ඒ ඒ ග්‍රහ යෝගයන්හි ඵල විපාක මෙන්න

4908
යෝගයන්හි
යෝගයන්හි

[ratings]

ජ්‍යෙතිෂ් ශාස්‌ත්‍රයෙහි, රවි – චන්ද්‍ර, සඳු – කුජ, බුධ – සිකුරු ආදී යෝග රාශියක්‌ පිළිබඳ විස්‌තර ඇතුළත්ය. මේ ලිපියට ඇතුළත් වන්නේ, ඒ ඒ යෝග පිළිබඳ විස්‌තරයකි.

“මානසාගරී” නමැති පැරණි ජ්‍යෙතිෂ ග්‍රන්ථයට අනුව, එම විස්‌තරය පහත සඳහන්ය.

රවි චන්ද්‍ර යෝගය

රවි සඳු යෝගය සහිත පුද්ගලයා ස්‌ත්‍රියට වසඟවන, කූට වැඩ කරන නොහික්‌මුණු ගතියකින් යුතු වික්‍රමාන්විත ස්‌වභාවයක්‌ද සහිත, දුරදිග කල්පනා නොකරන කෙනකු විය හැකිය.

රවි කුජ යෝගය

රවි කුජ යෝගය ඇත්තා, තදබල සහිත පව් වැඩ කරන බොරුද කියන, නුවණින් හීන, නෑදැයනට හිතවත්කමක්‌ දක්‌වන බලවත් කෙනෙකු වන්නට පුළුවන.

රවි බුධ යෝගය

රවි, බුධ යෝගය පවතින්නේ නම්, විද්‍යා ශාස්‌ත්‍ර හැදැරීමට කැමැති, රජයේ ගරු බුහුමනට පාත්‍ර වන, සේවා කටයුතුවලට හපන්කමක්‌ දක්‌වන, සිත් ගන්නා විධියට කතාබස්‌, කරන, කීර්තියකින්ද යුතු, ස්‌ථිර ධනයක්‌ද සහිත කෙනෙක්‌ විය හැකිය.

රවි ගුරු යෝගය

රවි ගුරු යෝගය පවතී නම්, රජයෙන් ගරු සම්මාන ලබන, ධර්මානුකූල ජීවිතයක්‌ ගත කරන, යහළු මිත්‍රයන් මෙන්ම ධනයද සහිත ආචාර්ය පදවියක්‌ දැරීමට ඉඩකඩ ඇති කෙනෙක්‌ වන්නට පුළුවන.

රවි සිකුරු යෝගය

රවි සිකුරු යෝගය සහිත කෙනා, විද්‍යා ශාස්‌ත්‍ර උගැන්මට හපන්කමක්‌ දක්‌වන, රංග කලාවද ඉගෙන ගන්නා, ඇස්‌වල දුර්වලත්වයක්‌ තිබිය හැකි, තම බිරිඳගේ පාර්ශ්වයෙන් ධනය ලබන, වැඩ කටයුතුවලට දක්‌ෂතාවක්‌ දක්‌වන කෙනෙක්‌ වනු ඇත.

රවි ශනි යෝගය

රවි ශනි යෝගය යෙදී ඇත්නම්, නුවණ මෙහෙයවා පණ්‌ඩිත ස්‌වභාවයේ කටයුතුවල යෙදෙන, රන් රිදී ආදී ලෝහ පිළිබඳ දැනුමක්‌ තේරුමක්‌ ඇති, වයස මේරූ කෙනකුට සමාන සිතුම් පැතුම් සහිත, බිරිඳ සහ දරුමල්ලන් අන්තිමේදී නැතිවීමට ඉඩ ඇති කෙනෙක්‌ විය හැකිය.

සඳු කුජ යෝගය

සඳු කුජ යෝගය පවතින්නේ නම්, ලෙයින් හට ගන්නා ලෙඩ රෝග මතුවිය හැකි, මැටි, සම්, ලෝහ යනාදිය පිළිබඳව දැනුම් තේරුම් සහිත, ධනවත්, යුද ගැටුම්වලට සමර්ථ කෙනෙක්‌ වන්නට පුළුවන.

සඳු බුධ යෝගය

සඳු බුද යෝගය පවතී නම්, මනා සිරුරක්‌ සහිත, කවි කලාවට සමර්ථ, ධනවත්, ගුණවත්, සිනාමුවකින් යුතු තමන්ගේ කුලයෙහි උතුම් පුද්ගලයකු බවට පත්වන කෙනෙක්‌ විය හැකිය.

සඳු ගුරු යෝගය

සඳු ගුරු යෝගය පවත්නා විට, මහණ බමුණන් පිදීමට හා නෑදෑයනට සැලකීමටද කැමැත්තක්‌ දක්‌වන, ධනවත්, නිරතුරුවම වාගේ සන්තෝෂයෙන්, ප්‍රීතියෙන් කලදවස ගෙවන ශීලවන්ත ගුණයෙන් යුත් කෙනෙක්‌ වන්නට පුළුවන.

සඳු සිකුරු යෝගය

සඳු සිකුරු යෝගය ඇතිවිට වෙළහෙළදාමට සමර්ථකමක්‌ දක්‌වන, පව්වැඩද කරන, කලකෝලාහලවලට පැටලෙන, අල්ප වශයෙන් වස්‌ත්‍රාදිය අඳින කෙනෙක්‌ වනු ඇත.

සඳු ශනි යෝගය

සඳු ශනි යෝගය නම්, අලි ඇතුන් හා අසුන්ද පාලනය කරන, නපුරු ස්‌වභාවයක්‌ සහිත, වයස්‌ගත ස්‌ත්‍රීන්ට ඇල්මක්‌ ආදරයක්‌ දක්‌වන, ගණිකාවන් මාර්ගයෙන් ධනය උපයන, පුතුන් අඩු කෙනෙක්‌ විය හැකිය.

කුජ බුධ යෝගය

කුජ බුධ යෝගය පවතින්නේ නම්, දිළින්දකු බවට පත්විය හැක, වැන්දඹුවකගේ හෝ දුෂ්ටගති සහිත තැනැත්තියකගේ හෝ සැමියා විය හැකි, රන් රිදි ආදී ලෝහ විකිණීමට කැමැත්තක්‌ දක්‌වන කෙනෙක්‌ වීමට ඉඩ ඇත.

කුජ ගුරු යෝගය

කුජ ගුරු යෝගය පවතින කල්හි නැණ නුවණැති, ශිල්ප ශාස්‌ත්‍ර උගත්, පණ්‌ඩිත ස්‌වභාවයකින් යුතු, කතාබහට දක්‌ෂ, අශ්වයනට ඇල්මක්‌ දක්‌වන ප්‍රධානියෙක්‌ වන්නට පුළුවන.

කුජ සිකුරු යෝගය

කුජ සිකුරු යෝගය පවතින්නේ නම්, ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රඥයකු බවට පත්වීමේ වාසනාව සහිත, සූදුවට හා පරදාර සේවනයටද කැමැත්තක්‌ දක්‌වන නමුදු ලෝකයාගේ ප්‍රසාදයට පත්වන කෙනෙක්‌ විය හැකිය.

කුජ ශනි යෝගය

කුජ ශනි යෝගය පවතී නම්, ඉන්ද්‍රජාලිකයකු බවට පත්විය හැකි ධර්මානුකූල ජීවිතයක්‌ ගත නොකරන, කලකෝලාහලවලට කැමැත්තක්‌ දක්‌වන, විෂ හා මත්ද්‍රව්‍ය සකසන, චතුර ගතියක්‌ සහිත කෙනෙක්‌ වනු ඇත.

බුධ ශනි යෝගය

බුධ ශනි යෝගය ඇත්නම්, දුබල, පාප ක්‍රියාවලට කැමැත්තක්‌ දක්‌වන, කලකෝලාහලවලට පැටලීමේ ඉඩක්‌ සහිත බවද යහපත් වචන කතාබස්‌ කරන, වැඩ කටයුතුවලටද දක්‌ෂ කෙනෙක්‌ වන සෙයකි.

බුධ සිකුරු යෝගය

බුධ සිකුරු යෝගය පවතී නම්, නීතියත්, ශිල්ප ශාස්‌ත්‍රයත් දැන උගත් ධනවත්, යහපත් වචන කතාබස්‌ කරන, වේද ශාස්‌ත්‍රයද දැනගත් ගීතද, දන්නා, සිනාවට කැමැත්තක්‌ දක්‌වන කෙනෙක්‌ වන්නට පුළුවන.

බුධ ශනි යෝගය

බුධ ශනි යෝගයෙහි නම්, දුර්වල, දුබල, උපායෙහි අදක්‍ෂ, පාප ක්‍රියාවලට කැමැත්තක්‌ දක්‌වන, කලකෝලාහලවලට පවා යොමුවන, එහෙත් යහපත් වචන කතා කරන, කටයුතුවලටද දක්‌ෂ කෙනෙක්‌ විය හැකිය.

ගුරු සිකුරු යෝගය

ගුරු සිකුරු යෝගය පවතී නම්, පතිවත රකින, බිරිඳකගේ සැමියා බවට පත්වන, මහා ධනවතකු බවට පත්විය හැකි, ධර්මානුකූල ජීවිතයක්‌ ගත කරන, වේදය ආදී ශාස්‌ත්‍ර දැන උගත්, විද්‍යාවෙන් ජීවිතය ගෙන යන කෙනෙක්‌ වන්නට පුළුවන.

ගුරු ශනි යෝගය

ගුරු ශනි යෝගය ලැබූ කෙනකු නම්, නියමිත කටයුතු ඉෂ්ට සිද්ධ කරන, ශූර, කීර්තිමත් ගතියක්‌ සහිත, නගරාධිපති කෙනකු හෝ සේනාවක නායකයෙක්‌ හෝ විය හැකිය.

ශනි සිකුරු යෝගය

ශනි සිකුරු යෝගය සහිත කෙනෙකු උමතු ගතියක්‌ සහිත, ගම පාලනයට කැමැත්ත දක්‌වන දර පැලීමෙහි දක්‌ෂතාවක්‌ සහිත ඇඹුල් ආදියට ප්‍රියමනාපකමක්‌ හෝ ඒ පිළිබඳ දැනුමක්‌ හෝ සහිත කෙනෙක්‌ වීමට ඉඩ ඇත.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here