ඔබේ කේන්දරය ඔබම බලාගන්න මේෂ ලග්නය සිකුරු දොළොස්‌ රැසේදී

2165
සිකුරු

සිකුරු ග්‍රහයා ඔබේ කේන්දරයේ දෙක හා හත අධිපතියා වේ. සිකුරු ලග්නයේ සිටින විට යහපත් ප්‍රසන්න පෙනුමක්‌ ඇති වේ සත් පුරුෂයන් ඇසුරට ලැබේ. දනට පිනට කැමති අතර සැපවත් ජීවිතයක්‌ ගත කළහැකි කෙනෙකු වේ. කාමාශාව බලවත් වේ. අන් අය යටතේ කටයුතු කිරීමට සිදුවිය හැක. අන් අයගේ ආදරය කරුණාව දිනාගනී. විනෝදයට බාහිර අලංකාරයට කැමැත්ත යෙදේ. විනෝදය නිසා බොහෝ දේවල් අහිමි වීමටද ඉඩ ඇත. තම මතයට අනුව විවාහ වේ. විවාහ ජීවිතයේ ප්‍රශ්න ඇති වේ.

සිකුරු දෙවන භාවයේ නම්

සිකුරු හිමි වෘෂභ රාශිය වූ දෙවැන්නේ සිකුරු සිටීනම් ස්‌වක්‍ෂෙත්‍රය. විවාහයන් කිහිපයක්‌ යෙදීමටද ඉඩ ඇත. විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වේ. සැප සම්පත් විඳීමට හැක. විවාහයෙන් ලාභ ප්‍රයෝජනද විවාහයෙන් පසු දියුණුවද උදා වේ. එඩිතරය. උරුම හිමිකම් නොලැබුනද ස්‌ව උත්සහායෙන් හෝ දියුණු වේ. අරපිරිමැස්‌මද සකසුරුවම්කමද ඇති වේ.

තෙවන භාවයේ සිටී නම්

බුධ හිමි මිථුන රාශිය වූ තෙවැන්නේ කුජ සිටීනම් ශාස්‌තීය අංශයෙන් ඉගෙනුම් සාර්ථක වේ. අනියම් ඇසුරට යොමුවීමට ඉඩ ඇත. මැදි වයසෙන් පසු දියුණුව උදා වේ. ධර්මික ගති අඩු විය හැක. තරමක්‌ මසුරු ගති යෙදේ. විරුද්ධ ලිංගිකයන්ට ඇල්මක්‌ දක්‌වයි.

හතරවන භාවයේ සිටීනම්

සඳු හිමි කටක රාශිය වූ සතරවැන්නේ සිකුරු සිටී නම් දිග්බලයි. මව්ට ශුභ ඵල ලැබේ. ස්‌වකීය ඥතීන්ගෙන් උදව් උපකාර ලැබිය හැකිය. එහෙත් ඔවුන් සමග එකට වාසය කිරීම යුගදිවි සැපතට අහිතකරය. රහසිගත සබඳතාවලට යොමුවීමට ඉඩ ඇත. උගත් ගුණවත්කම් තිබුණද විටෙක සිතුවිලි ලාමක වේ. ඉතා පහසුවෙන් මිතුරු ඇසුරට පත් වේ. සෙම් දොෂ පපුවට බලපායි.

පස්‌වන භාවයේ සිටීනම්

රවි හිමි සිංහ රාශිය වූ පස්‌වැන්නේa සිකුරු සිටී නම් ස්‌වකීය පවුලට පිටින් කටයුතු කරයි. ප්‍රේමයට ඉක්‌මනින් යොමු වේ. කාමුකය. රසවත් ආහාර ගැනීමට ප්‍රිය වේ. කලාවට ලැදිය. දරවන්ට ශූභය. අනුරාගීය රසාස්‌වාදයේ ගිජුය. උත්සාහයෙන් ප්‍රයෝජන ලැබේ.

සයවන භාවයේ නම්

බුධහිමි කන්‍යා රාශිය වූ හයවැන්නේ කුජ සිටී නම් සතුරු කරදර නිසා පීඩාවට පත් වේ. ගුදයෙහි කලවාවල පීඩාවන් සෙම්දොෂ මුත්‍රා අමාරු වකුගඩු ආශ්‍රිත උදරයේ රෝග ආදියට ගොදුරු විය හැක. විවාහය අසාර්ථක වීම හෝ විවාහයේ තෘප්තිය අඩු වීම සිදු වේ.

සත්වන භාවයේ නම්

සිකුරු හිමි තුලා රාශිය වූ සත්වැන්නේ සිකුරු සිටී නම් රහසිගත සබඳතාවලට යොමු වීමට හැක. සහකරු හෝ සහකාරිය තමා විසින්ම තෝරාගනී. ඔහුට හෝ ඇයට දැඩිව ඇලුම් කරයි. ඒ නිසා පවුල් ප්‍රශ්නද ඇති විය හැක. මාලවී නම් යහපත් යෝගය ද යෙදේ. මවගේ ධාර්මික බව අඩුවීමටද ඉඩ ඇත. දුරබැහැර ගමන් යෙදීමටත් අනුන් මුළා කිරීමටත් ඉඩ ඇත.

අටවන භාවයේ නම්

කුජ හිමි වෘශ්චික රාශිය වන අටවැන්නේ සිකුරු සිටී නම් ඉඩකඩම් දේපළ පිළිබඳ ආරවුල් ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇත. අඹුසැමි තෘප්තිය අඩු වේ. සිව්පා සතුන්ගෙන් ප්‍රයෝජන ලැබේ. ධනය හා ජයග්‍රහණය ලැබීමට වෙහෙසිය යුතුය. රහස්‌ සම්බන්ධවලට යොමුවිය හැක. විවාහය ප්‍රමාදයට හෝ කඩා කප්පල් වීමට ඉඩ ඇත. නිකරුණේ විය පැහැදම් වේ.

සිකුරු

නවවන භාවයේ නම්

ගුරුහිමි ධනු රාශිය වන නව වැන්නේ සිකුරු සිටී නම් සහෝදර සැපද ශාරීරික සැපද ධනයද ලබයි. කුඩා කල රෝග පීඩා ඇති වුවත් ක්‍රමයෙන් නිරෝගි වේ මහජනයා ගරු කරයි. උත්සාහවන්තය. උසස්‌ ඥතීන් සිටින සහකරුවෙකු සහකාරියක ලැබේ. නරක ආශ්‍රයෙන් සතුරු කරදරවලින් ප්‍රවේශම් විය යුතුය.

දසවන භාවයේ නම්

ශනි හිමි මකර රාශිය වූ දසවැන්නේ සිකුරු සිටී නම් රැකියා හේතු කොට යෙදෙන සම්බන්ධයකින් විවාහය යෙදීමට ඉඩ ඇත. වානිජ යෝගයකි. ව්‍යාපාරවලින් ඉහළටම යා හැක. සහකරු හෝ සහකාරියද රැකියාවැති අයෙකු වීමට ඉඩ ඇත. පරම්පරාවේ ධනය හානි වීමටද ඉඩ ඇත. වාද විවාද නිසා ගැටලු පැන නගී. රාගාධිකය. දරුඵල හීනවීමටද හැකියාව පවතී.

එකොළොස්‌වන භාවයේ නම්

ශනි හිමි කුම්භ රාශිය වූ එකොළොස්‌ වැන්නේ සිකුරු සිටී නම් පියකරු පෙනුමක්‌ ඇති වේ. කීර්තිමත්ය. සත්‍ය කථා කරයි. ජනයන් සතුටු කරන ගුණයෙන් යුක්‌තය. සියලු යස ඉසුරු සපිරුන ජීවිතයක්‌ ගත කිරීමේ වාසනාව පවතී. ශිලාචාර ගති ඇති වේ. ඉතා පහසුවෙන් විවාහය යෙදේ. විවාහයෙන් ලාභ ප්‍රයෝජන ලැබේ. දියුණු වේ.

දොළොස්‌වක භාවයේ නම්

ගුරු හිමි මීන රාශිය වූ දොළොස්‌වැන්නේ සිකුරු සිටී නම් විවාහයට හා ධනයට අහිතකරය. රටේ උරුම හිමිකම් නොලැබීමට ද ඉඩ ඇත. ලැබුණද නිරපරාදේ වියදම් වේ. වැඩිමල් දරුවාට අපලය. මිතුරන් සතුරු වේ. ජනයා විරුද්ධවේ. නොවිමසා කටයුතු කරයි.

We found this article from Divaina on 2014/04/27.