Friday, September 12, 2025
Homesiග්‍රහ කාරක හඳුනා ගන්න

ග්‍රහ කාරක හඳුනා ගන්න

[ratings]

ඉරු හෙවත් රවි ග්‍රහයා ගැන සලකා බැලීමේදී ප්‍රධාන වන බැවින් පියකාරක ග්‍රහයා ලෙස දැක්‌වේ. සඳු මව්කාරක ග්‍රහයා වශයෙන් හැඳින්වේ. ඔබේ සහෝදර – සහෝදරියන් ගැන බැලීමේදී සහෝදරාකාරක ග්‍රහයා වනුයේ කුජ හෙවත් අඟහරු ග්‍රහයායි. මාමාවරු ගැන බැලීමේදී කාරක ග්‍රහයා වනුයේ බුධ ග්‍රහයායි. පුත්‍ර කාරක ග්‍රහයා වනුයේ ගුරු හෙවත් බ්‍රහස්‌පති ග්‍රහයායි. ගුරු හරුකම් දීම සම්බන්ධ කාරක ග්‍රහයා වනුයේ ගුරු හෙවත් බ්‍රහස්‌පති ග්‍රහයායි. විවාහය, පිළිබඳව සලකා බැලීමේදී විවාහ කාරක ග්‍රහයා වනුයේ සිකුරු ග්‍රහයායි. ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා ආයුෂ කාරක ග්‍රහයා වේ. රාහු ග්‍රහයා ගමන් – බිමන් හා සංචාරක කටයුතු පිළිබඳව කාරක ග්‍රහයා වේ. කේතු – රෝග කාරක මෙන්ම නිසොල්මන්ව කෙරෙන කටයුතු ආදිය පිළිබඳව කාරක ග්‍රහයා වේ. නුවණ හා සම්බන්ධ කාරක ග්‍රහයා වනුයේ බුධ ග්‍රහයායි.

ඉරු හෙවත් රවි ග්‍රහයා රාජ්‍ය, පබුළු, රතු වස්‌ත්‍ර. මැණික්‌, රජ හා රජකම, වන පර්වත ක්‍ෂ්ත්‍රිය යන කාරණාවලදී ප්‍රධාන වේ. සඳු ග්‍රහයා සිත, ශරීර පුෂ්ටිය, ගඳ රස, උක්‌, තිරිඟු, මල් හා මල්වලින් කෙරෙන විවිධ නිර්මාණ ශක්‌ති කාර්ය සඵලවීම හා නොවීම, තුරුලතා ආදියෙන් යෙදෙන සරු නිසරු බව, රිදී ආදිය කෙරෙහි බලපායි. කුජ ග්‍රහයා බල පරාක්‍රමය, වීර්යය, ශක්‌තිය, එඩිතර බව ගෘහය, භූමිය, පුත්‍ර, සොර, රෝග, සහෝදර ගිනි – නොවිමසා කෙරෙන කටයුතු රාජෙද්‍රdaහී ක්‍රියා ආදිය කෙරෙහි බෙහෙවින්ම බලපායි.

බුධ ග්‍රහයා ජ්‍යෙdතිශාස්‌ත්‍රය, මාමා, ගණිතය, ශරීරය, නැටුම් ශිල්පය, වෛද්‍ය වෘත්තිය, සිනා හා කෙලි කවටකම්, භය, ශ්‍රියාව, ශිල්ප ශාස්‌ත්‍රාදිය කෙරෙහි බලපායි. ගුරු හෙවත් බ්‍රහස්‌පති ග්‍රහයා ස්‌වකීය කර්ම, යාග හෝම ආදිය, රන්, වස්‌ත්‍ර, ගෘහය, ධනය, වස්‌ත්‍ර, මිත්‍ර දොaලා ආදිය කෙරෙහි බලපායි. සිකුරු ග්‍රහයා ස්‌ත්‍රී, සැප, ගීත ශාස්‌ත්‍ර, කාව්‍ය, පුෂ්ප, තරුණ ආභරණ, රිදී. යාන, අභිමානය, මුතු වස්‌තුව, පණ්‌ඩිත බව, රස කාරක ආදිය කෙරෙහි බලපායි.

ශනි හෙවත් සෙනසුරු මීගව, යකඩ, තෙල්, වස්‌ත්‍ර. ගමන සියලු දැව හා ආයුධ, ගෘහ, යුද්ධ, සංචාර, නිල්මැණික්‌, ශුද්‍ර, හිස මුඩු කළ අය, හෙල්ල. වේදනා, රෝග, දාස බව, දාසි බව, ආයුෂ පිළිබඳව බලපාන ග්‍රහයා වේ. රාහු ගමන් බිමන්, සර්ප බිය, රාත්‍රිය, සියලු නිදීම් හා අලසකම්, ධනය, දූකෙළි සම්බන්ධ ග්‍රහයා වේ. කේතු – වණ, රෝග, සම, බොහෝ වේදනා, මල් පිපී තිබෙන රුක්‌, සාගිනි, පීඩා ආදිය කෙරෙහි බලපායි. යමෙකුගේ ආයුෂ ගැන සලකා බැලීමේදී ආයුෂ කෙරෙහි බෙහෙවින්ම බලපාන සෙනසුරු ආයුෂ කාරක ග්‍රහයා වේ. ගීත ශාස්‌ත්‍රය, කාව්‍යා, ආභරණ, රන් රිදී මුතු- මැණික්‌ – වස්‌තුව – දේපළ හා ලෞකික දියුණුවට අදාළ සියලු කාරණාවල සඵලවීම හෝ සඵල නොවීම පිළිබඳව බැලීමේදී සලකා බැලිය යුතු කාරක ග්‍රහයා වනුයේ සිකුරුය. යමෙකුගේ ශිල්ප ශාස්‌ත්‍රාදිය පිළිබඳව බලපාන කරුණු ගැන සලකා බැලීමේදී ඒවායේ කාරක ග්‍රහයා වන ගුරු හෙවත් බ්‍රහස්‌පති ග්‍රහයා පිළිබඳව සලකා බැලිය යුතුයි.

සෙනසුරු ග්‍රහයා අශුභ ගෙනදෙන ග්‍රහයෙකු ලෙස සැලකුවද මැණික්‌ කර්මාන්තය හෝ ඒ ආශ්‍රිත කටයුතුවලදී අදාළ වන කාරක ග්‍රහයා ලෙස සැලකිය යුතුයි. මහණවීම, ආගමික කටයුතු වෙහෙර විහාර කටයුතු ආදිය සම්බන්ධවද කාරක ග්‍රහයකු ලෙස සෙනසුරු ග්‍රහයා දැක්‌විය හැකිය. ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රය හා ජ්‍යෙතිෂවේදියකු වීම කෙරෙහි බලපාන කාරක වනුයේ බුධ ග්‍රහයායි. ඒ ඒ ග්‍රහයාට අදාළ වන කාරකත්වය දැන ගැනීම තුළින් ඔබට ගැළපෙන රැකියා ආදිය ගැන මෙන්ම ආදායම් මාර්ග පිළිබඳවද වැඩිමනත් තොරතුරු දැනගැනීමට අවස්‌ථාව සැලසෙනු ඇත. රාජ්‍යකාරක ග්‍රහයා වූ රවි ග්‍රහයා ගැන මෙන්ම ඔබේ සිතිවිලි පිළිබඳව බලපාන කාරක ග්‍රහයා වූ සඳු ගැනද ජ්‍යෙතිෂය යොදා ගැනෙන සෑම කරුණකදීම සලකා බැලිය යුතුව ඇත. අධ්‍යාපන කටයුතු කෙරෙහි බලපාන කාරක ග්‍රහයා වූ බුධ ග්‍රහයා බලවත්ව යෙදී ඇති අවස්‌ථාවලදී කුඩා ළමුනට අකුරු කියවීම සඳහා නැකත් ආදිය යොදා ගත යුතුයි. කාරක ග්‍රහයන්ගේ බලපෑම ඒ ඒ කාර්යයේදී යෙදෙන ආකාරය පිළිබඳව ඔබට කිසියම් හෝ අවබෝධයක්‌ ලැබෙන්නට ඇතැයි හැඟේ.

We found this article from Divaina on 2012/02/17.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments