ක්‍රමය හරිහැටි දැන මුතු පැළඳිය යුතුය මිණි මුතු

2100
මුතු
මුතු

මැණික්‌ යනු පාෂාණ අතර ඇති ඉතාම වටිනා පාෂාණයයි. අලංකාරය අතින් ද ඉහළම ස්‌ථානයක්‌ හිමිවන මෙකී මැණික්‌ ධනවත් බවේ සංකේතයක්‌ ලෙස ද පෙන්වා දිය හැකිය. අපේ මුතුන් මිත්තන් මෙම වටිනා පාෂාණයෙහි තිබෙන අගය හා බලය පිළිබඳව තිබූ දැනුවත්භාවය නිසාම රජවරුන්ගේ ඔටුනු සහ ස්‌ත්‍රී පුරුෂ දෙපක්‍ෂය පළඳින මුදු, පෙන්ඩන්ට්‌, කරාබු සහ කුඩා දරුවන්ගේ පංචායුධ ආදියට මේවා යොදන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.

පුරාණයේ විසූ සෘෂිවරුන් මැණික්‌ හඳුන්වා ඇත්තේ “මණි” නමින් ය. එහි අර්ථය නම් පිදිය යුතු යන්නය. මහබඹු විසින් ජලය මැවූ ආකාරයට මැණික්‌ මැවූ බව ද පෘථිවි ගර්භය තුළ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ සිදු වූ අනේක විධ පාෂාණ විපර්යාසයන් හේතු කොට ගෙන මැණික්‌ නමැති වටිනා පාෂාණය බිහි වී ඇති බවටත්, මැණික්‌වල උපත පිළිබඳව විවිධාකාර මත ජනයා අතර පවතී.

කෙසේ වෙතත් විකිsරණශීලී පාෂාණයක්‌ බවට හඳුනාගෙන ඇති මැණික්‌ ගල් මතට සූර්යයා ඇතුළු ග්‍රහ මණ්‌ඩලයෙන් නිකුත් වන්නා වූ කිරණ මැණික්‌ හරහා අපගේ ශරීරයට ඇතුළුවීමෙන් අපට ඇතිවන්නා වූ ග්‍රහ අපල දුරු වී ආයු වර්ධනය ධනය, කීර්තිය, සැප සම්පත් හා නිරෝගී භාවය ලැබෙන බව නූතන2 මැණික්‌ විද්‍යාඥයන්ගේ පවා මතය වී තිබෙන අතර අද වෙළෙඳපොළේ මැණික්‌ වලට ඇති ඉල්ලුම දෙස බලන විට වඩාත් තහවුරු වේ.

වෛරෝඩි, රතු, නිල්, පුෂ්පරාග, ආරුනූල්, කාකනිල්, දියමන්ති, තෝරමල්ලි, ඊවස්‌, පියන් යනුවෙන් විවිධ නම්වලින් හැඳින්වෙන ග්‍රහ වස්‌තුන් අතර බැඳීමක්‌ පවතින මෙම මැණික්‌ හිතුමතේ පැළඳීමෙන් කෙනෙකුගේ ජීවිතය බැබළීමට මෙන්ම විනාශයට ද හේතු වේ.

එබැවින් මැණික්‌ පළඳින ඔබ ඒ පිළිබඳ මනා දැනුවත් භාවයකින් ඒවා පැළඳිය යුතු අතර ජ්‍යෙdaතිර්වේදියකු ලවා නිවැරැදිව ජන්ම පත්‍රය පරීක්‍ෂා කර බලා තම ලග්නයට අදාළව මාරක බාධක ඒරාෂ්ඨක අපල දුරුවී නිරෝගීභාවය, සෙත, ශාන්තිය, දියුණුව, යහපත ලැබීමට සුදුසුම මැණික්‌ වර්ගය පැළඳීමට බුද්ධිමත් විය යුතුය. ජන්මියකුගේ කේන්ද්‍රයක අශුභ ඵල දෙන ග්‍රහයන් ශුභ කර ගැනීමට මැණික්‌ පළඳිනවා වෙනුවට ශුභ ඵල ලබා දෙන ශුභ රාශිවල සිටින ග්‍රහයන් ශුභ කර ගැනීම සඳහා අදාළ තැනැත්තාගේ කේන්ද්‍රයේ යෝගකාරක ග්‍රහයන් බලවත් කර ගැනීම පිණිස ග්‍රහයාට, ලග්නයට අදාළව නියමිත ඇඟිල්ලේ මුද්දක යොදා මැණික්‌ වලට මෙන්ම අපලයට අයත් ජප මන්ත්‍රයකින් නිසි ලෙස ජපකර පැළඳීමෙන් එම මැණික බබළන්නා සේ ඔබ ද බබළන බව ඒකාන්තය.

ග්‍රහයාට අදාළ මැණික්‌ වර්ග

1. රවි ග්‍රහයාගේ අපලයට – පද්මරාග

2. සඳු ග්‍රහයාගේ අපලයට – මුතු

3. කුජ ග්‍රහයාගේ අපලයට – රතු කැට

4. බුධ ග්‍රහයාගේ අපලයට – පච්ච හෝ තෝරමල්ලි

5. ගුරු ග්‍රහයාගේ අපලයට – පුෂ්පරාග

6. සිකුරු ග්‍රහයාගේ අපලයට – සුදු නිල් හෝ දියමන්ති.

7. සෙනසුරු ග්‍රහයාගේ අපලයට – කාකනිල් හෝ නිල් කැට

8. රාහු ග්‍රහයාගේ අපලයට – ගෝමේද

9. කේතු ග්‍රහයාගේ අපලයට – වෛරෝඩි

ලග්නයට හිමි මැණික්‌

1. මේෂ ලග්නයට – සුදු නිල් හෝ දියමන්ති.

2. වෘෂභ ලග්නයට – පච්ච හෝ තෝරමල්ලි

3. මිථුන ලග්නයට – කාක නිල්

4. කටක ලග්නයට – මුතු

5. සිංහ ලග්නයට – රතු කැට

6. කන්‍යා ලග්නයට – පද්මරාග

7. තුලා ලග්නයට – දියමන්ති සුදු නිල

8. වෘශ්චික ලග්නයට – පුෂ්පරාග

9. ධනු ලග්නයට – පුෂ්පරාග

10. මකර ලග්නයට – රතු කැට

11. කුම්භ ලග්නයට – නිල් කැට

12 මීන ලග්නයට – වෛරෝඩි

පැළඳිය යුතු ඇඟිල්ල

1. පද්මරාග ගල් ඇල්ලූ මුද්ද – වෙÄඟිල්ලේ පැළඳීම සුබයි

2. මුතු ඇටය ඇල්ලූ මුද්ද – දබරැඟිල්ලේ පැළඳීම සුබයි.

3. රතු මැණිල් ඇල්ලූ මුද්ද – වෙÄඟිල්ලේ පැළඳීම සුබයි

4. පච්ච ගලක්‌ ඇල්ලූ මුද්ද – සුළැඟිල්ලේ පැළඳීම සුබයි

5. පුෂ්පරාග ගලක්‌ ඇල්ලූ මුද්ද – දඹරැඟිල්ලේ පැළඳීම සුබයි.

6. වෛරෝඩි ගලක්‌ ඇල්ලූ මුද්දක්‌ – මැදැඟිල්ලේ පැළඳීම සුබයි

7. කාකනිල් ගලක්‌ ඇල්ලූ මුද්ද – මැදැඟිල්ලේ පැළඳීම සුබයි.

8. දියමන්ති ගලක්‌ ඇල්ලූ මුද්ද – මැදැඟිල්ලේ පැළඳීම සුබයි.

9. ගෝමේද ගලක්‌ ඇල්ලූ මුද්දක්‌ – මැදැඟිල්ලේ පැළඳීම සුබයි.

We found this article from Divaina on 2012/06/29.
Also Sinhala to English Google word to word translation can be found here