ආයුෂ කල් ඇතිව දැනගත හැකිද?

934
ආයුෂ

“ආයුෂ” කල් ඇතිව දැනගත හැකි නම් එයින් තම ජීවිතය සැලසුම් කළ හැකිවනු ඇත. අධ්‍යාත්මික අතින් උසස්‌ තත්ත්වයට පත් උතුමෝ, තමන්ගේ මෙන්ම අනුන්ගේ ද පරමායුෂ දැන සිටියා. බෞද්ධ පොත්පත්වල දැක්‌වෙන පරිදි බුදුරජාණන්වහන්සේට ද එවැනි විශිෂ්ට ඥනයක්‌ තිබිණි.

මහා පරිනිබ්බාන සූත්‍රයේ තමන් වහන්සේ පිරිනිවන්පාන්නට මාස තුනකට පෙර ඒ බව ආනන්ද හිමියන්ට වදාළ බව දැක්‌වේ. ඉන් පසුව ද උන්වහන්සේ තව මෙපමණ දින ගණනකින් තමන් වහන්සේ පිරිනිවන්පාන බව කියා තිබිණි.

අප කුඩා කල පාසලේදී කියෑවූ ඡත්ත මානවක ගාථා” බුදුහිමියන් විසින් “ඡත්ත නම් මානවකයාට උගන්වා වදාළේ ඔහුගේ මරණය සිදුවීමට ටික වේලාවකට පෙරය. තෙරුවන්ගේ ගුණ සහිත එම ගාථා තුන සිහිකරමින් යන ඡත්ත සොරුන්ගෙන් මැරුම්කන අතර දෙව්ලොව උපදී. බුදුහිමියන් ඔහුගේ ආයුෂ කෙළවර බව දැන සිටියහ.

“දුරු වීරිය” නම් අයෙකුට බුදුන් වදාළ දහම අසා රහත්වීමට හැකිවිය. එතුමෝ පැවිදි වීමට සිවුරු පිරිකර සොයායන විට ගොනකු ඇනීමෙන් අභාවප්‍රාප්ත විය. අභාවයට සුළු මොහොතකට පෙර බුදුන්වහන්සේ ඔහුට රහත් වන ලෙස ධර්මාවබෝධය දුන් නමුදු ආයුෂ කෙළවර බව දැන සිටි බව පෙනේ.

අග්‍රමහා ශ්‍රාවක වූද සෘධි ප්‍රාතිහාර්යය පෑමෙහි අග්‍ර වූද මොග්ගල්ලාන හිමියෝ තමන් වහන්සේට පහර දීමට සතුරන්ට ඉඩ හැරිසේක. පසුව බුදුන්වහන්සේ හමුවට ගොස්‌ පිරිනිවන්පෑමට පෙර අවසර ගත් සේක. ඒ උන්වහන්සේ ද තම ආයුෂ කෙළවර බව දුටු හෙයිනි. එහෙත් බුදුහිමියන් හා රහත් උතුමෝ ආයුෂය ගැන දැනගත්තේ තම විශිෂ්ට ඥනයේ බලයෙනි. ආයුෂ ගැන සෙවීමට වඩා ඉතා උසස්‌ ඥන උන්වහන්සේලා සතු විය. ආයුෂ සෙවීම පිළිබඳව ජ්‍යෙතිෂ් ශාස්‌ත්‍රය මෙලොවට බිහි කළ සෘෂිවරුන්ගේ නියමයන් මෙතැන් සිට සාකච්ඡා කරමු.

ආයුෂ

ආයුෂ සෙවීම පිළිබඳව ජ්‍යෙතිෂ් ශාස්‌ත්‍රය

ජ්‍යෙතිෂ් ශාස්‌ත්‍රය ගැන උසස්‌ දැනීමක්‌ නැතිව වුවද සාමාන්‍ය නිමිති ක්‍රම මගින් ආයුෂ දැනගත හැකි ක්‍රම ජ්‍යෙතිෂ් ශාස්‌ත්‍රයේම දැක්‌වේ. “දර්ශන නිමිත්ත” එවැන්නකි. දර්ශන නිමිත්ත යනු දකින දේවල් අනුව ආයුෂ තීරණය කිරීමයි.

මේ අනුව යම් කෙනකු ස්‌නානය කළ පසුව පළමුවෙන්ම පපුවේ හෘදය වස්‌තුව අසල ප්‍රදේශය දිය වියළී යන්නේ ද ඔහුගේ ආයුෂ කෙළවර වෙමින් පවතින බව කියෑවේ.

තවද යම් කෙනකු කාකයන් යුවළකගේ මෛථූනය දකී ද එය මරණය හෝ විශාල විනාශයක්‌ හෙවත් විපතක්‌ හඟවයි.

“අරුන්ධතී” නම් තාරකාව නොපෙනී යන යමෙක්‌ ඇද්ද ඔහුගේ ආයුෂ වර්ෂ දෙකකට සීමා වන බව ජ්‍යෙතිෂ නියමයයි. අරුන්ධති තාරකාවන් දෙකක්‌ අහසේ පිහිටා ඇත. එකක්‌ නම් “මහ වලසා” නම් තාරකා මණ්‌ඩලයේ පෙනෙන තාරකා හතෙන් එකකි. අනෙක වෘෂභ රාශියේ වෘෂභ රූපයේ ඇස ළඟ පිහිටි කාණ්‌ඩ දෙකෙන් කුඩා තරුවය. මරණයට අවුරුදු දෙකකට පෙර සිට මේ හරහා නොපෙනී යැමට පටන් ගනී.

මේ අතර “සෝමච්ඡායාව” නොපෙනී යැමද තම ආයුෂ හමාර බව හඟවයි. සෝම යනු චන්ද්‍රයාට කියන නමකි. සෝමච්ඡායාව නම් සඳඑළිය නිසා වැටෙන තමන්ගේ සෙවනැල්ල දෙසම බලා සිට එක්‌වරම අහස දෙස බලන විට තත්පර කීපයක්‌ දකින සුදු පාට ඡායාවයි. මෙම ඡායාව මරණයට වර්ෂ දෙකක්‌ ළං වූ විට නොපෙනේ යෑයි ජ්‍යෙතිෂයේ සඳහන් වේ.

ආයුෂ

මේ අතර මේෂ, වෘෂභ රාශි අතර පිහිටා ඇති “කැති” නැකතේ සාමාන්‍ය ඇසට තාරකා හයක්‌ පෙනෙන නමුත් තම මරණයට ආසන්න වන විට තාරකා හතක්‌ පෙනෙන්නට ඇති බව කියනු ලැබේ.

නාඩි ශාස්‌ත්‍රය

ඉහත සඳහන් කරන ලද්දේ දර්ශන නිමිති අනුව ආයුෂ දැනගන්නා ක්‍රමයකි. මෙයට අමතරව ආයුෂ දැනගත හැකි ක්‍රමයක්‌ “නාඩි ශාස්‌ත්‍රය” හෙවත් නළ ශාස්‌ත්‍රයේ දැක්‌වේ.

මෙම ශාස්‌ත්‍රය පදනම්ව ඇත්තේ හුස්‌ම ඉහළ පහළ වැටීම සිදුවන නාස්‌පුඩු අනුවය. කෙනෙකුගේ ශ්වසනය තම දකුණු හෝ වම් නාසාපුටයෙන් පමණක්‌ පැය 6 ක්‌ සිදුවේ නම් ආයුෂ වර්ෂ පනහකි. පැය දොළහක්‌ තම ආයුෂවර්ෂ 25 කි. පැය 18 ක්‌ නම් ආයුෂවර්ෂ 12 යි. පැය 24 ක්‌ නම් ආයුෂ වර්ෂ 10 කි. එමෙන්ම දින 28 ක්‌ එකම නාසා සාපුටයන් හුස්‌ම ගනී නම් ඔහු හෝ ඇය ඉදිරි දින 10 ඇතුළත අවසන් හුස්‌ම හෙලනු ඇත. මේ පිළිබඳ වැඩි විස්‌තර ලියුම්කරුගේ “බුදුදහම හා ජ්‍යෙdතිෂය” ග්‍රන්ථයෙන් දැනගත හැකිය. මේ අතර ආයුෂ ගණනය කරන ක්‍රම ද ජ්‍යෙdතිෂයේ දැක්‌වේ. ඒවා “වරන මිහිර” ආදී පැරණි ග්‍රන්ථවලින් දැනගත හැකිය. අප සාමාන්‍යයෙන් හිතන්නේ මිනිසකුගේ පරමායුෂ වර්ෂ 120 පමණ වන බවය. එහෙත් සමහර ග්‍රහ පිහිටීම්වලින් මීට වඩා ආයුෂ ඇති කෙනෙකු උපදවන බව ද වරාග මිහිර ග්‍රන්ථයේ සඳහන්ය. මේ එවැන්නකි.

චතුර්තාම්ශ

“ලග්නය සිංහ රාශිය වී එහි ගුරුද, සිකුරු කටකයේද බුධ කන්‍යාවේද පාප ග්‍රහයෝ 8, 6, 10, 11 ද සිටියේ නම් එකල උපන් මනුෂ්‍යයා වර්ෂ 1000 ක්‌ ජීවත් වේ.”

“ආයුෂ” කෙනෙකු මාතෘ ගර්භයේ පිළිසිඳගන්නා විටම තීරණය වන දෙයක්‌ බව ධර්මයේ සඳහන් වේ. මෙම ආයුෂයත්, ඌෂ්ණයත්, විඤ්ණයත් ශරීරයෙන් ඉවත්ව ගිය විට ඔහු හෝ ඇය මරණයට පත් වූවා යෑයි කියමු.

ජ්‍යෙතිෂයේදී ආයුෂ ලග්නාධිපතිගෙන්ද, ශරීරය ලග්නයෙන් ද ඌෂ්ණය රවිගෙන් ද විඤ්ණය සඳුගෙන් ද පෙන්වයි. ඉහත රවි, සඳු, ලග්නාධිපති යන ග්‍රහයන් තම ලග්නයට ඇති සබඳතා දුර්වල වන දිනෙක මරණය සිදුවනු ඇත. නැතිනම් අපට වෙනත් සිරුරක්‌ කරා යන්නට සිදුවනු ඇත.

මරණය යන වචනයට අපි අකැමැත්තෙමු. එය බොහෝ දුර යෑයි අපි සිතමු. එහෙත් දිනෙන් දින ඒ මරණය අපි කරා පැමිණෙනු ඇත. මරණය යන වචනය පිළිකුල් කරනවාට වඩා එය සදාතනික සත්‍යයක්‌ ලෙස පිළිගැනීමට හුරුවීම ප්‍රඥගෝචරය. “මරණානුස්‌සතිය” ආනුභාව සම්පන්න භාවනාවකි.

We found this article from Divaina on 2013/11/10.