අත්අකුරු වලින්ද පුද්ගලයින් හඳුනා ගත හැකිය

2069
අත්අකුරු
අත්අකුරු

මුතුඇට ආකාරයට වටකුරුව ලියන අකුරු, වමට බර අකුරු, දකුණට බර අකුරු, ඉස්‌පිලි, පාපිලි, ඇලපිලි ආදිය පැහැදිලිව දක්‌නට නොලැබෙන අකුරු, කෙළින් අකුරු, ඇලඅකුරු, වැල් අකුරු යනාදී වශයෙන්, එක්‌ එක්‌ පුද්ගලයා ලියන අකුරුවල විශේෂ ලක්‍ෂණ දක්‌නට ඇත. අත් අකුරුවලින්ද පුද්ගලයන් හඳුනා ගන්නට පුළුවන.

මුතුඇට පරිද්දෙන් වටකුරුවට අකුරු ලියන අය ඉවසීමේ ශක්‌තියක්‌ සහිත, නිහතමානී විනයකින්, ශික්‍ෂණයකින් යුතු අය විය හැකිය. අනුන්ගේ සිත් සතන් තමන් වෙත යොමු කර ගත හැකි, මනබඳනා ස්‌වභාවයක්‌ද ඔවුන් තුළ පවතින්නට පුළුවන.

වම් පැත්තට බර වන ආකාරයට අකුරු ලියන අය, ආලය ආදරයට සැලකිය යුතු මට්‌ටමකින් නැඹුරු වන්නට ඉඩකඩ ඇත.

දකුණු පැත්තට බරව ලියන්නේ, රාගී ස්‌වභාවය අඩු පුද්ගලයන්ය.

කතාබහ කිරීමේදී හෝ ලිවීමේදී හෝ පවත්නා ස්‌වභාවයට අනුකූලවම අදහස්‌ ප්‍රකාශ කරන, නිහතමානී හා අවංක ගතියකින්ද යුතු අයගේ අකුරු ඇද නැති කෙළින් අකුරුය. බයක්‌ සැකක්‌ නැතිව අදහස්‌ ප්‍රකාශ කිරීම ඔවුන්ගේ සිරිතය. හිස පහත් කරන්න අකැමැති ගතියක්‌ ද ඔවුන් තුළ දක්‌නට ඇත.

කිසියම් අංශයකටම නැඹුරු වූ අයගේ අත්අකුරුවල ඇද ගතියක්‌ පෙනෙන්නට ඇත.

වෙද මහත්වරුන්ට හුරුපුරුදු අකුරු, වැල් අකුරුය. ඉරි කෑලි ආකාරයට අකුරු ලියන්නේ, චිත්‍ර කලාවට සම්බන්ධ ශිල්පීන්ය. දොස්‌තරවරුන්ගේ හා ඉංජිනේරුවරුන්ගේද අකුරු උල් හැඩයක්‌ සහිතව සියුම් ආකාරයකට ලියෑවෙන අකුරු වන අතර සියුම් ආකාරයකට ඔවුන් මනස මෙහෙයවන ආකාරය එයින් පැහැදිලිය.

සමහරුන් අකුරු ලියන්නේ, ඔවුන්ට හුරුපුරුදු යම් යම් විශේෂ කොටස්‌ ද යොදාගෙනය. ඔවුන් තුළ පවත්නා කලාත්මක හැකියාව, දක්‍ෂතාව එතුළින් පෙන්නුම් කරන වග කිව හැකිය.

අකුරු ලියනු ලබන්නේ පේළිsයෙන් පේළියටය. පේළි අතර පරතරයක්‌ පවතී නම්, අදාළ පුද්ගලයා රහස්‌ සඟවා ගන්නට අකැමැති කෙනෙකි. තමන්ට අදාළ රහස්‌ ආරක්‍ෂා කර ගනිමින් හා අන් අයගේ සිතුම් පැතුම්, අදහස්‌ උදහස්‌වලට ගරු සැලකිල්ලක්‌ දක්‌වමින්ද දිවිපෙවෙත ගෙන යැමට තැත් දරන අයගේ අකුරු පේළි අතර පරතරය අඩුය.

වයස්‌ ප්‍රමාණයට අනුකූළව, අකුරු ලියන ස්‌වභාවයද වෙස්‌ වන්නට පුළුවන. යොවුන් වියේ පසුවන අයගේ අකුරු හැමෙකක්‌ම වාගේ එකිනෙකට සමාන වීම ස්‌වාභාවිකය. එහෙත් වයස්‌ගත කෙනකු නම්, ඔහුගේ හෝ ඇයගේ හෝ අකුරු පේළිවල යම් යම් ස්‌ථානයන්හි උස්‌පහත් ගතියක්‌ දක්‌නට ඇත. ඔවුන්ගේ අකුරුවල වටකුරු ගතිය අඩු වන්නටද බැරිකමක්‌ නැත.

එතරම් අධ්‍යාපනයක්‌ ලබා නොමැති අයගේ අත්අකුරු හා අකුරුවල පිල්ලන්ද ලොකු විය හැකිය. පිල්ලන් නොයොදා ලියන්නටද පුළුවන.

We found this article from Divaina on 2012/07/06.
Also Sinhala to English Google word to word translation can be found here