Saturday, November 1, 2025
Homesiජ්‍යෙතිෂයෙන් තොර වූ සෙත් කවි හෝ වස්‌ කවි නොමැත

ජ්‍යෙතිෂයෙන් තොර වූ සෙත් කවි හෝ වස්‌ කවි නොමැත

[ratings]

අක්‍ෂර විද්‍යාව හෙවත් ශබ්ද ශාස්‌ත්‍රීය විෂයයද ලොව සියල්ලටම පොදු වූ පංච භූතාත්මක ශක්‌තින් සමග සම්බන්ධ වූවකි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන එම පස්‌ වැදෑරුම් ශක්‌තින් සෙච්තනික හා අෙච්තනික සියල්ලෙහිම පවතී. අක්‌ෂරයන්ට ද මෙය පොදුව තිබේ. ඒවා සංයෝග වීමෙන් ඉටු අනිටු වචනද, වචන සංයෝග තුළින් ගණද එහි ක්‍රමානුකූල සංයෝගයෙන් ඉටු (හොඳ), අනිටු (නරක) පලද උදාවන බව පැරැණි ඉසිවරුන් හෙවත් දාර්ශනිකයන් විසින් සඳහන් කරනු ලැබිණ. මේ අනුව ප්‍රබන්ධ කරන පද්‍යකරණය සෙත් හා වස්‌ කවි කරණය යනුවෙන් හැඳින්වේ. ගුප්ත විද්‍යාත්මක පද්‍ය රචනා වශයෙනුදු හැඳින්වේ. මේ සඳහා තවත් ශාස්‌ත්‍ර විධි රැසක්‌ සම්බන්ධ වේ. මේ අතර ජ්‍යෙතිෂයද ප්‍රමුඛව යෙදේ.

ජ්‍යෙතිෂයෙන් තොර වූ සෙත් කවි හෝ වස්‌ කවි කරණයක්‌ නොවන බව පැහැදිලිවම සඳහන් කළ යුත්තකි. එම ශාස්‌ත්‍රීය අංග සමූහය නිසි අයුරින් යොදා ගැනීමේ දී අදාළ අයගේ ජන්ම පත්‍රය විශේෂයෙන්ම ජන්ම නැකත සහ භාවිත නාමය මූලික වේ. ඒ අනුව අක්‌ෂර, ගණ, යෝනි, සිද්ධ චක්‍ර, පංච භූත චක්‍ර, ෂඩ් කෝණ චක්‍ර ආදී සියල්ල පරීක්‌ෂා කර යෝග්‍යාකාරයෙන් ලියෑවෙන කවියක විස්‌මිත බලයක්‌ උදාවේ. විස්‌මිත පද්‍ය ක්‍රමය වශයෙන් හැඳින්වෙන්නේ ද එබැවිනි. මෙම කොටස්‌ සියල්ල විස්‌තරාත්මකව සඳහන් කළ යුත්තකි. මේ ලිපියෙහි අරමුණ සෙත් කවියෙහි දී ශක්‌ති ගැන්වෙන එම බලය ක්‍රියාකාරීව යොදා ගන්නා අයුරු පිළිබඳව සරල විග්‍රහයක්‌ කිරීමය. නැතහොත් සෙත් කවි මඟ පිළිබඳ හැඳින්වීමක්‌ කිරීමය.

අක්‌ෂරයන්හි පංච භූත ශක්‌ති ජනනය වන බැව් මෙහි මුලදීම සඳහන් විය. මෙහිදී “අ, ඉ, උ, ඒ, ඔ” යන ස්‌වර පස ප්‍රධානම බලවේගයන්ව තිබේ. ලොව පවත්නා ඕනෑම දෙයක බල පස අඩංගු වේ. එහෙත් ප්‍රධාන වශයෙන් ර¹ පවත්නා බල හෙවත් වැඩි වශයෙන් ගැන්වූ බලයක්‌ ද පවතී. එබැවින් යම් ස්‌වරයක්‌ එක්‌ බලයක්‌ වෙනුවෙන් විශේෂත්වයක්‌ දරා ඇතත්, යම් ප්‍රමාණයකින් සෑම බලයක්‌ම දරන්නේය. ඒවා අඩු වැඩි වශයෙන් විය හැකිය. විද්‍යාත්මක සිද්ධාන්ත අනුවද එය එසේමය. පෘථිවිය (පොළොව) සියල්ලෙහිම මූල බව සත්‍යයකි. එය පඨවි වශයෙන් හඳුන්වනුයේ බහුලවම පස ඇති බැවිනි. එහෙත් පස තුළ අනෙක්‌ ධාතු කොටස්‌ද පවතී. සෙසු භූත කොටස්‌ පිළිබඳවද මෙම සඳහන් කිරීම සමාන බැව් පහදා ගැනීමට අපහසුවක්‌ නොවේ. යමෙකුගේ ජන්ම නැකත සහ නාමය මූලික කරගෙන සෙත් කවියක්‌ නිර්මාණය කිරීමේදී මෙම මූලික නීතිය උපයෝගී වේ. මෙම ක්‍රමයම යෙදිය යුතුම බැවින් රීතිය යෑයි සඳහන් කිරීම වඩා උචිත යෑයි හැඟේ.

අදාළ තැනැත්තාගේ ජන්ම නැකතට සීහෙන නැකතත් යෙදෙන දිනයකදීම සෙත් කවිය රචනා කළ යුතුය. තවද එදින පවතින නැකත කවි රචකයාටද සීහෙන්නක්‌ විය යුතුය. මෙය තවත් පැහැදිලිව සඳහන් කරන්නෙ නම් අදාළ අයත් රචකයාත් අතර සම්බන්ධතාවක්‌ පවත්වා ගැනීමක්‌ වැන්න. භූත ගුණ න්‍යාය අනුව මෙම පරීක්‌ෂාව සමාන වේ. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් පංච භූත කොටස්‌ අතර එකිනෙකට විරුද්ධ කොටස්‌ ඇති බව නිසා කාර්ය සාධනයට බාධාවන් යෙදෙන බැවිනි.

සාමාන්‍ය ජීවිතය සමග ද මෙම ක්‍රමය සමාන බැව් පැහැදිලිය. එබැවින් ප්‍රධාන වශයෙන්ම නැකත් අතර ඇති භූත ගුණ පරීක්‌ෂා කර විරුද්ධ භූත නැකත් සම්බන්ධය වළක්‌වා ගැනීමෙන් කාර්ය සාධනයට ශක්‌තියක්‌ ලැබේ. මෙයද රටාවක්‌ අනුව නිර්මාණව පවතින අයුරු පැහැදිලි වේ. අස්‌විද සිට මුවසිරස දක්‌වා නැකත් පහ පඨවි භූතයි. අද සිට පුවපල් දක්‌වා නැකත් හය ආපෝ භූතයි. ඊළඟ කොටස උත්‍රපල් නැකතින් ඇරැඹේ. එය විසා නැකත තෙක්‌ වූ තේජෝ භූත නැකත් පහකි. ඉන්පසු අනුර නැකත සිට සුවණ දක්‌වා නැකත් හය වායෝ භූත වන අතර, දෙනට නැකත සිට රේවතී දක්‌වා වූ අවසන් නැකත් පහ අයත් වන්නේ ආකාශ භූතයාටය. මෙයද රටාවකට යෙදී ඇත. පහ, හය, පහ, හය, පහ යන අයුරින් යෙදෙන නැකත් කොටස්‌වලට හිමි පක්‌ෂීන්ද ඒ අයුරින්ම යෙදේ. එනම් මුල් නැකත් පහ රාජාළි පක්‌ෂියාටද, දෙවැනි නැකත් හය පිංගල (බකමුහුණු) පක්‌ෂියටද අයත් වේ. ඊළඟ නැකත් පහ අයත් වන්නේ කාක පක්‌ෂියාටය. ඉන්පසු කුක්‌කුට පක්‌ෂියාට නැකත් හයකි. අවසන් නැකත් පහ මයුර පක්‌ෂියාටද අයත් වේ. ඕනෑම පංචාංග ලිතක දැක්‌වෙන නැකැත් ගණ යෝනි ආදී චක්‍රයක මෙය සඳහන් වන බව පෙනේ.

නැකත්, පක්‌ෂි, භූත අතර පවතින සතුරු මිතුරු තත්ත්ව වගුවෙන් දැක්‌වේ.

මෙම චක්‍රයට අනුව පැහැදිලිව ම තේරුම් ගත හැකි වන්නේ පක්‌ෂි හෝ භූත හෝ වශයෙන් හැඳින්වුවද සමාන තත්ත්වයක්‌ හෙවත් එකම ගුණයක්‌, එකම දෙයක්‌ හඳුන්වා ඇති බවකි. එනම් භූත ගුණයම ප්‍රධාන වීමයි. තවත් අයුරකින් දැක්‌වෙන්නේ මෙයද ස්‌වර පස ආශ්‍රිතවද පවතින එකම කොටසකට කොටස්‌ කීපයක්‌ බැඳී සිටින සැටියකි. එහෙයින් “අ”ස්‌වරය පඨවි භූත හා රාජාළි පක්‌ෂියා ද, “ඉ” ස්‌වරය ආපෝ භූත හා පිංගල පක්‌ෂියාද, “උ” ස්‌වරය තේජෝ පක්‌ෂියා හා කාක පක්‌ෂියාද, “එ” ස්‌වරය වායෝ භූත හා කුක්‌කුට පක්‌ෂියාද, “ඔ” ස්‌වරය ආකාශ භූත හා මයුර පක්‌ෂිද වශයෙන් දැක්‌වුවද එකම අදහසක්‌ මෙන්ම එකම දෙයක්‌ හඳුන්වා ඇති බවකි. එසේම ආකාශ භූත ගුණය පමණක්‌ සෙසු භූත කොටස්‌ සතර සමග සෑම විටම මිත්‍රත්වයෙන් සිටින බවක්‌ සඳහන් වේ. මේ අනුව සෙත් කවි රචනයේ දී මුලින්ම පරීක්‌ෂා කළ යුතු අංග කීපය කෙරෙහි මැනවින් යොමුවිය යුතුය. පඤ්ච පක්‌ෂීන් ගේ චාරයද පුර හා අව පක්‌ෂ කුල වෙනස්‌ වේ. පුර පක්‌ෂය තුළදීත් අව පක්‌ෂය තුළදීත් මර බවට පැමිණෙන පක්‌ෂි නාමයන් පඤ්චාංග ලිත්හි සඳහන් වන බැවින් මෙහි සඳහන් නොකරමි. පක්‌ෂීන් මර දිනයන්හි සෙත් කවි සාධනයට අයෝග්‍ය බැවින් මෙය විශේෂයෙන් අවධානය යෙදිය යුත්තකි.

පඨවි හෝ පස යනු ප්‍රධාන ශක්‌තිය බව මෙහි සඳහන් වේ. භූමිය යනුවෙනුදු යෙදෙ.a ඊට සම්බන්ධ වුවහොත් හොඳින්ම පල දරන්නේ ජලයයි. ජලය හෝ ආපෝ වශයෙන්ද එම භූත කොටස හැඳින්වේ. පසට ජලය ලැබීමෙන් සරුසාර බව ඇති වන්නාක්‌ මෙන් කාර්ය සිද්ධිය ඇති වේ. පඨවි ධාතුවට නරකම ධාතු කොටස තේජෝ ධාතුවයි. පසත්, ගින්නත් ඇතිවූ විට කවර නම් ශක්‌තියක්‌ද? එතැන විනාශයකි. හානියකි. අනෙක්‌ අතට ගින්න නිවීමට පස්‌ තරම් හොඳ දෙයක්‌ද නැති තරම්ය. මේ නිසා මෙම යෙදුම කල්පනාකාරීව කළ යුත්තකි.

ජල හෝ ආපෝ ධාතුවත්, වායු හෝ වාතයත් එක්‌වූ විට ශක්‌තියක්‌ නොරැඳේ. ප්‍රතිවිරුද්ධ වූ මෙම යෙදුමද හිතකර නොවේ. ආකාශ ධාතුව සමග කිසිදු ධාතු කොටසක්‌ විරුද්ධ නොවේ. මෙය ඕනෑම භූත කොටසක්‌ම සමග අවශ්‍යතාවයේ හා අවස්‌ථාවේ ආකාරයට යෙදිය හැකිය. මේ හා සම්බන්ධ ස්‌වරද, පක්‌ෂීන්ද එම අයුරින්ම යෙදෙන බැවින් වෙන් වශයෙන් විස්‌තර නොකෙරේ. අක්‌ෂරයක පවතින්නේ ස්‌වරයක්‌ සම්බන්ධ වූ ශබ්දයකි. එබැවින් ඉහත දැක්‌වූ පරිදි භූත ශක්‌ති ගැන්වී ඇති අක්‌ෂරයන්ට ආදේශ වීමෙන් ශක්‌ති ගැන්වෙනු ඇත. අක්‌ෂර තුළද භූත ගුණ පවතී.

නිදසුනකින් දැක්‌වෙන්නේ නම් “ද” අක්‌ෂරය “පඨවි” ධාතුවට අයත් ය. මේ අක්‌ෂරය ද + අ එක්‌වීමෙන් නිර්මාණය වේ. “ද්” වෙන්ව තිබෙන විට ශක්‌තියක්‌ හෝ බලයක්‌ නැත. “අ” ස්‌වරය ගැන්වීමෙන්ම ශක්‌තියක්‌ ලැබේ. මෙම පඨවි ධාතු ගුණ “ද්” අක්‌ෂරයට “ඉ” යන ස්‌වරය ආදේශ වීමෙන් “දි” යන්න සෑදේ. එවිට මෙහි ධාතු ගුණ දෙකක්‌ මිශ්‍ර වූ බව පැහැදිලිය. එනම් පඨවි සහ ආපෝ ධාතුන්ය. පසත් ජලයත් බඳුය. සරුසාර බවක්‌ හඟවයි. යහපත් දේකට අගනා යෙදුමකි. එහෙත් ජන්ම නැකත හා නාමයට ගැලපේ නම් පමණකි.

සෙත් කවියක වචන භාවිතයේ දී අදාළ අයගේ ජන්ම නැකතට මෙන්ම නමටද සීහුම් විය යුතුය. එසේම නැකතේ ස්‌වරය හා නමේ ස්‌වරය අතර පවතින භූත ගුණ තත්ත්වය ද පරීක්‌ෂා කර අවිරුද්ධ සේ යොදා ගත යුතුය. නැකතේ ස්‌වරය “අ” යන්න වී නමේ ස්‌වරය “උ” යන්න වූ විට ගැටලුවක්‌ විය හැකිය. පඨවි හා තේජෝ ගුණ විරුද්ධව තිබීමයි. එවිට මෙම යෙදුම වෙනස්‌ කිරීමට සිදු වේ. නාමයේ අක්‌ෂරයන් ස්‌වරයක්‌ වෙනස්‌ කළ නොහැකි බැවින්, කාව්‍යය ආරම්භක අක්‌ෂරයේ ස්‌වරය වෙනස්‌ කර යෝග්‍යාකාරයෙන් තැබිය යුතුය. එනම් නාමයේ ස්‌වරය හිමි හෝ (උ) ඊට විරුද්ධ නොවන භූත ගුණයක අකුරක්‌ භාවිතා කළ හැකිය. බොහෝ විටම ආකාශ භූත ගුණ ස්‌වරයක්‌ ගැන්වේ නම්, මේ ගැටලුව විසැඳේ. එහෙත් වචනය සුබ ශබ්දයක්‌, සුබ වස්‌තුවක්‌ සහිත යෙදුමක්‌ වීමෙන් කාර්යයට ශක්‌තියක්‌ උදාවේ. ඇතැම් විට මුල් වචනයේ යෙදෙන අක්‌ෂර අතරත් ස්‌වර අතරත් සම්බන්ධය ද රැක ගැනීම අවශ්‍යය. මේ සියල්ල අනෙක්‌ සියලු අංග සමග සම්බන්ධ විය යුතුය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments