[ratings]
පංෙච්න්ද්රියයන්ටම වහල් වී අසීමිත ආශාවන් පෙරදැරිව කටයුතු කරන පුද්ගලයන් බෙහෙවින් වැඩි වන බවක් පෙනෙන්නට තිබේ. පුද්ගලයකුගේ කාමය පිළිබඳව නිවේදනය වන්නේ කේන්දරයේ හත්වැන්නෙනි. ශරීරයේ රහස් ප්‍රදේශය කෙරෙහි කේන්දරයේ 8 වැන්නේද යම් බලපෑමක් ඇත. කෙනෙකු තුළ පවතින සදාචාරාත්මක හෝ දුරාචාරාත්මක ගති පිරික්සීමට 9 වැන්න හා එහි අධිපති ගැනද සොයා බැලිය යුතුය. පුණ්‍ය ස්ථානයේ පාප ග්‍රහයකු සිටීම, පුණ්‍ය ස්ථානාධිපති පාපියකු වීම චරිත පාරිශුද්ධිය හීන කරන පිහිටීමකි. තවද කාමාධික ග්‍රහයන් හැටියට සැලකෙන කුජ හා සිකුරුගේ තත්ත්වයද විපරම් කර බැලිය යුතුය.
විකෘති කම් සැප කෙරෙහි යොමු වීමට පූර්ව කර්ම විපාක හේතුවිය හැකි අතර ශාරීරික ලක්ෂණ හා ඉරියව් ඇඳුම් පැළඳුම් ගමන – බිමන, කාල විපර්යාස, පරිසරය වැනි බාහිර සාධාකද ඉවහල් විය හැකිය.
මෑත භාගය වන විට කාමාපරාධවල වර්ධනයක් වී ඇති බව පුවත්පත් වාර්තාවලින් තහවුරු වේ. මානව වර්ගයාට පමණක් මෙය සුවිශේෂී වන්නක්ද අනෙකුත් සත්ව වර්ගයාටත් පොදු වු ධර්මතාවයක්ද යන්න විමසා බැලීමට පර්යේෂණාත්මක ලිපියක තොරතුරු කෙරෙහි අවධානය යොමුකර බලමු.
සමලිංග වාදය හෙවත් (Hධඵධ SEඞඹAඛෂඔශ) මිනිසාගේ ලිංගික සංවර්ධනයේ එක් අවස්ථාවක් ලෙස සලකනු ලැබේ. මෙය පරිසරයේ බලපැවැත්ම අනුව ප්‍රගුණ කරන්නකි. හුදෙකලා ලිංගික තෘප්තියට වඩා සජීවී සහකරුවකු තුළින් තෘප්තිමත් වීම මෙමගින් සිදුවේ. දෙදෙනකු අතර පවත්නා තද ආවේග බහුල බන්ධනය ශාරීරික වශයෙන් ප්‍රකාශ කිරීම සම ලිංග වාදයෙන් අදහස් කෙරේ. මිත්‍රත්වය මෙයට අවශ්‍ය වන එක් සාධකයකි. මිත්‍රයා වනාහී විශ්වාසවන්ත පුද්ගලයාය. යම්කිසි රහසක් කිව හැකි පුද්ගලයාය. මෙම මිත්‍රත්වයේදී එක් අයෙක් ක්‍රියාකාරී වෙයි. අනෙකා නතුවෙයි. අක්‍රීය වෙයි. අක්‍රීය වූ තැතැන්තා අනෙකා ගෙන් ආරක්ෂාවද පතයි.
මානව දේහයේ සුන්දරත්වය හා රමණීයත්වය ආශ්වාදයක් බවට පත් කිරීම මෙහි විශේෂත්වයයි. ශරීරයේ සුකොමල ස්වභාවයද සමලිංගික වාදයට අවශ්‍ය ලක්ෂණයක් බව කියති. සියුමැලි ළපටි මෘදු මොලොක් ශරීරයන්ට ඇති ලොල්කම ළපටි කාමුකකම යනුවෙන් හැඳින්වේ.
ස්පර්ශ කිරීම, පිරිමැදීම, වැළඳ ගැනීම, චුම්භනය කායික වශයෙන් ප්‍රකාශයට පත් කිරීම මෙහිදී සිදුවේ.
කුඩා කල පටන්ම ස්වකීය විරුද්ධ ලිංගික පාර්ශ්වයෙන් ඉතා දරුණු ලෙස වෙන් කර තැබීම සමලිංගික නොහොත් ඒක ලිංගික සේවනයට යොමුවීමේ ප්‍රධාන හේතුව බව පිළිගැනේ. නව යොවුන් හා තරුණ වියත් සමග ශාරීරිකව පිබිදී ගෙන එන ආවේග බහුල සිතුවිලි තුළින් හටගන්නා ආශාවන් සංතර්පනය කර ගැනීමේ පහසු මගකි, මෙය.
සමහර පිරිමි ගැහැනු වීමට දැඟලීමත්, සමහර ගැහැනු පිරිමි වීමට දැඟලීමත් සම ලිංගවාදී ලක්ෂණයක් බව මනෝවිද්‍යාඥයන්ගේ මතයයි. සමලිංගවාදය ලෝකයේ හැම තැනම විහිදී පැතිරී පවතී. ඇතැම් රටවල මෙය නීතිගත කරන ලෙසට ඉල්ලා උද්ඝෝෂණය කරන අවස්ථා අසන්නට ලැබේ. හිට්ලර් බිහිවීමට පෙර ජර්මනියේ ඇති වූ මැන්ඩර් වෝගල් ව්‍යාපාරය හිට්ලර් යුගයේ සමලිංගවාදී තරුණ සමාජයේ ආරම්භය හැටියට සලකනු ලැබේ.
ජ්‍යෙdතිෂ්‍යට අනුව සලකා බැලීමේදී සඳු- බුධ, රාහු – බුධ, කේතු – බුධ වැනි ග්‍රහයෝග තුළින් පුද්ගලයන්ගේ විකෘති කාමාශාවන් පිළිබිඹු වේ. තවද ශනි – කේතු වැනි ග්‍රහයෝගයක් තුළින්ද එවැනිම විකෘති ආශාවන් ජනිත විය හැකිය.
බුධ – කේතු වැනි නපුංශක ග්‍රහයන් සමග දුර්වල ග්‍රහයෝ සංයෝග වීම තුළින් මෙම විකෘති ආශාවන් වල තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇත. මේ අනුව යමෙක් පෙර ආත්මයෙහිදී කරන ලද පාප ක්‍රියාවල පලයක් ලෙස මෙවන් විකෘති ආශාවන් වර්ධනය කරන ග්‍රහ පිහිටීම් කේන්දරය තුළින් බහුලව දැකිය හැකිය.
සමහර රටවල හා සංස්කෘතීන් වල සමලිංගික සේවනය සාමාන්‍ය දෙයකි. ප්‍රංශ විප්ලව කාලයේදී සමලිංගිකවාදියෝ ගිනි තබා මරා දමනු ලැබූහ. ප්‍රංශ විප්ලවයෙන් පසු නැපෝලියන් බොනපාට් විසින් එම දඬුවම ලිහිල් කරනු ලැබුවේය.
මෙය මානව දේහයට පමණක් සීමා වූවක් නොවේ. සත්ව සංහතිය තුළම බලවත් සතා දුබලයාව ලිංගික සේවනයට ගොදුරු කර ගනී. මුහුකුරා නොගිය පිරිමි වඳුරා විශේෂ වූත්, ප්‍රසිද්ධ වූත් සමලිංගවාදී යුගයක් පසුකරන බවද, ලිංගික පරිණත භාවය ලැබූ පසු විරුද්ධ ලිංගික පාර්ශ්වය හා එක් වී සමලිංගික, ඒකලිංගික යුගය අවසන් කරනු ලබන බවද වඳුරන් හා වානර වර්ගයන් පිළිබඳව පර්යේෂණ කළ ජී. වී. හැමිල්ටන් ප්‍රකාශ කරයි. වානරයන් හා චිම්පන්සින් පිළිබඳව සොයා බැලූ ෂකර්මන් නමැත්තා පවසනුයේ මෙය ගැහැනු සතුන් තුළ වැඩිපුර බලපවත්වන බවයි.
ම්ලේච්ඡ මනුෂ්‍යයින් අතර සමලිංගික සේවනය බහුලය. ඇබිසීරියන්වරුද, ඊජිප්තු වැසියන්ද මීට අවුරුදු 4000 කට පමණ පෙර සමලිංගිකවාදය ගැන දැන සිටියහ. පැරැණි ග්‍රීක්වරුන් සමලිංගිකවාදය බහුමානයෙන් පිලිගත්හ. විරුද්ධ ලිංගික ආලයට වඩා සමලිංගික ආල උතුම් බව ඔවුහු සැලකූහ.
පිරිමි පමණක් රැඳෙන තැන්වලද, සිර කඳවුරුවලද, නේවාසිකාගාර තුළද, ලිංගික අන්තර් බන්ධන පැවතිsය හැකිය. බුද්ධිමත් හා කීර්තිමත් මිනිසුන් අතරද සමලිංගික සේවනය පවතී. ගත්කතුවරුන් සාහිත්‍යධරයන්, කලාකරුවන් ඒ අතර වෙති. මෙය ජන්මයෙන් ලත් පුරුද්දක්ද ඉපදී ලබාගත් පුරුද්දක්ද යන්න නිරාකරණය කිරීමට තවමත් අපහසු වී ඇත. මෙම අශීලාචාර පුරුද්දෙන් වැළකීමේ එකම මග සුකොමළ දේහය මෘත දේහයකට උපමා කර ශරීරයේ අනිත්‍ය ස්වභාවය හා පිළිකුල් භාවය ගැන මෙනෙහි කිරීමයි.
ලෝක ප්‍රකට ගත් කතුවරයකු වූ ඔස්කාවයිල්ඩ් විකෘති කාමාශාවලින් පෙළුණු තැනැත්තෙකි. ඔහුගේ කේන්දරය ඉහතින් දැක්වේ.
එහි ලග්නාධිපති රවි හා සිකුරු නීච වීම, බුධ හා කේතු සමග යෝගවීම නිසා කාමාශාවන් විකෘති වීමට ඉවහල් වී ඇති බව පෙනේ. සිකුරු බලවත් වීම පිවිතුරු ආදරය සෙනෙහස පිළිබිඹු කරන පිහිටීමකි. සිකුරු නීචවීම විරුද්ධ ලිංගික ඇසුරට හිතකර පිහිටීමක් නොවේ. තවද ලග්නාධිපති නීචවීම චරිතයට කැළැල් ඇත්කරන පිහිටීමකි.
We found this article from Divaina on 2012/05/25.
Also Sinhala to English Google word to word translation can be found here