අපව ලෙඩ කරන ග්‍රහ පිහිටීම්

2195
ලෙඩ
ලෙඩ

[ratings]

විශ්මිත වූ විශ්වය මිනිස්‌ ප්‍රජාවගේ මූලික පැවැත්ම වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක්‌ ඉටු කරයි.
ඉර හඳ, ඇළ දොළ ගහ කොළ, සතා සිවුපාවා ස්‌වභාව ධර්මයේ සුවිශේෂ නිර්මාණයන් වේ.
උපතේ පටන් මරණය දක්‌වා සත්වයා විශ්ව ධර්මයට අනුකූලව විවිධ ක්‍රියා කාරකම්වලට මුහුණ පාමින් සිටී. එසේ හෙයින් මිනිස්‌ පරපුර විශ්ව ස්‌වභාවයේ මූලික දායාදය වනු ඇත.

රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි හා (රාහු, කේතු) විශ්වයේ පාලක ග්‍රහයෝය. රවි (හිරු) විශ්වයේ ප්‍රධාන පාලක ග්‍රහයාය. සර්ව ස්‌වාභාවික වස්‌තුව පාලනය කරන සියලු සත්වයන්ගේ උපතේ පටන් මරණය දක්‌වා තම ජීවන ක්‍රියා කාරකම් කර්මය සාක්‍ෂි කොට ගෙන පාලනය කරන බැවින් (ඉන්ද්‍ර) යන නමින්ද හඳුන්වනු ලබන්නේ හිරුය.

පුද්ගල ජීවෝත්පත්තිය කෙරෙහි ප්‍රධාන ලෙසම බලපෑමක්‌ ඇති කරන (රවි, සඳු) ඇතුළු නවග්‍රහයින් මිනිස්‌ දිවිය තුලට විවිධ ක්‍රියා ස්‌වභාවයන් උරුම කරනු ඇත. එ අතරින් දුක සැප, යස අයස නින්දා ප්‍රශංසා මෙන්ම ආයුෂ රෝගපීඩා නිරෝගී සම්පත්තිය හා කායික මානසික ක්‍රියා ස්‌වභාවයන්ද මිනිස්‌ තෙමේ සම සිතින් බුක්‌ති විදිය යුතුය.

එසේ හෙයින් විශ්ව බලධාරී සංකල්පයන් අභියෝගයට ලක්‌ කරමින් මිනිස්‌ ප්‍රජාව කර්මය දායාදය කොට ගෙන විශ්ව නියාමයන්ට යටත් වෙමින් සත්වයා සසර ක්‍රියා කාරකම් බුක්‌ති විඳිමින් සිටී.

උපතේ පටන් මිනිසා කෙතරම් කුළ මල, ජාති ආගම් සංකල්පයන්ට බැඳී සිටියද ඉහත විශ්ව නියාමයන්ට පිටුපෑමට කිසිදා නොහැකි වනු ඇත. එසේ හෙයින් මෙලොව උපන් සෑම අයෙකුගේම බලාපොරොත්තුව වන්නේ කායික මානසික වශයෙන් පිරිපුන් යහපත් ජීවිතයක්‌ ගත කිරීමටය.

ගේ දොර, වතුපිට, යාන වාහන, ධනය හා බලය යන සියලු දෑ මිනිසාගේ ලෞකීය සැප සම්පත්ය. එහෙත් කෙතරම් ධනයෙන් හා බලයෙන් යුක්‌ත වුවද මිනිසා කායික හා මානසික වශයෙන් දුර්වල වූ විට සියලු සැප සම්පත් වලින් පලක්‌ නොවනු ඇත. වර්තමානයේදී මිනිසා දිනෙන් දිනෙම පිරිහී යන තම ආයුකාලය තුලදී ස්‌වකීය සැප සම්පත් භුක්‌ති විඳිනවාට වඩා විවිධ වූ රෝගා බාධ වලින් පීඩා විඳීමට සිදුවීම කනගාටුවට කරුණකි.

විශ්ව ශක්‌තීන් උත්පාදනය කරන්නා වූ නවග්‍රහයින් මිනිසාගේ උපතේ පටන් මරණය දක්‌වා තම ජීවන ක්‍රියා කාරකම් හා බැඳී පැවතීම ස්‌වාභාවික සංසිද්ධියකි.

රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන නවග්‍රහයින්ගේ බලපෑම් තුලින් මිනිසාගේ භෞතික හා කායික ශරීරයන්ට බලපාන විවිධ වූ රෝග පීඩා පිළිබඳව කෙරෙන ජ්‍යෙdතිෂ්‍යානුකූල වූ සරල විග්‍රහයකි.

මේෂා දී රාශි දොළහ තුලින් මිනිස්‌ ශරීරයට වැළදෙන විවිධ ලෙඩ රෝග පිළිබඳව ග්‍රහ විෂය තුලින් කලින් දැන ගැනීමේ හැකියාව ජ්‍යෙdතිෂ්‍යයේ ඇති සුවිශේෂ ලක්‍ෂණයකි.

නවග්‍රහයින් අතුරෙන් කුමන ග්‍රහයෙකුට වුවද මිනිසාට ඕනෑම රෝගයකට පීඩාවකට පමුණුවීමේ හැකියාව ඇත. එහෙත් ඔබ කුමන නැකතකින් ලග්නයකින් උපන්නත් තනි ග්‍රහයෙකුට පමණක්‌ කිසියම් රෝගයක්‌ හෝ අපලයක්‌ ගෙනදීමේ හැකියාවක්‌ නොමැත. ඒ සඳහා පාපග්‍රහ සංයෝග, පාපග්‍රහ දෘෂ්ටි හා ග්‍රහ බල දුබලතා හේතු කොට ගෙන ඕනෑම ජන්මියෙකුට පීඩා කිරීමේ හැකියාව ඇත.

මේ නිසා ඕනෑම පුද්ගලයෙකුගේ රෝගයක්‌ පීඩාවක්‌ කලින් හඳුනා ගැනීමේ හැකියාව ඔබ උපන් කේන්ද්‍රයේ ග්‍රහ විෂය තුළින් අවබෝධ කර ගත හැකි වන්නේය.

එසේ හෙයින් සෑම කේන්ද්‍රයකම 2, 6, 8, 12 යන භාවයන් රෝග පීඩාවන්, හදිසි අනතුරු හා මානසික පීඩාවන් ගෙන දෙන භාවයන් වේ. විශේෂයෙන් ඔබේ ලග්නයෙන් 06, වැනි ස්‌ථානය ජ්‍යෙdතිෂ්‍ය අනුව රෝගස්‌ථානය ලෙස හඳුන්වයි. මෙම ස්‌ථානවලට උපතින් පිහිටන විවිධ පාප ග්‍රහයින්ගේ සංයෝග හේතු කොට ගෙන ජන්මියා විවිධ රෝගා බාධවලට ලක්‌ කරයි.

විශේෂයෙන් කිසියම් ජන්මියෙකුගේ උපන් හඳහනේ 06 වැනි භාවයේ පාප ග්‍රහයින් කිහිප දෙනෙකු තැන්පත් වූ විට ආමාශගත ආශ්‍රිතව රෝග පීඩා ඇති කරයි. මේ නිසා ආහාර දිරවීමේ අපහසුතා හර්නියා වැනි අසනීපද හදිසි ශල්‍යකර්ම වලට ලක්‌වීමටද ඉඩ ඇති කරයි. ස්‌ත්‍රියක්‌ නම් ගර්භාෂගත රෝග පීඩා වලට මුහුණ දීමට සිදුවනු ඇත. පාප ග්‍රහයින් (රවි, කුජ, ශනි, රාහු, කේතු) තවද ඔබ උපන් ලග්නයට අධිපති ග්‍රහයා දුර්වලව 8 වැනි භාවයේ හෝ 12 වැනි භාවයේ තැන්පත් වීමෙන් හා එම ග්‍රහයා පාප ග්‍රහ සංයෝගයකින් හෝ එම දෘෂ්ඨියකින් පීඩා විඳීම හේතුවෙන් ඇස්‌ දුර්වල වීම, හා අක්‌ෂි රෝග ආදිය ඇතිවීම සිදුවේ. එසේම 12 වැනි භාවයේ හා ලග්නභාවයේ පාප ග්‍රහයින් කිහිප දෙනකු සංයෝගව පිහිටියේද එමගින් මානසික රෝගාබාධාවලට ගොදුරුවීමේ හැකියාව පෙන්නුම් කරයි.

විශේෂයෙන් අප රට බහුලව අසන්නට ලැබෙන හෘද රෝග සම්බන්ධව සරලව විග්‍රහ කිරීමේදී පාප ග්‍රහයින් වන රවි, ශනි, කුජ, රාහු, කේතු වැනි ග්‍රහයන්ගේ සංයෝග වීමද හෘද රෝග ඇති වීමට ඉඩ කඩ ඇත්තේය.

ඔබේ කේන්ද්‍රයේ 03 වැන්න 04 වැන්න යන ස්‌ථානවල පිහිටි (රවි කුජ) හෝ (ශනි කුජ) වැනි පාප ග්‍රහයින් කිහිප දෙනකු සංයෝගව පිහිටීමද මැදි වයස්‌ සීමා වලදී හෘද රෝග ඇති වීමට ඉඩ කඩ ඇති වන්නේය. එසේම (රවි චන්ද්‍ර ශනි) වැනි විෂම ග්‍රහයින් කීප දෙනෙක්‌ 03 වැනි භාවයේ පමණක්‌ පිsහිටීමද හදිසි හෘද සැත්කම් වලට තුඩු දෙන ග්‍රහ සංයෝගයන් වේ. මෙහිදී කුජගේ දායකත්වයද තිබිය යුතුය. එසේම ලග්නයේද 4 වැනි භාවයේද රවි, ශනි, රාහු වැනි පාප ග්‍රහයින්ගේ පිහිටීමද එම ග්‍රහයින්ගේ දශාවක්‌ ගත කිරීමද යන කරුණු හේතුවෙන් අධිරුධිර පීඩනය වැනි රෝග ඇති වීමේ හැකියාව ඇත.

මේ නිසා 4 වැන්නේ 8 වැන්නේ, 12 වැන්නේ පිහිටි රවි, කුජ, ශනි රාහු වැනි පාප ග්‍රහයින්ගේ දශාවලදී හෘදය ආශ්‍රිත රෝගාබාධ වලට ගොදුරු වීමේ හැකියාව ඇති වන්නේය. එසේම ඔබේ ලග්නයේ 4 වැන්න අධිපතියාද, 8 වැන්න අධිපතියාද 12 වැන්න අධිපති යාද යන එක්‌ ග්‍රහයෙක්‌ හෝ කීපයක්‌ ඉහත සඳහන් ස්‌ථානවල රවි, කේතු යන ග්‍රහයින් සමග සම්බන්ධ වීමෙන් කුඩා කල සිට මානසික දුර්වලතාද ස්‌නායු ගත රෝගාබාධද හෘද වස්‌තුවේ දුර්වලතාද හට ගැනීමට ඉවහල් වේ. තවද 4 වැන්න අධිපති ග්‍රහයා 12 වැන්නේ පමණක්‌ පාප ග්‍රහයින් සමග තැන්පත් වීමෙන් (රවි, ශනි, කුජ), මොලය හෘද වස්‌තුව ආශ්‍රිත රෝගාබාධ ඇති විය හැක. මොවුන් මත් පැන් ආදියට ගිජු පුද්ගලයින් වේ. එසේම ශනි චන්ද්‍ර 4 වැන්නේද, ලග්නයේ රාහු පිහිටීමද අටවක, අමාවක හෝ පසළොස්‌වක දිනෙක ඉපදීම යන කරුණු හේතු කොට ගෙන හෘද වස්‌තුව ආශ්‍රිත උපතින්ම දුර්වලතාවයක්‌ ඇති වීමට හේතු වන ග්‍රහ පිහිටීම් වේ.

එසේම බෝනොවන රෝගයක්‌ ලෙස හඳුන්වන දියවැඩියාව කුඩා දරුවා පටන් මහල්ලා දක්‌වා පීඩා විඳින රෝගයකි.

ඔබේ හඳහනේ 6, වැන්න 8 වැන්න යන ස්‌ථානවල ගුරු, චන්ද්‍ර, සිකුරු, යන සෞම්‍ය ග්‍රහයින් පිහිටා තිබීමද 2, 12 යන ස්‌ථානවල පාප ග්‍රහයින්ගේ දෘෂ්ඨියට ලක්‌වීමද හේතු කොට ගෙන දියවැඩියා රෝගය ඇති විය හැකි පූර්ව නිගමනයකි. තවද 8, වැන්න, 9, වැන්න පාප ග්‍රහයින් සංයෝග වීමද හේතු කොට ගෙන ඉහත රෝගාබාධ කලින් හඳුනා ගැනීමට හැකි වන්නේය. මෙම ග්‍රහ පිහිටීම වකුගඩු ආශ්‍රිත රෝගද, තුනටිය ආශ්‍රිත දුර්වලතාද ඇති වීමට හේතු වනු ඇත. ඉහත ග්‍රහ පිහිටීම සමග 3 වැන්නේ පිහිටි පාප ග්‍රහයින්ගේ දෘෂ්ඨියක්‌ ලැබීමෙන් කොඳු ඇට පේළිය ආශ්‍රිත රෝග වලට ගොදුරු කරයි. ඉහත ග්‍රහ යෙදුම ඇති අය මත් පැන් මත් ද්‍රව්‍ය හා අයථා ලිංගික ක්‍රම වලින් කුඩා කල සිටම වැළකී සිටිය යුතුයි.

තවද ඔබේ හඳහනේ 4, 8, 12 යන ස්‌ථානවල රවි, කුජ හෝ ශනි, කේතු වැනි ග්‍රහ සංයෝග කීපයක්‌ යෙදුණු කලද චන්ද්‍රයා දුර්වලව පිහිටා ඇති කලද දරුණු පිළිකා ආදියට ලක්‌වීමේ හැකියාව ඇත. එසේම ඔබ උපන් ලග්නයේ රවි, සඳු, සිකුරු වැනි ග්‍රහයින් 1, 12 යන ස්‌ථාන වලින් එකක පිහිටා ඇත්නම් නිතර පීනස්‌ රෝග වලින් පීඩා විඳීමට සිදුවේ. එසේම දෘෂ්ටියේ දුර්වලතාද ඇති වේ.

එසේම ඔබේ හඳහනේ 7 වැන්න 8 වැන්න යන ස්‌ථානයන් කුජ, ශනි, රාහු වැනි පාප ග්‍රහයින් සංයෝග වීම හේතු කොටගෙන ලිංගාශ්‍රිත රෝගා බාධ වලට ගොදුරු වීම ඇති කරන ග්‍රහ පිහිටීමකි. එම ග්‍රහ පිහිටීම් මල බද්ධ වැනි දුක්‌විඳින රෝගා බාධද ඇති කරයි. තවද ඔබ ස්‌ත්‍රියක්‌ නම් ඔබේ

හඳහනේ 6, යන ස්‌ථානවල හේතු කොටගෙන, නිතර ආමාශ රෝග වලින් පීඩා විඳීමද, ගර්භාෂගත හා විවාහයෙන් පසුව දරු උපත් ගබ්සා වීමේ, ඇති අවස්‌ථා ඇති වනු ඇත. එසේම ඔබේ හඳහනේ සඳු සිටින ස්‌ථානයෙන් 6, 8, 12 යන ස්‌ථානවල ශනි, රාහු වැනි පාප ග්‍රහයින් පිහිටා ඇත්නම් නිතර රෝග පීඩා වලින් පීඩා විඳීමට සිදු වනු ඇත. ශරීර ප්‍රතිශක්‌තීකරණ හැකියාවද හීන වනු ඇත.

තවද ඔබ උපන්නේ වෘෂභ, මිථුන, කටක, තුලා යන ලග්නවලින් එකකින්නම්, දිය වැඩියා රෝගයට ගොදුරු වීමේ හැකියාව ඇති විය හැක. එසේම මේෂ කටක, සිංහ, වෘශ්චික, ධනු, මීන යන රාශි වලින් උපන් අයට, හෘද වස්‌තුව ආශ්‍රිත රෝග ඇති විය හැක.

මෙසේ මෙවැනි ග්‍රහ පිහිටීම් ඔබේ හඳහනේ කොතෙකුත් තිබීමට පුළුවන. ජ්‍යෙdතිෂ්‍යානුකූලව තවදුරටත් ඉතා සංකීර්ණ ග්‍රහ පිහිටීම් පුද්ගල හඳහන් තුල පිහිටා තිබුණද “නැකත” පාඨක ඔබගේ සරල අවබෝදය පිණිස බහුලව යෙදෙන ග්‍රහ පිහිටීම් කීපයක්‌ පෙරටු කරගත් අත්දැකීම් තුලින් හෙළි දැක්‌වූ වෙමි.

කොතෙකුත් පීඩාකාරී ග්‍රහ යෝග ඔබ උපන් හඳහන තුල දිස්‌වුවද, කල් වේලා ඇතුව පරීක්‍ෂා කර බලා නිශ්චය කර ගැනීමෙන් සියලු පීඩා වලින් වැළැකී සිටීමට ඔබ විසින් සුවිශේෂ වූ ජීවන රටාවක්‌ ගොඩ නගා ගත යුතුය.

ආත්මාර්ථය මූලික කොට ගත් රාගාදී මෝහයන් විසින් මිනිස්‌ චින්තනය ස්‌පර්ෂය කරන තාක්‌ කල් සියලු ග්‍රහ තරු නක්‍ෂත්‍ර කර්මය ඇසුරු කොට ගෙන මිනිසා ලුහු බඳිනු ඇත. පරාර්ථකාමී බව, සරල දිවි පැවැත්ම නිරෝගී ජීවන රටාවකට සුවිශේෂ ලක්‍ෂණයකි.

We found this article from Divaina on 2011/11/11.
Also Sinhala to English Google word to word translation can be found here