Friday, September 12, 2025
Homesiඅටවැන්නෙන් කියවෙන ඔබේ මරණය

අටවැන්නෙන් කියවෙන ඔබේ මරණය

[ratings]

කේන්ද්‍රයක පිහිටා ඇති ස්‌ථාන දොළසකි. මෙයින් හැම කොටුවක්‌ම මිනිසාගේ හිසේ සිට පාදය දක්‌වා වෙන්කර ඇත. ඊට අමතරව විවිධ දේවල් මෙයින් අපට පෙන්වා දීමට හැකිවේ. මුළු ජීවිතයම මෙහි ලියෑවී ඇත. අටවැනිභාවය ප්‍රධාන මාරකස්‌ථානයයි. අටවැන්නට සෙනසුරු වර්ෂ 30 කට වරක්‌ ජන්මීන්ගේ කේන්ද්‍රයට පැමිණීම සමහර අවස්‌ථාවලදී ජීවිතය හා මරණය අතර යෙදෙන සටනකි. නොමරා මරණවයි කියමනක්‌ ඇත. එවැනි දේවලට අපි නොසිතූ පරිදි මුහුණදීමට සිදුවේ.

ආයුෂ පෙන්වන අටවැන්න දුර්වලවීම මරණය ගෙන දෙන පිහිටීමකි. 2,8,3 මෙම ස්‌ථාන ආයුෂ ස්‌ථානයේ අටවැනි භාවයෙන් යෙදෙන ග්‍රහයන්ගෙන් පෙන්වන විවිධාකාරව සිදුවන මිනිසාගේ මරණය ආයුෂ, චිත්ත සංතාපය, අපවාද, මරණය හා බාධක සීදුවේ. කියෑවේ. මිනිසාගේ අවසානය, මින් මරණය සිදුවන ආකාරය ස්‌වභාවිකද, වෙනත් හේතුවක්‌ නිසාද පෙන්වයි. මරණය සිදුවන ආකාරය වේලාව හතෙන් සහ දෙකෙන් දැන ගත හැක. බාධක ස්‌ථානයද ගත යුතුයි. චර, තිර, උභ, වශයෙන් කියෑවේ. කේන්දරයේ දීර්ඝායුෂ පෙන්වා පාප දෘෂ්ටියක්‌ අටට වැටී ඇත්නම් හෝ වාරයෙන් හෝ ඉදිරියට යැමෙන් අටට සම්බන්ධ වූ විට ජන්මියාට මරණය ගෙන නොදේ. රෝග සෑදේ. එම රෝගය ශුභ ග්‍රහයන්ගේ දශාවේ හෝ අන්තරයේදී සිදුවේ. එම ග්‍රහයා ශරීර සෞඛ්‍යය හොඳට පෙන්වයි. ලෙඩ රෝග නොසෑදේ නම් අටෙන් පෙන්වන වෙනත් කරදර ඇතිවේ. ලග්නාධිපති අටේ නම් හෝ අටේ සිටින ග්‍රහයා ලග්නාධිපතිගේ නැකතක නම් හෝ අට අධිපතියා ලග්නාධිපතිව සම්බන්ධව යෝග වූ විට ජන්මියාගේ මරණයට තමාම හේතුවේ. අපි බලමු මෙම ස්‌ථානයේ පිහිටීම් අනුව මරණ සිදුවන විවිධාකාර අවස්‌ථා පෙන්වන්නේ කෙසේදැයි කියා අටේ සිටින තුන අධිපතියා දොළහ අධිපතියාගේ නැකතක සිටී නම් බාල සොහොයුරා හෝ සොහොයුරිය නිසා මරණය සිදුවේ.

(1-3-12) අටවැනි භාවාධිපතියා 3 න් වැන්නට සම්බන්ධ වූ විට ගමනක යෙදී සිටින විට පළාතේ කිට්‌ටු තැනකදී මරණය සිදුවේ. අට අධිපතියා දොළහට සම්බන්ධ වූ විට උන්මත්තකාගාරයක අරෝග්‍යශාලාවක සාත්තු නිවාස නොදන්නා ස්‌ථානයක මරණය සිදුවේ. අට අධිපතියා 11 වැනි භාවයට සම්බන්ධ නම් ඈත ප්‍රදේශයක හෝ දීර්ඝ ගමනකදී මරණය සිදුවේ. යුරේනස්‌ අටට සම්බන්ධ වූ විට පුදුම හිතෙන මරණ සිදුවේ. පිපිරීම් හඳුනාගත නොහැකි වීම, වැරැදි ප්‍රතිකාර හා අකුණු සැර වැදීමෙන් මරණය සිදුවේ නැප්චූන් අටට සම්බන්ධ වූ විට මූර්ඡාවීම, සිහි නැතිවීම, බෙහෙත් වැඩිපුර ගැනීම විසවීම, ගෑස්‌වලින් විපත්, අටවැන්න ජල රාශියක්‌ වූ විට දියේ ගිලීමෙන් මරණය සිදුවේ.

(ශනි) සෙනසුරු අටට සම්බන්ධ වූ විට වාත ඇටකටු දෝෂ හිමින් සිදුවන මරණයක්‌, ගුරු අටට සම්බන්ධ වූ විට ශාන්ත ස්‌වභාවික මරණයක්‌, වෙනත් අශුභ දෘෂ්ටින් යෙදීමෙන් ලේ විෂවීම, පිළිකා අක්‌මාරෝග, පෙණහලු ඉදිමීම ආදිය සිදුවේ.

කුජ ග්‍රහයා අටට සම්බන්ධ වූ විට කම්පනය, ගින්නෙන් වසංගත රෝග, වසූරිය, මූත්‍රා රෝග, ඉදීමීම වේ. හදිස්‌සියේ ලෙඩවීමෙන් කෙටි කාලයකදී මැරේ. උපතේදී කුජ ගිනි රාශියක සිට අටට සම්බන්ධ වූ විට ගින්නෙන්, සාහසික අන්දමින් හෝ කාර්මික උපකරණවලින් මරණ සිදුවේ. ජල රාශියක සිටි විට දියේ ගිලී මැරේ. වායු රාශියක සිටිවිට ලේ යැමෙන් මැරේ.

ව්‍යාපාර කොටස්‌කරුගේ මුදල් තත්ත්වය, ලැබෙන සහකරුවගේ මුදල් සහ දෑවැද්ද පුරුෂයාගේ ලැබෙන ආදායමද කියෑවේ. හත්වැන්නෙන් ජන්මියා සමග ගනුදෙනු කරන්නන් පෙන්වයි. අටේ ග්‍රහයන් සිටි විට කොටස්‌ කරුට ලාභ ලැබේ. එනිසා ජන්මියා ව්‍යාපාරයන්ට හවුලේ කිරීමෙන් යහපත් වේ. දෙවැන්න ජන්මියා අත්කරගන්නා ධනයයි. අටවැන්න තමන් විසින් නූපන ලද ධනයන් හෝ ලාභයයි. අටවැන්න ශල්‍ය වෛද්‍ය නිලධාරීන්, සෞඛ්‍ය පරීක්‍ෂා හදිසි මරණ පරීක්‍ෂකවරුන් පෙන්වයි. දර්ශනයට බලපාන ගුරු සහ සෙනසුරු අටේ සිටි විට ගුප්ත විද්‍යාවන් වැනි අබිරහස්‌ වැඩවලට ආශාවක්‌ දක්‌වයි.

අටේ බුධ සිටිවිට ගුප්ත විද්‍යා සිතක්‌ ඇතිවේ. සැඟවී ඇති ආධ්‍යාත්මික විද්‍යාවන්ට ආශා කරයි.

අටවැන්නෙත් ලිංගික ක්‍රියාවලිය ගැනද කියෑවේ. දේශපාලන විස්‌තර මහජන මරණ, දිවි නසා ගැනීම්, රෝග බෝවීම්, ජල ගැලීම්, ගිනි, දුර්භික්‍ෂ රෝග, භූමි චලන, මියයැම, ශෝක ජනක සිද්ධීන්, විදේශයන් සමඟ මුදල් සම්බන්ධ කම්, විදේශ ණය, ජනිතණය, පොලී ප්‍රමාණය නිසා අයෑවැය ලේඛන, මුදල් බදු සහ ප්‍රසිද්ධිය වෙන්දේසි පෙන්වයි.

ප්‍රශ්න – සාස්‌තරය ගංගාතරණය, ගමන් දුෂ්කරතා, දුෂ්කර මාර්ගයන් බළ කොටු, විරුද්ධ කරුවන්ගේ ගැහැට, මරණ දුෂ්කර දබර කිරීම් රෝග පීඩා සහ තුවාල අට වාණිජ කටයුතු සඳහා ද පියා යොදවන මුදල් පියාගෙන් පසු තමාට ලැබේ. අටවැන්න මෘන්‍යqස්‌ථානය මෙන් ම ජන්මියාගේ විවිධාකාර මරණ කියෑවේ. මෙහි විශේෂයෙන් සඳහන් කරේ විවිධ දේවලින් සිදුවන මරණ සිදුවන ආකාරයයි. මේ ආදී විවිධ දේවල් ජන්මියාගේ උපතේදීම ලියෑවී ඇත.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments