Friday, September 12, 2025
Homesiසිහින පලා ඵල කවියෙන්

සිහින පලා ඵල කවියෙන්

[ratings]

කන්දක්‌ නගිනු සිහිනෙන් දුටුවොතින් ඉබේ

කටයුතු සඵල වෙයි ජයපිට ජයම ලැබේ

වෙළ හෙළඳාම් කටයුතුවල නියුතු ඔබේ

දියුණුව දිනෙන් දින ඉහළට නැඟෙනු ලැබේ

පහතට වැටෙනු දුවගොස්‌ කඳු මුදුනෙ සිට

අයසට වැටෙනු ඇත ඔබ එම මොහොතෙ සිට

බාධක කම්කටොලු පැමිණෙයි එක ලෙසට

පිහිටක්‌ වෙතොත් දෙවියන්ගෙන් මය ඔබට

කරනව දුටොත් කඳු මුදුනෙහි අහර කිස

සිරි සැප උදාවෙයි – දුරුවෙයි සියලු දොස

යොමුවෙයි සැම දෙනගෙ සොම්නස්‌ රැඳුන ඇස

දිවිමඟ ගෙවනු ඇත නිසිලෙස ඇතිව තොස

රැස්‌වී තිබෙන වැලි ගොඩවල් දුටුව කල

බාධක කම්කටොළු පැමිණෙනු ඇත එකල

නිල් තණ බිමක්‌ දුටහොත් සිහිනයකි ඵල

අගහිඟකම් දුරුව ඇති වෙයි සෙත විපුල

උයනක සැරිසරනු දුට සිහිනයෙන් මිත

කටයුතු සඵල වනු ඇත අත්වනුයෙ සෙත

හිsතවත් කෙනෙක්‌ වෙන් වීමක්‌ යෙදෙනු ඇත

එමගින් අසහනය සුළුවෙන් වුවද වෙත

දිරිමත් කමින් සිය කටයුතු ඉටු වීමෙන්

ඔබහට සෙත ලැබේ මෙම සිහිනයෙ නාමෙන්

උල්කාපාත නිදි යහනෙදි දිස්‌ වීමෙන්

සුබ පල උදාවනු ඇත පින ඵල දීමෙන්

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments