ඒ ඒ ලග්නෙන් හා කරණෙන් උපත ලබන කාන්තාවන්ට අත්වන පලවිපාක

1696
ලග්නෙන්
ලග්නෙන්

[ratings]

මේෂ, වෘෂභ, මිථුන ආදී වශයෙන් ලග්න 12 ක්‌ද, බව, බාලව, කෞලව ආදී වශයෙන්, කරණ 11 ක්‌ද ඇත. සෑම, කෙනකුම උපදින්නේ, කිසියම් ලග්නයකින් හා කරණයකින්ය.

ඒ ඒ ලග්නවලින් හා කරණවලින්ද උපත ලබන කාන්තාවන්ට අත්වන පලවිපාක මේ ලිපියට ඇතුළත්ය.

මේෂ

මේෂ ලග්නයෙන් උපන් කාන්තාවක්‌, ඇත්ත කියන්නට කැමති, බිය ගතියකින් තොර, නිරතුරුවම වාගේ ක්‍රෝධ ගතියකින් සිටිය හැකි, සෙම් රෝගවලින් පෙළිය හැකි, රළු බසින් කතාබස්‌ කරන, තමන්ගේ නෑසියන්ට එතරම් ඇල්මක්‌ නොදක්‌වන කෙනෙකි.

වෘෂභ

ඇත්ත කතා කිරීමට කැමති, සිත් ගන්නා, නිහතමානී, තමන්ගේ සැමියාට ආදරය, ගෞරවය දක්‌වන, කලාවන් හැමෙකකටම වාගේ දක්‌ෂතාවක්‌ පෙන්නුම් කරන, නෑසියන් ආරක්‌ෂා කර ගන්නා, දෙව්බඹුන් කෙරෙහි භක්‌තියක්‌ දක්‌වන කෙනෙකි.

මිථුන

රළු පරුෂ විදියට කතාබස්‌ කරන, කාමාශාවෙහි දුර්වලතාවක්‌ සහිත, ගුණයහපත් ගතියකින් තොර, නිර්භය ගතියක්‌ නිරතුරු දක්‌වන, සෙම් හා වාත රෝග පැවතිය හැකි, දිගට හරහට වියදම් කරන, නපුරු ක්‍රියාවන්ට යොමු වන කෙනෙකි.

කටක

දැඩි හික්‌මුණු ගතියකින් යුත්, නෑසියන්ගේ ප්‍රියමනාපයට පාත්‍ර වන, යහපත් ගුණයකින් යුත්, ශීලවන්ත, චතුරත්වයක්‌ද සහිත, දරු මල්ලන්ද සිටින, සියලු සැප ලබන කෙනෙකි.

සිංහ

තීක්‌ෂණ ගතියක්‌ සහිත, සෙම් බහුලත්වයක්‌ පැවතිය හැකි, කලකෝලාහලවලට කැමැත්තක්‌ දක්‌වන, විවිධ රෝගවලට ලක්‌වන සිරුරක්‌ සහිත, අනුන්ට උපකාර කිරීමට නිරතුරු කැමැත්තක්‌ දක්‌වන කෙනෙකි.

කන්‍යා

සෞභාග්‍යවන්ත ස්‌වභාවයකින් යුතු, සෞඛ්‍ය සම්පන්න ගතියක්‌ද සහිත, හිතෛෂිවන්ත ගුණයෙන් යුතු ස්‌වකීය වර්ගයට අදාළ ධර්මය අනුව හැසිරෙන, ඉඳුරන් දිනූ, සියලු කලාවන් පිළිබඳ දැනුමක්‌ ඇති කෙනෙකි.

තුලා

මඳ නුවණක්‌ සහිත, නැමෙනසුළු ගතියක්‌ නොමැති, ගෞරව ස්‌වභාවයක්‌ද සහිත, කාන්තිමත් ගතියක්‌ නොමැති, තදබල ලෝභ ගතියක්‌ සහිත කෙනෙකි.

වෘෂ්චික

මනා රූසපුවකින් යුතු සිරුරක්‌ හිමි, සිත් ගන්නා නෙත් සඟලක්‌ද සහිත, ශ්‍රේෂ්ඨ හා පින්වන්ත ගතියක්‌ පෙන්නුම් කරන, පතිවත රකින, තදබල ගුණයකින් යුතු, ඇත්ත කතා කිරීමට නිරතුරු පෙළඹෙන කෙනෙකි.

ධනු

බුද්ධිමත්භාවයකින් යුතු, පිරිමියකුගේ ගති ලක්‌ෂණ සහිත, සාමය, සන්සුන් බව ඇති කිරීමේ හැකියාවක්‌ ඇති, රළු ස්‌වභාවයකින් යුතු, සෙනෙහෙවන්ත ගතියක්‌ නොමැති, නොනැමෙනසුළු කෙනෙකි.

මකර

ශ්‍රේෂ්ඨ, භාග්‍යවන්ත, ඇත්ත කතා කිරීමට කැමැත්තක්‌ දක්‌වන, සතුරන් දමනය කිරීමේ ශක්‌තියක්‌ ඇති, හැම කටයුත්තකදීම වාගේ මූලික වන, ප්‍රද්ධියකට පත් විය හැකි, ගුණගරුක ගතියකින්ද යුතු, දරුමල්ලන්ද සිටින කෙනෙකි.

කුම්භ

උපතින්ම දක්‌ෂතාවක්‌ සහිත, රෝගවලින් හෝ වණතුවාලවලින් හෝ හටගත් පීඩාවලට ගොදුරු වන, ගුරුවරුන්ට නිරතුරුවම වාගේ විරද්ධකම් දැක්‌විය හැකි, දිගට හරහට විය පැහැදම් කරන, කෙළෙහිගුණ නොදන්නා කෙනෙකි.

මීන

දරු මුණුපුරන් බොහෝ සිටිය හැකි, සැමියාට ඇල්මක්‌, ආදරයක්‌ දක්‌වන, නෑසියන්ට මනාපයක්‌ ගෙන දෙන, සිත් අදනා නෙත් සඟලකින් හා කෙස්‌ කළඹකින්ද යුතු, දෙවිබඹුන්ට භක්‌තියක්‌ දක්‌වන, නිහතමානී ගතියකින් යුතු, ගුරුවරුන්ට ප්‍රීතිය ගෙන දෙන කෙනෙකි.

පහත දැක්‌වෙන්නේ ඒ ඒ කරණවලින් උපත ලද කාන්තාවන්ට අත්වන පලවිපාකය.

බව

සිත් ගන්නා මනස්‌කාන්ත රුවක්‌ සහිත, ශ්‍රේෂ්ඨ, භාග්‍යවන්ත, උතුම් ගතියකින් යුත්, ශීලවන්ත, සමෘද්ධිමත් නිවසක්‌ හිමි, පින්වන්ත, කෙළෙහිගුණ දන්නා කෙනෙකි.

බාලව

ප්‍රඥවන්ත, මාහැඟි විලාශයකින් යුතු අධික බලයක්‌ හිමි, ධර්මයට ඇලුම්කරන, සිත්ගන්නා ස්‌වභාවයක්‌ සහිත, ගුණවත්, යුද්ධයට උනන්දුවක්‌ දක්‌වන කෙනෙකි.

කෞලව

පවුලට සම්බන්ධ කටයුතු සහිත, මිතුරු මිතුරියන්ගේ දරුවන් බොහොමයක්‌ සිටිය හැකි, දයාවන්ත, ඇත්ත කතා කිරීමට කැමති, බිය ගතියකින් තොර, සුකොමල අඟපසඟවලින් යුතු, සිත් ගන්නා විදියට කතාබස්‌ කරන කෙනෙකි.

තෛතිල

විනීත ගතියකින් යුතු, ගුණවත්, සිත් ගන්නා විදියට කතාබස්‌ කරන, කලාවන්හි දක්‌ෂතාවක්‌ දක්‌වන, ගෙදරදොර කටයුතුවලට දක්‌ෂ, ආභරණ බොහොමයක්‌ තිබිය හැකි, උතුම් ස්‌වභාවයේ ශීලවන්ත කෙනෙකි.

ගර

දක්‌ෂතාවක්‌ සහිත, බෙහෙවින් බුද්ධිසම්පන්න, උදාරත්වයකින් නිතර සිටිය හැකි, සතුරන් දිනීමේ හැකියාවක්‌ ඇති, අනුන්ට උපකාර කිරීමට කැමැත්තක්‌ දක්‌වන යහපත් ස්‌වභාවයේ ශරීරයක්‌ සහිත කෙනෙකි.

වණිජ

දක්‌ෂතාවක්‌ සහිත, වෙළෙඳ ව්‍යාපාරික කටයුතුවල නිපුණතාවක්‌ ඇති, කලාවට නැඹුරු, බුද්ධිමත්, මඳ සිනහවකින් යුත්, ධනධාන්‍ය හිමි කෙනෙකි.

විෂ්ටි

නුරුස්‌නා රූපයක්‌ සහිත, රළු පරුෂ වචන කතා කරන, පිරිමියකුගේ ස්‌වභාවයක්‌ සහිත, ප්‍රියමනාපයක්‌ දක්‌වන්නවුන් එතරම් නොසිටින, නිතරම වාගේ කිලිටිව සිටිය හැකි, නපුරු ස්‌වභාවයේ පාප මිත්‍රයන් ආශ්‍රය කරන, අනාචාරී ලක්‌ෂණ සහිත කෙනෙකි.

ශකුනි

සිත් වශීකරවන සිරුරකින් යුතු, මන්ත්‍ර විද්‍යාවන්හි නිපුණතාවක්‌ සහිත, කාන්තාවන් බොහොමයක්‌ හා සමග මිතුරු සබඳතාවන් පවත්වන, සෞභාග්‍ය සම්පන්න, ගුණයහපත්කමක්‌ සහිත, සන්සුන්ව කල් ගතකරන කෙනෙකි.

චතුස්‌පද

නම්‍යශීලී ගතිගුණයක්‌ සහිත, සිව්පාවන් කීපදෙනෙක්‌ හෝ සිටිය හැකි, උතුම් ශීලවන්ත ගතියකින් යුත්, සංග්‍රහ කිරීමට කැමැත්තක්‌ දක්‌වන, සිරුර කෙට්‌ටු විය හැකි, ආචාර සමාචාරයන්හි දුර්වලතාවක්‌ සහිත, විපරීත ස්‌වරූපයේ කෙනෙකි.

නාග

කපටි ගතියක්‌ ඇති, නපුරු විදියට කතා කරන, ශීලවන්ත ස්‌වභාවයක්‌ නොමැති, රණ්‌ඩුකෝලාහලවලට කැමැත්තක්‌ දක්‌වන, වෛරී සහගත ගතියක්‌ තිබිය හැකි, රළු ස්‌වභාවයකින් යුතු, බොරු කීමට කැමැත්තක්‌ දක්‌වන, කුලයට හානියක්‌ කරන කෙනෙකි.

කිංතුස්‌න

ධර්මයෙහි හා අධර්මයෙහිද එක සමාන, මිතුරන් හා සතුරන්ද කෙරෙහි එක සමාන, ශරීරයෙන් දුබල ස්‌වභාවයක්‌ සහිත කෙනෙකි.

We found this article from Divaina on 2012/06/08.
Also Sinhala to English Google word to word translation can be found here