අංක එක ගැන කරුණු දැන ගත් ඔබ අංක 2 ක ගැන දැන ගැනීමට මග බලා ඇතිනෙ. එහෙනම් උපන් දවස 2, 11, 20, 29 ද කියල හිතල බලන්නකෝ. ඉහතින් මා ලියල ඇති දිනක ඔබ උපත ලබා ඇත්නම් අංක 02 කට හිමි බව මතක තබා ගන්න. අංක දෙක සඳු ග්‍රහයට අයිතිය. පුර සඳු බලවත් වගේම අව සඳු දුබල වේ. ජලයට අධිපති වගේම ග්‍රහලොව රාජ දේවිය වගේම මව නියෝජනය වේ. ඒ වගේම සඳු හිතට අධිපති නිසා ඒ කාලේ කතාවක් තිබුණා නේද? “පිස්‌සු හැදෙන සඳ” කියලා. ඉතින් අංක 2 හිමියන් සඳුට අධිපති නිසා හැමෝටම පිස්‌සු හැදෙන්නේ නෑ.
මනස දියුණු අංක 2 හිමියෝ
හිත දියුණු කරපු බොහෝ උදවිය අංක දෙක යටතේ උපත ලබා ඇත. අංක 2 ක හිත නියෝජනය කරන නිසා හරියයි දෝ, වරදියිදෝ කියල දෙපැත්තට අදින ගතියක් සමහර උදවිය ළඟ තිබේ. පීනන්න ජලයකට බැසිය යුතුය. ඊට අදාළ ජලයක මිස (ඇළ, දොල, ගංගා) කොරහකට, බේසමකට පැනල පීනන්න බැරිය. සමහර අංක 2 හිමියන් ගොඩ සිට පීනන්න ගොස් දණහිස් දෙක තුවාල කර ගන්නවා ඇත. අංක 01 රවිට අයිති වගේම අංක 02සඳුට අයිතිය ඉර හඳ පායන තුරු ආලය ආදරය, සතුට, සැපත ළඟා කර ගන්න කැමැති නම් අංක 2 යටතේ උපත ලබා ඇත්නම් අංක 01 තෝරා ගන්න. දැන් ඉතින් තරුණ තරුණියෝ මේ ලිපිය කියවලා යමක් හිතට ගනී නේද?
සමහර ගෙවල්වල පිත්තල ඉර හඳ ගෙදර සාලයේ දෙපැත්තේ සවිකර තියෙනවා ඔබ දැකල ඇතිනෙ. ඉර හඳ ගසා තිබෙන්නෙ එම ස්‌ථානය ඉර හඳ පවතින කල් පැවැතීමයි.
ඉතින් අංක 02 යටතේ ඔබ ඉපිද ඇත්නම් මා ලිපියෙන් ලියන කරුණු හොඳට හිතට ගන්න. මොනවා වුණත් බොහෝ අංක 2 හිsමියන් බුද්ධිමත් අයවේ. හිත වෙහෙසා කටයුතු කිරීමට ඉතාම දක්‌ෂ අය වනු ඇත. ඒ වගේම හරිම හොඳ ගති ගුණ තිබේ. අංක 2 ක ජලයට සම්බන්ධ කමක් තිබෙන නිසා ජලය එක තැන තිබුණ විට පල් වී දුඟඳ හමනු ඇත. එම නිසා පොත පතේ හෝ රටට ජාතියට, ආගමට යමක් කිරීමට උත්සාහ ගන්න. හිත මගේ හොඳ නෑ කියල පිස්‌සු හදාගන්න එපා.

ජලය ධනයට අධිපතියි කියල කියන්නේද? හේතුවක් උඩයි. ඕනෑම කෙනෙකුට ආහාර නැතත් ජලය ඇත්නම් යම් දිනක් ජීවත් වීමටත් පුළුවනි. මේ ලෝකය වැඩි පුරම ජලයෙන් යටවී ඇත. ජලය හිතට අධිපතිනම් හොඳට හිතන කෙනාට මොනවාද? කරන්න බැරි හිත හොඳ නම් පත කුඩා නැත. අංක 02 හිතට අධිපති නිසා අංක 2 දිනක ඔබ උපත ලබා ඇත්නම් මා කියන දේ හොඳට වැටහේවි. සමහර අය මගෙන් අසාවි එකොළහ දෙක වන්නේ කොහොමද කියලා. 11 01+ 01= 02 යි වටහා ගන්න.
ගති ලක්ෂණ
අංක 02 අයත් දිනක උපත ලද සමහර උදවිය තද කම්මැලිකමක් විදහා දක්‌වනු ඇත. මොළේ වෙහෙසන කෙනාට ඇඟපත වෙහෙසා වැඩ කිරීමට අපහසු කමක් තිබේ. සමහරු කම්මැලි නිසා පුවත්පතක් බලන්න වත් වෙලාව නෑ කියලා කියනු මට ඇසී ඇත. අංක 2 හිමියන් වෙලාව කලාවක් කර ගන්න බලන්න. වෙලාව හොඳට හදා ගත්තු අංක 02 යටතේ උපත ලද ප්‍රසිද්ධ අයගේ නම් ටිකක් මා මේ ලිපියේ පහතින් සඳහන් කරල තබනවා කියවලා බලන්න. අංක 02 හිමි සමහර උදවිය හොඳ වගේම දිය යටින් ගින්දර ගෙන යැමටත් හරිම දක්‌ෂය. සමහරු දිය රෙද්දෙන් බෙල්ල කපන තත්ත්වයටද පත්වේ. හැම දෙනාම අංක 02 දිනක උපත ලැබුවද? පුර අව බේදය වගේම නැකත් ප්‍රබේදය තුළ ගති ගුණ වෙනස් වීම අපට වළක්‌වන්න අමාරුය. උපතේදී බලවත් ග්‍රහ පිහිටීම් නැති අංක 02 හිමි අයගේ විවාහ ප්‍රමාද වීමටද ඉඩ තිබේ. අංක 02 හිමියන්ට දැනුම ඇතත් අමතක වන අවස්‌ථාද නැතුවා නොවේ. ඉතාම දක්‌ෂ ලෙස රැකියා කළාද වරින් වර රැකියා වෙනස් වීමටද ඉඩ ඇත. ආලය ආදරය නිසා ජලයෙන් විපත් වැඩිපුර ඇති කර ගන්නේද? අංක 02 හිමි අයයි.
අංක 02 හිමි අය 1,3,5,6,8,9 යන දිනට උපත ලද අය ඇසුරු කිරීම තුළින් බාධක ජය ගැනීමට මග පෑදෙනු ඇත. වයස අවුරුදු 11,20,29,38,47, 56 වර්ෂ ජීවිතයට ඉතාම වැදගත් යහපත් දේවල් සිදුවේ. ඉරිදා, සඳුදා, සිකුරාදා යන දින අංක 2 හිමියන්ට ඉතාම හොඳය. 2,11,20,29 දිනයන් වැදගත් දේවල් සඳහා යොදා ගන්න. උපන් දවස අංක 2 ට හිමිකම් ඇතත් ඔබගේ වෛද්‍ය අංකය (අවුරුද්ද + මාසය + දිනය) 1,3,5,6,8,9 යෙදී ඇත්නම් යම් යම් දෝෂ මතුවේ දෛව අංකය ජය අංකය ගැන මෙම ලිපි මාලාව අවසානයේ කියාදීමට බලාපොරොත්තු වනු ඇත. දැන් මේ ලියා ඇත්තේ උපන් දවස දිනය ගැන පමණි. ඒ කියන්නේ මාසයක් තුළ 1,2,3,4 ආදී 31 දක්‌වා උපන් අංකයට අදාළ කරුණු කාරණා වේ. අංක 9 න් පසු ඇති සෑම ඉලක්‌කමක්‌ම තනි අංකයට යොදා ගන්න. ඒ කියන්නෙ ඔබ ඉපදි ඇත්තේ 29 දිනක නම් 2+ 9 – 11 යි.

එකොළහ කියන්නේ 1+ 1+ = 02 යි වැටහෙන්නේ නැතිනම් මගෙන් අසා ගන්න.
ශ්‍රී ලංකා හිටපු ජනපතිනිය (1945.06.29)
චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය
- ඉන්දියාවේ මහත්මා ගාන්ධි (1869.10.02)
- ඩී. ඇස් සේනානායක (1884.10.20)
- මාර්ටින් වික්‍රමසිංහ – (1891.05.29)
5 මීමන ප්‍රෙAමතිලක – (1918.09.20)
මේ වගේ රටට, ජාතියට වැඩ කරපු නොකරපු බොහෝ උදවිය අංක 02 යටතේ උපත ලබා ඇත. ඒ සියල්ල මේ ලිපියට ඇතුළත් කර පෙන්වීම අපහසු කරුණකි.
We found this article from Divaina on 2014/05/04.