Saturday, November 1, 2025
Homesiතුන්වෙනි භාවයේ ග්‍රහයින් සිටින විට ඔබගේ ජීවන තොරතුරු

තුන්වෙනි භාවයේ ග්‍රහයින් සිටින විට ඔබගේ ජීවන තොරතුරු

[ratings]

ජන්මියකු මෙලොවට ජනිතවන්නා වූ අවස්‌ථාවේ පෘතුවිය පුරා පැවතියා වූ ග්‍රහ තාරකාවන්ගේ පිහිටීම් උපයෝගී කරගනිමින් දෛවඥයන් විසින් සකස්‌ කරන්නාවූ ජන්මපත්‍රය හෙවත් කේන්දරය එකී ඡන්මියා ජීවත්වන තුරා විවිධ කටයුතු සඳහා වරින්වර පරීක්‍ෂා කිරීම සාමාන්‍ය සිද්ධියකි. එම පරීක්‍ෂාවන්හිදී කාලයෙන් කාලයට ග්‍රහයන් පිහිටා ඇති ආකාරයට ලබාඇත්තේ සුබ කාලයක්‌ද නැතිනම් අසුබ කාලයක්‌ද යන්න තීරණ කෙරේ.

එම තීරණයන්ට එළඹීමට උපකාරීවන්නාවූ කේන්ද්‍රයේ භාව දොළහේ තැන්පත්ව සිටින ග්‍රහයන්ගේ බලපෑම් මත ජන්මීන්ට හොඳ නරක සුබ අසුබ වශයෙන් ඵල ලැබෙන අතර භාවයන් දොළහ තුළ විවිධාකාරයෙන් ග්‍රහයන් නවදෙනා තැන්පත් වීම තුළ ජන්මීන්ගේ ගතිලක්‍ෂණ එකිනෙකාට වෙනස්‌වේ.

එකී සිද්ධිදාමයට අනුව යම් ඡන්මියකුගේ කේන්ද්‍රයක 3 වෙනි භාවය හෙවත් වික්‍රම ස්‌ථානයේ ග්‍රහයන් තැන්පත් වන ආකාරය අනුව ඔහුගේ හෝ ඇයගේ ජීවන තොරතුරු මේ ආකාර වේ.

රවි 3 වෙනි භාවයේ සිටින විට

බලය වැඩිවේ. රට ජාතිය පිළිබඳව හැඟීම ඇතිවේ. පිරිමි සහෝදරයන් ඇතිවේ. රජයේ රැකියා ලබයි. අංගසම්පූර්ණ ශරීරයකින් යුතු නිරෝගී අයෙක්‌ වේ.

සඳු 3 වැනි භාවයේ සිටින විට

ගැහැනු සහෝදරයන් වැඩියෙන් ලබයි. විදේශ රැකියා ලාබ ගෙන දෙයි. යහපත් විවාහයකට හිමිකම් කියයි. ශරීරය මහත්වේ. නිතර වෙනස්‌ වන සිතුවිලි ඇතිවේ.

කුජ 3 වැනි භාවයේ සිටින විට

පිරිමි සහෝදරයකුට අපල වේ. සහෝදරයන් සමඟ සම්බන්ධය අඩුවේ. ආරක්‍ෂක අංශයේ රැකියා වැඩිපුර ලබයි. ගණිතය විෂයෙන් විශේෂ සමත්කම් ලබයි.

ගුරු 3 වැනි භාවයේ සිටින විට

විදේශගත රැකියා ලාබ ලබයි. බලවත් සහෝදරයන් ලබයි. කුඩා අවධියේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. නිතර උණ රෝග ඇති වීමට ඉඩ ඇත.

බුධ 3 වැනි භාවයේ සිටින විට

උසස්‌ අධ්‍යාපනයක්‌ ලබයි. ප්‍රිය මුහුණකට වේ. බුද්ධිමත් සහෝදරයන් ලබයි. හුරුබුහුටි පෙනුමකින් යුක්‌ත වේ.

සිකුරු 3 වැනි භාවයේ සිටින විට

ප්‍රියමනාප සහෝදරියන් ලබයි. මල්, විසිතුරු භාණ්‌ඩ වෙළදාම සුදුසුවේ. කලාවෙන් ප්‍රසිද්ධියට පත්වේ. ප්‍රියමනාප ශරීරයක්‌ හිමිවේ. කට හඬ මිහිරි වේ. යන එන සැමතැන ප්‍රසිද්ධියට පත්වේ.

ශනි 3 වැනි භාවයේ සිටින විට

සහෝදරයින් රෝගී වේ. තමා බලවත් වේ. වැලි ගල් පස්‌ ලෝහ භාණ්‌ඩ වෙළෙදාම සුදුසුවේ. ඒ තුළින් ධනවත්.

රාහු 3 වැනි භාවයේ සිටින විට

ප්‍රසිද්ධියට පත්වේ. තම කේන්ද්‍රයේ සියලු නරක යෝග භංග වේ. විවාහය සුභවේ පිරිමි දරුවෙකු ලබයි. දරුවන් හට ඉතා සුභයි. විදේශ ගතවේ. ස්‌ථාන මාරු සිදුවේ.

කේතු 3 වැනි භාවයේ සිටින විට

ගැහැනු සහෝදරියන් වැඩියෙන් ලබයි. දෙඅත්වල කැළලක්‌ තිබිය හැක. අධ්‍යාපන කටයුතු සාර්ථකවේ. ස්‌නායු ගත රෝග වැළඳීමේ අවදානම වැඩිවේ.

We found this article from Divaina on 2012/02/10.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments