කිසියම් භාවයක සිටින ග්‍රහයකු භාවස්‌පුටයට අයත් නොවන රාශි අංශයක යෙදීම නිසා අදාළ ග්‍ර්‍රහයාගේ දුර්වලතාවයෙන් කරදර විපත් ඇති කරයි. අශුභ ග්‍රහයන් කාරක වන ස්‌ථානවලට 06-08-12-03-11 ආදී ලෙස යෙදීම ද ශුභදායක නොවේ.
ලෙඩ දුක් කරදර, ධනයෙන්, බලයෙන් කීර්තියෙන් පිරිහීම රැකී රක්‍ෂාවලින් පහවීම වැනි කරුණු සිදුවන්නේ කේන්ද්‍රයේ අශුභ විපාක දෙස කාලයක් උදාවීමෙනි. කේන්ද්‍ර සටහනේ 06 වැන්න සතුරු කරදරවලට මුල පුරන අතර 08 වැන්නෙන් ලෙඩ රෝග දුක් කරදර ගැන කියෑවේ. යෝගකාරක ග්‍රහයන්ගේ දුබලතාවය මෙන්ම කේන්ද්‍ර ස්‌ථානාධිපතියන් හා ත්‍රිකෝණ ස්‌ථානාධිපතියන් දුර්වලව සිටීම ද ලෙඩ රෝග දුක් කරදරවලට හේතුවකි. මහ දශාධිපතියා හෝ අන්තර් දශාධිපතියා දුර්වල වී ඔවුන්ගේ දශා කාලයක 06-08-12 ආදී ස්‌ථානාධිපතියකුගේ හෝ අතුරු දශාවකදී හෝ විදශාවකදී හෝ කේන්ද්‍ර හිමියාට දුක් කරදර ලෙඩ රෝග ගෙන දෙයි. එනිසා ජන්මියාට අශුභ විපාක ගෙන දෙන්නේ 06-08-12 වැනි ස්‌ථානාධිපතියන්ගේ දශා කාලයන්වලයි.
කේන්ද්‍ර සටහනේ 06 වැන්න
කේන්ද්‍ර සටහනේ 06 වැන්නේ රෝග ගැන ද කියෑවේ. අදාළ ලග්න අනුව 06 වැන්නට ගැනෙන රාශි, රාශි අධිපතීන් හා සෙනසුරු – සඳු සිටි රාශි ස්‌ථාන අනුවත් රෝගාබාධ ඇති කරයි.

කේන්ද්‍ර සටහනක 06-07-08 යන ස්‌ථානවල උෂ්ණ ග්‍රහයන් (මේෂ – සිංහ – ධනු) සිටි විට ලෙඩ රෝග ඇතිවෙයි. මේ ස්‌ථානවල සඳුගේ සිකුරු සිටීමෙන් ශරීරයේ තෙත් ගුණය අධික වීම නිසා රෝග ඇති කරයි. සඳු – රවි සමඟ හෝ කුජ සමඟ සිටීමෙන් සෙම් රෝගවලින් පෙළෙයි. රවි කුජ සංයෝගයෙන් ද ලෙඩ රෝග ඇති කරයි. ඇඟ උණු කරවා යැම, මුත්‍රා ආබාධ, වකුගඩු ආබාධ ඇතිවන්නේ සිකුරු සමඟ උෂ්ණ ග්‍රහයන් සිටීමෙනි. සඳු සිකුරු කේන්ද්‍ර සටහනේ 02-06-08-12 ස්‌ථානවල සිටීමෙන් සෙම් රෝග ඇති කරයි. මේ අතර කේතුද නරක තැනක සිටීමෙන් තත්ත්වය තවත් උග්‍ර වේ. කුජ – සිකුරු සංයෝග ද වකුගඩු රෝගවලට හේතුවකි. කුජ සමඟ ශනි සිටීමෙන් ලේ ධාවනය වැඩි වන්නේය. බුධ – ගුරු එකට සිටීමෙන් පෙනහළු ආබාධ, හෘද රෝග ඇති කරයි. ගුරු සිකුරු එකට සිටීම ද නරකය. බොහෝ කාලයක් එක් තැනක සිටීමට (ලෙඩ රෝගවලින්) ඉඩකඩ සලසන්නේ සෙනසුරු සහ කේතු යන දෙදෙනාය. දියවැඩියාව, පිළිකා, අත්පා කැඩීම, කොරවීම, සමේ රෝග ඇතිවීම, අංශභාග ආදී කල්ගතවන රෝග ඇතිවන්නේ යට කී ග්‍රහයන් දෙදෙනාගේ බලපෑම නිසාය.
ප්‍රසූත දොෂ ගබ්සාවීම (ස්‌ත්‍රීන්ට) ඇතිවන්නේ කේන්ද්‍ර ස්‌ථානයේ 06 වැන්න සහ 08 වැන්නෙහි අශුභ ග්‍රහයන් සිටීමෙනි. විශේෂයෙන් කුජ ග්‍රහයා මූලික වෙයි. සඳු ග්‍රහයාද මීට හේතු කාරක වේ.
08 වැන්න
වෘෂභ ලග්න කාන්තාවන්ගේ කුජ 06 සිටීම නිසා මාස් ශුද්ධියේ දුර්වලතා, ප්‍රසූත දොෂ, දරුවන් ලැබීමේ කරදර ඇතිවිය හැකිය. කුජ 08 සිටීමෙන් ද විවාහයෙන් කරදර ඇති කරයි. මේෂ ලග්න හිමියන්ගේ කුජ (ලග්නාධිපතිගේ) 06 සිටීම ද ඉහත පරිදිමයි. දරුවන් ලැබීමේදී අමාරු ඇති කරයි. මිථුන ලග්න හිමියන්ට කුජ 08 සිටීම දරු ප්‍රසූතිවලදී කරදරයි. කොටින්ම කුජ 06-08 ස්‌ථානවල සිටීම කාන්තාවන්ට යහපත් නැත. සඳු ග්‍රහයා දුර්වලව සිටීමත් 06-08 ස්‌ථානවල අශුභ ග්‍රහයන් පාප ග්‍රහයන් සිටීමත් නිසා විශේෂයෙන් ස්‌ත්‍රී පක්‍ෂයට අඵලදායක වේ. කන් ඇසීමේ දුර්වලතා ඇතිවන්නේ ශනි – බුධ දෙදෙනා දුර්වලව සිටීමෙනි.
ග්‍රහයන් ගැන තතු සෙවීමේදී ග්‍රහ ලොව ප්‍රධානියා වන රවි නීචවන්නේ තුලා රාශියේය. වර්ෂයේ ඔක්‌තෝබර් මැද සිට නොවැම්බර් මැද දක්‌වා උගත් අයට රවි නීචවෙයි. මේ නීචවීමෙන් රෝග පීඩාවන්ට ඔරොත්තු දීමේ ප්‍රතිශක්‌තිය අඩු වේ.

සඳු නීච වන්නේ වෘශ්චික රාශියටයි. සෙම් රෝග, පීනස් අමාරු, ජලයෙන් අපල ඇති කරයි. හදිසි කෝප ඇති කරයි. කුජ නීච වීමෙන් ලේ පිටවන අනතුරු තුවාල ඇති වේ. ලේ දොෂ ඇති වේ. විවාහ ප්‍රශ්න ඇති කරයි. බුධ මීන රාශියේ නීච වීමෙන් කතාව පැහැදිලි නැත. (ගොත ගැසීම්) පිත් දොෂ ඇති වේ. ඉගෙනීමට දක්‍ෂ නොවේ. ගුරු මකර රාශියේ නීච වීමෙන් තැන්පත් බවින් තොර වේ. මානසික කරදර ඇති කරයි. ගති පැවතුම් යහපත් නැත. සිකුරු කන්‍යා රාශි ගතව සිටීමෙන් සෙම් රෝග බහුල වෙයි. සෙනසුරු මේෂ රාශිගතව සිටීමෙන් කම්පාවට පසු තැවීමට පත්වේ. සෞඛ්‍ය තත්ත්වය අයහපත්ය. වාත රෝග ඇති කරයි.
කේන්ද්‍ර සටහනේ මහ දශාව, අතුරු දශාව හා විදශාවේදී පාප ග්‍රහයනට යට කී එකී ග්‍රහයා 06-08-12 ස්‌ථානයක සිටීමෙන් අයහපත් තත්ත්වයක් උදාවෙයි.
We found this article from Divaina on 2014/05/25.