ඉගෙනුම සපලවෙන්න ජ්‍යෙතිෂයෙන් පෙර දැක්‌මක්‌

0
483
ඉගෙනුම
ඉගෙනුම

[ratings]

ඉගනීම් හා ශාස්‌ත්‍රීය කටයුතු අතින් තම දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය සැලසීමට දෙමාපියන් ගන්නා තැත සුළු පටු නොවේ. හොඳ අධ්‍යාපනයක්‌ ලබාදී සමාජයේ යහපත් පුරවැසියන් බවට පත් කිරීමට හැම මවක්‌ පියෙක්‌ම දරුවන් සඳහා වෙහෙසෙයි. ඇතැම් පවුල්වල දරුවෝ බුද්ධිමත් වුවත් ආර්ථික දුෂ්කරතා නිසා අධ්‍යාපන කටයුතුවල නියෑළීමට වරම් නොලබති. එහෙත් කොතරම් දුප්පත් වුවත් අඟහිඟ කම් ඇති වුවත් සමහර දෙමාපියන් තම දරුවන්ට ඉගනීම් කටයුතු සාර්ථක කර දෙති. දරුවකුට අකරු කියවීමේදී “සරස්‌වතී යෝගයක්‌” උදාවී ඇති අවස්‌ථාව ඉතාමත් වටින්නේය. බුධ ග්‍රහයා කන්‍යා රාශිගතව රවි සමග යෙදී සිටින විට බදාදා දිනෙක අකරු කියවීම වැදගත් වෙයි. සිකුරු ග්‍රහයා මීන රාශියේ උච්ච වී සිටින විට සිකුරාදා දිනයක අකුරු කියවීමද ශුභයි. ගුරු (බ්‍රහස්‌පතී) කටක රාශි ගතව සිටින විට බ්‍රහස්‌පතින්දා දිනෙක ගුරු හෝරාවෙන් අකුරු කියවීමද යහපත් වන්නේය.

ජෝතීර් විද්‍යාවට අනුව ආත්ම ශක්‌තිය, පාලන කටයුතු ගෞරවය, කීර්තිය, ආදී දේ ලබා ගැනීමේදී ශාස්‌ත්‍රීය, විද්‍යා කටයුතු අතින් ප්‍රවීණ විය හැක්‌කේ උපන් කේන්ද්‍රයේ ඇතැම් ග්‍රහයින්ගේ සුවිශේෂී බලපෑම් අනුවය. බුධ, බ්‍රහස්‌පතී ග්‍රහයින් 10 වැන්නේ සිටීම, 05 වැන්න සහ 09 වැන්න හිමි ග්‍රහයින් 10 වැන්නේ සිටීම, 03 වැන්න හා 05,09 අධිපතියන් බුධට අයත් රාශියක (කන්‍යා-මිථුන) සිටීම, මිථුන, කන්‍යා රාශිවල රවි – චන්ද්‍ර ග්‍රහයින් සිටීම, උසස්‌ අධ්‍යාපන කටයුතු ගණිත මිනිත කාර්යයන් හා සාහිත්‍ය, කලා කටයුතුවලට වැදගත් වන්නේය. හඳහනේ 03 වැන්න මොළයට සම්බන්ධ නිසා ජන්මියාගේ දැනීම තැන්පත් වෙයි. එසේම 05 වැන්න සහ 09 වැන්නද දැනීම තව දුරටත් ප්‍රගුණ කරවයි. ගතිගුණ, සිරිත්, විරිත් හා චර්යාවන් සියල්ල වැඩි දියුණු කරනු ලබන්නේ 05 -09 ස්‌ථානවලදීය.

ඉගනීමට උනන්දුවක්‌ උත්සාහයක්‌ නොදක්‌වන හේතු ද කේන්ද්‍ර සටහනින්ම දිස්‌වෙයි. ජන්ම පත්‍රයේ 05-09 ස්‌ථානවල ශනි, රාහු, කුජ වැනි පාප ග්‍රහයින් පිහිටීම නිසා ඉගනීම් කටයුතු අඩාල කරයි.

රාශි චක්‍රයේ 08 වැන්න වූ වෘෂ්චික රාශියෙන් ගුප්ත – සැඟවුණ දේ පිළිබඳවද, පරීක්‍ෂා කෙරේ. 05-09 අධිපති ග්‍රහයින් 07 වැන්නේ සිටීමෙන් රසායනික වෛද්‍ය ශාස්‌ත්‍රය වැනි ගුප්ත කරුණු කෙරෙහි යොමු වන්නේය. කුජට අයත් (වෘෂ්චිත – මේෂ) රාශියක හෝ බුධ සිකුරු දෙදෙනාගේ (කන්‍යා-මිථුන- තුලා – වෘෂභ) රාශිවල හෝ බුධ – සිකුරු සිටීමෙන් සංගීත, චිත්‍ර කලා, කතනය වැනි කටයුතු කෙරෙහි ජන්මියා පොළඹවයි.

මේෂ ලග්න හිමියන්ගේ 03 වැන්න අධිපතියාවූ බුධ 05 වැන්නේ සිටී නම් දූරදර්ශී නුවණ ඇති අයකු වන්නේය. වෘෂභ ලග්න හිමියන්ගේ බුධ 05 වැන්නේ සිටීමේදී (කන්‍යා) ගණිත – මිනිත කටයුතු වලට දක්‍ෂතා දක්‌වයි. මිථුන ලග්නයේ බුධ ලග්නගතව සිටී විට උසස්‌ ගුණ වන්තයෙකු වෙයි. ඔහු හෝ ඇය පොත්පත් සාහිත්‍ය, ශාස්‌ත්‍රීය කටයුතු වලට දස්‌කම් දක්‌වයි. කටක ලග්න හිමියන්ගේ බුධ 05 වැන්නේ වෘශ්චික ඉගනීම් කටයුතු සාර්ථකව කරගනී. යන්ත්‍ර සූත්‍ර – රසායනික කටයුතු කෙරෙහි දක්‌ෂතා දක්‌වයි. සිංහ ලග්නයෙන් උපන් අයගේ ගුජ 11 වැන්නේ සිsටීවිට ඉගනීමට දක්‌ෂවේ. යාන්ත්‍රික කාර්මික කටයුතු කෙරෙහි වැඩි අවධානය යොමු කරවයි. කන්‍යා ලග්න හිමියන්ගේ බුධ 10 සිටීම ඉතාමත් හොඳයි. ශාස්‌ත්‍රීය අංශයෙන් උසස්‌ තත්ත්වයක්‌ හිමිකර ගනී. තුලා ලග්නයෙන් උපත ලබා සිකුරු ලග්නගතව සිටි විට සංගීතය, කලා කටයුතුවලට ලැදිවේ. ලග්නය වෘශ්චික වී රවි 11 සිටීමෙන් ශාස්‌ත්‍රීය විද්‍යා කටයුතු වලින් නිපුණතා දක්‌වයි. ධනු ලග්න හිමියන්ගේ ගුරු 09 වැන්නේ සිටින සිංහ රාශි ගතව සිටීමේදී ඉගනීම් කටයුතුවලට උනන්දුව දක්‌වයි. උසස්‌ අධ්‍යාපනය ලබයි. මකර ලග්නයෙන් උපත ලැබුවන්ගේ බුධ 10 සිටීමෙන් තියුණු කල්පනා ශක්‌තියක්‌ ඇති කරයි. අවබෝධ ඥානය පුළුල් වේ. ඉගන ගැනීම් කටයුතුවල යෙදී සිටින අයට ඉතාමත් ශුභදායකයි. ගුරු (බ්‍රහස්‌පතී) 11 සිටින කුම්භ ලග්න හිමියන්ටද බාධක කරදර මැද වුව ඉගනීම් කටයුතු සාර්ථක කරගනී. මීන ලග්නයෙන් උපන් අයගේ බුධ බුධ 04 සිටීමද යහපත්ව අධ්‍යාපන කටයුතු මැනවින් කරගනී. විශේෂයෙන් ගණිත – මිනිත කටයුතු වලට දක්‍ෂ වෙයි.

අකුරු කියවීමට බදාදා බ්‍රහස්‌පතින්දා – සිකුරාදා සහ සඳුදා දිනයන් ඉතාමත් ශුභ වෙයි. නැකත් හෝරා බලා වේලාව නියම කර ගැනීම උචිතය.

We found this article from Divaina on 2012/01/06.
Also Sinhala to English Google word to word translation can be found here