බෞද්ධ සමාජය තුළ ප්‍රේතයන් හා භූතයන් පිළිබඳ විශ්වාසය ඉතා ඈත අතීතයේ සිට මුල් බැස එන්නකි. එයට බෞද්ධ දාර්ශනික පසුබිම සම්පාදනය කරන්නේ තිරෝකුඩිය සූත්‍ර දේශනාව ආශ්‍රයෙනි. මෙම සූත්‍රයෙන් කියෑවෙන්නේ බිම්බිසාර රජුට හිරිහැර කළ ප්‍රේතයන් නිදහස් කරන්නට පින්පෙත් දීමේ අවශ්‍යතාවකි. මීට අමතරව මිහිඳු මහ රහතන් වහන්සේ ලක්‌දිව මුලින්ම දෙසූ දේශනා අතර ප්‍රේත වස්‌තු වර්ණවද වෙයි. මෙහිදී අකුසලයෙහි බිහිසුණු බව පෙන්වා දුන් උන්වහන්සේ සියලු ජනයා කුසලයෙහි නිරත කරලීමට අපේක්‍ෂා කළහ.
මේ සියලු ඉගැන්වීම් මුල් කරගෙන මෙරටෙහි ප්‍රේත භූත සංකල්ප වර්ධනය වනවාත් සමග දේශීය අනන්‍යතාවක් සේ සමාජයෙහි මුල් බැස ක්‍රමයෙන් මර්දනය වී අද දක්‌වා පැවත එන බව බොහෝදෙනා ඊට දක්‌වන අවධානයෙන් පැහැදිලි වේ.
බුදු දහමේ මළවුන් පොදුවේ හඳුන්වන්නේ ප්‍රේත නාමයෙනි. ඔවුන්ට පින් පෙත් දීම ජීවත්ව සිටින ඥතීන්ගේ යුතුකමක් සේම එසේ නොකරන්නේ නම් ඔවුන්ගෙන් අනේක වධ බන්ධන පැමිණෙන බවක්‌ද කියෑවේ. මෙවැනි සංකල්පයක් මිනිස් සංහතිය තුළ මුල් බැස ගැනීම ඒ තුළින් ඇතැම් අය ලෙඩ රෝගවලට ගොදුරු වීමද පොදුවේ දැඩිව දරන මතයකි. මෙවන් අවස්‌ථාවන්හිදී එවාට පිළියම් ලෙස ශාන්තිකර්ම පැරැණි සමාජයේ පමණක් නොව වර්තමාන සමාජය තුළ ද බෙහෙවින් දැකිය හැක.
මෙවන් අවස්‌ථාවන්ට පිහිට වනුයේ ග්‍රාමීය ජන ජීවිතයේa අත්‍යවශ්‍ය චරිතයක්‌ව පවතින යක්‌දෙස්‌සා හෙවත් යකැදුරුය. ප්‍රේත බැල්මෙන් රෝගාතුර වූවෝ තොවිල් පවිල් මගින් අදත් සුවයක් ලැබීම අන් ප්‍රතිකර්මවලට වඩා පෙරමුණ ගන්නා බවක් පෙනේ.
යමෙක් ප්‍රේත යෝනියක උපත ලැබීමට හේතු කාරණා රාශියක් අටුවාවෙහි දක්‌වා ඇත. සඟ සතු දේපළ විනාශ කිරීම, සත්ව හිංසාව, මුසාවාදය, ලෝභය, ඊර්ෂ්‍යාව හා කාම මිත්‍යාචාරය වැනි අයහපත් දේ ඊට මුල්වන බව පැහැදිලිය.
ප්‍රේතවන්න වර්ණනාවෙහි දැක්‌වෙන අයුරින් ඔවුන්ගේ ස්‌වභාවය ඉතා බියජනකය. ඇතැම් ප්‍රේතයෝ සුවිසල් කඳු තරම් වන අතර තවත් අයෙක් උස් ගොඩවල්ය. සුවිසල් ගංගා අසල පිපාසාවෙන් පෙළෙන ප්‍රේතයෝද වෙති. ඔවුන්aට පිපාසය සංසිඳුවා ගැනීමට පවා මුඛයක් ද නැත.
බෞද්ධ සාහිත්‍යයේ ප්‍රේතයෝ කොටස් 4 ක් ගැන කියෑවේ. නිරන්තරයෙන් ගින්නෙන් දැවෙන ප්‍රේතයන් සහ පිපාසාවෙන් පෙළෙන ප්‍රේතයන් ඥතීන්ගෙන් ලැබෙන දෙයකින් දිවි රැක ගන්නා ප්‍රේතයන් හා කසළ ගොඩවල්වල ජීවත් වෙමින් ඒවා ආහාරයට ගන්නා ප්‍රේතයෝ ඔවුහු වෙති.
තවත් ප්‍රේත කොටස් සෙම් සොටු අනුභව කරමින් ඉතා දුකසේ ජීවත් වන බවක් සද්ධර්මාලංකාරයෙහි දැක්‌වෙයි. අකුසලකර්ම විපාක දීමෙන් මෙවැනි ප්‍රේත ආත්ම ලබා දුක් විඳීමට සිදුවන ප්‍රේතවන්ත වර්ණවලදී පැහැදිලි කරයි.
ගොම්මන් වේලාවන්හිදී පාළු සොහොන්පිටිවල, තුන්මං හන්දිවල මොවුන් තම වාසස්‌ථාන කරගෙන ගැවසෙන බව අපේ ජනතාව අදහයි. එමෙන්ම බොහෝ ප්‍රේත ආත්ම නොයෙක් ව්‍යසන ඇති කිරීමට මාන බලන අතර තම තමන්ගේ ඥතීන්ගෙන් පළි ගැනිමටද නිරන්aaතරයෙන් වෙහෙසවන බවක් ද කියෑවේ.
පිං ගැනීමට අකැමැති ප්‍රේතයෝ ද නැතිවා නොවේ. ඔවුහු තම ඥතීන් පින් පෙත් අනුමෝදන් කරද්දී පිටුපය හරවා කේන්තියෙන් සිsටින බවක්‌ද කියෑවේ.
මෙවැනි බිහිසුන ප්‍රේතයන් ගෙවල යකා යනුවෙන් ද හඳුන්වයි. ඇතැමුන්ට ප්‍රේතයන්ගේ ගඳ ආග්‍රහනය කිරීමටත් ඔවුන්ගේ හඬ ඇසීමටත් පුළුවන් කමක් ඇත. එමෙන්ම මෙම ප්‍රේතයන් පලවා හැරීමට ක්‍රමෝපායන් තිබෙන අතර තවත් අයෙක්‌ට මොවුන් බන්දවා වැඩ ගැනීමටද හැකියාවක් ඇත.
මේ මිනිස් ලොව පුහුදුන් දනන්ගේ ක්‍රියා කලාපයන් යක්‍ෂ, ප්‍රේත, භූත ආදී අමනුෂ්‍යයන්ගේ ලෝක වර්ධනය කරන්නට හේතු කාරණා වන බව නම් පැහැදිලිය. ඒ තන්හාධික ඇතැම් මිනිස්‌සු ගැහැනුq මියයැමෙන් පසු ප්‍රේත ආත්මවල භවයක් ලබා මිනිස් ආත්මවලට බැල්ම හෙළීමෙන් මෙම තත්ත්වය ඇතිවීමට හේතු කාරණා වන බවත්a පැහැදිලිය.
මෑත යුගයේ ප්‍රේතයන් සම්බන්ධයෙන් පර්යේෂණ කළ කෘතහස්‌ත පූද්ගලයෙකි මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා. ඔහු කිසි විටෙක මේ අමනුෂ්‍ය ලෝකවල සාමාජිකයන් මිත්‍යා සංකල්ප සේ බැහැර නොකළේය. නන්දසේන මහතා ප්‍රේතයන් පිළිබඳ කළ පර්යේෂණ තුළින් “දිවයින ඉරිදා සංග්‍රහය”ට අර්ථවත් ලිපි පෙළක් සපයමින් (2007 අප්‍රේල් 8 වැනිදා)
“මට රට පුරා ලැබුණු ප්‍රේත අත්දැකීම් නම් සියයට සියයක්‌ම නිවැරැදිය. නමුත් කවදා හෝ අධි විද්‍යාත්මක ක්‍රමවේදයක් සොයාගන්නාතුරු ඒවා තර්කානුකූලව ඔප්පු කළ නොහැකිය. එහෙත් මට මෙහිදී කිව හැක්‌කේ මගේ පර්යේෂණ තොරතුරු බොරුවක් නොවන බවයි යනුවෙන් කීවේය.
තවත් තැනෙක ඔහුගේ අත්දැකීම් විස්‌තර කරමින් “වරක් මම අග්ගමහා පණ්‌ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන් සමඟ දුර ගමනක් යමින් සිටියෙමි. මේ අතරමගදී කඳුගැටයක් මත ගෙයක් දුටු නාහිමියෝ මට මෙසේ කීහ”.
“මහත්තයෝ අර ගෙදර අයිති පොහොසත් ලෝභ සහෝදරයන් දෙදෙනකුට. ඒ දෙන්නා කවදාවත් කිසිවකුට සතයක්‌වත් දීලා නැහැ. එහෙම ඉඳලා මැරිලා ගිහිල්ලා දැන් ඒ ගෙදර ප්‍රේතයන් දෙන්නෙක් වෙලා ඉන්නවා.”
“හාමුදුරුවන්ගේ අවසරය ගෙන මම ඒ ගෙදරට ගියා. නාහිමියන් මට කීවේ ඒ ප්‍රේතයන් දෙදෙනා වැසිකිළියේ බාල්කයක එල්ලී සිටින බවයි. මම ඒ නිවසට ගොස් වැසිකිළිය ගැන ඇසුවේ ශරීර අවශ්‍යතාවක් පෙන්වමිනි.
“අපේ නම් තියෙන්නේ පරණ වැසිකිළියක් යෑයි කියමින් ඔවුහු නොසන්සුන් බවක්‌ද පළ කළහ. එහෙත් මට අවශ්‍ය වූයේද ඔවුන්ගේ ඒ පරණ මැටි බිත්ති සහිත වැසිකිළියට යාමටය.
“වැසිකිළියක තිබිය යුතු දුර්ගන්ධය ලී දොර සහිත මෙම වැසිකිළියෙහි නොතිබිණි. මම ඒ ගැන පුදුම වීමි.”
“මම වැසිකිළියට ගොස් මගේ අවශ්‍යතාව කරන විට කිසිවකු ඒවා ලබාගන්නා බවක් මට දැනිණි. වැසිකිළියෙන් මා ඉවත් වනවාත් සමග මා එකවරක් මිදුලට තල්ලු කෙරුණි. මම වට පිට බැලුවෙමි. එහෙත් මාව තල්ලු කළ කිසිවකු පෙනෙන්නට එහි නොවීය.”
මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ මෙම පැහැදිලි කිරීම්වලින් සනාථ වන්නේ ප්‍රේතයන්ගේ ස්‌වභාවය ඇතැම් විටෙක අප සමාජයට අත්විඳින්නට හැකියාවක් තිබෙන බවකි
We found this article from Divaina on 2012/10/19.
Also Sinhala to English Google word to word translation can be found here