[ratings]
නොමැරෙන්නන් ලෙස විවිධාකාරයේ, කටයුතුවල යෙදෙමින්, ධන ඉපයීමට දිවා රෑ වෙහෙසුනත්, කවදා හෝ කවර ආකාරයකින් හෝ කොතැනකදී හෝ මරණය සිදුවීම ඒකාන්ත බව කවුරුත් දනිති. පිළිගනිති.
ජන්ම පතක අටවැන්න මාරකස්ථානය නොහොත් ආයුස්ථානය ලෙස සැලකෙති. දෙක, හත එකොළහද මාරක කෙරෙහි බලපාන බව සලකති. එබැවින් විවිධාකාර වූ මරණ සිදුවීමට බලපාන ශුභ පිහිටීම් මොනවාදැයි සොයා බලමු.
උපතේදී අටවැන්නේ රවි සිටිය හොත් ගින්නෙන්ද, සඳු සිටියහොත් ජලයෙන්ද, කුජ සිටියහොත් අවියෙන්ද, බුද සිටියහොත් උණෙන්ද, ගුරු සිටියහොත් රෝගයකින්ද කිවි සිටිය හොත් පවසින්ද, ශනි සිටියහොත් බඩසයින්ද ඒ නැතැත්තා මිය යතියි ජ්යෙdතිෂයෙහි සඳහන්ය.
මේෂ, කටක, තුලා, මකර යන වර රැසකින් උපන්නා පිට රටකදී හෝ ස්වකීය නිවසින් පිටතදී ද, වෘෂභ, සිංහ, වෘශ්චිත, කුම්භ යන තිර රැසකින් උපන්නා සිය රටේදී හෝ සිය නිවසේදී ද, මිථුන, කන්යා, ධනු, මීන යන උභය රැසකින් උපන්නා ගමනක යෙදී සිටියදී ද මිය යන බව සලකති.
අටවැන්නෙහි ග්රහයන් කීපදෙනෙකු සිටිවිට ඉන් බලවත් ග්රහයාට හිමි වා, පිත්, සෙම් යන ධාතු කෝපයකින්ද, අටවැන්න හිස් නම් එය දකින ග්රහයාට හිමි ගිනි, ජල ආදියකින්ද මරණය සිදුවන බව කියති.
අටවැන්නට බොහෝ ග්රහයන්ගේ දෘෂ්ටි ලද විට බලවත් ග්රහයාට අනුවද, බලවතුන් වැඩිවූවිට ඒ ග්රහයන්ට කී හේතු එක් වීමෙන්ද, මරණය සිදුවේ.
දහය, හතර යන රාශීන්හි රවි හා කුජ සිටියොත්, උසකින් වැටීමෙන්ද, දහය, හත, හතර රාශිවල කුජ, සඳු, ශනි සිටියහොත් ළිඳක වැටීමෙන්ද, කන්යා රාශියෙහි හිරු සමඟ සිටි සඳු පාප දෘෂ්ටි ලදොත් බන්ධනයකින්ද, මීන ලග්නයෙහි හිරු, සඳු නම් ජලයක ගිලීමෙන්ද මරණය සිදු වේ.
කටකයේ ශනිත්, මකරයේ සඳුත් නම් සූදු ක්රීඩාවක යෙදී සිටියදීද, මේෂ, වෘශ්චික යන කුජ රාශියක සඳු පාපයන්ට මැදිව සිටියහොත් අවියකින් හෝ ගින්නෙන්ද මරණය සිදුවේ යෑයි පිළිගනිති. පාපයනට මැදිව සඳු කන්යා රාශියේ සිටි කල ලෙයින් හටගත් වියළි රෝගයකින් මරණය වේ.
ශනි රැසක (මකර, කුම්භ) සඳු සුබයනට මැදිව සිටි කළ රැහැනින් බැඳී හෝ ගින්නෙන් හෝ මරණය සිදුවේයෑයි කියති.
මීනයේ හිරුත්, මේෂයේ පාපයත් සඳුත් සිටි කළ ස්ත්රියක් හේතුකොට ගෙන මරණය වේ. සඳු පාපයන් සමඟ කටකයේ සිටි කලද එසේ වේයෑයි සමහරු කියති.
සතරේ කුජ හා හිරුද, දහයේ ශනි හා අව සඳුද පහ නවය හා ලග්නයේ පාපයන්ද සිටි විට උල් ඇනීමෙන් මරණය සිදුවේ.
අවසඳු සමඟ රවි හතරේද ශනි දෘෂ්ටි ලත් කුජ දහයේද සිටියදී උපන්නා දර ලීයක් වැදීමෙන් මිය යයි.
හතර, හත, දහය රාශිවල පිළිවෙළින් කුජ, හිරු, ශනි සිටි කල අවි, ගිනි හා රාජ කෝපයෙන් මරණය වේ.
අව සඳු, කුජ, හිරු, බුද හා ශනි පිළිවෙළින් අට, දහය, එක, හතර සිටිවිට තද පොලු පහරකින්ද, අව සඳු, හිරු බුද, ශනි පිළිවෙළින් දහය, නවය, එක, පහ යන තැන්හි සිටිකල දුමින් ගින්නෙන් හෝ මිට මොලවා අතින් දුන් තද පහරකින්ද මරණය වේ යෑයි අදහති. දහය, හතර දෙක යන රාශිවල කුජ, ශනි, සඳු සිටීමේ හේතුවෙන් පණු රෝගයකින්ද, දසවැන්නේ හිරු, සඳු, කුජ සිටීමෙන් මත්පැනින් හෝ උසකින් වැටීමෙන් හෝ මරණය වේ.
තුලාවේ කුජද, මේෂයේ හෝ වෘශ්චිකයේ හිරුද, මකරයේ හෝ කුම්භයේ සඳුද සිටි කල මළ, මුත්රවලින් අපිරිසිදුව මරණය සිදුවේ යෑයි කියති. අව සඳු, හිරු හා කුජ දහය, අට, හතරේ සිටියදී අශූචි ගොඩක මරණය වන බව පිළිගනිති.
අටේ සිට අව සඳු හා ශනි දෙදෙනා බලවත් කුජ ගේ දෘෂ්ටිය ලත් විට ගුල්ම රෝග, පණු රෝග ආදියෙන් මරණය සිදුවේ.
හතේ හිරු හා කුජද අටේ ශනිද, හතරේ සඳුද සිටියදී පක්ෂීන් කරණකොට මරණය සිදුවන බව පිළිගනිති.
එක, පහ, නවය, අට යන රැස්හි පිළිවෙළින් හිරු, කුජ, ශනි, සඳු සිටීමෙන් ගල්, අවි, බිත්ති, ආදියෙන් වැටීමෙන් හෝ ඒවාට තද වීමෙන් මරණය වේයෑයි කයති.
බුදු දහමේ එන පංච නියාම ධර්ම නියාමයන්ට අනුව උතු නියාමය නිසා සිදුවන නියඟ, වසංගත රෝග, සුනාමිය, ජල ගැලීම් නිසා සිදුවන මරණ, ඉහත කී මරණ හේතුවලට අනුකූල නොවන බවද කරුණාවෙන් සැලකුව මැනවි.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here