ඉඩමක්‌ මිලදී ගැනීමට පෙර මේ ගැනත් සිතා බලන්න

0
669
ඉඩමක්‌
ඉඩමක්‌

ඉඩමක්‌ මිලදී ගැනීමේ දී අතීතයේ මෙන් ඔබට අද ඉඩම් කොටස්‌ තෝරා ගැනීමට ඇති හැකියාව බොහෝ සෙයින් අඩු වී ඇත. එහෙත් ඉඩම් කොටස්‌ තෝරා ගැනීමේ දී ඔබේ අවශ්‍යතාවන් ඔබ හඳුනා ගත යුතුය. මෙම අවශ්‍යතාවන්ගේ පරාසය විශාල වන්නට වන්නට සිද්ධ වන්නේ යම් යම් හැඩතල මත මිල දී ගත් ඉඩම් කොටස්‌ හි හැඩතල ඔබේ නිවස ඇතුළට ගෙන එන පරිදි සැලසුම් ශිල්පියාට සැලසුම් කිරීමට සිදු වීමයි.

ඒ අනුව ඉඩමේ හැඩතල නිවසේ හැඩතල හා එක`ග නොවන පරිදි එනම් නිවසේ මුළු හැඩයන්, රවුම් හැඩතල නිවසට ඇතුළු නොවන පරිදි සැලසුම් කර ගැනීමට ඔබ සැලසුම් ශිල්පියා සම`ග සාකච්ඡා කර ගත යුතුය. ඔබේ අවශ්‍යතාවයන් පෙළ ගැස්‌වීමේ දී කාමර 6, 7 නිවසක්‌ පර්චස්‌ 5, 6 ක ඉඩමකට කිසිසේත්ම සුදුසු වන්නේ නැත. ඔබ විශාල ප්‍රමාණයේ නිවසක්‌ සඳහා හිමිකම් කියන්නට සැරසේ නම් අනිවාර්යයෙන්ම විශාල ඉඩමක්‌ මිලදී ගැනීමට ඔබ උත්සාහ කළ යුතුය. නූතන ඉඩම් ව්‍යqහයේ දක්‌නට ඇති ලක්‍ෂණයක්‌ වන්නේ බොහෝ ඉඩම් අද වෙන්දේසි කිරීම ම`ගින් විකිණීමේ ක්‍රමවේදයයි. එවන් අවස්‌ථාවන් හි දී ඔබ ගන්නා ඉඩම යම් යම් දොස්‌ පරොස්‌ එනම් හැඩතල තිබෙන්නට හැකිමුත් මෙම හැඩතලයන්ට ආවේණිකව නිර්මාණය කරන ලද අසල්වැසි යාබද ඉඩම් හි සැලසුම් කෙරෙහි ද ඔබ අවධානය යොමු කල යුතුය. ඔබ අදහස්‌ කරනු ලබන නිවාස සිහිනයෙහි ගති ලක්‍ෂණ ඔබ මිළ දී ගන්නා ඉඩමට සුදුසු වේද නැද්ද යන්න කෙරෙහි ඔබ අවධානය යොමු කළ යුතුය. ඉඩම් කොටසක්‌ මිල දී ගැනීමේ දී පාර දැමීමට හැකි ස්‌ථානය, ගේට්‌ටුව දැමීමට හැකි ස්‌ථානය, ඉඩමේ ඉදිරිපිට තිබෙන්නා වූ සොහොන් කොත්, අධි ධාරිතාවන්ගෙන් යුතු විදුලි

රැහැන්, සන්නිවේදන කුලුනු ආදිය කෙරෙහි ද ඔබ අවධානය යොමු කළ යුතුය. ඞල ශ ඊසාන හා නිරිත දිශාවෙන් ගේට්‌ටුව තැබීමට සිදු වන ඉඩම් මිල දී ගත යුතු නැත. ඔබ මිල දී ගන්නා ඉඩම් කොටස කුමන දිශාවකට අයත්දැයි ඔබ සොයා බැලිය යුත්තේ බටහිර දිශාවට මුහුණ දැමීමට ඔබ අකමැත්තේ නම් පමණි. එහෙත් පර්චස්‌ 20ට වඩා අඩු ඕනෑම ඉඩමක, සැලසුමක මුහුණත ඉඩමේ මුහුණත සම`ග එක`ග විය යුතුය. බටහිර මුහුණත ඉඩම් ව්‍යාපාරිකයන්ට ඉතාම සුදුසුම ඉඩම් කොටසක්‌ බව අප කල පර්යේෂණයන්ගෙන් පැහැදිලි වී ඇත. විශාල ඉඩමක පාර හා ගේට්‌ටුව ඉඩමේ මුහුණත හා නිවසේ මුහුණත සම`ග එක`ග නොවීම පිළිබඳ ප්‍රශ්නයක්‌ පැන නගින්නේ නැත. ඉඩමේ පස උස්‌ පහත් වීම්, ජලය ආදී කරුණු කෙරෙහි ද ඔබ අවධානය යොමු කළ යුතුය. Z

එම ප්‍රදේශයේ පවතින රාජ්‍ය සැලසුම් මෙන්ම ව්‍යාපෘති කෙරෙහි ද ඔබ අවධානය යොමු කළ යුතුය. අසල්වැසි නිවාස හා එම නිවාස වල සහජීවනය කෙසේ ද යන්න පිළිබඳව ඔබ විමසීමක්‌ කළ යුතුව ඇත. පාරට කිට්‌ටු බව, පාසල් වලට කිට්‌ටු බව, වෙළෙඳ පොළට කිට්‌ටු බව, විදුලි බලය පහසුවෙන් ලබා ගත හැකි වීම ආදී කරුණු ද මෙහිදී සලකා බැලීම වටී. ඔබ සිතන ඔබේ නිර්මාණය නිසා යාබද නිවාසයන්හි නිර්මාණ වලට වන බලපෑම කෙරෙහි ද අවධානය යොමු කල යුතුය. එමෙන්ම පළාත් පාලන ආයතන වල පවත්නා නීතිරීති කෙරෙහි ද අවධානය යොමු කළ යුතුව ඇත. වැසි වතුර බැසීමට පවත්නා ක්‍රමවේදයන් මෙන්ම අහල පහල යාබද ඉඩම් හි ළිං, වැසිකිළි වළවල් පිහිටීම පිළිබඳ ඔබ පුරෝකථනයක්‌ ලබා ගත යුතුය. එසේ නොවුණහොත් ළිඳක්‌ කැපීමට වරම් නැති, වැසිකිළි වළක්‌ දැමීමට වරම් නැති, ඉඩමක්‌ ඔබට මිල දී ගැනීමට සිදුවුණා විය හැකිය. එමෙන්ම ඉඩමක්‌ මිල දී ගැනීමේ දී අනාගත ඔබගේ අවශ්‍යතාවන්ට එම ඉඩම සරිලන්නේ ද යන්න පිළිබඳවත් සලකා බැලීම වටී. නිවස පුළුල් කිරීමට, දුවා දරුවන්ට බෙදා දීමට, ව්‍යාපාර කටයුතු කරගෙන යැමට මෙම ඉඩම් කොටස කෙසේ බලපාන්නේ ද යන්න පිළිබඳව ඔබ සොයා බැලිය යුතුය. මීට අමතරව භූමි චක්‍රය සොයා බැලිය යුතුය. භූමි චක්‍රය (එනම් පෙරේත පාද, මනුෂ්‍ය පාදය, දේව පාදය සහ බ්‍රහ්ම පාදය) ආදී ඉඩම් පාද බෙදීම පිළිබඳව අද කිසිඳු වලංගුභාවයක්‌ නැත. මන්ද ඉඩම් එවැනි පාද බෙදීමකට ලක්‌ කළ හොත් කිසිවිටෙක කුඩා ඉඩම් හි නිර්මාණයක්‌ කිරීමට හැකියාවක්‌ නොලැබෙන හෙයිනි. ඉඩම් හි උස්‌ පහත් වීම් කෙරෙහි ද ඉපැරණි වාස්‌තු මූලධර්මයන් ගැලපීමත් නොකළ යුතුය. නගරයට ආසන්නයේ ඕනෑම වළක්‌ ගොඩකර ඉදිකිරීම් කිරීමට අද ඉඩම් හිමියන් ගන්නා උත්සාහය සුළුපටු නොවේ. මෙහිදී වැදගත් වන්නේ එවැනි ඉඩමක නිර්මාණයක්‌ කිරීමේ දී වැය වන මුදල ඉතා ඉහළ අගයක පැවතීමය. මුදල් ඇත්නම්, මුදල් වියදම් කිරීමට කැමැත්තේ නම්, එම ස්‌ථානයේ වටිනාකමක්‌ ඇත්නම් එම අවස්‌ථාව ලබා ගත්තාට කිසිදු වරදක්‌ නැත. ඉඩම් වල හැඩතල ඉපැරණි වාස්‌තු ශාස්‌ත්‍රයේ කතා කෙරුනද එය ඉතා විශාල ඉඩම්, නගර නිර්මාණ, පන්සල්, පූජා ස්‌ථාන නිර්මාණය කිරීමේ දී නූතනයේ බෙහෙවින් උපකාරී වන බව පැහැදිලි වේ. එමනිසා නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් පවතින කුඩා ඉඩම් හි මෙවැනි සිද්ධාන්ත යොදා ගැනීමෙන් ඔබට සිද්ධ වන්නේ බලවත් පාඩුවකි.

We found this article from Divaina on 2012/10/05.
Also Sinhala to English Google word to word translation can be found here