උළුවහු තැබීම සහ උළුවහු පැනීම

4953
උළුවහු
උළුවහු

වාස්‌තු විද්‍යානුකූලව ගෙබිම සකසා මුල්ගල් තැබූ ඔබගේ නිවහන සිරිවිමනක්‌ වීමේ අවසාන පියවර අතුරින් උළුවහු තැබීම ඉතාම වැදගත් මංගල කටයුත්තකි. මෙම උළුවහු තැබීම මෙන්ම උළුවහු පැනීමද ඔබේ ඉදිරි අනාගත ජීවිතයට කොතරම් වැදගත් වන්නේද? යන්න සිතාගන්නට පවා අපහසුය. පැරණි රජදවසේ උළුවහු තැබීම සඳහා රාජකීය නක්‍ෂත්‍රකරුවන්” කිහිප දෙනෙකුගෙන් යුත් මණ්‌ඩලයක අනුශාසනා මත සිදු කළ බව ඉතිහාසයේ සඳහන් වේ. පුරාණයේ පමණක්‌ නොව අදද මුල්ගල තැබීම මෙන්ම ප්‍රධාන උළුවහු තැබීම ඉතාම වැදගත් කටයුත්තකි. ජ්‍යෙdතිෂයට මුල්තැනදී සුභ මොහොතකින් සිදු කරන මෙම කාර්යයේ වාස්‌තු විද්‍යානුකූල පැත්ත සහ ජ්‍යෙdතිෂය පැත්ත පමණක්‌ බොහෝ දෙනා සලකතත් ඒ හා බැඳුනු සිරිත් විරිත් පමණක්‌ නොව ප්‍රායෝගික පැත්තද නොසළකා හැර තිබීම කනගාටුවට කරුණකි. උළුවහු තැබීමේදී අනුගමනය කළ යුතු වත් පිළිවෙත් හා සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ද ඔබේ නව විමන ඉඳි කිරීමේදී යොදා ගැනීමට උපකාරී වීම මේ ලිපියෙන් සිදු වුවහොත් එය ඔබට වාසනාව උදාකරන කාර්යයක්‌ වනු ඇත.

උළුවහු අතරින් ප්‍රධාන උළුවස්‌සට හිමිවනුයේ විශේෂ ස්‌ථානයකි. එය “පීතෘ උළුවස්‌ස” හෝ “ප්‍රධාන උළුවස්‌ස” ලෙස හැඳින්වෙන්නේ එම සිද්ධාන්තය නිසාය. ඒ නිසා නිවසේ අනෙක්‌ උළුවහුවලට වඩා එක්‌ අඟලකින් හෝ ප්‍රධාන දොර උළුවස්‌ස උඩින් වැඩිවීම වැදගත්ය. එසේම මෙම උළුවස්‌ස මෙන්ම ගෙයි පිටුපස ඇති අනෙක්‌ දෙවන උළුවස්‌සට වඩා නිවසේ අභ්‍යන්තර උළුවහු උසින් අඩු වීම අවශ්‍යයි. තාත්තා අම්මා සහ දරුවන් සේ ඒ උළුවහු සැලකේ. (උළුවහු සංඛ්‍යාව ආදිය වාස්‌තු විද්‍යාත්මකව තීරණය කරන නිසා මේ ලිපියේ එම සංඛ්‍යාත්මක විස්‌තර නොසැලකේ) ප්‍රධාන උළුවස්‌ස ” කිරි” ගසක ලීයකින් සෑදීම වැදගත්ය. ලංකාවේ ඒ සඳහා “සුදුසුම” වෘක්‌ෂය වනුයේ කොස්‌ගසය. කොස්‌ ලී සොයාගන්නට අපහසු නම් වෙනත් සුදුසු දැව වර්ග අප රටේ ඇත. එහෙත් අද ඇතැම් නිසේවල උළුවහු තැනීම සඳහා “කොන්ක්‍රීට්‌” හෝ “යකඩ” යොදාගැනේ. එහෙත් එය මූල්‍ය වශයෙන් උපකාරී වූවද ඉන් ලැබෙන “ගුණාත්මක” ප්‍රයෝජනය ගැන සතුටු විය හැකි නොවේ. ඒ නිසා ගෙයි අභ්‍යන්තර දොර උළුවහු කෙසේ වෙතත් ප්‍රධාන උළුවස්‌සට දැව යොදා ගැනීමට ඔබට ශක්‌තිය වාසනාව නුවණ ලැබේවා. මෙසේ තෝරාගනු ලබන දැව ශාකය තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු කිහිපයක්‌ වේ.

1. කිරිගසක්‌ වීම

2. එය පාළු ඉඩමකින් කපාගත් එකක්‌ නොවීම

3. එය සොහොන් පිටි – අම්බලම් වැනි දේ ආසන්නයේ නොවීම

4. අකුණු ගැසූ එකක්‌ හෝ අකුණු ගැසූ ඉඩමක ගසක්‌ නොවීම

5. හොඳම මෝරණ ලද අරටුව ඇති දැව ශාකයක්‌ වීම

6. ජනාකීර්ණ ප්‍රදේශයකින් (හොඳ ඉඩමකින්) කපාගත් ගසක්‌ වීම

මෙසේ තෝරාගත් ලීය හොඳහැටි වේලුනු පසු උළුවහු කැපීම වැදගත්ය. ඒ ලෙසින් උළුවහු තැනීමේදී ගසේ මුල කොටස උළුවහුවල පහතට එනසේ සකසා ගැනීමට වඩු කාර්මිකයාට උපදෙස්‌ දීම සිදු කරන්න. නැතහොත් හිස පහළට නවා තැනූ උළුවහු ලබාදෙන්නේද එවැනි මනෝවිකාර ප්‍රතිචාර මැවේ. පැරණි දේවාල – විහාර – ආදියේ උළුවහු තැනීමේදී මුළු කඳම උළුවස්‌සේ යොදාගෙන ඇති තැන් පෙනේ “නවගමුව” දේවාල උළුවස්‌සේ අතීතයේදී කොස්‌ ගෙඩියක්‌ හටගත් බව ජනප්‍රවාදයේ පැවතේ. දළඳා මාලිගාව වැනි ස්‌ථානවල දොර උළුවහු පිරික්‌සීමේදී යොදාගෙන ඇති දැවවල ප්‍රමාණය දැකගත හැක.

එසේම පැරණි නිවෙස්‌වල උළුවහු තැනීමේදී ” පිලක්‌” හෙවත් දොරට පහත පොළවට ගෑවෙන ලෙස තැනූ කොටසක්‌ වූ බව පැහැදිලිය. දළ¹ මාලිගාවේ ධාතූන් වහන්සේ වැඩ වාසය කරන ධාතු මන්දිරය වෙත යන ඔබට එහි උළුවස්‌ස පාගන්නට තහනම්ය. එය නොපාගා එයට උඩින් පාදය තබා යා යුතුයි. ඒ ලෙස පැරණි ගෘහයන්හි මෙසේ උළුවස්‌සේ පහත ලීයක්‌ වීය. අද එය දැකීමට නොහැකි වූවත් “එළිපත්ත උඩ ඉන්නා බළලා” යන ප්‍රශ්ථාව පිරුළු සැදුනේ මේ නිසා විය හැක.

ප්‍රධාන උළුවස්‌ස තැබීමේදී මගහැරිය යුතු දෝෂ (ද්වාර දෝෂ) දහ අටක්‌ (18) සඳහන් වේ. ඒවා මාර්ග දෝෂ, සුසාන දෝෂ, රජක දෝෂ ආදී ලෙස නම් වේ. උළුවස්‌ස තබන අවස්‌ථාවද ඉතාම වැදගත්ය. ප්‍රධාන උළුවස්‌ස තැබීම වඩු කාර්මික මහතාට මූලිකත්වය දීම වැදගත්ය. එහෙත් නිවස සාදන්නේ ඔබේ පදිංචියට ඔබේ මුදලින් නිසා උළුවස්‌ස තැබීමේදී ඔබද ඊට අතගැසීම වැදගත්ය. උළුවහු තැබීම සඳහා යොදාගන්නා නැකැත්

අස්‌ විද – රෙහෙණ – පුෂ – උත්‍රපල

ගන – සිත – මුවසිරස – උත්‍රසල

උත්‍රපුටුප – රේවතී

වැනි නැකතකින් සිදු කිරීමත්. ඒ සඳහා බදාදා බ්‍රහස්‌පතින්දා සහ සිකුරාදා වැනි දිනක සුබ හෝරාවක්‌. පංචම හෝරාවක්‌ සහ සූක්‍ෂම හෝරාවක්‌ – (රාහු කාලය පන්නා) යොදාගත යුතුය. එසේම මෙම ප්‍රධාන උළුවස්‌ස තබන විට එදිනට අයත් ග්‍රහයාට නියමිත ලෝහ කැබැල්ලක්‌ උළුවස්‌ස දකුණු අංශයේ පොළවට තැබීම වැදගත්ය.

උළුවහු තැබීම මෙන්ම උළුවහු පැනීමද වැදගත්ය. උළුවහු පැනීම සිදු කරන මොහොතේ. නිවසේ ගිනිකොණ දෙසට වන්නට මල්පැලක්‌ තනා එහි පහත සඳහන් දේවල් තබා පුද පූජා කිරීම වැදගත්ය. එම මල් පැල ඇතුලේ පහත සඳහන් ද්‍රව්‍ය තැන්පත් කිරීම වැදගත්ය.

පස්‌පාට (පාට පහක) මල් – මී පැණි

සඳුන් කහ මිශ්‍ර දියර – පස්‌තෙල් පහනක්‌

පලතුරු වර්ග පහක්‌ –

කපුරු – පාට පාට ලේන්සුවක්‌

පිනිදිය – රිදී පඬුරක්‌

කහ – තැඹිලි ගෙඩියක්‌

උක්‌ගස්‌ – ගෙබිමේ ලබාගත් පස්‌ ස්‌වල්පයක්‌

එළඟිතෙල් මිශ්‍ර කිරිබත්

සුදුරෙදි යාර 02 පමණ

මෙසේ මල්පැල තනා තෙරුවන් නැමද උළුවහු පැනීම සූදානම් විය යුතුය. උළුවහු පැනීම සිදු කළ යුත්තේ නිවසේ දොර උළුවහු තැනූ වඩුකාර්මික මහතාය. ඔහුගේ සිත සතුටු වූ තරමට නිවසට වාසනාවද උදාවනුq ඇති බව පිළිගැනේ. ඒ නිසා උළුවහු පනින්නට පෙර එම වඩු කාර්මික මහතාට සුදුසු අලුත් ඇඳුමක්‌ ලබාදීම වැදගත්ය. (ඇතැම් ප්‍රදේශවල) උළුවහු පනින විට සුදු කුකුළෙක්‌ද රැගෙනයැම සිරිතකි) මෙසේ උළුවහු පනින වඩු කාර්මික මහතා (ඔහුට නොහැකි නම් උගත් දැනුවත් අයෙකු ලවා පහත සඳහන් ගාථා පන්තිය කියවීම වැදගත්ය) “විශ්ව කර්ම” දෙවියන්ට කරන නමස්‌කාරයක්‌ සේ මෙය සැලකේ.

ඉන්ද්‍ර කාමීනං දූතියට කියන්නේ

ඉන්ද්‍ර කොනේ වද නිබඳ වෙසෙන්නේ

ඉන්ද්‍ර කොනට දෙන දොළ කැපගන්නේ

ඉන්ද්‍ර කොනෙන් ගේ හැර පලයන්නේ

ඕං ඉන්ද්‍ර දිසාධිපති ඉන්ද්‍ර කාමීනං බහිරවයාය නමඃ සපිරිවර යක්‍ෂ යක්‍ෂණී ඉඳං ග්‍රහං සුගන්ධ පුෂ්පං දීපං නෝසිවාහඃ

ආදී ගාථා නවයක්‌ ගායනා කොට උළුවහු තැබීම වැදගත්ය. සියලුම උළුවහු පැනීමෙන් පසුව දොර උළුවහුවලට කහදියර (පිරිත් කළ) ඉසීම සිදු කෙරේ. උළුවහු පැනීම ගෙහිමියා නොව සිදු කළ යුත්තේ වඩු කාර්මිකයාය. ඊට හේතුව වනුයේ දොර උළුවහු තැනීමේදී වඩු කාර්මිකයා සිතා හෝ නොසිතා යම් දෝෂයක්‌ සිදු කළේ නම් ඒ දෝෂ ඔහු වෙතම හැරවීමක්‌ ඉන් ව්‍යංගයෙන්ද සිදුවේ.

We found this article from Divaina on 2012/12/07.
Also Sinhala to English Google word to word translation can be found here