[ratings]
සෑම වසරකම සැප්තැම්බර් 23 වැනිදාත්, ඔක්තෝබර් 23 වැනිදාත් අතර කාලය තුලා රාශිය පිළිබඳ මාසයයි. එම මාසය තුළ උපත ලද අයගේ පලාපල මේ ලිපියට ඇතුළත් ය.
තුලා රාශියේ ලක්ෂණය – තරාදි කුට්ටමකි. කිවි ග්‍රහයා, පාලක ග්‍රහයාය.
තුලා රාශියට අදාළ මාසයේ උපන් ගැහැනු හෝ පිරිමි කෙනෙකුගේ ස්වභාවික ගති පැවතුම් – ඇස ප්‍රිය කරන සෑම දෙයක් කෙරෙහිම ඇදී යන්නේ කාන්දමකට යකඩ කෑල්ලක් ඇදෙන පරිද්දෙනි. ලස්සන මුහුණක් හෝ මලක් හෝ ගහක් වැලක් හෝ දුටුවහොත්, එය සිතෙහි රැඳී පවතින්නේ ඉබේමය. මනස්කාන්ත සියලු දෙයකින්ම කිසියම් රසයක් විඳ ගැනීම පුරුද්දය. සිත් අදනා අයුරින් ගීත ගායනා කරන ගායක ගායිකාවන්ට බෙහෙවින් ඇලුම් කරන අතර රසවත් ගීත ශ්‍රවනය කරන්නට දක්වන්නේ බලගතු කැමැත්තකි. සිත්තැවුලෙන්, කනස්සල්ලෙන් පෙළෙන්නට සැනසුමක් ළඟා කර දිය හැකි ස්වභාවයක් මෙන්ම සෙස්සන්ට සතුට සොම්නස ළඟා කර දීමේ හැකියාවක්ද තිබිය හැකිය. අවස්ථාවෝචිත, කාලෝචිත ආකාරයට ක්‍රියා කිරීමට එතරම් උනන්දුවක් නොදැක්විය හැකි අතර කෘතහස්තභාවයකින් තොර කෙනකු වන්නටත් බැරිකමක් නැත.
පරීක්ෂාකාරී බවක් පවතින නමුත් නොසැලකිලිමත්ව ක්‍රියාකරන අවස්ථාද ඇත. සාමකාමීව ජීවත් වීමට හැකි තරම් වෙර දරන සෙයකි.
ජීවිතයේ තත්ත්වය හා සෞඛ්‍ය තත්ත්වය – දේහ ශක්තියෙන් පිරිපුන්, සෞඛ්‍ය සම්පන්න කෙනකු විය හැකිය. එසේ වුවද, සමහරවිට, ස්නායු ආබාධ හා අජීර්ණ රෝග ද වැළඳීමට බැරිකමක් නැත. අජීර්ණාබාධ ඇති විය හැක්කේ, නොසැලකිල්ල නිසාය. පමණට වඩා ආහාර ගැනීම, අනිසි වේලාවල ආහාර ගැනීම යනාදිය නිසා එම ආබාධ ඇති විය හැකිය.
වැඩ කිරීමේදී සෙස්සන්ට වඩා ඉක්මනින් වෙහෙස මහන්සියට පත්වන සෙයක්ද දක්නට ඇත.
විනෝදාත්මක ක්‍රියා සහ කරන්නට ප්‍රිය ක්‍රීඩා යනාදිය – ජන සමාජයේදී උඩඟු විලාශයකින් හැසිරීමේ කැමැත්තක් තිබිය හැකිය. සිරුරට වෙහෙස මහන්සිය ගෙන දෙන කිසියම් ක්‍රීඩාවක නියෑළී, විවේකය ගත කිරීමට කැමතිය. ඔට්ටුවට මුදල් තබා කරන සෙල්ලම්වලින් නම්, ජය ගත හැකි සෙයක් දක්නට නැත.
කරන රැකීරක්ෂා යනාදිය – සංගීත හෝ සාහිත්‍ය ක්ෂේත්රයට, නොඑසේ නම්, චිත්‍ර ශිල්පයට සම්බන්ධ වෘත්තියක් ඉතාමත් ගැලපෙනු ඇත. වෙළෙ¹ම වැන්නකට යෝග්‍ය නැත. අදාළ මාසයේ උපන් කාන්තාවන්, මැහුම් ගෙතුම්වලට දක්ෂය.
ප්‍රේමය හා විවාහ ජීවිතය – තනිපංගලමේ ජීවත් වන්න කිසි කැමැත්තක් නොදක්වන අතර විවාහ ජීවිතය වාසනාවන්තය. කල්තබාම වාගේ යුග දිවියට එළඹිය හැකිය. සමාජයේ සිත් දිනාගැනීමට පුළුවන. යුග දිවියේ මුල් කාලය එතරම් සාරවත් විය නොහැකි වුවද, කල්ගතවත්ම, ශුභ පල උදාවනු නොඅනුමානය. සිත්ගන්නා ආකාරයකට, පිළිවෙළකට සකස් කෙරුණු නිවසක පදිංචිව සිටීමට කැමැත්ත දැක්විය හැකිය.
ශුභ දවස – ශුභ දවස සිකුරාදාය.
වාසනාව උදා කරන වර්ණය මැණික් වර්ගය හා ලෝහය – නිල් පාටින්ද, කොළ පාටින් මෙන්ම දුඹුරු පාටින්ද ශුභ පල අත්විය හැකිය. වාසනාවන්ත මැණික් විශේෂය වන්නේ උපල මැණික්ය. ශුභ පල උදාකරන ලෝහ ජාතියක් නොමැත.
සෑම වසරකම ශුභාශුභ කාල වකවානු – සෑම වසරකම ජනවාරි 21 වැනිදා හා පෙබරවාරි 19 වැනිදා අතර කාලයත්, මැයි 21 වැනිදා හා ජුනි 21 වැනිදා ද අතර කාලයත් ශුභ කාලය වනු ඇත. අශුභ කාලය වන්නේ ජුනි 21 වැනිදාත්, ජුලි 22 වැනිදාත් අතර කාලයයි.
ස්වකීය ජීවිතයට අදාළ සියලුම වැදගත් කටයුතු මෙකී ශුභ කාලයේදී කරගැනීම යහපත්ය.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here