අප්‍රේල් 20 හා මැයි 20 අතර උපන් අයගේ පලාපල

1775
අප්‍රේල්
අප්‍රේල්

[ratings]

ඕනෑම වසරක අප්‍රේල් 20 ත් මැයි 20 ත් අතරතුර උපත ලද එනම් වෘෂභ රාශිය බල පවත්නා මාසයේ උපත ලද අයගේ පලාපල මෙසේය:

වෘෂභ රාශියේ ලක්‌ෂණය- ජවසම්පන්න වෘෂභයකුගේ රුවකි. පාලක ග්‍රහයා – සිකුරුය.

වෘෂභ රාශියට අදාළ මාසයේ උපත ලද ගැහැණු හෝ පිරිමි හෝ කෙනකුගේ ස්‌වාභාවික ගති පැවතුම් – ප්‍රීතියත්, සැපවිහරණයත් සෙවීමට, අන් සියල්ලටම වඩා උත්සාහ දැරීම ඔවුන්ගේ ලක්‌ෂණයකි.

උත්සාහයෙන්, කාර්මික ඥනයෙන් එය ලබා ගත හැකි යයි ඔවුහු කල්පනා කරති. ඒ වෙනුවෙන්, වැඩකටයුතු අතපසු කරන්නට ඔවුන් පෙළඹෙන්නේද නැත. සමාජය හා සමග එක්‌ව වාසය කිරීමට තදබල කැමැත්තක්‌ දක්‌වන ඔවුහු මිතුරු මිතුරියන් ඇසුරට දක්‌වන්නේ, බලගතු කැමැත්තකි. හුදකලාව වාසය කරන්න කිසිසේත් කැමැති නැත. කාර්යක්‍ෂමතාවයකින් යුතු ඔවුහු උනන්දුවකින් යුතු අයද වෙති. එතුළින් ඔවුන්ගේ දුෂ්කරතාවන් පහව ගොස්‌ දියුණුව ඇතිවනු ඇත. අලුතින් යමක්‌ අත්හදා බලන්නට යන්න කැමැත්තක්‌ නැති අතර පරණ දෙයෙහිම එල්බගෙන සිටීම පුරුද්දය. ඒ නිසා, අලුත් යමක්‌ කිරීමට ඔවුන්ට අපහසු විය හැකිය.

මිල මුදල් පිළිබඳ කටයුතුවලදී ඔවුන් යන්තමට හෝ මසුරු ගතියක්‌ දැක්‌වීමට පුළුවන. වයස 50 පිරීමෙන් පසුව, ඔවුන්ට බාල අය පිළිබඳව අදහස්‌ පහළ විය හැකි නමුත්, ඔවුන්ගේ අලුත් අදහස්‌, ක්‍රියා, හැසිරීම් රටා ආදිය ගැන අප්‍රසාදය පළ කරන්නටද බැරිකමක්‌ නැත.

වෘෂභ රාශියට අයත් මාසයෙහි උපන් කාන්තාවන්ට අනිවාර්යයෙන්ම අධික ලෙස තෙත් වූ හදවතක්‌ හිමිය. ළදරුවනට ඔවුන් දක්‌වන්නේ කිව නොහැකි තරම් ආදරයකි. ඕනෑවට වඩා හුරතල් කිරීම නිසා ඔවුන්ගේ දරුවන් සමහරවිට නොමඟ යන්නටද බැරිකමක්‌ නැත.

ජීවිතයේ තත්ත්වය හා සෞඛ්‍ය තත්ත්වය – ආහාර පිළිබඳව ගිජු ස්‌වභාවයක්‌ ඔවුන් තුළ තිබිය හැකිය. ඔවුqන් කෑමබීම සඳහා ජීවත් වන්නන් විනා, ජීවත්වීම සඳහා කෑම බීම ගන්නන් නොවන්නන් විය හැකිය. ඔවුන්ගේ ආහාර දිරවීමේ ඉන්ද්‍රීයයන් දුර්වල තත්ත්වයක පැවතිය හැකි හෙයින් අජීර්ණ වැනි ආබාධ ඇතිවීමේ ඉඩකඩ ඇත. අජීර්ණ වැනි රෝගයක්‌ ඇති වූ විට නිසි වේලාවට ප්‍රතිකාර ගැනීමට අමතක නොකළ යුතුය. සෞඛ්‍ය තත්ත්වය රැක ගැනීම සඳහා මස්‌ පිඬු ක්‍රියාකිරීමේ ව්‍යායාම්, ඇවිදීම්, දිවීම්, පැනීම් ආදියත්, හැකි තරම් පිරිසිදු වාතය ආශ්වාස කිරීමත් යෝග්‍යය.

අකාලයේ ආහාර ගැනීමෙන් වැළකී සිටීම ප්‍රඥ ගෝචරය. හැකිතරම් පලතුරු ආහාරයට ගැනීමද සනීපයට හිතකරය.

විනෝදාත්මක ක්‍රියා හා කරන්නට ප්‍රිය ක්‍රීඩා යනාදිය – තමන්ගේ විවේක කාලය බෙහෙවින් අගය කොට සැලකීම වෘෂභ රාශිය පිළිබඳ මාසයෙහි උපන් අයගේ ස්‌වභාවයකි. හැකි තරම් එළිමහනේ කාලය ගත කරන්න වෙහෙස දරන ඔවුන්, වැඩ කටයුතු බහුල වූ විට, කොඳුරණ ස්‌වභාවයක්‌ද සහිත අය වෙති. පරිසර සුන්දරත්වය නැරඹීම, යමක්‌ උගෙන ගැනීම, ඔරු පැදීම, ඇවිදීම, මාළු මැරීම, යනාදියෙන් විනෝදයක්‌ ලබන ඔවුන් මස්‌පිඬු ක්‍රියාකරවන ව්‍යායාම්වල යෙදෙන්න කැමැත්තක්‌ දක්‌වන්නේ නැත.

කරන රැකී රක්‌ෂා යනාදිය – වෘෂභ රාශිය පිළිබඳ මාසයේ උපන් අයගේ ස්‌වභාවය වන්නේ, මධ්‍යම වයසේදී හෝ ඉන් පසුව හෝ කිසියම් වෘත්තියක නියෑලීමය. ස්‌වකීය ඥනය හා මධ්‍යස්‌ථභාවයද යොදවා කළ හැකි හැම දෙයකින්ම තෘප්තියට පත්විය හැකිය. කටයුතු කිරීමේදී ඔවුහු සාමයත් සන්සුන්තාවයත් අපේක්‍ෂා කරති. කඩිකුලප්පුවකින් කිසියම් කාර්යයක්‌ කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ඔවුන්ට වැටහීමක්‌ නැත. ඔවුන් තුළ පවතින ක්‍රමවත්භාවය නිසා ඔවුන් වෙත වැඩිහිටියන්ගේ සහ උසස්‌ නිලධාරීන්ගේද හිත් ඇදී යන්නේ ඉබේමය. ඔවුන්ට වඩාත් සුදුසු වන්නේ මුදල් පිළිබඳ රාජකාරියක නියෑලීමය. ගුරු වෘත්තියෙන් හා ගෘහපාලනයෙන්ද, එම මාසයේ උපන් කාන්තාවන්ට දියුණු විය හැකිය.

ප්‍රේමය හා විවාහ ජීවිතය – මිතුරු මිතුරියන් විශාල පිරිසක්‌ හා සමග කල්ගත කිරීම වෘෂභ රාශිය පිළිබඳ මාසයේ උපන් අයගේ ස්‌වභාවය වන අතර ඔවුන්ගෙන් කෙනකුට පෙම් බැඳ ඔහු හෝ ඇය හෝ සමග අන්තිමේදි විවාහ වීම සිරිතය. ස්‌වකීය දූ දරුවන්ට කෙතරම් ආදරය කරනවාද කිවහොත්, ඔවුන් වෙනුවෙන් දාසකම් කරන්නට වුවද අකමැති වන්නේ නැති තරම්ය. ඔවුහු දරුවන්ගෙන් සැප සම්පත් ලබන අය වෙති.

විවාහ ජීවිතයේ වාසනාවන්ත සුමිහිරි නිවාසයන් ලබන්නට නම්, විවාහ විය යුත්තේ ජුලි 23 වැනිදාත් සැප්තැම්බර් 23 වැනිදාත් අතර හෝ නොවැම්බර් 23 වැනිදාත් දෙසැම්බර් 21 වැනිදාත් අතර හෝ උපන් කෙනකු හෝ හා සමගය.

ශුභ දවස – සිකුරාදා. වාසනාව උදා කරන මැණික්‌ වර්ගය හා ලෝහය – මරකත මැණික්‌ හෝ අගස්‌ති මැණික්‌ හෝ පැළඳීමෙන් වාසනාව උදාකර ගත හැකි අතර ශුභ ඵල ලබන්නේ නිල් පැහැයෙනුත්, නිල් පැහැයට හුරු අන් වර්ණවලිනුත්ය. තඹවලින් ඔවුන්ට යහපත් ප්‍රයෝජන ලබාගත හැකිය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here