කරුවන්ය. හැම සටනකින්ම අවසානයේදී ජයත්, ත්‍යාගත් ලබාගැනීමට හැකි තරම් හැකියාවක් ඔවුන් තුළ දක්‌නට ඇත.
ධනවත් තත්ත්වයකට ඔවුන් පැමිණේවිදැයි ඉඳුරා කිව නොහැකි නමුත් ධනයෙන් අත්කර ගන්නා සැප සැනසිලි සියල්ලම වාගේ ඔවුන්ටද අත්කර ගැනීමට බැරිකමක් නැති තරම්ය. මේෂ රාශියට අයත් මාසයේ උපත ලද පිරිමින්, රටේ විවිධ ප්‍රදේශවල රැකියාවේ නියෑලෙන්න පුළුවන. එනිසා ඔවුන්ගේ බිරියන්ද ඒ අනුව, විවිධ ප්‍රදේශවලට යන්න බැරිකමක් නැත. එම මාසයේ උපනුන්ට, ලෝකය බොහෝ දුරට දැකගත හැකි වනු ඇත.
කිසියම් දෙයක් කරන්න කියන්න පෙරාතුව, එහි පලවිපාක ගැන ඔවුන් කල්පනා කර බැලිය යුතු අතර ඉවසීම දියුණු කර ගැනීමට නිරතුරු ඔවුන් ප්‍රයත්න දැරිය යුතුය. යමක් කරන්න, කියන්න පොරාතුව, එහි පලවිපාක ගැන කල්පනා කර බැලීමෙන් ඔවුන්ට ස්‌වකීය දියුණුව හා අභිවෘද්ධියද සලසා ගත හැකි වනු ඇත. පිරිමි කෙනකු නම්, වයස 35 න් පසුවද, ගැහැනු කෙනකු නම් 30 න් පසුවද අත්තෙන් අත්තට පැනීමේ පුරුද්දෙන් මුළුමනින්ම වැළකී සිටීම යෝග්‍යය.
ජීවිතයේ තත්ත්වය හා සෞඛ්‍ය තත්ත්වය – සෞඛ්‍යය සම්බන්ධයෙන් ඔවුන් එතරම් කරදරයකට මුහුණ පාන්නේ නැති තරම්ය. අධික ශීතලෙන් හා අධික උෂ්ණයෙන්ද ඔවුනට අන්තරායන් පැමිණිය හැකි අතර ප්‍රවේශසම්ව සිරුර තබා ගැනීමට නිරතුරු උත්සාහ දැරීම මැනවි.
අධික ශීතල හා අධික උෂ්ණයද ඔවුනට අනතුරුදායකය. උෂ්ණාධික පළාතක හෝ ශීතාධික පළාතක හෝ සිටින විටෙක, සූර්ය තාපයෙන් හෝ අධික ශීතලෙන් හෝ මිදීමට වෑයම් දැරිය යුතුය. සිරුර උෂ්ණාධික තත්ත්වයකට පත් කරවන හැමෙකකින්ම වැළකී සිටීම මැනවි. හැකිතරම් දුරට නිදාගැනීම හා නිදි නොමැරීම ද සෞඛ්‍යයට හිතකරය. අවදිව සිටින හැම විටකදීම වාගේ කිසියම් ක්‍රියාවක නියෑළී සිටීමේ පුරුද්දක් කිරීම වැඩදායකය. සිරුරේ අධික ලෙස ක්‍රියාත්මක කෙරෙන ඉන්ද්‍රියන් හා කොටස්‌ද, නිදියැමෙන් හා විවේකයෙන්ද නැවත වර්ධනය වනු ඇත. වයස්‌ගත වෙද්දී, ඇතිවිය හැකි බුද්ධි විපර්යාසයෙන් හෝ සිහි මුර්ජාවෙන් හෝ පීඩාවක් නොවන ලෙසට වගබලා ගැනීම මැනවි.
විනෝදාත්මක ක්‍රියා හා කරන්නට ප්‍රිය ක්‍රීඩා යනාදිය ස්‌වකීය විවේක කාලයන්හිදී පවා කිසියම් හස්‌ත කර්මාන්තයක නියෑළී සිටීමට දක්‌ෂතාවයක්, කැමැත්තක් දැක්‌වීම, මේෂ රාශිය පිළිබඳ මාසයෙහි උපන් අයගේ ස්‌වභාවයකි. තමන් වාසය කරන ගෙදරට වුවමනා යම් යම් බඩුබාහිරාදිය සකසන්නට පිරිමින් කැමැත්තක් දක්‌වන අතර කාන්තාවන් ප්‍රිය කරන්නේ කෑම, පිසීම, මැහුම් ගෙතුම් වැඩ, පින්තූර ඇඳීම යනාදියටය. එම මාසයේ උපන් පියකු නම් තම දරුමල්ලන්ගේ සෙල්ලම් බඩු සැකසීමට, තමන්ගේ විවේක කාලය යොදා ගනු ඇත. අම්මා කෙනකු නම්, විවේක කාලයන්හි සිය දරුමල්ලන්ගේ ඇඳුම් පැළඳුම් මැසීමට හෝ එළලීමට හෝ කැමැත්තක් දක්‌වනු ඇත.
කරන රැකීරක්‌ෂා යනාදිය – දවසින් දවස අලුත් වන, අමුතු වන තාලයේ කාර්ය පටිපාටියක් ඇතුළත් වෘත්තීන් හැමෙකකින්ම වාගේ ඔවුන්ගේ තෘප්තියට පත් වන්නේ එක වෘත්තීයක් පමණක් කිරීමෙන් සෑහිSමකට පත් නොවන නිසාය. තරගකාරී හෝ අන්තරාකාරී හෝ ස්‌වභාවයක් සහිත හැම දෙයක්‌ම වාගේ වැඩි සතුටකින් යුතුව කිරීමට ඔවුන් කැමැතිය. දොස්‌තරවරුන් හෝ ඉංජිනේරුවන් හෝ තරගයක් විමසිල්ලක් සහිත කාර්යයක නියෑලෙන්නන් හෝ වශයෙන් ඔවුනට දියුණුව අපේක්‌ෂා කළ හැකිය.
මේෂ රාශියට අදාළ මාසයේ උපන් කාන්තාවනට පුදුම ශක්‌තියක් ඇති අතර විශේෂයෙන්ම ගින්දර, උණුසුම උපයෝගී කරගෙන කළ හැකි කාර්යයන්හි, නියම පාලනය හරියාකාරව කරන්න ඔවුනට හැකිය. මේ නිසා සූප ශාස්‌ත්‍රය පිළිබඳව ඔවුන් ප්‍රවීණයන් වන්නට පුළුවන.
ප්‍රේමය හා විවාහ ජීවිතය – මේෂ රාශිය පිළිබඳ මාසයේ උපත ලද අයගේ සිත්සතන්හි ප්‍රෙAම භරිත හැඟීම් පහළ වන්නේ ජීවිතයේ වේලාසනින්මය. විවාහ ජීවිතයට එළඹෙන්න පෙරාතුව, ඔවුහු ප්‍රේමයට අදාළ අත්දැකීම් ලබා ගනිති. සමහරවිට, නීත්‍යානුකූලව විවාහය ප්‍රමාද වන්නට බැරිකමක් නැත. යුග දිවියට එළඹෙන දෙදෙනාම මේෂ රාශිය පිළිබඳ මාසයේ උපන් අය නොවේ නම්, විවාහය වාසනාවන්තය. වෘශ්චික හා ධනු රාශින්ට අයත් කාල වකවානුවේ එනම්, ඔක්‌තෝබර් 24 වැනිදාත් දෙසැම්බර් 21 වැනිදාත් අතර කාල වකවානුවේ උපන් කෙනකු විවාහය සඳහා තෝරා ගැනීමෙන්, ඔවුන්ට විවාහයේ සුමිහිරි ඵල නෙළාගත හැකිය.
සුබ දවස බ්‍රහස්‌පතින්දාය. වාසනාව උදාකරණ වර්ණය මැණික් වර්ගය හා ලෝහය – තදම තද රතු වර්ණයෙන් හා රතට හුරු සියලුම වර්ණවලින්ද, මේෂ රාශිය පිළිබඳ මාසයේ උපන් අය ශුභ ඵල උදාකර ගනිති. වාසනාව උදාකර ගැනීම සඳහා පැළඳිය යුත්තේ දියමන්තිය. වාසනාව උදාකර ගත හැකි එකම ලෝහය යකඩය.
සෑම වසරකම ශූභාශූභ කාල වකවානු – කටක හා සිංහ රාශින්ට අයත් වකවානුව එනම්, ජුනි 22 දාත්, අගෝස්‌තු 22 දාත් අතර කාලය තුළ කරන කටයුතුවලදී ශුභ පල ලැබෙනු ඇත. එම කාලය තුළදී ඔවුහු ධෛර්යය, ප්‍රිතිය උනන්දුව, උත්සාහය, සහිතව හැම කාර්යයකටම වාගේ ඉදිරිපත්ව නිසි ඵල ප්‍රයෝජන ලබා ගනිති. ඔවුන්ගේ අශූභ කාලය, අප්‍රේල් 20 දාත් මැයි 20 වැනිදාත් අතර කාලයයි. බලාපොරොත්තු කඩ වන ස්‌වභාවයක් ඔවුන්ට හැඟෙන්නේ එම කාලයේදීය. වැදගත් වැඩකටයුතු වලින් එම අශූභ කාලයේදී වැළකී සිටීම ප්‍රඥගෝචරය.අවුරුද්දේ සමහර කාලවලදී කරන කියන හැමෙකක්‌ම හරියන ස්‌වභාවයක්‌ද, සමහර කාලවලදී වැරදි යන ස්‌වභාවයක්‌ද පෙනෙන්නට පුළුවන. එය සිදු වන්නේ ශුභාශූභ කාලවලට අනුකූලවය.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here