ඔබේ ජන්ම පත්‍රය ට අදාළ පලාඵල පිළිබඳව සරල විග්‍රහයක්‌

2240
ජන්ම පත්‍රය
ජන්ම පත්‍රය

මෙලොව උපදින සෑම පුද්ගලයකු හටම ජන්ම පත්‍රය ක්‌ (කේන්ද්‍රයක්‌) හිමි වී ඇත. බෞද්ධ හා හින්දු ආගමිකයන් මේ පිළිබඳව වැඩි නැඹුරුවක්‌ දක්‌වන අතර වර්තමානයේ අන්‍ය ආගමිකයන් ද මේ පිළිබඳව යම් විශ්වාසයක්‌ ගොඩනගා ගනිමින් සිටින බව මෙහිලා සඳහන් කළ යුතුය.

ජන්ම පත්‍රය සකසන විටදී රාශි දොළහක්‌ ඇති බව දනිමු. එහි රාශි දොළහට අධිපති ග්‍රහයන් හා ග්‍රහයකු බලවත් වන ආකාරය පිළිබඳව අප මුලින්ම දත යුතු කරුණකි.

ග්‍රහයකු බලවත් වන ක්‍රම

  1. උච්ච බව
  2. මූල ත්‍රිකෝණ බව
  3. ස්‌වක්‌ෂේත්‍ර බව (ලග්නාධිපති)
  4. මිත්‍ර බව
  5. සම බව
  6. සතුරු බව
  7. සතුරු මූඪ බව
  8. නීච බව

ඉහත ආකාරයට ඕනෑම ජන්මියෙකුගේ ජන්ම පත්‍රයේ ග්‍රහයන් පිහිටා ඇති අතර ඒ ඒ රාශියේ ග්‍රහ පිහිටීම අනුව ජන්මියාගේ ජීවිතයේ පැවැත්ම පිළිබඳව විග්‍රහ කිරීම පලාපල කථනය යනුවෙන් ද හඳුන්වා දිය හැක. ග්‍රහයකුගේ උච්ච බව හා නීච බව අනුව ජන්මියාගේ පලාඵල විග්‍රහ කළ හැකි බව සඳහන් කළ යුතුය.

වර්තමාන සමාජයේ ජෝතිෂ්‍යවේදීන් ඉතා සුලභව දක්‌නට ඇති මුත් පලාඵල කථනයට දක්‍ෂ ජෝතිෂ්‍යවේදීන් ඉතා දුලබ බවත් සඳහන් කරමි. ආර්ථික වාසි උදෙසා පිළිගත නොහැකි පලාඵල කථනවල යෙදෙන බොහෝ පිරිසක්‌ ජෝතිෂ්‍යවේදීන් යෑයි කියා ගනිමින් මිනිසුන් මුලා කරන බවද සඳහන් කරමි.

ජන්ම පත්‍රය

ජන්ම පත්‍රය ට අනුව ග්‍රහයකුගේ බලවත් බව හා නීච බව

ජෝතිෂ්‍යයේ පලාඵල විග්‍රහයට අනුව ග්‍රහයකුගේ බලවත් බව හා නීච බව ඕනෑම ජන්මියකුට පොදු බව සඳහන් කරන අතර සෞම්‍ය ග්‍රහයන් හා පාප ග්‍රහයන් වෙන් වෙන්ව හඳුනාගෙන ජන්ම කේන්ද්‍රයේ ස්‌ථානගත වීම තුළ ඕනෑම ජන්මියකුගේ පලාඵල අදාළ රාශිය තුළින් හා නවාංශකය තුළින් පැවසිය හැකිය.

සෙනසුරු ග්‍රහයා පාප ග්‍රහයකු වුවද සෙනසුරු නීච වීම එතරම් බිය විය යුතු නැත. එය හරියට යාචකයකුගෙන් තවත් යාචකයකු සිඟමන් යෑදීමක්‌ වැනිය. යම් ජන්මියකුගේ ජන්ම කේන්ද්‍රයේ උච්ච ග්‍රහයකු නීච හෝ සතුරු මූඪ වීම එතරම් සුභදායක නොවේ. තවද යම් ජන්මියකුගේ ජන්ම කේන්ද්‍රයේ ලග්නාධිපති ග්‍රහයා නීච හෝ සතුරු මූඪ වීම ද අසුභය. යම් ජන්ම කේන්ද්‍රයක එකවර ඉහත ආකාරයන් දෙකම සිදු වී ඇත්නම් ඉතා භයානක ග්‍රහ පිහිටීමක්‌ බව කිව යුතුය.

උදාහරණයක්‌ ලෙස කටක ලග්න හිමියකුගේ ජන්ම කේන්ද්‍රයේ ලග්නාධිපති සඳු පස්‌වන භාවයේ වූ වෘශ්චික රාශියේ ස්‌ථානගත වීම හා කටකයට උච්ච ග්‍රහයකු වූ ගුරු ග්‍රහයා දොළොස්‌වන භාවය වූ මිථුන රාශියේ ස්‌ථානගත වීම දීර්ඝ කාලීන ලේ ධාතුව සම්බන්ධ වූ රෝගයකට යොමුවීමේ ප්‍රවණතාවයක්‌ බව කිව යුතුය.

බුදුන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අනුව උපදින ඕනෑම අයකුට මරණය පොදු වේය. ළදරු, ළමා, මැදි, මහළු වයසේද යන්න තීරණය කෙරෙනුයේ පෙර ආත්මයේ රැස්‌කර ඇති පින් පවුවලට අනුව බව මතක තබා ගත යුතුය. මිනිස්‌ ආත්මභාවයක්‌ ලැබීමට විශාල පිනක්‌ රැස්‌ කර ගත යුතුව ඇත. වර්තමානයේ මිනිස්‌ ආත්මයක්‌ ලබා ඇති හුදෙක්‌ මිනිසුන් කරන ක්‍රියාකලාපයන් තුළ ආත්ම ගණනාවකින් නැවත මිනිස්‌ ආත්මයක්‌ ලැබිය නොහැකි බවද මෙයින් පසක්‌ කර සිටිමි.

We found this article from Divaina on 2013/09/22.