අයස්‌ථානයේ ග්‍රහයින් සිටින විට

1414
අයස්‌ථානයේ
අයස්‌ථානයේ

[ratings]

ජන්මියකුගේ හඳහනෙහි 11 වැනි භාවය සහ 11 අධිපති ග්‍රහයාද 11 වැන්නේ සිටින ග්‍රහයින්ද 11 වැන්නට දෘෂ්ටි හෙළන ග්‍රහයින්ද 11 අධිපති ග්‍රහයින්ගේ බල දුබල ආදී ග්‍රහ තත්ත්වයන් සැළකිල්ලට ගෙන බොහෝ අනාවැකි කිව හැකි අතර ප්‍රධාන වශයෙන් සියලු ලැබීම් හා හදිසි ධන ලාභ පිළිබඳව කීමේ හැකියාව පවතින බැවින් මෙකී භාවය අය ස්‌ථානය වශයෙන් හැඳින්වේ.

රවි 11 වැනි භාවයේ සිටින විට

කෝටියක්‌ දොaෂ භංගවන ප්‍රබල පිහිටීමකි. දේශපාලනයට පිවිසියහොත් උසස්‌ තනතුරු ලබයි. රජයේ උසස්‌ තනතුරුවලට පත්වේ.

සඳු 11 වැනි භාවයේ සිටින විට

විදේශ ගතවීම් බහුලවේ. මුහුදු ගමන් නැව් ආශ්‍රීත රැකියා ලැබීමට හේතුවේ. දෙමහල් නිවාසවල වාසය කිරීමට ඉඩ ලැබේ.

බුධ 11 වැනි භාවයේ සිටිනවිට

ස්‌ථිර ලෙසම උසස්‌ අධ්‍යාපනය ලබයි. උසස්‌ රැකියාවලට හිමිකම් කියයි. විදේශගත වීමට ඉඩ සැලසේ. යාන වාහන දේපළ හිමිවේ.

සිකුරු 11 වැනි භාවයේ සිටින විට

ජනප්‍රිය කලාකරුවෙක්‌ වීමේ භාග්‍යය ඇත. ලෙහෙසියෙන් ආදායම් ලබයි. ව්‍යාපාර තුළින් දියුණුවට පත්වීමේ වාසනා ගුණය ඇත. බොහෝ උසස්‌ මිතුරන් ලබයි.

කුජ 11 වැනි භාවයේ සිටින විට

කාර්මික හෝ ආරක්‍ෂක අංශවල රැකියා ලබයි. ව්‍යාපාරවලට ශූර ගති ඇතිවේ. මැණික්‌ මිනිරන් ආදී පොළවෙන් ලැබෙන වස්‌තූන් හිමිවේ.

ගුරු 11 වැනි භාවයේ සිටින විට

සමාජයේ ගුරු බුහුමන් ලබයි. විශාල නිවාස හා ඉඩකඩම් ලැබේ. විදේශ රටවලට යැමට අවස්‌ථා උදාවේ. බොහෝ දියුණුවට පත්වන අයෙක්‌ වේ.

ශනි 11 වැනි භාවයේ සිටින විට

කුඩා කල අධ්‍යාපන කටයුතු බිඳ වැටේ. මැදි වයසෙන් පසු ආදායම් සරුවේ. ශරීරයේ නොමැකෙන කැළලක්‌ පවතින තුවාලයක්‌ ඇතිවේ.

රාහු 11 වැනි භාවයේ සිටින විට

විදේශගත රැකියා ලාභ ගෙන දේ. ලොතරැයි ජය ලැබීමට ඉඩ ඇත. රාහු 11 වැනි භාවයේ සිටින කළ රාහු මහ දශාව ලැබුවහොත් ඉතා දියුණුවට පත්වේ.

කේතු 11 වැනි භාවයේ සිටින විට

අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ස්‌නායු රෝග වැළඳිය හැක. තරමක්‌ හෙමින් ආදායම් ලැබීමට හේතු වුවත් දොර ඉඩකඩම් ලාබ නොඅඩුව ලැබේ.

“වැයස්‌ථානයේ” ග්‍රහයින් සිටින විට

හඳහනක 12 වැනි භාවය සහ 12 අධිපති ග්‍රහයාද 12 වැන්නේ සිටින ග්‍රහයින්ද 12 වැන්නට දෘෂ්ටි හෙළන ග්‍රහයින්ද 12 අධිපති ග්‍රහයින්ගේ බල දුබල ග්‍රහ තත්ත්වයන් සැළකිල්ලට ගෙන ප්‍රධාන වශයෙන් ජන්මියකු සතු මිල මුදල් වස්‌තුව වැය වන ආකාරය සඳහන් කළ හැකි බැවින් ජ්‍යෙdතිෂයේදී 12 වැනි භාවය වැය ස්‌ථානය නමින් හැඳින්වෙන අතර එකී 12 වැනි භාවයේ ග්‍රහයින් සිටින විට කෙනෙකු සතුවන ගුණාංගයන් මෙලෙස වේ.

රවි 12 වැනි භාවයේ සිටින විට

විදේශ ගත රැකියා ලාබ ගෙනදේ. නීතිමය ගැටලුවලට මැදි වීමේ ඉඩකඩ පවතී. හිසේ සහ ඇසේ රෝග සාදයි. විවාහ දිවිය තරමක්‌ අසහනකාරී වේ.

සඳු 12 වැනි භාවයේ සිටින විට

රෝහල් ආශ්‍රිත රැකියා ලාභ ගෙන දේ. නිතර නිතර හදිසි අනතුරුවලට මුහුණ දීමට සිදුවේ. සඳු ග්‍රහයා 12 භාවයට එතරම් සුබ ග්‍රහයකු නොවේ.

බුධ 12 වැනි භාවයේ සිටින විට

අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණේ. නීතිමය ගැටලුවලට මුහුණ පෑමට සිදුවේ. ඇස්‌ සම්බන්ධ රෝග ඇති වීමට ඉඩ පවතී. බුධ ග්‍රහයා උච්ච බලයෙන් 12 වැනි භාවයේ සිටීම සුබවේ.

සිකුරු 12 වැනි භාවයේ සිටින විට

වැය පක්‍ෂය අධික වීම නිසා මිල මුදල් ඉතිරි කිරීමට නොහැකිවේ. ඉතා තදින් කේන්ති යන අයෙක්‌ වේ. ආදරය කිරීමේදී අවංක වන අතර ස්‌ථිරව ආලය කරන්නෝ වෙති.

කුජ 12 වැනි භාවයේ සිටින විට

තද බල ලෙස කේන්ති ගති ඇති වන බොරු කීමෙහි දක්‍ෂයකු වේ. විවාහ ජීවිතය බොහෝ කරදර බාධක ගෙන දෙන්නක්‌ වේ.

ගුරු 12 වැනි භාවයේ සිටින විට

අනිවාර්ය විදේශගත රැකියා ලාභ ගෙන දේ. සතුරු කරදරවලට බොහෝ අවස්‌ථාවල මුහුණ දීමට සිදුවේ. වියදම් අධික වීම තුළ ඉතිරි කිරීමට නොහැකි තත්ත්වයක්‌ උදාවේ.

ශනි 12 වැනි භාවයේ සිටින විට

කලක්‌ දුක්‌ විඳින රෝග පීඩා ඇති කරයි. නඩු හබවල පැටලේ. තම දරුවන් නිසා බොහෝ දුක්‌ කරදරවලට මුහුණ පෑමට සිදුවේ. මිල මුදල් ඉතිරි කිරීම අපහසුවේ.

රාහු 12 වැනි භාවයේ සිටින විට

අධ්‍යාපන කටයුතු අසාර්ථක වේ. එක තැනක වාසය කිරීමට නොහැකි වන අතර උපන් ස්‌ථානය මාරු කරයි. නඩු හබවලට පහසුවෙන් පැටලේ. විදේශ රැකියා ලාභ ගෙන දේ.

කේතු 12 වෙනි භාවයේ සිටින විට

අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. උසස්‌ රැකී රක්‍ෂා ලැබීමේ වාසනාව පවතී. අධික ලෙස මිල මුදල් ඇති අයෙක්‌ වේ. ස්‌නායු ගත රෝග පීඩා වලට ලක්‌වේ.

We found this article from Divaina on 2012/04/27.
Also Sinhala to English Google word to word translation can be found here