අද අපි ඔබට විස්‌තර කරන්නට බලාපොරොත්තු වන්නේ අත්ලක පිහිටන ග්‍රහ මණ්‌ඩල හා ඇඟිලිවල පිහිටන රාශීන් හෙවත් ලග්න පිළිබඳවයි.ග්‍රහ මණ්‌ඩලය කියන්නේ කුමක්‌ද කියා අපි පළමුවෙන්ම ඔබට හඳුන්වා දෙන්න ඕන නේ. අත්ලෙහි පිහිටි සුවිශේෂ ස්‌ථාන හතක් සාමුද්‍රික ශාස්‌ත්‍රයෙහි මණ්‌ඩල ලෙස හඳුන්වනු ලබන අතර ඒවා රවි, චන්ද්‍ර, බුධ, ගුරු, ශුක්‍ර, ශනි යන ග්‍රහයින් හය දෙනාට මණ්‌ඩල හයක්‌ද කුජ ග්‍රහයාට මණ්‌ඩල දෙකක්‌ද වශයෙන් නම් කර ඇත. එම මණ්‌ඩවලට අමතරව අල්ලේ මැද ප්‍රදේශයද කුජ ග්‍රහයාට අයත්වන බැවින් එය කුජ තලාව වශයෙන් හඳුන්වනු ලබයි. ඉහත ග්‍රහයින්ගෙන් ලැබෙන තරංග චලන ශක්‌තිය රැස් කෙරෙන ගබඩාවක් වශයෙන් ඒ ඒ ග්‍රහමණ්‌ඩලයන් දැක්‌විය හැක. ඒ කියන්නේ එම ග්‍රහයින්ගෙන් ලැබෙන සුභාසුභ එම මණ්‌ඩල පිහිටීම අනුව දැක ගත හැකියි. සෞරග්‍රහ මණ්‌ඩලයට අධිපතියා වන්නේ රවියි. ඒ කියන්නේ ඉර නැතිනම් සූර්යයා. චන්ද්‍ර කියන්නේ හඳට. ඒ වගේම කුජ කියල කියන්නෙත් ග්‍රහයෙක්. අඟහරු කියල කියන්නෙත් කුජට. බුධ ග්‍රහයා ඊළඟට. අනිත් ග්‍රහයා ගුරු. බ්‍රහස්‌පතී කියල කියන්නෙත් ගුරුට. සිකුරු ගැන නම් කව්රුත් දන්නවනේ. ශුක්‍ර කියලා කියන්නෙත් සිකුරුට. සිකුරු මනමාල ග්‍රහයෙක් ලෙස හඳුන්වන නිසා පෙම්වතුන් සිකුරාට ආසයි. ශනි හෙවත් සෙනසුරු කියල කියන්නෙත් ග්‍රහයෙක්. දුකට අධිපති සෙනසුරු බව අපි අමතක නොකළ යුතුයි. රාහු කේතු, යුරේනස්, ප්ලුටෝ වශයෙන් තවත් ග්‍රහයින් කීප දෙනෙක් සිටිනවා වුවත් එම ග්‍රහයින්ගෙන් හස්‌ත රේඛා විද්‍යාවට ඵලක් නොවන බව සොයාගෙන ඇත.
ඉහත සඳහන් කළ සිකුරු ගුරු ශනි රවි බුධ කුජ යන ග්‍රහයින්ගේ මණ්‌ඩල ඔබේ අත්ලෙහි කුමන ස්‌ථානවල පිහිටා තියෙනවාද කියා දැන් විස්‌තර කරන්නම්. පලමුව මේ සමග ඇති රූපසටහන දෙස නෙත් යොමන්න. එවිට ඔබට ඒ පිළිබඳව දැනුමක් ලබාගත හැකිවෙයි. ඒ අනුව දබර ඇඟිල්ලෙ මුල ගුරු මණ්‌ඩලය පිහිටා ඇති බව ඔබට පෙනෙනවා ඇති. ඒ අයුරින් මැද ඇඟිල්ල මුල ශනි මණ්‌ඩලයත්, වෙදඇඟිල්ල මුල රවි මණ්‌ඩලයත්, සුලැඟිල්ල මුල බුධ මණ්‌ඩලයත්, පිහිටා ඇති බව ඔබට පෙනෙනවා ඇත. බුධ මණ්‌ඩලය යටින් අල්ල කෙලවර ලියලා ඇති චන්ද්‍ර කියලා. එය තමයි චන්ද්‍ර මණ්‌ඩලය කියා හඳුන්වන්නේ. අනිත් ග්‍රහයන්ට වගේ නෙමෙයි. කුජ ග්‍රහයාට අල්ලේ ස්‌ථාන තුනක් අයිති වෙනවා. ගුරු මණ්‌ඩලයත්a චන්ද්‍ර, සිකුරු, මණ්‌ඩලයත් අතර කුජ 1 කියා සඳහන් කර තියෙන්නේ එක කුජ මණ්‌ඩලයක්. බුධ මණ්‌ඩලයත්, චන්ද්‍ර මණ්‌ඩලයත් අතර කුජ 2 කියා නම්කර ඇත්තේත් කුජ මණ්‌ඩලයකටයි. අනිත් එක අල්ලේ මැද එනම් වල ගැසුන කොටසටත් කුජ තලාව කියා හඳුන්වා දෙනු ලබයි. මේ සියල්ලම හඳුනා ගැනීමට ඔබට අපහසු නැතිව ඇති. හතරැස් හැඩයට ග්‍රහමණ්‌ඩල සලකුනු කර ඇත්තේ ඔබට එම ග්‍රහ මණ්‌ඩල මොනවාද කියා හඳුනා ගැනීමේ පහසුවටයි. හැබැයි අල්ලේ වැටෙන රේඛාවලටත් ඒ විදියට වෙන්කර ඇතැයි කියානම් එයින් අදහස් කරන්නේ නැහැ. ඒ කොහොම වුනත් අල්ලක් දුටු පමණින්ම මෙම ග්‍රහ මණ්‌ඩල මොනවාද කියා පහසුවෙන්ම ඔබට හඳුනා ගන්න හැකිවේවි.
දැන් ඔබ ඊළඟට දැන ගන්න බලාපොරොත්තුවෙන් ඇති. රාශි කියන්නේ මොනවාද කියා. ඔබට කේන්ද්‍රයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ලග්නයකුත් තියෙනවනේ. ඔබේ එම ලග්නයට තමයි ජ්‍යෙතිෂය අනුව රාශිය කියන්නේ. රාශි එහෙම නැතිනම් ලග්න තියෙනවා දොලසක්. මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන වශයෙනි. මෙම ලග්න දොලසට ඔබේ ලග්නයත් අතේ පිහිටලා ඇති. දැන් නැවතත් රූපසටහන දෙස බලන්න. අතේ ඇඟිලි පුරුක්‌වල ලියලා ඇති ඔබ කිව්ව රාශිවල නම්. මේෂ, වෘෂභ, මිථුන, ලග්න දබර ඇඟිල්ලෙත්, කටක, සිංහ කන්‍යා යන රාශි තුන සුළැඟීලලෙත්, මකර, කුම්භ, මීන යන රාශි තුන මැද ඇඟිල්ලෙත් සටහන් කර ඇති. ඇඟිලි හතරේ ලග්න දොළහ පිහිටා තිබෙන අයුරු දැන් ඔබට පැහැදිලිවෙලා ඇති. නමුත් ඒ සමග ඇති සලකුණු ඔබට ප්‍රශ්නයක් වෙලා ඇතිනේද?. ඒ ඒ ලග්න වලින් උපදින අයගේ ඇඟිලිවල නියමිත පුරුකේ ලග්නයට නියමිත සලකුණු පිsහිටන බවයි. ජ්‍යෙතිෂය අනකුව කිය වෙන්නේ . ඒ අනුව මේෂ ලග්න කාරකයෙක් නම් ඔබේ ඇඟිල්ලේ මුල් පුරුකේ එයට නියමිත සලකුණ පිහිටලා ඇති. දැන් ඔබට තවත් ගැටලුවක් වෙලා ඇති මහපට ඇඟිල්ල ගැන. අනිත් රාශි ගැන විස්‌තර කරන විට මහපට ඇඟිල්ලේ විතරක් රාශි ගැන සලකුණු නැත්තේ ඇයිද කියා. මෙහෙමයි සාමුද්‍රික ශාස්‌ත්‍රයේදී මහපට ඇඟිල්ලට රාශි වෙන්කර නැහැ. අනික අර ඇඟිලි පුරුක් දොළහට රාශි වෙන් කළා නම් තවත් ඇඟිල්ලක පිහිටුවන්න ලග්නත් නොමැත. ඒ කෙසේ වෙතත් අනිත් ඇඟිලි හතරටම වඩා මහපට ඇඟිල්ලට හිමිවන්නේ විශේෂ ස්‌ථානයක් බවද අමතක නොකළ යුතුය.
මහපට ඇඟිල්ල ඇතුලුළු අනිත් ඇඟිලිවල විස්‌තර වෙන වෙනමත්, ගුරුමණ්‌ඩලය ඇතුළු අනිත් ග්‍රහමණ්‌ඩල ගැන විස්‌තර වෙන වෙනමත් පසු ලිපිවලින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.