ඉපැරණි ගුරුන්වහන්සේලාගේ හස්‌තසාර නිමිති ශාස්‌තරයක්‌

78
නිමිති
නිමිති

නැකත් සත්විස්‌ස ජ්‍යෙතිශාස්‌ත්‍රයෙහි අතිශය වැදගත් වූ මූලික අංගයකි. මෙකී නැකත් මූලික කොට ඉපැරණි ගැමි සමාජය අතර එදිනෙදා සොර සතුරු ප්‍රශ්න, රෝගාබාධක ඇතුළු අවශ්‍යතා විස අති ප්‍රබල ආකර්ෂණීය නිමිති ක්‍රමවේදයකි. ප්‍රායෝගික සරළ විධිමත් මෙකී ශාස්‌ත්‍රීය පැතිකඩ පාඨකයා වෙතට මෙම පුවත්පතෙන් මෙසේ අමිල දායාදයක්‌ සේ තිළිණ කෙරෙනු ඇත. පලාපල නොමැතිව හරිහතරැස්‌ තඹ කොළයක රූප සටහන පන්හිඳකින් සුවඳ දුම්දී නවග්‍රහ මණ්‌ඩලය විශේෂයෙන් සිහිපත් කොට අඳින්න. ඉන් පසුව සුදුහඳුන් කුඩු පුළුන්වලින් අතුල්ලා නවග්‍රහ දිෂ්ඨියෙන් 108 වර දිෂ්ඨිකොට පිරිසිදු ස්‌ථානයක තබන්න. අවශ්‍ය කාරණය සිතෙහි තබාගෙන මෙයින් ඉලක්‌කමක්‌ ඇල්ලීම යහපත් වෙයි. එයින් පසු පලාපල බලාගන්න.

අස්‌විද නැකත -3

කේතු ග්‍රහයා අධිපති වන්නේය. මෙයින් ස්‌වකීය හිත මිතුරන් විරුද්ධවන ස්‌ථාන මාරුවීම් සම්බන්ධ වන බවත්පහත් බොළඳ කටයුතු රහස්‍ය ගුප්තමය ක්‍රියා පිළිබඳවත් ප්‍රකාශ කෙරෙයි. විපත්ති කරදර අනතුරුදායක ක්‍රියාවක්‌ බවටත් පෙනී යන බැවින් නිෂ්ප්‍රභකර දැමීම අතිශයින්ම යහපත් වෙයි.

බෙරණ නැකත – 3

සිකුරු ග්‍රහයාගේ ආධිපත්‍යය දරනු පෙනී යයි. වනිතාවක්‌ පිළිබඳව නම් සතුටුදායකයි. වාණිජමය හෝ සුඛෝපභෝගී හෝ මධ්‍යම පංතියට අයත් වූ කාරණයක්‌ පිළිබඳව ප්‍රශ්නයක්‌ නම් සතුටුදායකයි.

නිමිති

කැති නැකත – 6

රවි ග්‍රහයා බලපාන මෙම කැති නැකත ඇල්ලුවේ නම් කීර්ති ප්‍රශංසා නම්බුනාම රජයේ ආධාර ලැබීමක්‌ පිළිබඳවයි. උසස්‌ ප්‍රභූ ජනයා විසින් ඉටු කර ගැනීමට සිතන දේ ඉටුවෙයි.

රෙහෙණ නැකත – 5

වනිතා පක්‍ෂය හෝ ජලය නියෝජනය කෙරෙන නැකතක්‌ බැවින් එකී අංශදෙකින් එකකට බලාපන ප්‍රශ්නයක්‌ විය හැක. සතුටුදායකයි. අවපස චන්ද්‍රයා නම් අශුභ අහිතකර වූ ප්‍රතිඵලයි.

මුවසිරස නැකත -3

ආකුල ව්‍යාකූල නරක නපුරු සිද්ධියක්‌ පිළිබඳව හෝඩුවා ගෙන දෙනු ලබයි. අඟහරු ග්‍රහයාට මෙම මුවසිරස නැකත බලපානු ඇත. අවි ආයුධ, සර්ප, ගිනි, සොර, සතුරු අංශ නියෝජනය කෙරෙයි. කිසිදු ආකාර ශුභයක්‌ ද නොමැත. හදිසි තීරණ ඉක්‌මන් කෝප නොගෙන ක්‍රියා කළ යුතු වෙයි.

අද නැකත – 1

වනිතාවන් මූලික කොටගත් ප්‍රශ්නයකි. රාහු ග්‍රහයාට අයත් වෙයි. ප්‍රතිඵල අතිශයින්ම අයහපත් වූ එකකි. අරගලයක්‌ මූලික කොට ගත් එකකි. ගමරට අත හැරීමට තරම් ප්‍රශ්නයකි. බුද්ධිමත්ව දූරදර්ශීව කටයුතු කරලීම යහපත් වෙයි.

පුනාවස නැකත – 5

ස්‌වකීය අභිවෘද්ධිය සෞභාග්‍යය මුල් කොටගත් ප්‍රශ්න වෙයි. අසමතාර්ථයත් මුදුන් ඵලයි. බ්‍රහස්‌පති ග්‍රහයාගේ බැල්මයි. අරමුණු නොකෙරුණු භාග්‍යය ගෙනදෙන වාසනාවන්ත කාලසීමාවකි.

පුෂ නැකත – 3

පවුලෙහි වැඩිහිටි කෙනකුගේ රෝගාබාධයක්‌ පිළිබඳවයි. සෙනසුරු ග්‍රහයා මූලික කොටගත් ශෝචනීය පසුබිමකි. අප්‍රමාදව සෙත් ශාන්ති කොට නිරෝගීතාවය බලාපොරොත්තු වෙන්න.

අස්‌ලිස නැකත -6

අභිනව කරුණු හෝ ශාස්‌ත්‍රීය වූ කරුණු අරභයා පැන නඟින ප්‍රශ්නයකි.

මා නැකත -5

අශුභවාදී කරුණකි. කේතු ග්‍රහයා ප්‍රධාන වෙයි. වාද භේද නොරිස්‌සුම් සිත් අමනාපකම් මුල් වෙයි. අඬදබර සඳහා නොයන්න. කේතු ග්‍රහයාගේ බලපෑමයි. සැඟවී යැම අතුරුදන්වීම යටපත් වීම් ආදිය බලපානු පෙනෙයි.

පුවපල් නැකත -8

සැක සාංකාවෙන් අනූන වු වනිතාවක්‌ පිළිබඳවයි. සතුරු එදිරිවාදිකම් පැන නඟියි. සිකුරු ග්‍රහයාට අයත් නැකතකි. නින්දා අපවාද චෝදනාවන්ද සමග ආත්ම ගෞරවයට හානිකර සිද්ධියකි.

උත්‍රපල් නැකත -2

සොර සතුරු නඩුහබ ඉඩකඩම් දේපොළ වස්‌තු ආශ්‍රිත ප්‍රශ්න වෙයි. රවි ග්‍රහයාට අයත් වෙයි. අලාභ අවාසි අසතුටුදායක බවක්‌ ඇතිවීමට හේතුවෙයි.

හත නැකත -5

චංචල ප්‍රශ්නයකි. රෝගබාධක පිළිබඳව සිත් තැවුල් ඇති වීමට හේතු වෙයි. ශෝකාකූල පසුබිමක්‌ ඉදිරියේ නිර්මාණය වන්නේය.

සිත නැකත -1

අඟහරුට හිමියි. සහෝදරියන් පිළිබඳ කරුණු කාරණාවෙකි. කාරණය කෙබඳු වුවද සැනසුම සතුට ගෙනදෙයි.

සා නැකත – 1

ස්‌වකීය ජන්මභූමිය හෝ ඥාති මිත්‍රයන් පිළිබඳව විමසුවෙකි. රැකියාවක්‌ පිළිබඳ ප්‍රශ්නයක්‌ නම් නැවත රැකියාවකට යැමට හේතුයි. ගමරට තුළින් බාහිරව නම් අප්‍රමාදව ගම රට බලායන්න.

විසා නැකත -5

බ්‍රහස්‌පතිට අයත් බැල්මකි. අරමුණු සඵල කරදෙයි. වනිතාවක්‌ මේ මොහොතෙහි නැඟු ප්‍රශ්නයක්‌ නම් ඇයගේ අභිමතාර්ථය කෙසේ නමුදු සඵලකර දෙනු ඇත.

අනුර නැකත -4

මෙහෙකරුවන් හෝ අලාභ හානි පිළිබඳ විමසුවෙකි. තමා වෙත මෙම ගත වී යන කාල පරිච්ඡේදය තුළ තමා වෙතින් සියලු බාධක කරදර දුරුවී යැමට විනය නීති ගරුකව යුක්‌ති සහගතව දූරදර්ශීව බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු වන්නේය.

දෙට නැකත -3

විභාග තුරඟ තරග විජයග්‍රහණ හෝ ඒ හා සමාන වූ ශාස්‌ත්‍රීය කරුණු කාරණාවන් පිළිබඳ විමසුමකි. බුධ හිමි දෙට නැකත මේ අස්‌ථාවේ බලපානු ලබයි. ජය සිකුරුයි. සැක සාංකාවලින් තොරව ක්‍රියා කරන්න.

මුල නැකත -11

අප්‍රතිහත ධෛර් යෙන් නොපසුබට උත්සාහයෙන් ක්‍රියා කරලීමෙන් විජයග්‍රහණය උදාවෙයි. ගනුදෙනු පිළිබඳව හෝ තමාට මුහුණදීමට සිදුවන කාරණයක්‌ පිළිබඳව ප්‍රශ්නයෙකි.

පුවසල නැකත – 2

වනිතාවන් හේතු කොටගෙන නොයෙකුත් කම්කටොළු බාධක ඇතිවිය හැකියි. වාණිජ කටයුතු පිළිබඳ විමසයි. ගනුදෙනු පිළිබඳ සතුටුදායක තත්ත්වයක්‌ උදාවෙනු ඇත. සිකුරුගේ බැල්මයි.

උත්‍රසල නැකත -8

හිතෛෂී වන්තයකුගේ නඩුහබ – රෝගාබාධ පිළිබඳ විය යුතු ප්‍රශ්නයකි. රවිගේ බැල්මයි. මාස කීපයක්‌ ගත වන තුරු සතුටුදායක පිළිතුරු නොලැබෙනු ඇත.

සුවන නැකත -3

ගමනක්‌ පිළිබඳව හෝ අභිනව ගෘහයක්‌ පිළිබඳ ප්‍රශ්නයකි. අප්‍රමාදව ක්‍රියා කරලීමෙන් සතුටුදායක වෙයි.

දෙනට නැකත -5

පවුලේ කෙනකුට හෝ තමාගේ රෝගයක්‌ පිළිබඳවයි. අප්‍රමාදව ප්‍රවීණයෙකුගෙන් ප්‍රතිකාර කරගැනීම යහපත් වෙයි.

සියාවස නැකත -100

මුදල් අතින් බලපාන කරදර බාධක හෝ එබඳු දේ පිළිබඳ විමසයි. උපන් බිමෙන් කාලයකට බැහැරව සිටීම හෝ නිහඬව සිටීම යහපත් වෙයි.

පුවපුටුප නැකත -8

ප්‍රභූ ජනයාගේ ඇසුර ලැබෙයි. සිතෙහි කලක්‌ පැවැති අදහස්‌ බාධක දුරු වී සාර්ථක වෙයි.

උත්‍රපුටුප නැකත -2

රෝගාබාධ පිළිබඳව වරින් වර මානසික අසහනකාරී බව මතු කරයි. ආගිය ස්‌ථානයන්හි කැපී පෙනෙයි.

රේවතී නැකත -32

ඉතා සතුටුදායක ලෙස ප්‍රශ්න විසඳෙයි. ඤාණය බුද්ධිය පිළිබඳ කරුණු කාරණාවන් සාර්ථක වෙයි.

We found this article from Divaina on 2014/01/26.