කපන්ට බැරිම කොඩිවිනය කටයි – කටින් පිට කරන වචනය ඔබ විනාශ කරයි

2096
කටින්

ඉපැරණි පුස්‌කොළ පත් ඉරුවල මෙන්ම ග්‍රන්ථවලද සඳහන් පරිදි තමාටත්, තම පවුලේ සැමටත් නිවසටත් කරගන්නා කොඩිවිනය නැතිනම් වින දෝෂයන් තමන් විසින්ම තමාගේ කටින් ම ඇති කරගන්නා බව පැරැණි සෘෂිවරුන් මැනවින් අපට පෙන්වා ඇත. ඒවාට පැරැන්නන් කියන්නේ කටින් මූසල වචන පිටකිරීම හා අවැඩ ආදිය කිරීම යනුවෙන්ය.

  • ඇඟේ සුළු කොටසකි· – එනමුත් මහා බලයෙකි·
    ඒ පුදුම හෙල්ලය – ඔබේ දිව යනු වෙනුයි දන්නේ·
  • කඩුවක්‌ ලොවේ ඇත· – දෙපිටම කැපේ බලවත,
    හැම අතට නව තැකි – එයට දිවයයි· දනෝ පවසති·
  • විට හුණු දුම් කොළ කෑම – සැරැ දුම්වැටි ඉර වීම

එය දිගටම හුරු වීම – කරවයි කට විර වීම

අපේ දිව හා කට ගැන පෙර ඉසිවරු එසේ කරුණු පෙන්වා ඇත.

සමහර නිවැසියන් හා දරුවන් හත් ඉලව්වේ, මළ ඉළව්වේ, හත් වලානේ, මළ වලානේ, මළ කරදරේ, දෙයියෝ සාක්‌කී, හතේ හත වැදිලා, කියයි. සමහර විට මේ වචන මාලා කියන්නේ දැතින් හිසහි අත්දෙකම තබාගෙන විලාපයක්‌ මෙන්ය. මෙවැනි වදන් ජනවහරේ සඳහන් වන්නේ හත් නපුරු පාදය තබනවා කියාය.

ශාප කිරීම

අසල් වැසියා සමඟ හෝ ගෙදර අඹුසැමි ගට්‌ටන සහෝදර ගට්‌ටන ඇති වූ විටෙක සණ්‌ඩු වෙන අවස්‌ථාවල නිවසේ එළිපත්ත මත බාල්ක යට සිටගෙන තෝ නයා පොළඟා කාපිය හෙන හතම වැදියන්, ඇඹරී පලයං, ඇට කටු කැඩීයන්, තෝ කනවා, මක බෑවියන්, තොලොංචි වෙයන් යන නපුර වචන කියා දොස්‌ කරයි. මේ වදන් නිතර කීමෙන් එම නිවස මිහිපිට අපායක්‌ වේ. මෙහි ජීවත්වන්නට දුක්‌ පීඩා ලෙඩ රෝග ධනය පිලිස්‌සී විනාශ වී දුක්‌ කම්කටොලු ඇතිවී සෙතක්‌ නොලැබේ.

කටින්

නිවසක කොරිඩෝව, දොරකඩවල්වල රෙදි වැල් ගැට ගසා හෝ වෙනත් තැන්වල රෙදි වැලට යටින් යැමට සකසා ඇත්නම්, ඒවායින් යටින් රිංගායන ලෙස ඇත්නම් නිවැසියන්ගේ හිසට අරක්‌ ගත් ඉෂ්ඨ දේවතාවන්, මූ දේවිය, ශ්‍රියා කාන්තාව ඔහුගෙන් පලායයි. එමෙන්ම තම බලය, කීර්තිය, ප්‍රශංසාව සිතන පතන දේද ලැබීම් කටයුතු පිරිහී යයි.

නිවසේ ප්‍රධානියා කෑම කන බොන පිඟාන කෝප්ප නිදි යහන පිට අයට පාවිච්චියට දීම මුළු නිවසටම කරගන්නා කොඩි විනයක්‌ හා සමානය. එයින් නිවසේ ප්‍රධානියාගේ කීර්තිය බලය පිරිහී නින්දා අපපහාසයට ලක්‌වේ.

නිවසේ මංගල උළුවස්‌ස (ප්‍රධාන උළුවස්‌සේ) යට පඩි කඳ මත හෝ එහි මැද වාඩිවී උකුණන් ඇරීම, හිස පීරීම, කෑම, හිටගෙන අවහිර කරසිටීම නිවසැයන්ට අසමගිය සිත්තැවුල් ආදී අනිටු පලගෙන දී පවුලේ සාමය බිඳී යයි.

මිදුල අතුගාන ඉදල ගේ තුළට ගැනීම, ගෙදර ඇතුළත අතුගාන කොස්‌ස ගේ තුළින් පිටත තැබීම, ඉර හැරුණු පසු සැන්දැයාමයේ මිදුල අතුගෑම ගොම්මන් වූ පසු ගේ අතු ගෑම, නිවස ඇතුළේ සිට ඉදිරියට අතුගාගෙන විත් ප්‍රධාන උළුවස්‌ස යටින් එළියට අතුගෑම හා එම රොඩු කුණු ගෙයින් පිටට දැමීම. නිවසේ මුදුන් බිත්තියට හෝ ගෙදර ඉදිරිපිට අතුගාන ඉදල හේත්තු කර තැබීම ප්‍රධාන උළුවස්‌ස ළඟ කොස්‌ස තැබීම, සෝදා රෙදිවලට දැමූ රෙදි සවස පහට පෙර ගත යුතුයි. ඒවා එසේම දින ගණන් තැබීමෙන් විශේෂයෙන් ස්‌ත්‍රින් අඳින ඇඳුම් තැබීමෙන් එය අඳින අයවලුන්ට කළුකුමාර, කඩවර ආදි යක්‍ෂයන්ගේ බැල්මෙන් එම අයගේ විවාහ ප්‍රමාදවීම් කොට හළු වීම් කල් යැම්, ළමයින් නැතිව වඳ බවට පත්වීම දරුප්‍රසූතියෙදී රුදා අමාරු ඇතිවීම් හා ලැබෙන දරුවන් මිය යැමත් බඩමළ දරුවන් බිහිවීම අංග විකල දරු දැරියන් ලැබීම ආදී අසුබ මහා භයානක දේවල්වලට මුහුණ පෑමට සිදුවේ.

කොඩිවින ගෙනෙන මූසල ක්‍රියාවන්

නිවස තුළ කුඩ දිගහැර තැබීම, දිවා කාලයේ නිතරම ප්‍රධාන දොර වසා තැබීම, ඉදිරිපස දොර වසා පසු පසට වී කාලය ගත කිරීම, දොර වසාගෙන ඇතුළට වී නිදාගෙන සිටීම, කථාවේ යෙදී සිටීම තරම් මූසලම ක්‍රියාවක්‌ මේ මිහි පිට නැත. එයින් නිවැසියන්ගේ රැකියාවලට බාධා හිරිහැර, රැකියා අහිමි වී අන්ත දුකට පත්වීම සමහර විට නිවැසියන්, නිවසේ ප්‍රධානියා හිරේ විලංගුවේ පවා වැටේ. නඩු හබවලට මුහුණ දීමට සිදුවීම් හා එයින් නිවසේ ශ්‍රියාව නැතිවී පිරිහී දුක්‌ක ජීවිත පරිහානියට පත්වේ.

කටින්

මුළුතැන් ගෙයි ඇති මිරිස්‌ගල උඩ, වංගෙඩිය මත, හිරමනය උඩ, හාල් ආදී ධාන්‍ය ගෝනි මළු, පෙට්‌ටගම් උඩ වාඩිවීමෙන් නිවැසියන්ට අනේක විධි අග හිඟකම්වලට මුහුණ පෑමට සිදුවේ.

රාත්‍රියේ උයන ලද බත් මුට්‌ටුය හිස්‌කර තැබීම, නැතිනම් කා බී අවසන් වී හැළියේ ඉතිරි වී ඇති බත් හුරා විසිකර හැලිය සෝදා මුනින්අතට හරවා තැබීමෙන් මූ දේවය පැමිණ හැළිය දෙසබලා මේ මිනිස්‌සු හැලිය පුරාම කාලා අනේ මට බත් ටිකක්‌ වත් ඉතිරි කර නෑ කියා දෙස්‌කරමින් බලායයි. එයින් නිවැසියන්ට හරි හැටි කෑම බිම නොලැබී යැමද බඩේ නිතර නිතර නානා විවිධ නම් වලින් හැඳින්වෙන ලෙඩ රෝග දිනපතාම හැදේ, එයින් වධ වේදනා මෙන්ම බෙහෙත් ආදියට විශාල මුදලක්‌ වැයවේ. මේ නිසා රාත්‍රි කෑම කෑවාට පසු එම මුට්‌ටියේ බත් පතක්‌ හෝ ඉතිරි කළ යුතුයි.

කටින් පිටවන වචන පිළිබඳ සැලකිලිමත්

මෙම ක්‍රියා කාරකම් තුළින් අපේ පියවි ඇසට නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගයන්ගේ බලපෑම් නිවැසියන්ට සෘජුවම එල්ල වී විනාශය පරිහානිය ඇති කරයි. මේ බලවේගයන් ඉතාම අසුබ දෝෂයන් බවත් ඒවා කොඩි වින හූනියම් වලට වඩා බලගතුයි. නිවැසියන්ට ලෙඩ දුක්‌ කරදර සොර සතුරු කරදර නිකරුණේ අසල් වැසියන් සමඟ ඊර්ෂියාව ක්‍රෝධ වෙවරයෙන් භේද බින්නවී ළඟම සිටින අසල්වැසියා නිකරුණේ අපහාස හා එක්‌ එක්‌ අයට කේලම් ආදිය කියා කණ පිරෙව්වාට පසු ඇසූ අය ඒවා රහසේ එළි කිරීමෙන් පසු ඔවුන් එම අය සර්පයන් වගේද ගිනි අවුලන උන් කියා ඇසුරෙන් සමාජයෙන් පිළිකුල් කර ඈත්කිරීම. රැකියා ස්‌ථාන කරදරයක්‌ වීම, ඇනුම් පද බැනුම් ඇසීම කොන් වීම, රැකියා ව්‍යාපාර කටයුතු අඩාල වීම දියුණුවට බාධා ඇතිවී ණය තුරුස්‌ හා නඩුහබවලට පැටලීම හදිසි අනතුරුවලට ලක්‌වීම මහා පිරිහීමට හේතුව ඔබ ඔබ ගැනම පරීක්‍ෂා කර බලා තමාට නොදැනීම ගලාඑන සිතුවිලි රැල්ලෙන් කැළඹී ඔබේ කටින් පිටවෙන වචනයන් බව ඔබ අද පටන් හොඳින් දතයුතුයි.

එනිසා ඔබේ දියුණුවට මෙන්ම විනාශයටද බොහෝ විට මුල වන්නේ ඔබේ කටින් පිටවන වචනයයි.

We found this article from Divaina on 2014/05/04.