අකුරු කියවීමට පෙර මේ ගැනත් සිතන්න

3601
අකුරු
අකුරු

[ratings]

ආදරණීය දුවා දරුවන් හදා වඩා උස්‌ මහත් කරන්නට මෙන්ම සමාජයේ උගත් දරුවකු කරන්නටත් දෙමාපියන් ගන්නා මෙහෙය අපමණය. එහිදී අපේ දෙමාපියන් උත්සාහ ගන්නේත්, සිතන්නේත්, පතන්නේත් “පුතේ උඹ ලොකු මිනිහෙක්‌ වෙයන්” යන අදහසයි. ඉපදෙන සෑම කෙනකුටම වෛද්‍යවරයෙක්‌, ඉංජිනේරුවෙක්‌ වන්නට බැරිය. එකම දියණිය එකම පාසලකට ඇතුළත්ව එකම ගුරු පිරිසක්‌ යටතේ අධ්‍යාපනය ලබා පාසලින් සමුගන්නා දරුවන්ගෙන් කොටසක්‌ උසස්‌ අධ්‍යාපනයක්‌ ලැබීමටත් තවත් කොටසක්‌ විභාග අසමත් වන්නටත් හේතුවක්‌ තිබිය යුතුයි නේද? විභාග අසමත් වූ විට ගුරුවැරුන් බනින්නටත් විදුහල්aපතිතුමා විවේචනය කරන්නටත් නොඑසේ නම් දරුවාට බනින්ටත් විදුහල්පතිතුමා විවේචනය කරන්නටත් නොඑසේ නම් දරුවාට තමා දන්නා නරකම වචනවලින් “උපකාර” පුදන්නටත් හොඳ නැත. දරුවාට ඉගෙන ගන්නට බැරි උනේ ඇයි? සලකා බැලීමත් දැනට පාසල් යන දුවා දරුවන්ට අධ්‍යාපනය දුර්වලනම් ඊට හේතුව සහ පිළියම් යෙදීමට උපකාරි වීම මේ ලිපියේ අරමුණයි.

දරුවා බහ තෝරණ වියේදී අකුරු කියන්නට අපේ දෙමාපියන් විශාල උනන්දුවක්‌ දක්‌වති. එතනදී කරන වරදනම් “පොදුවේ” සුබ නැකැත් දිනයක අකුරු කියවීමයි. එහෙත් එය වැරදිය. එක්‌ අයෙකුට සුබ නැකත අනෙකකුට අසුබ නැකතක්‌ විය හැක. “සරස්‌වතී යෝගයක්‌” සහිත දිනයකදී අකුරු කියෑවීම සුබ වුවත් ඒ සරස්‌වතී යෝගය ඇත්තනේම සෑම අයකුටම නොගැලපේ. උදාහරණයක්‌ ලෙස “අස්‌විද නැකතින් උපන් දරුවෙකුට “බෙරණ” නැකත “සම්පත්” නැකැතක්‌ වුවද “රෙවතී” නැකතින් උපන් අයෙකුට “බෙරණ” නැකත “විපත්” නැකතක්‌ වේ. “කැති” නැකතින් උපන් අයට “දේව” නැකත “විඳ” නැකතක්‌ වුවද “අද” නැකතින් උපන් අයට එය ක්‌ෂේම නැකතක්‌ වේ. මෙයින් පෙන්වන්නට අදහස්‌ කළේ පොදුවේ සියල්ලටම “අවුරුදු” නැකත මෙන් එකම නැකතක්‌ සුදුසු නොවන බවයි. එසේම මෙසේ “පොදු” නැකත් සාදන්නේ කොළඹට ඉර උදාව සලකා බලාය. එහෙත් සෑම දිනකම ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඉර උදාව වෙනස්‌ය. උදාහරණ සේ කොළඹට වඩා නුවරට ඉර උදාව විනාඩි (03) තුනක වෙනසක්‌ ඇත. අක්‌කරපත්තුවට විනාඩි (08) අටක්‌ වෙනස්‌ය. ඒ නිසා දරුවාට අකුරු කියන විට ප්‍රවීණ ජ්‍යෙdතිෂ මහතෙකුගෙන් දරුවාගේ ජන්ම නැකතට සුදුසු වේලාවක්‌ තෝරාගත යුතුය. නැතහොත් වද හෝ විපත් නැකතකින් පළමු අකුර කියවූ දරුවෙකුගේ උසස්‌ ප්‍රතිපල බලාපොරොත්තුවීම මෝඩකමක්‌.

මොන ක්‍රමයකින් හෝ ජනප්‍රිය පාසලකට දරුවා ඇතුළත් කරන දෙමාපියන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දක්‌වා දරුවා තල්ලු කරයි. විභාගය සමත් වූවෝ ජනප්‍රිය පාසලකටත්, අසමත්වූවන් “ගමේ” පාසලටත් සීමාවූ පසු දෙමාපියන්ගේ සොයා බැලීම බොහෝ දුරට නතර වේ. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත්වූවාට පසු දරුවාට සුබ පැතීම හෝ දෙහි කැපීම ඊළඟ කාර්යයයි. එහෙත් දරුවාගේ අධ්‍යාපනය සාර්ථක කර ගන්නට නම් පාසල් ගමන ආරම්භ වූ දිනයේ සිටම දරුවා ගැන සොයා බැලීම් කළ යුතුය. දරුවෙක්‌ උන්හිටි ගමන් අධ්‍යාපනයෙන් දුර්වල වූයෙන් නම් ඊට හේතුව පාසලේ ඇති අඩුපාඩුවක්‌ නොමේ. දරුවාගේ ජන්ම පත්‍රයේ ඇති ග්‍රහ පිහිටීමද එක්‌ හේතුවක්‌ වේ. අධ්‍යාපන ස්‌ථානයේ රාහු – සෙනසුරු – කුජ ආදී පාප ග්‍රහයෙකු ස්‌ථානගත වී ඇත්නම් කොතරම් උත්සාහ කළද ඉගෙනීම දුර්වල වේ. ඒ අවස්‌ථාවලදී කළ යුත්තේ එම දෝෂයන් සොයා ඊට සුදුසු වත් පිළිවෙත් කිරීමයි. කේතු ග්‍රහයා අනෙක්‌ අවස්‌ථාවලදී අසුබ ග්‍රහයෙකු= වුවත් අධ්‍යාපනයේදී මෙම ග්‍රහයා සුබ ග්‍රහයකි. අධ්‍යාපන ස්‌ථානයේ කේතු ගෝචරවීම සහ කේතු මහ දසාව අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට උපකාරී වේ. ඒ නිසා දරුවාගේ ජන්ම පත්‍රයේ ඇති ග්‍රහ පිහිටීම් සලකා බලා ඒ අනුව කටයුතු කිරීම වැදගත්ය. එසේම දරුවාගේ ජන්ම පත්‍රය නිසියාකාරව පරීක්‍ෂා කිරීමෙන් ඔහු හෝ ඇය යොමුවිය යුත්තේ කුමන ක්‍ෂේත්‍රයේ අධ්‍යාපනයකටදැයි තීරණය කළ හැක. දරුවාගේ වැඩි හැකියාව ඇත්තේ නීතිඥ වෘත්තියට නම් වෛද්‍යවරයකු කරවන්නට මෙහෙයවීම අසාධාරණය.

එසේම දරුවා අධ්‍යාපනය ලබන කාලයේදී දරුවා ගතකරන දසාව කුමක්‌දැයි දෙමාපියන් දැනගත යුතුය. එය හරියාකාරව දැනගතහොත් දරුවාට සහ ගුරුවරුනට දොස්‌ පැවරීම නතර කළ හැක. උදාහරණ සේ සෙනසුරු සහ රාහු දසා ඇත්නම් අධ්‍යාපනය අඩාල වීම සිදුවිය හැක. දරුවාට පාසල් මාරුකරන්නට සිදුවීම නොඑසේ නම් නිවසේ ප්‍රශ්න මත පාසල් යැමට නොලැබීම ආදිය මත අධ්‍යාපනයට බාධා එල්ලවිය හැක. සිකුරු මහ දසා කාලය අධ්‍යාපනයට හොඳ කාලයකි. එහෙත් යෞවන වයසේ ආදර හැඟීම් ද ඒ සමඟම දළුලන නිසා ඒ මගින් අධ්‍යාපනයට හානිකරගත හැක. බොහෝ දෙමාපියන් දරුවාගේ ජන්ම පත්‍රය පරීක්‍ෂා කරන්නේ විවාහයේදී පොරොන්දම් ගැලපීමට පමණි. එය සිදුකරන්න. එහෙත් ඊට පෙර දරුවා අධ්‍යාපනය ලබන කාලයේදී දරුවාගේ ජන්ම පත්‍රය පරීක්‍ෂා කර බලා අධ්‍යාපනයට ඇති බාධ ඉවත්කර දරුවාට ශක්‌තිමත් මනසක්‌ ඇති කරන්න. විභාගයට පෙර දිනය බෝධි පූජා පවත්වා විභාග සමත්වන්නට නොහැක. එසේම විභාග සමත්වීමට යන්ත්‍රයක්‌ බෙල්ලේ දමාගත් තරමටම විභාගය සමත් නොවේ. බෝධි පූජා පැවැත්වීම, යන්ත්‍ර පැළදීම සුබ වුවත් දරුවාගේ මනස ශක්‌තිමත්කර කාලයක්‌ පුරා ගොඩනඟාගත් ආත්ම විශ්වාසයකින් යුතුව අධ්‍යාපනය සාර්ථක කරගත යුතුයි. අධ්‍යාපනයට හානිකරන ග්‍රහයින් දැන හඳුනාගෙන ඔවුන් සතුටු කර අපල දුරුකරගෙන උසස්‌ අධ්‍යාපනයකට පිය නැගීම කළ හැක.

අධ්‍යාපනය ලබන කුඩා දරු දැරියන් වෙනුවෙන් නිවසේදී තමාටම කරගත හැකි වත්පිළිවෙතක්‌ ඔබට ඉදිරිපත් කරමි. ඔබ පාඩම් කරන මේසය ඉදිරියේ බුද්ධ පින්තූරයක්‌ එල්වන්න. ඊට පහතින් ගණ දෙවියන්ගේ සහ සරස්‌වතී මෑණියන්ගේ පිංතූර දෙකක්‌ද එල්ලන්න. ඒ පිංතූර තමා පාඩම් කිරීමට වාඩිවූ පසු ආයාසයකින් තොරව දරුවාට පෙනෙන ඇස්‌මානයේ තිබීම වැදගත්ය. දැන් දරුවාගේ ජන්ම නැකතට අනුව සුබ දිනයක්‌ තෝරාගෙන පහත සඳහන් කුඩා මංත්‍රය වතුර වීදුරුවකට (14) දහහතර වාරයක්‌ ජපකරන්න. ඊට පෙර පන්සිල් ගෙන තෙරුවන් නැමදීම අත්‍යවශ්‍යය. මේ වතුර වීදුරුවට සමන්පිච්ච මල් කිහිපයක්‌ දමන්න. මෙසේ 14 වතාවක්‌ ජීවං කිරීමෙන් පසු වතුර උගුර උගුර බැගින් හෙමිහිට පානය කරන්න. ඉන්පසු දිනපතාම උදේට පාඩම් කරන අවස්‌ථාවේ වතුර වීදුරුවකට ඉන් එක්‌ වතාවක්‌ ජීවම් කරන්න. ඔබේ ජය නියතයි. මනසේ ශක්‌තිය වැඩිවනවා ඇත.

ඕං විදූගන සරස්‌වතී විදාන ගුල්ලීපන් නමඃ

ඕං ගුලි ධාරනේස්‌වා නමඃ

සිද්ධ සිද්ධි කරුගනම් නමාය නමඃ

ඕං සරස්‌වතී – විද්‍යාධරණී ඒස්‌වාහඃ

ඔබට ජයම වේවා අධ්‍යාපනය සාර්ථක වේවි.

We found this article from Divaina on 2012/02/24.
Also Sinhala to English Google word to word translation can be found here